යෙදුමෙන් කියවන්න

අභිනීහාර කුසල සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

13. 1. 7.

13. 1. 7.

අභිනීහාර කුසල සුත‍්තං

අභිනීහාර කුසල සූත්‍රය

668. සාවත්‍ථියං:

668. සැවැත්නුවර:

චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී. කතමෙ චත‍්තාරො:

මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො හොති, න සමාධිස‍්මිං අභිනීහාරකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි කුසල වෙයි. සමාධි යෙහි අභිනීහාරයෙහි (කමටහන් එළවා ගැනීමෙහි දක්‍ෂ) නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං අභිනීහාරකුසලො හොති, න සමාධිස‍්මිං සමාධිකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි අභිනීහාරකුසල වෙයි. සමාධියෙහි සමාධිකුසල නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී නෙව සමාධිස‍්මිං සමාධිකුසලො හොති, න සමාධිස‍්මිං අභිනීහාරකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො ම සමාධිකුසලත් සමාධියෙහි නො ම අභිනීහාරකුසලත් වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො ච හොති, සමාධිස‍්මිං අභිනීහාරකුසලො ච.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි අභිනීහාරකුසලත් වේ.

තත්‍ර භික‍්ඛවෙ, ය‍්වායං ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො ච සමාධිස‍්මිං අභිනීහාරකුසලො ච අයං ඉමෙසං චතුන‍්නං ඣායීනං අග‍්ගො ච සෙට‍්ඨො ච මොක‍්ඛො ච උත‍්තමො ච පවරො ච. සෙය්‍යථාපි, භික‍්ඛවෙ, ගවා ඛීරං -පෙ- පවරො චාති.

මහණෙනි, එහි යම් ඒ ධ්‍යායී පුද්ගල සමාධියෙහි සමාධි කුසලත් සමාධියෙහි අභිනීහාරකුසලත් වේ නම් මේ තෙමේ මේ සිවුවැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් ගෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උතුම් ද උසස් ද වේ. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි ... උසස් ද වේ යි.

13. 1. 8.

13. 1. 8.

සක‍්කච‍්චකාරී සුත‍්තං

සක්කච්චකාරී සූත්‍රය

669. සාවත්‍ථියං:

669. සැවැත්නුවර:

චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී. කතමෙ චත‍්තාරො:

මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි වෙත්. කවර සිවුදෙනෙක් ද යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො හොති, න සමාධිස‍්මිං සක‍්කච‍්චකාරී.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල වෙයි. සමාධියෙහි සකස් කොට කරනසුලු නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සක‍්කච‍්චකාරී හොති, න සමාධිස‍්මිං සමාධිකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සකස් කොට කරනසුලු වෙයි. සමාධියෙහි සමාධිකුසල නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී නෙව සමාධිස‍්මිං සමාධිකුසලො හොති, න ච සමාධිස‍්මිං සක‍්කච‍්චකාරී.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාධිකුසලත් සමාධියෙහි නො මැ සකස් කොට කරනසුලුත් වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො ච හොති, සමාධිස‍්මිං සක‍්කච‍්චකාරී ච.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සකස් කොට කරනසුලුත් වේ.

තත්‍ර භික‍්ඛවෙ, ය‍්වායං ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො ච සමාධිස‍්මිං සක‍්කච‍්චකාරී ච, අයං ඉමෙසං චතුන‍්නං ඣායීනං අග‍්ගො ච සෙට‍්ඨො ච මොක‍්ඛො ච උත‍්තමො ච පවරො ච. සෙය්‍යථාපි භික‍්ඛවෙ, ගවා ඛීරං -පෙ- පවරො චාති.

මහණෙනි, එහි ලා යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සකස් කොට කරනසුලුත් වේ නම් මේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ප්‍රමුඛ ද උතුම් ද උසස් ද වේ. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි ... උසස් ද වේ යි.

13. 1. 9.

13. 1. 9.

සාතච‍්චකාරී සුත‍්තං

සාතච්චකාරී සූත්‍රය

670. සාවත්‍ථියං:

670. සැවැත්නුවර:

චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී. කතමෙ චත‍්තාරො:

මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො හොති, න සමාධිස‍්මිං සාතච‍්චකාරී.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුලු පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල වෙයි, සමාධියෙහි සාතච්චකාරී (නිතර කරනසුලු) නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සාතච‍්චකාරී හොති, න සමාධිස‍්මිං සමාධිකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සාතච්චකාරී වෙයි. සමාධියෙහි සමාධිකුසල නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී නෙව සමාධිස‍්මිං සමාධිකුසලො හොති, න ච සමාධිස‍්මිං සාතච‍්චකාරී.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාධිකුසලත් සමාධියෙහි නො මැ සතච්චකාරීත් වෙයි.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො ච හොති, සමාධිස‍්මිං සාතච‍්චකාරී ච.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සතච්චකාරිත් වෙයි.

තත්‍ර භික‍්ඛවෙ, ය‍්වායං ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො ච සමාධිස‍්මිං සාතච‍්චකාරී ච අයං ඉමෙසං චතුන‍්නං ඣායීනං අග‍්ගො ච සෙට‍්ඨො ච මොක‍්ඛො ච උත‍්තමො ච පවරො ච.

මහණෙනි, එහි යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සතච්චකාරීත් වේ නම් මේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද මුඛ්‍ය ද උතුම් ද උසස් ද වේ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, ගවා ඛීරං -පෙ- පවරො චාති.

මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි ... උසස් ද වේ යි.