සප්පායකාරී සුත‍්තං
13. 1. 10.
13. 1. 10.
සප‍්පායකාරී සුත‍්තං
සප්පායකාරී සූත්‍රය
671. සාවත්‍ථියං:
671. සැවැත්නුවර:
චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී. කතමෙ චත‍්තාරො:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්:
ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො හොති, න සමාධිස‍්මිං සප‍්පායකාරී.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල වෙයි. සමාධියෙහි සප්පායකාරී (උපකාරකධර්‍මයන් වඩනසුලු) නො වේ.
ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සප‍්පායකාරී හොති, න සමාධිස‍්මිං සමාධිකුසලො.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සප්පායකාරී වෙයි. සමාධියෙහි සමාධිකුසල නො වේ.
ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී නෙව සමාධිස‍්මිං සමාධිකුසලො හොති න සමාධිස‍්මිං සප‍්පායකාරී.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාධිකුසලත් සමාධියෙහි නො මැ සප්පයකාරීත් වෙයි.
ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො ච හොති, සමාධිස‍්මිං සප‍්පායකාරී ච.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සප්පයකාරීත් වෙයි.
තත්‍ර භික‍්ඛවෙ, ය‍්වායං ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො ච හොති සමාධිස‍්මිං සප‍්පායකාරී ච. අයං ඉමෙසං චතුන‍්නං ඣායීනං අග‍්ගො ච සෙට‍්ඨො ච මොක‍්ඛො ච උත‍්තමො ච පවරො ච.
මහණෙනි, එහි යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සප්පයකාරීත් වේ නම් මේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උතුම් ද උසස් ද වේ.
සෙය්‍යථාපි භික‍්ඛවෙ, ගවා ඛීරං -පෙ- එවමෙව ඛො භික‍්ඛවෙ, ය‍්වායං ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො ච හොති සමාධිස‍්මිං සප‍්පායකාරී ච අයං ඉමෙසං චතුන‍්නං ඣායීනං අග‍්ගො ච සෙට‍්ඨො ච මොක‍්ඛො ච උත‍්තමො ච පවරො චාති.
මහණෙනි, යම්සේ දෙනාට වඩා කිරි … මහණෙනි, එසෙයින් ම යම් මේ ධ්‍යායී පුද්ගල සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සප්පායකාරීත් වේ නම් මේ තෙමේ මේ සිවු ධ්‍යායී පුද්ගලයන්ගෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උතුම් ද උසස් ද වේ යි.