යෙදුමෙන් කියවන්න

ආරම‍්මණ කුසල සුත‍්තං

13. 1. 5.

13. 1. 5.

ආරම‍්මණ කුසල සුත‍්තං

ආරම්මණ කුසල සූත්‍රය

666. සාවත්‍ථියං:

666. සැවැත්නුවර:

චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී. කතමෙ චත‍්තාරො:

මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො හොති, න සමාධිස‍්මිං ආරම‍්මණකුසලො. ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං ආරම‍්මණකුසලො හොති, න සමාධිස‍්මිං සමාධිකුසලො. ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී නෙව සමාධිස‍්මිං සමාධිකුසලො හොති, න සමාධිස‍්මිං ආරම‍්මණකුසලො. ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො ච හොති, සමාධිස‍්මිං ආරම‍්මණකුසලො ච.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වෙයි, සමාධියෙහි කිසුණු අරමුණු කෙරෙහි දක්‍ෂ නො වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි කිසුණු අරමුණු කෙරෙහි දක්‍ෂ වෙයි, සමාධියෙහි සමාධි පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ නො වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳවත් (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහිත්) නො ම දක්‍ෂ වෙයි, සමාධියෙහි කිසුණු අරමුණු කෙරෙහිත් නො ම දක්‍ෂ වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ ව (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වූයේත්, සමාධියෙහි කිසුණු අරමුණු කෙරෙහිත් දක්‍ෂ වූයේත් වේ.

තත්‍ර භික‍්ඛවෙ, ය‍්වායං ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො ච සමාධිස‍්මිං ආරම‍්මණකුසලො ච අයං ඉමෙසං චතුන‍්නං ඣායීනං අග‍්ගො ච සෙට‍්ඨො ච මොක‍්ඛො ච උත‍්තමො ච පවරො ච.

මහණෙනි, එහි යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ ව (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වූයේත් සමාධියෙහි කිසුණු අරමුණු කෙරෙහිත් දක්‍ෂ වූයේත් වේ නම් මේ තෙමේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උතුම් ද උසස් ද වේ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, ගවා ඛීරං, ඛීරම‍්හා දධි, දධිම‍්හා -පෙ- පවරො චාති.

මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි, කිරට වඩා දී, දීයට වඩා ... උසස් ද වේ යි.