යෙදුමෙන් කියවන්න

කල‍්ලිත කුසල සුත‍්තං

13. 1. 4.

13. 1. 4.

කල‍්ලිත කුසල සුත‍්තං

කල්ලිත කුසල සූත්‍රය

665. සාවත්‍ථියං:

665. සැවැත්නුවර:

චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී. කතමෙ චත‍්තාරො:

මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො හොති, න සමාධිස‍්මිං කල‍්ලිතකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වෙයි, සමාධියෙහි ලා සමාධියට යෝග්‍ය කරන්නට දක්‍ෂ නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං කල‍්ලිතකුසලො හොති, න සමාධිස‍්මිං සමාධිකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධියට යෝග්‍ය කරන්නට දක්‍ෂ වෙයි, සමාධියෙහි සමාධිය පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී නෙව සමාධිස‍්මිං සමාධිකුසලො හොති, න සමාධිස‍්මිං කල‍්ලිතකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිය පිළිබඳ ව (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) ත් නො ම දක්‍ෂ වෙයි, සමාධියෙහි සමාධියට යෝග්‍ය කිරිමෙහිත් නො ම දක්‍ෂ වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො ච හොති, සමාධිස‍්මිං කල‍්ලිතකුසලො ච.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිය පිළිබඳ ව (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වූයේත්, සමාධියෙහි සමාධියට යෝග්‍ය කිරිමෙහිත් දක්‍ෂ වූයේත් වේ.

තත්‍ර භික‍්ඛවෙ, ය‍්වායං ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො ච හොති, සමාධිස‍්මිං කල‍්ලිතකුසලො ච අයං ඉමෙසං චතුන‍්නං ඣායීනං අග‍්ගො ච සෙට‍්ඨො ච මොක‍්ඛො ච උත‍්තමො ච පවරො ච. සෙය්‍යථාපි, භික‍්ඛවෙ, ගවා ඛීරං ඛීරම‍්හා දධි, දධිම‍්හා නොනීතං, නොනීතම‍්හා සප‍්පි, සප‍්පිම‍්හා සප‍්පිමණ‍්ඩො, තත්‍ර අග‍්ගමක‍්ඛායති -පෙ- පවරො චාති.

මහණෙනි, එහි යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ ව (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වූයේත්, සමාධියෙහි සමාධියට යෝග්‍ය කිරීමෙහි දක්‍ෂ වූයේත් වේ නම් මේ සතර ධ්‍යායී පුද්ගලයන් ගෙන් අග්‍ර ද, ශ්‍රේෂ්ඨ ද, ප්‍රධාන ද උතුම් ද උසස් ද වේ. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි, කිරට වඩා දී, දීයට වඩා වෙඬරු, වෙඬරුවට වඩා ගිතෙල්, ගිතෙලට වඩා ගිතෙල්මඬත් එහි ලා අග්‍ර ය යි කියනු ලැබේ ද, ... උසස් ද වේ යි.