යෙදුමෙන් කියවන්න

වුට‍්ඨාන කුසල සුත‍්තං

13. 1. 3.

13. 1. 3.

වුට‍්ඨාන කුසල සුත‍්තං

වුට්ඨාන කුසල සූත්‍රය

664. සාවත්‍ථියං:

664. සැවැත්නුවර:

චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී. කතමෙ චත‍්තාරො:

මහණෙනි, මේ ධ්‍යායීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙකැ යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො හොති, න සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිය පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වෙයි, සමාධියෙහි සමාධියෙන් නැඟී සිටීමෙහි දක්‍ෂ නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො හොති, න සමාධිස‍්මිං සමාධිකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධියෙන් නැඟී සිටීමෙහි දක්‍ෂ වෙයි, සමාධියෙහි සමාධිය පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී නෙව සමාධිස‍්මිං සමාධිකුසලො හොති, න සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳවත් (ධ්‍යානාංඞ්ග වෙන් කිරීමෙහිත්) නො ම දක්‍ෂ වෙයි, සමාධියෙහි සමාධියෙන් නැඟී සිටීමෙහිත් නො ම දක්‍ෂ වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො ච හොති, සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො ච.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වූයේත් සමාධියෙහි සමාධියෙන් නැඟී සිටීමෙහි දක්‍ෂ වූයේත් වේ.

තත්‍ර භික‍්ඛවෙ, ය‍්වායං ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො ච හොති සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො ච. අයං ඉමෙසං චතුන‍්නං ඣායීනං අග‍්ගො ච සෙට‍්ඨො ච මොක‍්ඛො ච උත‍්තමො ච පවරො ච. සෙය්‍යථාපි භික‍්ඛවෙ, ගවා ඛීරං -පෙ- පවරො චාති.

මහණෙනි එහි යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ ව (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වූයේත්, සමාධියෙහි සමාධියෙන් නැඟී සිටීමෙහි දක්‍ෂ වූයේත් වේ නම් මේ තෙමේ මේ සිවු ධ්‍යාන කරන පුද්ගලයන්ගෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උතුම් ද උසස් ද වේ. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි ... උසස් ද වේ යි.