සාතච‍්චසප‍්පායකාරී සුත‍්තං
13. 1. 55.
13. 1. 55.
සාතච‍්චසප‍්පායකාරී සුත‍්තං
සාතච්ච සප්පායකාරී සූත්‍රය
716. සාවත්‍ථියං:
716. සැවැත්නුවර:
චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී. කතමෙ චත‍්තාරො:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්:
ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සාතච‍්චකාරී හොති, න සමාධිස‍්මිං සප‍්පායකාරී. ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සප‍්පායකාරී හොති, න සමාධිස‍්මිං සාතච‍්චකාරී. ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී නෙව සමාධිස‍්මිං සාතච‍්චකාරී හොති, න සප‍්පායකාරී. ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සාතච‍්චකාරී ච හොති, සමාධිස‍්මිං සප‍්පායකාරී ච.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සාතච්චකාරී වේ, සමාධියෙහි සප්පායකාරී නො වේ, මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සප්පායකාරී වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො ම සාතච්චකාරීත් සමාධියෙහි නො ම සප්පායකාරීත් වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සාතච්චකාරීත් සමාධියෙහි සප්පායකාරීත් වේ.
තත්‍ර භික‍්ඛවෙ, ය‍්වායං ඣායී සමාධිස‍්මිං සාතච‍්චකාරී ච හොති, සමාධිස‍්මිං සප‍්පායකාරී ච, අයං ඉමෙසං චතුන‍්නං ඣායීනං අග‍්ගො ච සෙට‍්ඨො ච මොක‍්ඛො ච උත‍්තමො ච පවරො ච. සෙය්‍යථාපි භික‍්ඛවෙ, ගවා ඛීරං, ඛීරම‍්හා දධි, දධිම‍්හා නොනීතං, නොනීතම‍්හා සප‍්පි, සප‍්පිම‍්හා සප‍්පිමණ‍්ඩො තත්‍ර අග‍්ගමක‍්ඛායති, එවමෙව ඛො භික‍්ඛවෙ, ය‍්වායං ඣායී සමාධිස‍්මිං සාතච‍්චකාරී ච හොති, සමාධිස‍්මිං සප‍්පායකාරී ච, අයං ඉමෙසං චතුන‍්නං ඣායීනං අග‍්ගො ච සෙට‍්ඨො ච මොක‍්ඛො ච උත‍්තමො ච පවරො චාති.
මහණෙනි, එහි ලා ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සාතච්චකාරීත් සමාධියෙහි සප්පායකාරීත් වේ නම්, මේ තෙමේ සිවු ධ්‍යාන කරනසුල්ලන්ගෙන් අග්‍ර ද, ශ්‍රේෂ්ඨ ද, ප්‍රධාන ද, උතුම් ද, උසස් ද වේ. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරිත්, කිරට වඩා දීත්, දීයට වඩා වෙඬරුත්, වෙඬරුවට වඩා ගිතෙලුත්. ගිතෙලට වඩා ගිතෙල්මඬත් එහි ලා අග්‍ර ය යි කියනු ලැබේ ද. මහණෙනි එසෙයින් ම යම් මේ ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සාතච්චකාරීත් සමාධියෙහි සප්පායකාරීත් වේ නම්, මේ තෙමේ මේ සිවු ධ්‍යාන කරනසුල්ලන්ගෙන් අග්‍ර ද වෙයි, ශ්‍රේෂ්ඨ ද වෙයි, ප්‍රමුඛ ද, උතුම් ද, උසස් ද වේ යි.
ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ යි.
(එවං තානි පෙය්‍යාලමුඛානි පඤ‍්චපඤ‍්ඤාසං වෙය්‍යාකරණානි විත්‍ථාරෙතබ‍්බානි.)
(මෙසේ පෙය්‍යාලමුඛ ඇති ඒ පස්පනස් සූත්‍රයෝ විස්තර කටයුත්තා හ.)
ඣානවග‍්ගො පඨමො.
පළමුවැනි ධ්‍යාන වර්‍ග යි.
තත්‍රුද‍්දානං :
එහි සූත්‍ර නාමාවලිය :
සමාධි සමාපත‍්ති ඨිති ච - වුට‍්ඨානං කල‍්ලිතාරම‍්මණෙන ච, ගොචර අභිනීහාර සක‍්කච‍්ච - සාතච‍්ච අථොපි සප‍්පායා ති.
සමාධි සූත්‍ර දශයෙක, සමාපත්ති සූත්‍ර නවයෙක, ඨිති සූත්‍ර අටෙක, වුට්ඨාන සූත්‍ර සතෙක, කල්ලිත සූත්‍ර සයෙක, ආරම්මණ සූත්‍ර පසෙක ගෝචර සූත්‍ර සතරෙක. අභිනීහාර සූත්‍ර තුනෙක, සක්කච්ච සූත්‍ර දෙකෙක, සප්පාය සූත්‍ර එකෙකැ යි සූත්‍ර පස් පනසෙකි.
ඣානසංයුත‍්තං සමත‍්තං.
ඣාන සංයුත්තය නිමියේ ය.
ඛන්‍ධක වර්‍ග නිමියේ යි.
තත්‍රුද‍්දානං :
එහි වර්‍ග නාමාවලිය :
නකුලපිතා අනිච‍්චඤ‍්ච භාරං න තුම‍්හාකෙන ච අත‍්තදීපෙන පඤ‍්ඤාසො පඨමොති පවුච‍්චති.
නකුලපිතු, අනිච්ච, භාර, නතුම්හාක, අත්තදීප යන වර්‍ග පසින් පඨම පණ්ණාසක ය යි කියනු ලැබේ.
උපයො’රහං ඛජ‍්ජනීයො ථෙරං පුප‍්ඵෙන පඤ‍්චමං මජ‍්ඣෙ පණ‍්ණාසකො එසො සම‍්බුද‍්ධෙන පකාසිතො.
උපාය, අරහත්ත ඛජ්ජනීය, ථේර, පුප්ඵ යන වර්‍ග පසින් මේ මජ්ඣිම පණ්ණාසකය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ ය.
අත‍්තං ධම‍්මකථිකාවිජ‍්ජා කුක‍්කුළං දිට‍්ඨි පඤ‍්චමං තතියො පණ‍්ණාසකො වුත‍්තො නිපාතොති පවුච‍්චති.
ඇත්ත, ධම්මකථික, අවිජ්ජා, කුක්කුළ,, දීට්ඨී යන වර්‍ග පසින් තතිය පණ්ණාසකය වදාරන ලද්දේ ය. නිපාත ය යි ද කියනු ලැබේ.
ගන්‍ධ දිට‍්ඨි ච ඔක‍්කන‍්ති උප‍්පාදො කිලෙසෙන ච සාරිපුත‍්තො ච නාගො ච සුපණ‍්ණ ගන්‍ධබ‍්බකායිකා වලාහො වච‍්ඡගොත‍්තො ච ඣානෙන භවති අට‍්ඨාරසාති.
පඨම රාධ, දුතිය රාධ, වර්‍ග දෙක ය, ආයාචන, උපනිසින්න, පඨමගමන, දුතියගමන, තතියගමන යන දීට්ඨී වර්‍ග සය, ඔක්කන්තික, උප්පාද කිලේස, සාරිපුත්ත, නාග, සුපණ්ණ, ගන්‍ධබ්බ, වලාහක, වච්ඡගොත්ත, ඣාන යන වර්‍ග දශ ය යි, වර්‍ග අටළොසෙකි . වර්‍ග මුළුල්ල තෙතිසෙකි.