අජ‍්ඣත‍්තානිච‍්චසුත‍්තං
1. 1. 1.
1. 1. 1.
අජ‍්ඣත‍්තානිච‍්චසුත‍්තං
අජ්ඣත්තානිච්ච සූත්‍රය
1. එවං මෙ සුතං. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි “භික‍්ඛවො”ති. “භදන‍්තෙ”ති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:
1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
චක‍්ඛුං භික‍්ඛවෙ අනිච‍්චං. යදනිච‍්චං තං දුක‍්ඛං, යං දුක‍්ඛං තදනත‍්තා. යදනත‍්තා තං ‘නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙ’සො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.
මහණෙනි, ඇස අනිත්‍ය ය, යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් වෙයි. යමෙක් දුක් වේ නම් එය අනාත්ම වෙයි. යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” ය යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
සොතං අනිච‍්චං. යදනිච‍්චං තං දුක‍්ඛං, යං දුක‍්ඛං තදනත‍්තා. යදනත‍්තා තං ‘නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.
කන අනිත්‍ය ය, යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් වෙයි. යමෙක් දුක් වේ නම් එය අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
ඝානං අනිච‍්චං. යදනිච‍්චං තං දුක‍්ඛං, යං දුක‍්ඛං තදනත‍්තා. යදනත‍්තා තං ‘නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.
නැහැය අනිත්‍ය ය, යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් වෙයි. යමෙක් දුක් වේ නම් එය අනාත්ම ය. යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනා නුවණින් දැක්ක යුතු යි.
ජිව‍්හා අනිච‍්චා. යදනිච‍්චං තං දුක‍්ඛං, යං දුක‍්ඛං තදනත‍්තා. යදනත‍්තා තං ‘නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.
දිව අනිත්‍ය ය, යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් වෙයි. යමෙක් දුක් වේ නම් එය අනාත් ම ය. යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
කායො අනිච‍්චො. යදනිච‍්චං තං දුක‍්ඛං, යං දුක‍්ඛං තදනත‍්තා. යදනත‍්තා තං ‘නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.
කය අනිත්‍ය ය, යමෙක් අනිත්‍ය නම් එය දුක් වෙයි, යමෙක් දුක් වේ නම් එය අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
මනො අනිච‍්චො. යදනිච‍්චං තං දුක‍්ඛං, යං දුක‍්ඛං තදනත‍්තා. යදනත‍්තා තං ‘නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.
මනස අනිත්‍ය ය, යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් වෙයි. යමෙක් දුක් වේ නම් එය අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, සොතස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, ඝානස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, ජිව‍්හායපි නිබ‍්බින්‍දති, කායස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, මනස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති, විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායා’ති පජානාතීති.
මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහි දු කලකිරෙයි. කනෙහි දු කලකිරෙයි. නැහැයෙහි දු කලකිරෙයි. දිවෙහි දු කලකිරෙයි. කයෙහි දු කලකිරෙයි. සිතෙහි දු කලකිරෙයි. (හේ) කලකිරෙන්නේ විරක්ත වෙයි. විරාග හේතුයෙන් (සසරින්) විමුක්ත වෙයි. විමුක්ත වත් මැ ‘විමුක්ත’ යැ යන ඥානය උදාවෙයි, උත්පත්තිය ක්‍ෂීණ වියැ. බඹසර වැසැ නිමවන ලද. කරණී කරන ලද. මේ රහත්බව පිණිස කළයුතු අනෙක් කිසෙක් නැතැ යි නුවණින් දනියි.