යෙදුමෙන් කියවන්න

අජ‍්ඣත‍්තදුක‍්ඛසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 1. 2.

1. 1. 2.

අජ‍්ඣත‍්තදුක‍්ඛසුත‍්තං

අජ්ඣත්තදුක්ඛ සූත්‍රය

2. සාවත්‍ථියං–

2. සැවැත්නුවර–

චක‍්ඛුං භික‍්ඛවෙ දුක‍්ඛං. යං දුක‍්ඛං තදනත‍්තා, යදනත‍්තා තං “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.

මහණෙනි, ඇස දුක් වෙයි, යමෙක් දුක්වේ නම් එය අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.

සොතං දුක‍්ඛං -පෙ- ඝානං දුක‍්ඛං -පෙ- ජිව‍්හා දුක‍්ඛා -පෙ- කායො දුක‍්ඛො -පෙ- මනො දුක‍්ඛො. යං දුක‍්ඛං තදනත‍්තා, යදනත‍්තා තං “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.

කන දුක් ය, … නැහැය දුක් ය, … දිව දුක් ය … කය දුක් ය … සිත දුක් ය, යමෙක් දුක් වේ නම් එය අනාත්ම ය. යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.

එවං පස‍්සං -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මෙසේ දක්නේ … මේ රහත් බව පිණිස අනෙකෙක් නැති යි දැනගනී යි.

1. 1. 3.

1. 1. 3.

අජ‍්ඣත‍්තානත‍්තසුත‍්තං

අජ්ඣත්තානත්ත සූත්‍රය

3. සාවත්‍ථියං–

3. සැවැත්නුවර–

චක‍්ඛුං භික‍්ඛවෙ, අනත‍්තා. යදනත‍්තා තං “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.

මහණෙනි, ඇස අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.

සොතං අනත‍්තා -පෙ- ඝානං අනත‍්තා -පෙ- ජිව‍්හා අනත‍්තා -පෙ- කායො අනත‍්තා -පෙ- මනො අනත‍්තා. යදනත‍්තා තං ‘නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.

කන අනාත්ම ය … නැහැය අනාත්ම ය … දිව අනාත්ම ය … කය අනාත්ම ය … මනස අනාත්ම ය, යමෙක් අනාත්ම නම් එය “තෙලෙ මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙයි. තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.

එවං පස‍්සං -පෙ- නාපරං ඉත්‍ථත‍්තායා’ති පජානාතීති.

මෙසේ දක්නේ ... මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැන ගනි යි.