යෙදුමෙන් කියවන්න

දුතිය අජ‍්ඣත‍්තානිච‍්චසුත‍්තං

1. 1. 7.

1. 1. 7.

දුතිය අජ‍්ඣත‍්තානිච‍්චසුත‍්තං

දුතිය අජ්ඣත්තානිච්ච සූත්‍රය

7. සාවත්‍ථියං–

7. සැවැත්නුවර–

චක‍්ඛුං භික‍්ඛවෙ, අනිච‍්චං අතීතානාගතං, කො පන වාදො පච‍්චුප‍්පන‍්නස‍්ස, එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො අතීතස‍්මිං චක‍්ඛුස‍්මිං අනපෙඛො හොති. අනාගතං චක‍්ඛුං නාභිනන්‍දති, පච‍්චුප‍්පන‍්නස‍්ස චක‍්ඛුස‍්ස නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොති.

මහණෙනි, අතීත වූ ද, අනාගත වූ ද ඇස අනිස ය. පවත්නා රූපය පිළිබඳ ව කිනම් කථාවෙක් ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු ඉකුත් ඇසෙහිත් නිරපේක්‍ෂ වෙයි. අනාගත ඇස නො පතයි. පවත්නා ඇස පිළිබඳ ව නිර්වේදය පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

සොතං අනිච‍්චං -පෙ- ඝානං අනිච‍්චං -පෙ- ජිව‍්හා අනිච‍්චා අතීතානාගතා. කො පන වාදො පච‍්චුප‍්පන‍්නාය, එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො අතීතාය ජිව‍්හාය අනපෙඛො හොති, අනාගතං ජිව‍්හං නාභිනන්‍දති, පච‍්චුප‍්පන‍්නාය ජිව‍්හාය නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොති.

කන අනිස ය … නැහැය අනිස ය … ඉකුත් වු ද නො පැමිණියා වූ ද දිව අනිස ය, පවත්නා දිව පිළිබඳ ව කිනම් කථාවෙක් ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරිසවු ඉකුත් දිවෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත වූ දිව නො පතයි. පවත්නා දිවෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

කායො අනිච‍්චො -පෙ- මනො අනිච‍්චො අතීතානාගතො, කො පන වාදො පච‍්චුප‍්පන‍්නස‍්ස, එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො අතීතස‍්මිං මනස‍්මිං අනපෙඛො හොති, අනාගතං මනං නාභිනන්‍දති, පච‍්චුප‍්පන‍්නස‍්ස මනස‍්ස නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොතීති.

කය අනිස ය … ඉකුත් වූ ද නො පැමිණියා වූ ද මනස අනිස ය. වර්‍තමාන මනෙසහි කිනම් කථා යැ, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු අතීත මනසෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත මනස නො පතයි. වර්‍තමාන මනසෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.