යෙදුමෙන් කියවන්න

දුතිය අජ‍්ඣත‍්තදුක‍්ඛසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 1. 8.

1. 1. 8.

දුතිය අජ‍්ඣත‍්තදුක‍්ඛසුත‍්තං

දුතිය අජ්ඣත්තදුක්ඛ සූත්‍රය

8. සාවත්‍ථියං–

8. සැවැත්නුවර–

චක‍්ඛුං භික‍්ඛවෙ, දුක‍්ඛං අතීතානාගතං. කො පන වාදො පච‍්චුප‍්පන‍්නස‍්ස. එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො අතීතස‍්මිං චක‍්ඛුස‍්මිං අනපෙඛො හොති, අනාගතං චක‍්ඛුං නාභිනන්‍දති, පච‍්චුප‍්පන‍්නස‍්ස චක‍්ඛුස‍්ස නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොති -පෙ- මනො දුක‍්ඛො අතීතානාගතො, කො පන වාදො පච‍්චුප‍්පන‍්නස‍්ස. එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො අතීතස‍්මිං මනස‍්මිං අනපෙඛො හොති, අනාගතං මනං නාභිනන්‍දති, පච‍්චුප‍්පන‍්නස‍්ස මනස‍්ස නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොතීති.

මහණෙනි, අතීත වූ ද, අනාගත වූ ද, ඇස දුක් ය. පවත්නා ඇසෙහි කිනම් කථාවෙක් ද, මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු අතීත වූ ඇසෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත වූ ඇස නො පතයි. පවත්නා ඇසෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි … අතීතානාගත මනස දුක් ය. පවත්නා මනසෙහි කවර කථා යැ, මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු අතීත මනසෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත වූ මනස නො පතයි. පවත්නා මනසෙහි කලකිරීමට නො ඇල්මට නිරෝධයට පිළිපන්නේ වෙයි.

1. 1. 9.

1. 1. 9.

දුතිය අජ‍්ඣත‍්තානතත සුත‍්තං

දුතිය අජ්ඣත්තානත්ත සූත්‍රය

9. සාවත්‍ථියං–

9. සැවැත්නුවර–

චක‍්ඛුං භික‍්ඛවෙ, අනත‍්තා අතීතානාගතං. කො පන වාදො පච‍්චුප‍්පන‍්නස‍්ස. එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො අතීතස‍්මිං චක‍්ඛුස‍්මිං අනපෙඛො හොති. අනාගතං චක‍්ඛුං නාභිනන්‍දති. පච‍්චුප‍්පන‍්නස‍්ස චක‍්ඛුස‍්ස නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොති. සොතං අනත‍්තා අතීතානාගතං. කො පන වාදො පච‍්චුප‍්පන‍්නස‍්ස -පෙ- ඝානං අනත‍්තා අතීතානාගතං. කො පන වාදො පච‍්චුප‍්පන‍්නස‍්ස -පෙ- ජිව‍්හා අනත‍්තා අතීතානාගතා. කො පන වාදො පච‍්චුප‍්පන‍්නාය. -පෙ- පටිපන‍්නො හොති. මනො අනත‍්තා අතීතානාගතො කො පන වාදො පච‍්චුප‍්පන‍්නස‍්ස, එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො අතීතස‍්මිං මනස‍්මිං අනපෙඛො හොති, අනාගතං මනං නාභිනන්‍දති, පච‍්චුප‍්පන‍්නස‍්ස මනස‍්ස නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොතීති.

මහණෙනි, අතීතානාගත වූ ඇස අනත් ය. පවත්නා ඇසෙහි කිනම් කථා ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරිසවු අතීත වූ ඇසෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත වූ ඇස නො පතයි. පවත්නා ඇසෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. කන අනත් ය. පවත්නා කනෙහි කවර කථාවෙක් ද … අතීතානාගත වූ නැහැය අනත් ය, පවත්නා නැහැයෙහි කවර කථා යැ … අතීතානාගත වූ දිව අනත් ය. පවත්නා දිවෙහි කවර කථා යැ … පිළිපන්නේ වෙයි. අතීතානාගත වූ මනස අනත් ය. පවත්නා මනසෙහි කවර කථා යැ මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු අතීත වූ මනසෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත වූ මනස නො පතයි. පවත්නා මනසෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

1. 1. 10.

1. 1. 10.

දුතිය බාහිරානිච‍්චසුත‍්තං

දුතිය බාහිරානිච්ච සූත්‍රය

10. සාවත්‍ථියං–

10. සැවැත්නුවර–

රූපා භික‍්ඛවෙ, අනිච‍්චා අතීතානාගතා. කො පන වාදො පච‍්චුප‍්පන‍්නානං, එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො අතීතෙසු රූපෙසු අනපෙඛො හොති, අනාගතෙ රූපෙ නාභිනන්‍දති, පච‍්චුප‍්පන‍්නානං රූපානං නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොති. සද‍්දා -පෙ- ගන්‍ධා -පෙ- රසා -පෙ- ඵොට‍්ඨබ‍්බා -පෙ- ධම‍්මා අනිච‍්චා අතීතානාගතා. කො පන වාදො පච‍්චුප‍්පන‍්නානං, එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො අතීතෙසු ධම‍්මෙසු අනපෙඛො හොති, අනාගතෙ ධම‍්මෙ නාභිනන්‍දති, පච‍්චුප‍්පන‍්නානං ධම‍්මානං නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොතීති.

මහණෙනි, අතීතානාගතවූ රූප අනිසය. පවත්නා රූප පිළිබඳ ව කිනම් කාථා ද. මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු අතීත රූපයෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත රූප නො පතයි. පවත්නා රූපයෙහි කලකිරීම පිණිස නො ඇල් ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. සද … ගඳ … රස … පහස් … අතීත අනාගත දහම් අනිස ය. පවත්නා දහම් පිළිබඳ ව කවර කථා ද, මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු ඉකුත් දහම්හි නිරපේක්‍ෂ වෙයි. අනාගත දහම් නො පතයි. පවත්නා දහම්හි කලකිරීමට නො ඇල්මට නිරෝධයට පිළිපන්නේ වෙයි.

1. 1. 11.

1. 1. 11.

දුතිය බාහිරදුක‍්ඛසුත‍්තං

දුතිය බාහිරදුක්ඛ සූත්‍රය

11. සාවත්‍ථියං–

11. සැවැත්නුවර–

රූපා භික‍්ඛවෙ, දුක‍්ඛා අතීතානාගතා. කො පන වාදො පච‍්චුප‍්පන‍්නානං, එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො අතීතෙසු රූපෙසු අනපෙඛො හොති අනාගතෙ රූපෙ නාභිනන්‍දති පච‍්චුප‍්පන‍්නානං රූපානං නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොති, සද‍්දා -පෙ- ගන්‍ධා -පෙ- රසා -පෙ- ඵොට‍්ඨබ‍්බා -පෙ- ධම‍්මා දුක‍්ඛා අතීතානාගතා. කො පන වාදො පච‍්චුප‍්පන‍්නානං, එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො අතීතෙසු ධම‍්මෙසු අනපෙඛො හොති, අනාගතෙ ධම‍්මෙ නාභිනන්‍දති, පච‍්චුප‍්පන‍්නානං ධම‍්මානං නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොතීති.

මහණෙනි, අතීතානාගත රූප දුක් ය. පවත්නා රූප පිළිබඳ ව කවර කථා ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු අතීත රූපයෙහි නිරපේක්‍ෂ වෙයි. නො පැමිණි රූප නො පතයි. පවත්නා රූපයෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. සද … ගඳ … රස … පහස් ඉකුත් නො පැමිණි දහම් දුක් ය. පවත්නා රූ පිළිබඳ ව කවර කථා යැ, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු ඉකුත් දහම්හි නිරපේක්‍ෂ වෙයි. නො පැමිණි දහම් නො පතයි. පවත්නා දහම්හි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ.

1. 1. 12.

1. 1. 12.

දුතිය බාහිරානත‍්තසුත‍්තං

දුතිය බාහිරානත්ත සූත්‍රය

12. සාවත්‍ථියං–

12. සැවැත්නුවර–

රූපා භික‍්ඛවෙ, අනත‍්තා අතීතානාගතා, කො පන වාදො පච‍්චුප‍්පන‍්නානං, එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො අතීතෙසු රූපෙසු අනපෙඛො හොති, අනාගතෙ රූපෙ නාභිනන්‍දති, පච‍්චුප‍්පන‍්නානං රූපානං නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොති. සද‍්දා -පෙ- ගන්‍ධා -පෙ- රසා -පෙ- ඵොට‍්ඨබ‍්බා -පෙ- ධම‍්මා අනත‍්තා අතීතානාගතා, කො පන වාදො පච‍්චුප‍්පන‍්නානං, එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො අතීතෙසු ධම‍්මෙසු අනපෙඛො හොති, අනාගතෙ ධම‍්මෙ නාභිනන්‍දති, පච‍්චුප‍්පන‍්නානං ධම‍්මානං නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොතීති.

මහණෙනි, අතීතානාගත රූප අනත් ය. පවත්නා රූපයෙහි කවර කථා ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු ඉකුත් රූපයෙහි නිරපේක්‍ෂ වෙයි. නො පැමිණි රූප නො පතයි. පවත්නා රූපයෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ. සද … ගඳ … රස … පහස් ... අතීත අනාගත දහම් අනත් ය. පවත්නා දහම් පිළිබඳ ව කවර කථාවෙක් ද, මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු ඉකුත් දහම්හි නිරපේක්‍ෂ වෙයි. නො පැමිණි දහම් නො පතයි. පවත්නා දහම්හි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ.

අනිච‍්චවග‍්ගො පඨමො.

පළමුවැනි අනිච්චවර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

අනිච‍්චං දුක‍්ඛං අනත‍්තා ච තයො අජ‍්ඣත‍්තබාහිරා යදනිච‍්චෙන තයො වුත‍්තා තෙ තෙ අජ‍්ඣත‍්තබාහිරා.

අනිච්ච යැ දුක්ඛ යැ අනත්ත යැ යි සූත්‍රයෝ තුන් දෙනෙකි. ඔහු අජ්ඣත්තබාහිර-වශයෙන් සිටිත්. ‘යදනිච්ච’ ශබ්දයෙන් වෙන් කොට කියූ සූත්‍රයෝ ද තුන්දෙනෙකි. ඔහු ද අජ්ඣත්තබාහිර-වශයෙන් සිටිති (අජ්ඣත්තබාහිර-භේදයෙන් දොළොස් දෙනෙකි.)