යෙදුමෙන් කියවන්න

සම‍්බොධසුත‍්තං

1. 2. 1.

1. 2. 1.

සම‍්බොධසුත‍්තං

සම්බොධ සූත්‍රය

13. සාවත්‍ථියං–

13. සැවැත්නුවර–

පුබ‍්බෙව මෙ භික‍්ඛවෙ, සම‍්බොධා අනභිසම‍්බුද‍්ධස‍්ස බොධිසත‍්තස‍්සෙව සතො එතදහොසි. කො නු ඛො චක‍්ඛුස‍්ස අස‍්සාදො, කො ආදීනවො, කිං නිස‍්සරණං. කො සොතස‍්ස -පෙ- කො ඝානස‍්ස -පෙ- කො ජිව‍්හාය -පෙ- කො කායස‍්ස -පෙ- කො මනස‍්ස අස‍්සාදො, කො ආදීනවො, කිං නිස‍්සරණන‍්ති.

මහණෙනි, සම්බෝධියෙන් පෙර මැ සම්බුදු නො වූ බෝසත් වූ මැ මට මෙබඳු සිතෙක් වි ය: ඇසෙහි ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් ද, කනෙහි ආස්වාදය කිමෙක් ද, … නැහැයෙහි ආස්වාදය කිමෙක් ද, … දිවෙහි ආස්වාදය කිමෙක් ද, … කයෙහි ආස්වාදය කිමෙක් ද, … සිතෙහි ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් දැ යි.

තස‍්ස මය‍්හං භික‍්ඛවෙ, එතදහොසි: යං ඛො චක‍්ඛුං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, අයං චක‍්ඛුස‍්ස අස‍්සාදො. යං චක‍්ඛුං අනිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, අයං චක‍්ඛුස‍්ස ආදීනවො. යො චක‍්ඛුස‍්මිං ඡන්‍දරාගවිනයො ඡන්‍දරාගප‍්පහානං, ඉදං චක‍්ඛුස‍්ස නිස‍්සරණං. යං සොතං -පෙ- යං ඝානං -පෙ- යං ජිව‍්හං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, අයං ජිව‍්හාය අස‍්සාදො. යා ජිව‍්හා අනිච‍්චා දුක‍්ඛා විපරිණාමධම‍්මා, අයං ජිව‍්හාය ආදීනවො. යො ජිව‍්හාය ඡන්‍දරාගවිනයො ඡන්‍දරාගප‍්පහානං, ඉදං ජිව‍්හාය නිස‍්සරණං. යං කායං -පෙ- යං මනං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, අයං මනස‍්ස අස‍්සාදො. යො මනො අනිච‍්චො දුක‍්ඛො විපරිණාමධම‍්මො, අයං මනස‍්ස ආදීනවො. යො මනස‍්මිං ඡන්‍දරාගවිනයො ඡන්‍දරාගප‍්පහානං, ඉදං මනස‍්ස නිස‍්සරණං.

මහණෙනි, මට මෙබඳු සිතෙක් විය: ඇස නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ ඇසේ ආස්වාද යි. යම් ඇසෙක් අනිස වේ නම් දුක් වේ නම් වෙනස් වනසුලු වේ නම් මේ ඇසේ ආදීනව යි. ඇසෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ ඇසේ නිස්සරණ යි. කන නිසා යම් … නැහැය නිසා යම් … දිව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ දිවේ ආස්වාද යි. යම් දිවක් අනිස නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ දිවේ ආදීනව යි. දිවේ යම් ඡන්‍දරාගය දුරැලීමෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ දිවේ නිස්සරණ යි. කය නිසා යම් … සිත නිසා යම් සුවයෙක් සොම්නසෙක් වේ නම් මේ සිතේ ආස්වාද යි. යම් සිතක් අනිස වේ නම් දුක් වේ නම් වෙනස් වනසුලු වේ නම් මේ සිතේ ආදීනව යි. සිතේ යම් ඡන්‍දරාගය දුරැලීමෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ සිතේ නිස්සරණ යි.

යාවකීවඤ‍්චාහං භික‍්ඛවෙ, ඉමෙසං ඡන‍්නං අජ‍්ඣත‍්තිකානං ආයතනානං එවං අස‍්සාදඤ‍්ච අස‍්සාදතො, ආදීනවඤ‍්ච ආදීනවතො, නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං නාබ‍්භඤ‍්ඤාසිං, නෙව තාවාහං භික‍්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධොති පච‍්චඤ‍්ඤාසිං.

මහණෙනි, මම යම්තාක් මේ සවැදෑරුම් අධ්‍යාත්මික ආයතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් මෙසේ තතුසේ නො දත්තෙම් නම් මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි දෙවිමිනිසුන් සහිත මහණබමුණන් සහිත ප්‍රජාවෙහි නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි යි නො ම පිළින කෙළෙමි.

යතො ච ඛො’හං භික‍්ඛවෙ, ඉමෙසං ඡන‍්නං අජ‍්ඣත‍්තිකානං ආයතනානං එවං අස‍්සාදඤ‍්ච අස‍්සාදතො, ආදීනවඤ‍්ච ආදීනවතො, නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං, අථාහං භික‍්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධොති පච‍්චඤ‍්ඤාසිං. ඤාණඤ‍්ච පන මෙ දස‍්සනං උදපාදි, අකුප‍්පා මෙ චෙතොවිමුත‍්ති අයමන‍්තිමා ජාති, නත්‍ථිදානි පුනබ‍්භවොති.

මහණෙනි, මම යම් කලෙක මේ සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වසයෙනුත් මෙසේ තතු සේ අවබෝධ කෙළෙම් නම් මහණෙනි, මම එකල්හි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි දෙවිමිනිසුන් සහිත මහණබමුණන් සහිත ප්‍රජාවෙහි නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළෙමි යි පිළින කෙළෙමි. මට ඥානදර්‍ශනය පහළ විය. මාගේ අර්‍හත්ඵලසමාධිය අකෝප්‍ය ය. මේ අන්තිම ජාතිය යි. දැන් නැවත ඉපදීමෙක් නැතැ යි.