යෙදුමෙන් කියවන්න

දුතිය සම‍්බොධසුත‍්තං

1. 2. 2.

1. 2. 2.

දුතිය සම‍්බොධසුත‍්තං

දුතිය සම්බොධ සූත්‍රය

14. සාවත්‍ථියං–

14. සැවැත්නුවර–

පුබ‍්බෙව මෙ භික‍්ඛවෙ, සම‍්බොධා අනභිසම‍්බුද‍්ධස‍්ස බොධි සත‍්තස‍්සෙව සතො එතදහොසි:

මහණෙනි, සම්බෝධියෙන් පෙර ම සම්බුදු නො වූ බෝසත් වූ ම මට මෙබඳු සිතෙක් විය:

කො නු ඛො රූපානං අස‍්සාදො, කො ආදීනවො, කිං නිස‍්සරණං. කො සද‍්දානං -පෙ- කො ගන්‍ධානං -පෙ- කො රසානං -පෙ- කො ඵොට‍්ඨබ‍්බානං -පෙ- කො ධම‍්මානං අස‍්සාදො, කො ආදීනවො, කිං නිස‍්සරණන‍්ති.

රූපයන්ගේ ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් ද, ශබ්දයන්ගේ ආස්වාදය කිමෙක් ද, … ගන්‍ධයන්ගේ ආස්වාදය කිමෙක් ද, ... රසයන්ගේ ආස්වාදය කිමෙක් ද, … ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ ආස්වාදය කිමෙක් ද, … ධර්‍මයන්ගේ ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් දැ යි.

තස‍්ස මය‍්හං භික‍්ඛවෙ, එතදහොසි.

මහණෙනි, මට මෙබඳු සිතෙක් විය:

යං ඛො රූපෙ පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, අයං රූපානං අස‍්සාදො. යෙ රූපා අනිච‍්චා දුක‍්ඛා විපරිණාමධම‍්මා, අයං රූපානං ආදීනවො. යො රූපෙසු ඡන්‍දරාගවිනයො ඡන්‍දරාගප‍්පහානං, ඉදං රූපානං නිස‍්සරණං. යං සද‍්දෙ -පෙ- යං ගන්‍ධෙ -පෙ- යං රසෙ -පෙ- යං ඵොට‍්ඨබ‍්බෙ -පෙ- යං ධම‍්මෙ පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, අයං ධම‍්මානං අස‍්සාදො. යෙ ධම‍්මා අනිච‍්චා දුක‍්ඛා විපරිණාමධම‍්මා, අයං ධම‍්මානං ආදීනවො. යො ධම‍්මෙසු ඡන්‍දරාගවිනයො ඡන්‍දරාගප‍්පහානං, ඉදං ධම‍්මානං නිස‍්සරණං.

රූපයන් නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ රූපයන්ගේ ආස්වාද යි. යම් රූප කෙනෙක් අනිත්‍ය නම් දුක් නම් අනාත්ම නම් මේ රූපයන්ගේ ආදීනව යි. රූපයන්හි යම් ඡන්‍දරාගය දුරැලීමෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ රූපයන්ගේ නිස්සරණ යි. ශබ්දයන් නිසා යම් … ගන්‍ධයන් නිසා යම් … රසයන් නිසා යම් … ස්ප්‍රෂ්ටව්‍යයන් නිසා යම් … ධර්‍මයන් නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ ධර්‍මයන්ගේ ආස්වාද යි. යම් ධර්‍ම කෙනෙක් අනිස නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ ධර්‍මයන්ගේ ආදීනව යි. ධර්‍මයන්හි යම් ඡන්‍දරාග විනයෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ ධර්‍මයන්ගේ නිස්සරණ යි.

යාවකීවඤ‍්චාහං භික‍්ඛවෙ, ඉමෙසං ඡන‍්නං බාහිරානං ආයතනානං එවං අස‍්සාදඤ‍්ච අස‍්සාදතො, ආදීනවඤ‍්ච ආදීනවතො, නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං නාබ‍්භඤ‍්ඤාසිං -පෙ- අබ‍්භඤ‍්ඤාසිං, අථාහං භික‍්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණ බ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධොති පච‍්චඤ‍්ඤාසිං. ඤාණඤ‍්ච පන මෙ දස‍්සනං උදපාදි, අකුප‍්පා මෙ චෙතො විමුත‍්ති, අයමන‍්තිමා ජාති, නත්‍ථිදානි පුනබ‍්භවොති.

මහණෙනි, මම යම්තාක් මේ සවැදෑරුම් බාහිර ආයතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත්, නිස්සරණය නිස්සරණ වසයෙනුත් මෙසේ තතුසේ නො දත්තෙම් නම් ... දත්තෙම් නම් මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි නිරුත්තර වූ සම්‍යක්සම්බෝධිය අවබෝධ කළෙමි යි පිළින කෙළෙමි. මට ඥානදර්‍ශනය පහළ විය. මාගේ අර්‍හත්ඵල සමාධිය අකෝප්‍ය ය. මේ අන්තිම ජාති යි. දැන් නැවත ඉපදීමෙක් නැති යි.