අස්සාදපරියෙසනසුත්තං
1. 2. 3.
1. 2. 3.
අස්සාදපරියෙසනසුත්තං
අස්සාද පරියේසන සූත්‍රය
15. සාවත්ථියං–
15. සැවැත්නුවර–
චක්ඛුස්සාහං භික්ඛවෙ, අස්සාදපරියෙසනං අචරිං. යො චක්ඛුස්ස අස්සාදො තදජ්ඣගමං. යාවතා චක්ඛුස්ස අස්සාදො පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. චක්ඛුස්සාහං භික්ඛවෙ, ආදීනවපරියෙසනං අචරිං. යො චක්ඛුස්ස ආදීනවො තදජ්ඣගමං. යාවතා චක්ඛුස්ස ආදීනවො පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. චක්ඛුස්සාහං භික්ඛවෙ, නිස්සරණපරියෙසනං අචරිං. යං චක්ඛුස්ස නිස්සරණං තදජ්ඣගමං. යාවතා චක්ඛුස්ස නිස්සරණං පඤ්ඤාය මෙ තං සුදිට්ඨං.
මහණෙනි, මම ඇසෙහි ආස්වාදය සෙවීම කළෙමි. ඇසේ යම් ආස්වාදයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. ඇසේ ආස්වාදය යම්තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම ඇසේ ආදීනවය සෙවීම කළෙමි. ඇසේ යම් ආදීනවයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. ඇසේ ආදීනවය යම්තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම ඇසේ නිස්සරණය සෙවීම කෙළෙමි. ඇසේ යම් නිස්සරණයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. ඇසේ නිස්සරණය යම්තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය.
සොතස්සාහං භික්ඛවෙ -පෙ- ඝානස්සාහං භික්ඛවෙ -පෙ- ජිව්හායාහං භික්ඛවෙ, අස්සාදපරියෙසනං අචරිං. යො ජිව්හාය අස්සාදො තදජ්ඣගමං. යාවතා ජිව්හාය අස්සාදො, පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. ජිව්හායාහං භික්ඛවෙ, ආදීනවපරියෙසනං අචරිං. යො ජිව්හාය ආදීනවො තදජ්ඣගමං. යාවතා ජිව්හාය ආදීනවො පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. ජිව්හායාහං භික්ඛවෙ, නිස්සරණපරියෙසනං අචරිං. යං ජිව්හාය නිස්සරණං තදජ්ඣගමං. යාවතා ජිව්හාය නිස්සරණං, පඤ්ඤාය මෙ තං සුදිට්ඨං. කායස්සාහං භික්ඛවෙ, -පෙ- මනස්සාහං භික්ඛවෙ අස්සාදපරියෙසනං අචරිං. යො මනස්ස අස්සාදො තදජ්ඣගමං. යාවතා මනස්ස අස්සාදො පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. මනස්සාහං, භික්ඛවෙ, ආදීනවපරියෙසනං අචරිං. යො මනස්ස ආදීනවො තදජ්ඣගමං. යාවතා මනස්ස ආදීනවො පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. මනස්සාහං, භික්ඛවෙ, නිස්සරණපරියෙසනං අචරිං. යං මනස්ස නිස්සරණං තදජ්ඣගමං. යාවතා මනස්ස නිස්සරණං, පඤ්ඤාය මෙ තං සුදිට්ඨං.
මහණෙනි, මම කනෙහි … මහණෙනි, මම නැහැයෙහි … මහණෙනි, මම දිවෙහි ආස්වාදය සොයාලීම කෙළෙමි. දිවෙහි යම් ආස්වාදයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. දිවෙහි ආස්වාදය යම්තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම දිවෙහි ආදීනවය සොයාලීම කෙළෙමි. දිවෙහි යම් ආදීනවයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. දිවෙහි ආදීනවය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම දිවෙහි නිස්සරණය සොයාලීම කෙළෙමි. දිවෙහි යම් නිස්සරණයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. දිවෙහි නිස්සරණය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, කයෙහි … මහණෙනි, මම සිතෙහි ආස්වාදය සොයාලීම කෙළෙමි. සිතෙහි යම් ආස්වාදයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. සිතෙහි ආස්වාදය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම සිතෙහි ආදීනවය සොයාලීම කෙළෙමි. සිතෙහි යම් ආදීනවයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. සිතෙහි ආදීනවය යම්තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේය. මහණෙනි, මම සිතෙහි නිස්සරණය සොයාලීම කෙළෙමි. සිතෙහි යම් නිස්සරණයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. සිතෙහි නිස්සරණය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය.
යාවකීවඤ්චාහං භික්ඛවෙ, ඉමෙසං ඡන්නං අජ්ඣත්තිකානං ආයතනානං අස්සාදඤ්ච අස්සාදතො, ආදීනවඤ්ච ආදීනවතො, නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නාබ්භඤ්ඤාසිං -පෙ- අබ්භඤ්ඤාසිං -පෙ- ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි, අකුප්පා මෙ චෙතො විමුත්ති, අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවොති.
මහණෙනි, යම් තාක් මම මේ ආධ්‍යාත්මික ෂඩායතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත්, ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතුසේ නො දත්තෙම් ද … දත්තෙම් ද මට ඥානදර්ශනය පහළ විය. මාගේ අර්හත්ඵලවිමුක්තිය අකෝප්‍ය ය. මේ පැසුළු භවය යි. දැන් පුනර්භවයෙක් නැති යි.