යෙදුමෙන් කියවන්න

දුතිය අස‍්සාදපරියෙසනසුත‍්තං

1. 2. 4.

1. 2. 4.

දුතිය අස‍්සාදපරියෙසනසුත‍්තං

දුතිය අස්සාදපරියේසන සූත්‍රය

16. සාවත්‍ථියං–

16. සැවැත්නුවර–

රූපානාහං භික‍්ඛවෙ, අස‍්සාදපරියෙසනං අචරිං. යො රූපානං අස‍්සාදො තදජ‍්ඣගමං. යාවතා රූපානං අස‍්සාදො පඤ‍්ඤාය මෙ සො සුදිට‍්ඨො. රූපානාහං භික‍්ඛවෙ, ආදීනවපරියෙසනං අචරිං. යො රූපානං ආදීනවො තදජ‍්ඣගමං. යාවතා රූපානං ආදීනවො පඤ‍්ඤාය මෙ සො සුදිට‍්ඨො. රූපානාහං භික‍්ඛවෙ, නිස‍්සරණපරියෙසනං අචරිං. යං රූපානං නිස‍්සරණං තදජ‍්ඣගමං. යාවතා රූපානං නිස‍්සරණං, පඤ‍්ඤාය මෙ තං සුදිට‍්ඨං. සද‍්දානාහං භික‍්ඛවෙ -පෙ- ගන්‍ධානාහං භික‍්ඛවෙ -පෙ- රසානාහං භික‍්ඛවෙ -පෙ- ඵොට‍්ඨබ‍්බානාහං භික‍්ඛවෙ -පෙ- ධම‍්මානාහං භික‍්ඛවෙ, අස‍්සාදපරියෙසනං අචරිං. යො ධම‍්මානං අස‍්සාදො තදජ‍්ඣගමං. යාවතා ධම‍්මානං අස‍්සාදො පඤ‍්ඤාය මෙ සො සුදිට‍්ඨො. ධම‍්මානාහං භික‍්ඛවෙ, ආදීනවපරියෙසනං අචරිං. යො ධම‍්මානං ආදීනවො තදජ‍්ඣගමං. යාවතා ධම‍්මානං ආදීනවො පඤ‍්ඤාය මෙ සො සුදිට‍්ඨො. ධම‍්මානාහං භික‍්ඛවෙ, නිස‍්සරණපරියෙසනං අචරිං. යං ධම‍්මානං නිස‍්සරණං තදජ‍්ඣගමං. යාවතා ධම‍්මානං නිස‍්සරණං, පඤ‍්ඤාය මෙ තං සුදිට‍්ඨං.

මහණෙනි, මම රූපයන්ගේ ආස්වාදය සෙවීමෙහි යෙදුනෙමි. රූපයන්ගේ යම් ආස්වාදයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. රූපයන්ගේ ආස්වාදය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම රූපයන්ගේ ආදීනවය සෙවීමෙහි යෙදුනෙමි. රූපයන්ගේ යම් ආදීනවයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. රූපයන්ගේ ආදීනවය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම රූපයන්ගේ නිස්සරණය සෙවීමෙහි යෙදුනෙමි. රූපයන්ගේ යම් නිස්සරණයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. රූපයන්ගේ නිස්සරණය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම ශබ්දයන්ගේ … මහණෙනි, මම ගන්‍ධයන්ගේ … මහණෙනි, මම රසයන්ගේ … මහණෙනි, මම ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ … මහණෙනි, මම ධර්‍මයන්ගේ ආස්වාදය සෙවීමෙහි යෙදුනෙමි. ධර්‍මයන්ගේ යම් ආස්වාදයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි: ධර්‍මයන්ගේ ආස්වාදය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම ධර්‍මයන්ගේ ආදීනවය සෙවීමෙහි යෙදුනෙමි. ධර්‍මයන්ගේ යම් අදීනවයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. ධර්‍මයන්ගේ ආදීනවය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම ධර්‍මයන්ගේ නිස්සරණය සෙවීමෙහි යෙදුනෙමි. ධර්‍මයන්ගේ යම් නිස්සරණයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. ධර්‍මයන්ගේ නිස්සරණය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය.

යාවකීවඤ‍්චාහං භික‍්ඛවෙ, ඉමෙසං ඡන‍්නං බාහිරානං ආයතනානං අස‍්සාදඤ‍්ච අස‍්සාදතො, ආදීනවඤ‍්ච ආදීනවතො, නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං නාබ‍්භඤ‍්ඤාසිං -පෙ- අබ‍්භඤ‍්ඤාසිං -පෙ- ඤාණඤ‍්ච පන මෙ දස‍්සනං උදපාදි, අකුප‍්පා මෙ චෙතොවිමුත‍්ති, අයමන‍්තිමා ජාති, නත්‍ථිදානි පුනබ‍්භවො’ති.

මහණෙනි, යම් තාක් මම මේ බාහිර ෂඩායතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වසයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතුසේ නො දත්තෙම් ද, … දත්තෙම් ද, … මට ඥානදර්‍ශනය පහළ විය. මාගේ අර්‍හත්ඵලවිමුක්තිය අකෝප්‍ය ය. මේ අන්තිම ජාති යි. දැන් පුනර්‍භවයෙක් නැති යි.