යෙදුමෙන් කියවන්න

නො චෙ අස‍්සාදසුත‍්තං

1. 2. 5.

1. 2. 5.

නො චෙ අස‍්සාදසුත‍්තං

නො චෙ අස්සාද සූත්‍රය

17. සාවත්‍ථියං–

17. සැවැත්නුවර–

නො චෙදං භික‍්ඛවෙ, චක‍්ඛුස‍්ස අස‍්සාදො අභවිස‍්ස, නයිදං සත‍්තා චක‍්ඛුස‍්මිං සාරජ‍්ජෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි චක‍්ඛුස‍්ස අස‍්සාදො, තස‍්මා සත‍්තා චක‍්ඛුස‍්මිං සාරජ‍්ජන‍්ති. නො චෙදං භික‍්ඛවෙ, චක‍්ඛුස‍්ස ආදීනවො අභවිස‍්ස, නයිදං සත‍්තා චක‍්ඛුස‍්මිං නිබ‍්බින්‍දෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි චක‍්ඛුස‍්ස ආදීනවො. තස‍්මා සත‍්තා චක‍්ඛුස‍්මිං නිබ‍්බින්‍දන‍්ති. නො චෙදං භික‍්ඛවෙ, චක‍්ඛුස‍්ස නිස‍්සරණං අභවිස‍්ස, නයිදං සත‍්තා චක‍්ඛුස‍්මා නිස‍්සරෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි චක‍්ඛුස‍්ස නිස‍්සරණං, තස‍්මා සත‍්තා චක‍්ඛුස‍්මා නිස‍්සරන‍්ති.

මහණෙනි, ඉදින් ඇසෙහි ආස්වාදයෙක් නො වී නම් මේ සත්ත්‍වයෝ ඇසෙහි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් ඇසෙහි ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ ඇසෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් ඇසෙහි ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ ඇසෙහි නො කලකිරෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් ඇසෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ ඇසෙහි කලකිරෙති. මහණෙනි, ඉදින් ඇසෙහි නිස්සරණයෙක් නො වී නම් සත්ත්‍වයෝ ඇසින් නො මිදෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් ඇසෙහි නිස්සරණයෙක් ඇද්ද එහෙයින් සත්ත්‍වයෝ ඇසින් මිදෙති.

නො චෙදං භික‍්ඛවෙ, සොතස‍්ස -පෙ- නො චෙදං භික‍්ඛවෙ, ඝානස‍්ස -පෙ- නො චෙදං භික‍්ඛවෙ, ජිව‍්හාය අස‍්සාදො අභවිස‍්ස, නයිදං සත‍්තා ජිව‍්හාය සාරජ‍්ජ්‍යෙයුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි ජිව‍්හාය අස‍්සාදො, තස‍්මා සත‍්තා ජිව‍්හාය සාරජ‍්ජන‍්ති. නො චෙදං භික‍්ඛවෙ, ජිව‍්හාය ආදීනවො අභවිස‍්ස, නයිදං සත‍්තා ජිව‍්හාය නිබ‍්බින්‍දෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි ජිව‍්හාය ආදීනවො, තස‍්මා සත‍්තා ජිව‍්හාය නිබ‍්බින්‍දන‍්ති. නො චෙදං භික‍්ඛවෙ, ජිව‍්හාය නිස‍්සරණං අභවිස‍්ස, නයිදං සත‍්තා ජිව‍්හාය නිස‍්සරෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි ජිව‍්හාය නිස‍්සරණං, තස‍්මා සත‍්තා ජිව‍්හාය නිස‍්සරන‍්ති.

මහණෙනි, ඉදින් කනෙහි (ආස්වාදයෙක්) නොවී නම් … මහණෙනි, ඉදින් නැහැයෙහි (ආස්වාදයක්) නොවී නම් … මහණෙනි, ඉදින් දිවෙහි (ආස්වාදයෙක්) නොවී නම් සත්ත්‍වයෝ දිවෙහි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් දිවෙහි ආස්වාදයයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ දිවෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් දිවෙහි ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ දිවෙහි නො කලකිරෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් දිවෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ දිවෙහි කලකිරෙත්. මහණෙනි, ඉදින් දිවෙහි නිස්සරණයෙක් නො වී නම් සත්ත්‍වයෝ දිවෙන් නො මිදෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් දිවෙහි නිස්සරණයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ දිවෙන් මිදෙති.

නො චෙදං භික‍්ඛවෙ, කායස‍්ස -පෙ- නො චෙදං භික‍්ඛවෙ, මනස‍්ස අස‍්සාදො අභවිස‍්ස, නයිදං සත‍්තා මනස‍්මිං සාරජ‍්ජෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි මනස‍්ස අස‍්සාදො, තස‍්මා සත‍්තා මනස‍්මිං සාරජ‍්ජන‍්ති. නො චෙදං භික‍්ඛවෙ, මනස‍්ස ආදීනවො අභවිස‍්ස, නයිදං සත‍්තා මනස‍්මිං නිබ‍්බින්‍දෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි මනස‍්ස ආදීනවො, තස‍්මා සත‍්තා මනස‍්මිං නිබ‍්බින්‍දන‍්ති. නො චෙදං භික‍්ඛවෙ, මනස‍්ස නිස‍්සරණං අභවිස‍්ස, නයිදං සත‍්තා මනස‍්මා නිස‍්සරෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි මනස‍්ස නිස‍්සරණං, තස‍්මා සත‍්තා මනස‍්මා නිස‍්සරන‍්ති.

මහණෙනි, ඉදින් කයෙහි (අස්වාදයෙක්) නොවී නම් … මහණෙනි, ඉදින් සිතේ ආස්වාදයක් නො වී නම් සත්ත්‍වයෝ සිතෙහි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් සිතෙහි ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ සිතෙහි ඇලෙති. මහණෙනි, ඉදින් සිතෙහි ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ සිතෙහි නො කලකිරෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් සිතෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ සිතෙහි කලකිරෙත්. මහණෙනි, ඉදින් සිතෙහි නිස්සරණයෙක් නො වී නම් සත්ත්‍වයෝ සිතින් නො මිදෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් සිතෙහි නිස්සරණයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ සිතින් මිදෙති.

යාවකීවඤ‍්ච භික‍්ඛවෙ, සත‍්තා ඉමෙසං ඡන‍්නං අජ‍්ඣත‍්තිකානං ආයතනානං අස‍්සාදඤ‍්ච අස‍්සාදතො, ආදීනවඤ‍්ච ආදීනවතො, නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං නාබ‍්භඤ‍්ඤාසුං. නෙව තාව භික‍්ඛවෙ, සත‍්තා සදෙවකා ලොකා සමාරකා සබ්‍රහ‍්මකා සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය නිස‍්සටා විසංයුත‍්තා විප‍්පමුත‍්තා විමරියාදීකතෙන චෙතසා විහරිංසු.

මහණෙනි, යම් තාක් සත්ත්‍වයෝ මේ ආධ්‍යාත්මික ෂඩායතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතුසේ නො දත්තාහු ද, මහණෙනි ඒ තාක් සත්ත්‍වයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙන් මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙන් නික්මගියාහු වෙන් වූවාහු මිදුනාහු ක්ලේශ වර්‍ත සඞ්ඛ්‍යාත මර්‍ය්‍යාදා ඉක්ම වූ සිතින් යුක්තව නො ම විසූහ.

යතො ච ඛො භික‍්ඛවෙ, සත‍්තා ඉමෙසං ඡන‍්නං අජ‍්ඣත‍්තිකානං ආයතනානං අස‍්සාදඤ‍්ච අස‍්සාදතො, ආදීනවඤ‍්ච ආදීනවතො, නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං අබ‍්භඤ‍්ඤාසුං: අථ භික‍්ඛවෙ, සත‍්තා සදෙවකා ලොකා සමාරකා සබ්‍රහ‍්මකා සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය නිස‍්සටා විසංයුත‍්තා විප‍්පමුත‍්තා විමරියාදීකතෙන චෙතසා විහරන‍්තීති.

මහණෙනි, යම්කලෙක සත්ත්‍වයෝ මේ ආධ්‍යාත්මික ෂඩායතනයන්ගේ ආස්වාදය ආස්වාදය වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතුසේ දත්තාහු ද, මහණෙනි, එකල්හි සත්ත්‍වයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙන් මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙන් නික්ම ගියාහු වෙන් වූවාහු මිදුනාහු ක්ලේශ වර්‍ත මර්‍ය්‍යාදා ඉක්මවූ සිතින් යුක්ත ව වෙසෙති යි.