යෙදුමෙන් කියවන්න

දුතිය නො චෙ අස‍්සාදසුත‍්තං

1. 2. 6.

1. 2. 6.

දුතිය නො චෙ අස‍්සාදසුත‍්තං

දුතිය නො චෙ අස්සාද සූත්‍රය

18. සාවත්‍ථියං–

18. සැවැත්නුවර–

නො චෙදං භික‍්ඛවෙ, රූපානං අස‍්සාදො අභවිස‍්ස, නයිදං සත‍්තා රූපෙසු සාරජ‍්ජෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි රූපානං අස‍්සාදො, තස‍්මා සත‍්තා රූපෙසු සාරජ‍්ජන‍්ති. නො චෙදං භික‍්ඛවෙ, රූපානං ආදීනවො අභවිස‍්ස, නයිදං සත‍්තා රූපෙසු නිබ‍්බින්‍දෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි රූපානං ආදීනවො, තස‍්මා සත‍්තා රූපෙසු නිබ‍්බින්‍දන‍්ති. නො චෙදං භික‍්ඛවෙ, රූපානං නිස‍්සරණං අභවිස‍්ස, නයිදං සත‍්තා රූපෙහි නිස‍්සරෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි රූපානං නිස‍්සරණං, තස‍්මා සත‍්තා රූපෙහි නිස‍්සරන‍්ති.

මහණෙනි, ඉදින් රූපයන්ගේ ආස්වාදයෙක් නො වී නම් සත්ත්‍වයෝ රූපයන්හි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් රූපයන්ගේ ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ රූපයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් රූපයන්ගේ ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ රූපයන්හි නො කලකිරෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් රූපයන්හි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ රූපයන්හි කලකිරෙත්. මහණෙනි, ඉදින් රූපයන්ගේ නිස්සරණයෙක් නො වී නම් සත්ත්‍වයෝ රූපයන්ගෙන් නො මිදෙන්නාහ. මහණෙනි, යම් හෙයකින් රූපයන්ගේ නිස්සරණයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ රූපයන්ගෙන් මිදෙත්.

නො චෙදං භික‍්ඛවෙ, සද‍්දානං -පෙ- ගන්‍ධානං -පෙ- රසානං -පෙ- ඵොට‍්ඨබ‍්බානං -පෙ- ධම‍්මානං අස‍්සාදො අභවිස‍්ස, නයිදං සත‍්තා ධම‍්මෙසු සාරජ‍්ජෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි ධම‍්මානං අස‍්සාදො, තස‍්මා සත‍්තා ධම‍්මෙසු සාරජ‍්ජන‍්ති. නො චෙදං භික‍්ඛවෙ, ධම‍්මානං ආදීනවො අභවිස‍්ස, නයිදං සත‍්තා ධම‍්මෙසු නිබ‍්බින්‍දෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි ධම‍්මානං ආදීනවො, තස‍්මා සත‍්තා ධම‍්මෙසු නිබ‍්බින්‍දන‍්ති. නො චෙදං භික‍්ඛවෙ, ධම‍්මානං නිස‍්සරණං අභවිස‍්ස, නයිදං සත‍්තා ධම‍්මෙහි නිස‍්සරෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි ධම‍්මානං නිස‍්සරණං, තස‍්මා සත‍්තා ධම‍්මෙහි නිස‍්සරන‍්ති.

මහණෙනි, ඉදින් ශබ්දයන්ගේ … ගන්‍ධයන්ගේ … රසයන්ගේ … ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ … ධර්‍මයන්ගේ ආස්වාදයෙක් නො වී නම් සත්ත්‍වයෝ ධර්‍මයන්හි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් ධර්‍මයන්ගේ ආස්වාදයෙක් ඇද්ද එහෙයින් සත්ත්‍වයෝ ධර්‍මයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් ධර්‍මයන්ගේ ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ ධර්‍මයන්හි නො කලකිරෙන්නාහ. මහණෙනි, යම්හෙයෙකින් ධර්‍මයන්ගේ ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ ධර්‍මයන්හි කලකිරෙත්. මහණෙනි, ඉදින් ධර්‍මයන්ගේ නිස්සරණයෙක් නො වී නම් සත්ත්‍වයෝ ධර්‍මයන්ගෙන් නො මිදෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් ධර්‍මයන්ගේ නිස්සරණයෙක් ඇද්ද එහෙයින් සත්ත්‍වයෝ ධර්‍මයන්ගෙන් මිදෙත්.

යාවකීවඤ‍්ච භික‍්ඛවෙ, සත‍්තා ඉමෙසං ඡන‍්නං බාහිරානං ආයතනානං අස‍්සාදඤ‍්ච අස‍්සාදතො, ආදීනවඤ‍්ච ආදීනවතො, නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං නාබ‍්භඤ‍්ඤාසුං, නෙව තාව භික‍්ඛවෙ, සත‍්තා සදෙවකා ලොකා සමාරකා සබ්‍රහ‍්මකා සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය නිස‍්සටා විසංයුත‍්තා විප‍්පමුත‍්තා විමරියාදීකතෙන චෙතසා විහරිංසු.

මහණෙනි, සත්ත්‍වයෝ යම් තාක් මේ බාහිර ෂඩායතනයන්ගේ ආස්වාදය ආස්වාද හෙයින් ද, ආදීනවය ආදීනව හෙයින් ද නිස්සරණය නිස්සරණ හෙයින් ද තතුසේ නො දත්තාහු වෙත් ද මහණෙනි, සත්ත්‍වයෝ ඒතාක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙන් මහණබුමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙන් නික්ම ගියාහු වෙන් වූවාහු මිදුනාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව නො ම විසූහ.

යතො ච ඛො භික‍්ඛවෙ, සත‍්තා ඉමෙසං ඡන‍්නං බාහිරානං ආයතනානං අස‍්සාදඤ‍්ච අස‍්සාදතො, ආදීනවඤ‍්ච ආදීනවතො, නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං අබ‍්භඤ‍්ඤාසුං, අථ භික‍්ඛවෙ, සත‍්තා සදෙවකා ලොකා සමාරකා සබ්‍රහ‍්මකා සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය නිස‍්සටා විසංයුත‍්තා විප‍්පමුත‍්තා විමරියාදීකතෙන චෙතසා විහරන‍්තීති.

මහණෙනි, සත්ත්‍වයෝ යම් කලෙක මේ බාහිර ෂඩායතනයන්ගේ ආස්වාදය ආස්වාද හෙයින් ද ආදීනවය ආදීනව හෙයින් ද නිස්සරණය නිස්සරණ හෙයින් ද තතුසේ දත්තාහු වෙත් ද, මහණෙනි, එකල්හි සත්ත්‍වයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙන් මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙන් නික්ම ගියාහු වෙන් වූවාහු මිදුනාහු මර්‍ය්‍යාදා රහිත කරන ලද සිතින් යුක්ත ව වෙසෙති යි.