යෙදුමෙන් කියවන්න

අභිනන්‍දසුත‍්තං

1. 2. 7.

1. 2. 7.

අභිනන්‍දසුත‍්තං

අභිනන්‍ද සූත්‍රය

19. සාවත්‍ථියං–

19. සැවැත්නුවර–

යො භික‍්ඛවෙ, චක‍්ඛුං අභිනන්‍දති, දුක‍්ඛං සො අභිනන්‍දති. යො දුක‍්ඛං අභිනන්‍දති, අපරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි. යො සොතං අභිනන්‍දති, දුක‍්ඛං සො අභිනන්‍දති. යො දුක‍්ඛං අභිනන්‍දති, අපරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි. යො ඝානං අභිනන්‍දති, දුක‍්ඛං සො අභිනන්‍දති. යො දුක‍්ඛං අභිනන්‍දති, අපරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි. යො ජිව‍්හං අභිනන්‍දති, දුක‍්ඛං සො අභිනන්‍දති. යො දුක‍්ඛං අභිනන්‍දති, අපරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි. යො කායං අභිනන්‍දති, දුක‍්ඛං සො අභිනන්‍දති. යො දුක‍්ඛං අභිනන්‍දති, අපරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි. යො මනං අභිනන්‍දති, දුක‍්ඛං සො අභිනන්‍දති. යො දුක‍්ඛං අභිනන්‍දති, අපරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි.

මහණෙනි, යමෙක් ඇස පිළිගනී නම් හෙතෙම දුක පිළිගනියි. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නො මිදුනේ යයි කියමි. යමෙක් කන පිළිගනී නම් හෙතෙම දුක පිළිගනියි. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නො මිදුනේ ය යි කියමි. යමෙක් නැහැය පිළිගනී නම් හෙතෙම දුක පිළිගනියි. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නො මිදුණේ ය යි කියමි. යමෙක් දිව පිළිගනී නම් හෙතෙම දුක පිළිගනියි. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නො මිදුනේ ය යි කියමි. යමෙක් කය පිළිගනී නම් හෙතෙම දුක පිළිගනියි. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නො මිදුනේ යයි කියමි. යමෙක් සිත පිළිගනී නම් හෙතෙම දුක පිළිගනියි. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නො මිදුනේ ය යි කියමි.

යො ච ඛො භික‍්ඛවෙ, චක‍්ඛුං නාභිනන්‍දති, දුක‍්ඛං සො නාභිනන්‍දති. යො දුක‍්ඛං නාභිනන්‍දති, පරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි. යො සොතං නාභිනන්‍දති, දුක‍්ඛං සො නාභිනන්‍දති. යො දුක‍්ඛං නාභිනන්‍දති, පරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි. යො ඝානං නාභිනන්‍දති, දුක‍්ඛං සො නාභිනන්‍දති. යො දුක‍්ඛං නාභිනන්‍දති, පරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි. යො ජිව‍්හං නාභිනන්‍දති, දුක‍්ඛං සො නාභිනන්‍දති. යො දුක‍්ඛං නාභිනන්‍දති, පරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි. යො කායං නාභිනන්‍දති, දුක‍්ඛං සො නාභිනන්‍දති. යො දුක‍්ඛං නාභිනන්‍දති, පරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි. යො මනං නාභිනන්‍දති, දුක‍්ඛං සො නාභිනන්‍දති. යො දුක‍්ඛං නාභිනන්‍දති, පරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි.

මහණෙනි, යමෙක් ඇස නො පිළිගනී නම් හෙතෙම දුක නො පිළිගනියි. යමෙක් දුක නො පිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් කන නො පිළිගනී නම් හෙතෙම දුක නො පිළිගනියි. යමෙක් දුක නො පිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් නැහැය නො පිළිගනී නම් හෙතෙම දුක නො පිළිගනියි. යමෙක් දුක නො පිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් දිව නො පිළිගනී නම් හෙතෙම දුක නො පිළිගනියි. යමෙක් දුක නො පිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් කය නො පිළිගනී නම් හෙතෙම දුක නො පිළිගනියි. යමෙක් දුක නො පිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් සිත නො පිළිගනී නම් හෙතෙම දුක නො පිළිගනියි. යමෙක් දුක නො පිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි.