දුතිය අභිනන්‍දසුත‍්තං
1. 2. 8.
1. 2. 8.
දුතිය අභිනන්‍දසුත‍්තං
දුතිය අභිනන්‍ද සූත්‍රය
20. සාවත්‍ථියං–
20. සැවැත්නුවර–
යො භික‍්ඛවෙ, රූපෙ අභිනන්‍දති, දුක‍්ඛං සො අභිනන්‍දති. යො දුක‍්ඛං අභිනන්‍දති, අපරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි. යො සද‍්දෙ -පෙ- ගන්‍ධෙ -පෙ- රසෙ -පෙ- ඵොට‍්ඨබ‍්බෙ -පෙ- ධම‍්මෙ අභිනන්‍දති, දුක‍්ඛං සො අභිනන්‍දති. යො දුක‍්ඛං අභිනන්‍දති, අපරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි.
මහණෙනි, යමෙක් රූප අභිනන්‍දනා කෙරේ නම් හෙතෙම දුක අභිනන්‍දනා කරයි. යමෙක් දුක අභිනන්‍දනා කෙරේ නම් හෙතෙම දුකින් නො මිදුනේ යයි කියමි. යමෙක් ශබ්ද … ගන්‍ධ … රස … ස්පර්‍ශ … ධර්‍ම අභිනන්‍දනා කෙරේ නම් හෙතෙම දුක අභිනන්‍දනා කරයි. යමෙක් දුක අභිනන්‍දනා කෙරේ නම් හෙතෙම දුකින් නො මිදුනේ ය යි කියමි.
යො ච ඛො භික‍්ඛවෙ, රූපෙ නාභිනන්‍දති, දුක‍්ඛං සො නාභිනන්‍දති. යො දුක‍්ඛං නාභිනන්‍දති, පරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි. යො සද‍්දෙ -පෙ- ගන්‍ධෙ -පෙ- රසෙ -පෙ- ඵොට‍්ඨබ‍්බෙ -පෙ- ධම‍්මෙ නාභිනන්‍දති, දුක‍්ඛං සො නාභිනන්‍දති. යො දුක‍්ඛං නාභිනන්‍දති, පරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි.
මහණෙනි, යමෙක් රූප අභිනන්‍දනා නො කෙරේ නම් හෙතෙම දුක අභිනන්‍දනා නො කරයි. යමෙක් දුක අභිනන්‍දනා නො කෙරේ නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් ශබ්ද … ගන්‍ධ … රස … ස්පර්‍ශ … ධර්‍ම අභිනන්‍දනා නො කෙරේ නම් හෙතෙම දුක අභිනන්‍දනා නො කරයි. යමෙක් දුක අභිනන්‍දනා නො කෙරේ නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි යි.
1. 2. 9.
1. 2. 9.
උප‍්පාදසුත‍්තං
උප්පාද සූත්‍රය
21. සාවත්‍ථියං–
21. සැවැත්නුවර–
යො භික‍්ඛවෙ, චක‍්ඛුස‍්ස උප‍්පාදො ඨිති අභිනිබ‍්බත‍්ති පාතුභාවො, දුක‍්ඛස‍්සෙසො උප‍්පාදො, රොගානං ඨිති, ජරාමරණස‍්ස පාතුභාවො. යො සොතස‍්ස -පෙ- යො ඝානස‍්ස -පෙ- යො ජිව‍්හාය -පෙ- යො කායස‍්ස -පෙ- යො මනස‍්ස උප‍්පාදො ඨිති අභිනිබ‍්බත‍්ති පාතුභාවො, දුක‍්ඛස‍්සෙසො උප‍්පාදො, රොගානං ඨිති, ජරාමරණස‍්ස පාතුභාවො.
මහණෙනි, ඇසෙහි යම් ඉපදීමෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපදීම යි, රෝගයන්ගේ පැවැත්ම යි, ජරාමරණයෙහි පහළවීම යි. කනෙහි යම් … නැහැයෙහි යම් … දිවෙහි යම් … කයෙහි යම් … සිතෙහි යම් ඉපැදීමෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැදීම යි, රෝගයන්ගේ පැවැත්ම යි, ජරාමරණයෙහි පහළවීම යි.
යො ච ඛො භික‍්ඛවෙ, චක‍්ඛුස‍්ස නිරොධො වූපසමො අත්‍ථගමො. දුක‍්ඛස‍්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස‍්ස අත්‍ථගමො. යො සොතස‍්ස නිරොධො වූපසමො අත්‍ථගමො. දුක‍්ඛස‍්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස‍්ස අත්‍ථගමො. යො ඝානස‍්ස -පෙ- යො ජිව‍්හාය -පෙ- යො කායස‍්ස -පෙ- යො මනස‍්ස නිරොධො වූපසමො අත්‍ථගමො, දුක‍්ඛස‍්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස‍්ස අත්‍ථගමොති.
මහණෙනි, ඇසෙහි යම් නිරෝධයෙක් ව්‍යපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධය යි, රෝගයන්ගේ ව්‍යපශම ය යි, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි. කනෙහි යම් නිරෝධයෙක් ව්‍යපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධය යි. රෝගයන්ගේ ව්‍යපශමය යි, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි. නැහැයෙහි යම් … දිවෙහි යම් … කයෙහි යම් … සිතෙහි යම් … නිරෝධයෙක් ව්‍යපශමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ ය යි, රෝගයන්ගේ ව්‍යපශමය යි, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි.