දුතිය උප්පාදසුත්තං
1. 2. 10.
1. 2. 10.
දුතිය උප්පාදසුත්තං
දුතිය උප්පාද සූත්රය
22. සාවත්ථියං–
22. සැවැත්නුවර–
යො භික්ඛවෙ, රූපානං උප්පාදො ඨිති අභිනිබ්බත්ති පාතුභාවො, දුක්ඛස්සෙසො උප්පාදො, රොගානං ඨිති, ජරාමරණස්ස පාතුභාවො. යො සද්දානං -පෙ- යො ගන්ධානං -පෙ- යො රසානං -පෙ- යො ඵොට්ඨබ්බානං -පෙ- යො ධම්මානං උප්පාදො ඨිති අභිනිබ්බත්ති පාතුභාවො, දුක්ඛස්සෙසො උප්පාදො, රොගානං ඨිති, ජරාමරණස්ස පාතුභාවො.
මහණෙනි, රූපයන්ගේ යම් ඉපැදීමෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැදීම යි, රෝගයන්ගේ පැවැත්ම යි, ජරාමරණයෙහි පහළවීම යි. ශබ්දයන්ගේ යම් … ගන්ධයන්ගේ යම් … රසයන්ගේ යම් … ස්ප්රෂ්ටව්යයන්ගේ යම් … ධර්මයන්ගේ යම් ඉපදීමෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපදීම යි, රෝගයන්ගේ පැවැත්ම යි, ජරාමරණයෙහි පහළවීම යි.
යො ච ඛො භික්ඛවෙ, රූපානං නිරොධො වූපසමො අත්ථගමො, දුක්ඛස්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස්ස අත්ථගමො. යො සද්දානං -පෙ- යො ගන්ධානං -පෙ- යො රසානං -පෙ- යො ඵොට්ඨබ්බානං -පෙ- යො ධම්මානං නිරොධො වූපසමො අත්ථගමො, දුක්ඛස්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස්ස අත්ථගමොති.
මහණෙනි, රූපයන්ගේ යම් නිරෝධයෙක් ව්යපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධය යි, රෝගයන්ගේ ව්යපශමය යි. ජරාමරණයේ අස්තඞ්ගමය යි. ශබ්දයන්ගේ යම් … ගන්ධයන්ගේ යම් … රසයන්ගේ යම් … ස්ප්රෂ්ටව්යයන්ගේ යම් … ධර්මයන්ගේ යම් නිරෝධයෙක් ව්යපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධය යි. රෝගයන්ගේ ව්යපශමය යි, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි.
යමකවග්ගො දුතියො.
දෙවැනි යමක වර්ග යි.
තස්සුද්දානං:
එහි සූත්රනාමාවලිය :
සම්බොධෙන දුවෙ වුත්තා අස්සාදෙන පරෙ දුවෙ නො චෙ තෙන දුවෙ වුත්තා අභිනන්දෙන පරෙ දුවෙ උප්පාදෙන දුවෙ වුත්තා වග්ගො තෙන පවුච්චතීති.
සම්බෝධ නමින් දෙකෙක් කියන ලදී, අස්සාද නමින් අනෙක් දෙකෙකි. නො චෙ යන්නෙන් ද දෙකෙක් කියන ලදී. අභිනන්ද නමින් ද අනෙක් දෙකෙකි. උප්පාද නමින් ද දෙකෙක් කියන ලදී. එයින් වර්ගය යි කියනු ලැබේ.