සබ‍්බසුත‍්තං
1. 3. 1.
1. 3. 1.
සබ‍්බසුත‍්තං
සබ්බ සූත්‍රය
23. සාවත්‍ථියං–
23. සැවැත්නුවර–
සබ‍්බං වො භික‍්ඛවෙ, දෙසිස‍්සාමි තං සුණාථ. කිඤ‍්ච භික‍්ඛවෙ, සබ‍්බං: චක‍්ඛුඤ‍්චෙව රූපා ච, සොතඤ‍්ච සද‍්දා ච, ඝානඤ‍්ච ගන්‍ධා ච, ජිව‍්හා ච රසා ච, කායො ච ඵොට‍්ඨබ‍්බා ච, මනො ච ධම‍්මා ච ඉදං වුච‍්චති භික‍්ඛවෙ, සබ‍්බං.
මහණෙනි, තොපට සියල්ල දෙසමි. එය අසව. මහණෙනි, සියල්ල යනු කිම යත්: චක්‍ෂුස යැ, රූපයෝ යැ ශ්‍රෝත්‍ර යැ ශබ්දයෝ යැ ඝ්‍රාණ යැ ගන්‍ධයෝ යැ ජිහ්වා යැ රසයෝ යැ කාය යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ මනස යැ ධර්‍මයෝ යි. මහණෙනි, මේ සියල්ල යි කියනු ලැබේ.
යො භික‍්ඛවෙ, එවං වදෙය්‍ය: අහමෙතං සබ‍්බං පච‍්චක‍්ඛාය අඤ‍්ඤං සබ‍්බං පඤ‍්ඤාපෙස‍්සාමීති, තස‍්සා වාචාවත්‍ථුරෙවස‍්ස. පුට‍්ඨො ච න සම‍්පායෙය්‍ය, උත‍්තරිඤ‍්ච විඝාතං ආපජ‍්ජෙය්‍ය. තං කිස‍්ස හෙතු යථා තං භික‍්ඛවෙ, අවිසයස‍්මින‍්ති.
මහණෙනි, යමෙක් “මම තෙල සියල්ල පිළිකෙව් කොට අන් සියල්ලක් පනවමි” යි මෙසේ කියා නම් ඔහුගේ ඒ වදන් වචන මාත්‍ර මැ වන්නේ යැ. එ කවර හෙයින යත්: මහණෙනි, අවිෂය හෙයිනි යි.