යෙදුමෙන් කියවන්න

පහානසුත‍්තං

1. 3. 2.

1. 3. 2.

පහානසුත‍්තං

ප්‍රහාණ සූත්‍රය

24. සාවත්‍ථියං–

24. සැවැත්නුවර–

සබ‍්බප‍්පහානාය වො භික‍්ඛවෙ, ධම‍්මං දෙසිස‍්සාමි: තං සුණාථ. කතමො ච භික‍්ඛවෙ, සබ‍්බප‍්පහානාය ධම‍්මො: චක‍්ඛුං භික‍්ඛවෙ පහාතබ‍්බං, රූපා පහාතබ‍්බා, චක‍්ඛුවිඤ‍්ඤාණං පහාතබ‍්බං, චක‍්ඛුසම‍්ඵස‍්සො පහාතබ‍්බො, යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, තම‍්පි පහාතබ‍්බං -පෙ-

මහණෙනි, තොපට සර්‍වප්‍රහාණයට දහම් දෙසමි. එය අසව මහණෙනි, සර්‍වප්‍රහාණයට දහම් කවරෙ යත්: මහණෙනි, චක්‍ෂුස (උපදවන තෘෂ්ණාව) ප්‍රහාණය කටයුතු යැ. රූපයෝ ප්‍රහාණ කටයුත්තාහ. චක්‍ෂුර්විඥානය ප්‍රහාණ කටයුතු යැ. චක්‍ෂුස්සංස්පර්‍ශය ප්‍රහාණ කටයුතු යැ. චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් ඒ ද ප්‍රහාණ කටයුතු ...

ජිව‍්හා පහාතබ‍්බා, රසා පහාතබ‍්බා, ජිව‍්හාවිඤ‍්ඤාණං පහාතබ‍්බං, ජිව‍්හා සම‍්ඵස‍්සො පහාතබ‍්බො, යම‍්පිදං ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි පහාතබ‍්බං. -පෙ-

ජිහ්වා (උපදවන තෘෂ්ණාව) ප්‍රහාණ කටයුතු යැ. රසයෝ ප්‍රහාණ කටයුත්තාහ. ජිහ්වාවිඥානය ප්‍රහාණ කටයුතු යැ. ජිහ්වාසංස්පර්‍ශය ප්‍රහාණ කටයුතු යැ. ජිහ්වාසංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ප්‍රහාණ කටයුතු ...

මනො පහාතබ‍්බො, ධම‍්මා පහාතබ‍්බා, මනොවිඤ‍්ඤාණං පහාතබ‍්බං, මනොසම‍්ඵස‍්සො පහාතබ‍්බො, යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි පහාතබ‍්බං. අයං ඛො භික‍්ඛවෙ, සබ‍්බප‍්පහානාය ධම‍්මොති.

භවඞ්ගචිත්ත සඞ්ඛ්‍යාත මනස (උපදවන තෘෂ්ණාව) ප්‍රහාණ කටයුතු යැ ආලම්බන සඞ්ඛ්‍යාත ධර්‍මයෝ ප්‍රහාණ කටයුත්තාහ. මනෝවිඥානය ප්‍රහාණය කටයුතු යැ. මනස්සංස්පර්‍ශය ප්‍රහාණ කටයුතු යැ. මනස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ප්‍රහාණ කටයුතු .