යෙදුමෙන් කියවන්න

දුතිය පහානසුත‍්තං

1. 3. 3.

1. 3. 3.

දුතිය පහානසුත‍්තං

දෙවැනි ප්‍රහාණ සූත්‍රය

25. සාවත්‍ථියං–

25. සැවැත්නුවර–

සබ‍්බං අභිඤ‍්ඤා පරිඤ‍්ඤා පහානාය ඛො භික‍්ඛවෙ, ධම‍්මං දෙසිස‍්සාමි. තං සුණාථ.

මහණෙනි, තොපට සියල්ල (ස්වලක්‍ෂණාවබෝධයෙන්) වෙසෙසින් දැන (සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන්) පිරිසිඳ දැන ප්‍රහාණය පිණිස දහම් දෙසමි, එය අසව.

කතමො ච භික‍්ඛවෙ, සබ‍්බං අභිඤ‍්ඤා පරිඤ‍්ඤා පහානාය ධම‍්මො: චක‍්ඛුං භික‍්ඛවෙ, අභිඤ‍්ඤා පරිඤ‍්ඤා පහාතබ‍්බං, රූපා අභිඤ‍්ඤා පරිඤ‍්ඤා පහාතබ‍්බා, චක‍්ඛුවිඤ‍්ඤාණං අභිඤ‍්ඤා පරිඤ‍්ඤා පහාතබ‍්බං, චක‍්ඛුසම‍්ඵස‍්සො අභිඤ‍්ඤා පරිඤ‍්ඤා පහාතබ‍්බො, යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අභිඤ‍්ඤා පරිඤ‍්ඤා පහාතබ‍්බං -පෙ-

මහණෙනි, සියල්ල වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාණයට දහම් කවරේ යත්: මහණෙනි, චක්‍ෂුස වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. රූපයෝ වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍යයෝ යැ. චක්‍ෂුර්විඥානය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. චක්‍ෂුස්සංස්පර්‍ශය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇද්ද එ ද වෙසෙසින් දැන ප්‍රහාතව්‍ය යි ...

ජිව‍්හා අභිඤ‍්ඤා පරිඤ‍්ඤා පහාතබ‍්බා, රසා අභිඤ‍්ඤා පරිඤ‍්ඤා පහාතබ‍්බා, ජිව‍්හාවිඤ‍්ඤාණං අභිඤ‍්ඤා පරිඤ‍්ඤා පහාතබ‍්බං, ජිව‍්හාසම‍්ඵස‍්සො අභිඤ‍්ඤා පරිඤ‍්ඤා පහාතබ‍්බො, යම‍්පිදං ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අභිඤ‍්ඤා පරිඤ‍්ඤා පහාතබ‍්බං -පෙ-

ජිහ්වාව වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. රසයෝ වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍යයෝ යැ. ජිහ්වාවිඥානය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. ජිහ්වාසංස්පර්‍ශය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. ජිහ්වාසංස්පර්‍ශ ප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇද්ද එ ද වෙසෙසින් දැන ප්‍රහාතව්‍ය යි ...

මනො අභිඤ‍්ඤා පරිඤ‍්ඤා පහාතබ‍්බො, ධම‍්මා අභිඤ‍්ඤා පරිඤ‍්ඤා පහාතබ‍්බා, මනොවිඤ‍්ඤාණං අභිඤ‍්ඤා පරිඤ‍්ඤා පහාතබ‍්බං, මනො සම‍්ඵස‍්සො අභිඤ‍්ඤා පරිඤ‍්ඤා පහාතබ‍්බො, යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අභිඤ‍්ඤා පරිඤ‍්ඤා පහාතබ‍්බං. අයං ඛො භික‍්ඛවෙ, සබ‍්බං අභිඤ‍්ඤා පරිඤ‍්ඤා පහානාය ධම‍්මොති.

මනස වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. ආලම්බන සඞ්ඛ්‍යාත ධර්‍මයෝ වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍යයෝ යැ. මනෝ විඥානය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. මනස්සංස්පර්‍ශය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. මනස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇද්ද එ ද වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය ය. මහණෙනි, මේ සියල්ල අභිජානන කොට පරිජානන කොට ප්‍රහාණයට ධර්‍ම වේ.