යෙදුමෙන් කියවන්න

අපරිජානසුත‍්තං

1. 3. 4.

1. 3. 4.

අපරිජානසුත‍්තං

අපරිජාන සූත්‍රය

26. සාවත්‍ථියං–

26. සැවැත්නුවර–

සබ‍්බං භික‍්ඛවෙ, අනභිජානං අපරිජානං අවිරාජයං අප‍්පජහං අභබ‍්බො දුක‍්ඛක‍්ඛයාය. කිඤ‍්ච භික‍්ඛවෙ, අනභිජානං අපරිජානං අවිරාජයං අප‍්පජහං අභබ‍්බො දුක‍්ඛක‍්ඛයාය.

මහණෙනි, සියල්ල වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. මහණෙනි, කවර සියල්ල වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ යැ යත්:

චක‍්ඛුං භික‍්ඛවෙ, අනභිජානං අපරිජානං අවිරාජයං අප‍්පජහං අභබ‍්බො දුක‍්ඛක‍්ඛයාය. රූපෙ අනභිජානං අපරිජානං අවිරාජයං අප‍්පජහං අභබ‍්බො දුක‍්ඛක‍්ඛයාය. චක‍්ඛුවිඤ‍්ඤාණං අනභිජානං අපරිජානං අවිරාජයං අප‍්පජහං අභබ‍්බො දුක‍්ඛක‍්ඛයාය. චක‍්ඛුසම‍්ඵස‍්සං අනභිජානං අපරිජානං අවිරාජයං අප‍්පජහං අභබ‍්බො දුක‍්ඛක‍්ඛයාය. යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනභිජානං අපරිජානං අවිරාජයං අප‍්පජහං අභබ‍්බො දුක‍්ඛක‍්ඛයාය -පෙ-

මහණෙනි, චක්‍ෂුස වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. රූපයන් වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. චක්‍ෂුර්විඥානය වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශය වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ ...

ජිව‍්හං අනභිජානං අපරිජානං අවිරාජයං අප‍්පජහං අභබ‍්බො දුක‍්ඛක‍්ඛයාය. රසෙ -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණං -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සං -පෙ- යම‍්පිදං ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනභිජානං අපරිජානං අවිරාජයං අප‍්පජහං අභබ‍්බො දුක‍්ඛක‍්ඛයාය. -පෙ-

ජිහ්වාව වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. රසයන් … ජිහ්වාවිඥානය … ජිහ්වාසංස්පර්‍ශය … ජිහ්වාසංස්පර්‍ශයෙන් උපදනා සුව වූ හේ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ ...

මනං අනභිජානං අපරිජානං අවිරාජයං අප‍්පජහං අභබ‍්බො දුක‍්ඛක‍්ඛයාය. ධම‍්මෙ -පෙ- මනොවිඤ‍්ඤාණං -පෙ- මනොසම‍්ඵස‍්සං -පෙ- යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනභිජානං අපරිජානං අවිරාජයං අප‍්පජහං අභබ‍්බො දුක‍්ඛක‍්ඛයාය. ඉදං ඛො භික‍්ඛවෙ, සබ‍්බං අනභිජානං අපරිජානං අවිරාජයං අප‍්පජහං අභබ‍්බො දුක‍්ඛක‍්ඛයාය.

මනස වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. ධර්‍මයන් … මනෝ විඥානය ... මනස්සංස්පර්‍ශය … මනස්සංස්පර්‍ශයප්‍රත්‍යයෙන් උපදනා වූ සුව වු හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ. මහණෙනි, මෙ ‘සියල්ල’ වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ.

සබ‍්බඤ‍්ච ඛො භික‍්ඛවෙ, අභිජානං පරිජානං විරාජයං පජහං භබ‍්බො දුක‍්ඛක‍්ඛයාය. කිඤ‍්ච භික‍්ඛවෙ, සබ‍්බං අභිජානං පරිජානං විරාජයං පජහං භබ‍්බො දුක‍්ඛක‍්ඛයාය:

තවද මහණෙනි, සියල්ල වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. මහණෙනි, කවර සියල්ල වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි යත්:

චක‍්ඛුං භික‍්ඛවෙ, අභිජානං පරිජානං විරාජයං පජහං භබ‍්බො දුක‍්ඛක‍්ඛයාය. රූපෙ අභිජානං පරිජානං විරාජයං පජහං භබ‍්බො දුක‍්ඛක‍්ඛයාය. චක‍්ඛුවිඤ‍්ඤාණං අභිජානං පරිජානං විරාජයං පජහං භබ‍්බො දුක‍්ඛක‍්ඛයාය. චක‍්ඛුසම‍්ඵස‍්සං අභිජානං පරිජානං විරාජයං පජහං භබ‍්බො දුක‍්ඛක‍්ඛයාය. යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අභිජානං පරිජානං විරාජයං පජහං භබ‍්බො දුක‍්ඛක‍්ඛයාය -පෙ-

මහණෙනි, චක්‍ෂුස වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. රූපයන් වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. චක්‍ෂුර්විඥානය වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශය වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි ...

ජිව‍්හං අභිජානං පරිජානං විරාජයං පජහං භබ‍්බො දුක‍්ඛක‍්ඛයාය. රසෙ -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණං -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සං -පෙ- යම‍්පිදං ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අභිජානං පරිජානං විරාජයං පජහං භබ‍්බො දුක‍්ඛක‍්ඛයාය -පෙ-

ජිහ්වාව වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. රූපයන් … ජිහ්වාවිඥානය … ජිහ්වාසංස්පර්‍ශය … ජ්හ්වාසංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි ...

මනං අභිජානං පරිජානං විරාජයං පජහං භබ‍්බො දුක‍්ඛක‍්ඛයාය. ධම‍්මෙ -පෙ- මනොවිඤ‍්ඤාණං -පෙ- මනොසම‍්ඵස‍්සං -පෙ- යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අභිජානං පරිජානං විරාජයං පජහං භබ‍්බො දුක‍්ඛක‍්ඛයාය.

මනස වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. ධර්‍මයන් … මනෝවිඥානය … මනස්සංස්ප්ර්‍ශය … මනස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වේ.

ඉදං ඛො භික‍්ඛවෙ, සබ‍්බං අභිජානං පරිජානං විරාජයං පජහං භබ‍්බො දුක‍්ඛක‍්ඛයායාති.

මහණෙනි, මේ ‘සියල්ල’ වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වේ.