දුතියඅපරිජානසුත‍්තං
1. 3. 5.
1. 3. 5.
දුතියඅපරිජානසුත‍්තං
ද්විතීය අපරිජාන සූත්‍රය
27. සාවත්‍ථියං–
27. සැවැත්නුවර–
සබ‍්බං භික‍්ඛවෙ, අනභිජානං අපරිජානං අවිරාජයං අප‍්පජහං අභබ‍්බො දුක‍්ඛක‍්ඛයාය. කිඤ‍්ච භික‍්ඛවෙ, සබ‍්බං අනභිජානං අපරිජානං අවිරාජයං අප‍්පජහං අභබ‍්බො දුක‍්ඛක‍්ඛයාය:
මහණෙනි, සියල්ල වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය නො වෙයි. මහණෙනි, කවර සියල්ල වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ යැ යත්:
යඤ‍්ච ඛො භික‍්ඛවෙ, චක‍්ඛු යෙ ච රූපා, යඤ‍්ච චක‍්ඛුවිඤ‍්ඤාණං, යෙ ච චක‍්ඛුවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බා ධම‍්මා, යඤ‍්ච සොතං යෙ ච සද‍්දා යඤ‍්ච සොතවිඤ‍්ඤාණං යෙ ච සොතවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බා ධම‍්මා, යඤ‍්ච ඝානං යෙ ච ගන්‍ධා යඤ‍්ච ඝානවිඤ‍්ඤාණං යෙ ච ඝානවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බා ධම‍්මා, යා ච ජිව‍්හා, යෙ ච රසා, යඤ‍්ච ජිව‍්හාවිඤ‍්ඤාණං, යෙ ච ජිව‍්හාවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බා ධම‍්මා, යො ච කායො, යෙ ච ඵොට‍්ඨබ‍්බා, යඤ‍්ච කායවිඤ‍්ඤාණං, යෙ ච කායවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බා ධම‍්මා යො ච මනො, යෙ ච ධම‍්මා, යඤ‍්ච මනොවිඤ‍්ඤාණං, යෙ ච මනොවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බා ධම‍්මා, ඉදං ඛො භික‍්ඛවෙ, සබ‍්බං අනභිජානං අපරිජානං අවිරාජයං අප‍්පජහං අභබ‍්බො දුක‍්ඛක‍්ඛයාය.
මහණෙනි, යම් චක්‍ෂුසෙකුත් වේ ද යම් රූප කෙනෙකුත් ඇත් ද යම් චක්‍ෂුර්විඥානයෙකුත් වේ ද යම් චක්‍ෂුර්විඥානයෙන් දතයුතු ධර්‍ම කෙනෙකුත් ඇද්ද, යම් ශ්‍රෝත්‍රයෙකුත් වේ ද යම් ශබ්ද කෙනෙකුත් ඇද් ද යම් ශ්‍රෝත්‍රවිඥානයෙකුත් ඇද් ද යම් ශ්‍රෝතවිඥානයෙන් දතයුතු යම් ධර්‍ම කෙනෙක් ඇද් ද, ඝ්‍රාණයෙකුත් වේ ද යම් ගන්‍ධ කෙනෙකුත් ඇද් ද යම් ඝ්‍රාණවිඥානයෙකුත් වේ ද යම් ඝ්‍රාණවිඥානයෙන් දතයුතු ධර්‍ම කෙනෙකුත් ඇද්ද, යම් ජිහ්වාවකුත් ඇද්ද යම් රසයෙකුත් ඇද්ද යම් ජිහ්වාවිඥානයෙකුත් ඇද්ද යම් ජිහ්වාවිඥානයෙන් දතයුතු ධර්‍ම කෙනෙකුත් ඇද්ද, යම් කයෙක් වේ ද යම් ස්ප්‍රෂ්ටව්‍ය කෙනෙකුත් ඇද්ද යම් කායවිඥානයෙකුත් වේ ද යම් කායවිඥානයෙන් දතයුතු ධර්‍ම කෙනෙකුත් ඇද්ද, යම් මනසෙකුත් වේ ද යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද යම් මනෝවිඥානයෙකුත් වේ ද යම් මනෝවිඥානයෙන් දතයුතු ධර්‍ම කෙනෙකුත් ඇද්ද, මහණෙනි මේ සියල්ල වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ.
සබ‍්බඤ‍්ච ඛො භික‍්ඛවෙ, අභිජානං පරිජානං විරාජයං පජහං භබ‍්බො දුක‍්ඛක‍්ඛයාය. කිඤ‍්ච භික‍්ඛවෙ, සබ‍්බං අභිජානං පරිජානං විරාජයං පජහං භබ‍්බො දුක‍්ඛක‍්ඛයාය:
තව ද මහණෙනි, සියල්ල වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. මහණෙනි, කවර සියල්ල වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි යත්:
යඤ‍්ච භික‍්ඛවෙ, චක‍්ඛුං යෙ ච රූපා යඤ‍්ච චක‍්ඛුවිඤ‍්ඤාණං යෙ ච චක‍්ඛුවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බා ධම‍්මා -පෙ- යා ච ජිව‍්හා, යෙ ච රසා, යඤ‍්ච ජිව‍්හාවිඤ‍්ඤාණං, යෙ ච ජිව‍්හාවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බා ධම‍්මා -පෙ- යො ච මනො, යෙ ච ධම‍්මා, යඤ‍්ච මනොවිඤ‍්ඤාණං, යෙ ච මනොවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බා ධම‍්මා, ඉදං ඛො භික‍්ඛවෙ, සබ‍්බං අභිජානං පරිජානං විරාජයං පජහං භබ‍්බො දුක‍්ඛක‍්ඛයායාති.
මහණෙනි, යම් චක්‍ෂුසෙකුත් ඇද්ද යම් රූප කෙනෙකුත් ඇද්ද යම් චක්‍ෂුර්විඥානයෙකුත් ඇද්ද යම් චක්‍ෂුර්විඥානයෙන් දතයුතු ධර්‍ම කෙනෙකුත් ඇද්ද … යම් ජිහ්වාවකුත් ඇද්ද යම් රස කෙනෙකුත් ඇද්ද යම් ජිහ්වාවිඥානයකුත් ඇද්ද යම් ජිහ්වා විඥානයෙන් දතයුතු ධර්‍ම කෙනෙකුත් ඇද්ද … යම් මනසෙකුත් ඇද්ද යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද යම් මනෝවිඥානයෙකුත් ඇද්ද යම් මනෝවිඥානයෙන් දතයුතු ධර්‍ම කෙනෙකුත් ඇද්ද, මහණෙනි මෙ සියල්ල වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වේ.