ආදිත්තපරියායසුත්තං
1. 3. 6.
1. 3. 6.
ආදිත්තපරියායසුත්තං
ආදිත්තපරියාය සූත්‍රය
28. එකං සමයං භගවා ගයායං විහරති ගයාසීසෙ සද්ධිං භික්ඛුසහස්සෙන. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි.
28. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ගයාගම්නුදුරෙහි ගයා ශිර්ෂයෙහි (එනම් ගල්තලාවෙහි) භික්ෂූන් දහසක් හා සමග වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.
සබ්බං භික්ඛවෙ, ආදිත්තං. කිඤ්ච භික්ඛවෙ, සබ්බං ආදිත්තං, චක්ඛුං භික්ඛවෙ, ආදිත්තං, රූපා ආදිත්තා, චක්ඛුවිඤ්ඤාණං ආදිත්තං, චක්ඛුසම්ඵස්සො ආදිත්තො. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ආදිත්තං. කෙන ආදිත්තං: ආදිත්තං රාගග්ගිනා දොසග්ගිනා මොහග්ගිනා, ආදිත්තං ජාතියා ජරාමරණෙන, සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි ආදිත්තන්ති වදාමි.
මහණෙනි, සියල්ල ඇවිලගන්නා ලදි. මහණෙනි, කවර සියල්ල ඇවිලගන්නා ලද යැ යත්: මහණෙනි, චක්ෂුස ඇවිලගන්නා ලද යැ. රූපයෝ ඇවිලගන්නා ලදහ. චක්ඛුවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. චක්ඛුසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් එ ද ඇවිලගන්නා ලද යැ. කිමෙකින් ඇවිලගන්නා ලද යැ යත්: රාග ගින්නෙන් දෝස ගින්නෙන් මෝහ ගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජරාමරණයෙන් ඇවිලගන්නා ලද යැ. සෝකයෙන් පරිදේවයෙන් දුඃඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.
සොතං ආදිත්තං. සද්දා ආදිත්තා, සොතවිඤ්ඤාණං ආදිත්තං, සොතසම්ඵස්සො ආදිත්තො. යම්පිදං සොතසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ආදිත්තං. කෙන ආදිත්තං: ආදිත්තං රාගග්ගිනා දොසග්ගිනා මොහග්ගිනා, ආදිත්තං ජාතියා ජරාමරණෙන, සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි ආදිත්තන්ති වදාමි.
ශ්‍රෝත්‍රය ඇවිලගන්නා ලද යැ. ශබ්දයෝ ඇවිලගන්නා ලදහ. සෝතවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. සෝතසම්ඵස්සය ඇවිලගන්නා ලදයැ. සෝතසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙ ද ඇවිලගන්නා ලද යැ. කිමෙකින් ඇවිලගන්නා ලද යැ යත්: රාගගින්නෙන් දෝසගින්නෙන් මෝහගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජරාමරණයෙන් ඇවිලගන්නා ලද යැ. සෝකයෙන් පරිදේවයෙන් දුඃඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.
ඝානං ආදිත්තං, ගන්ධා ආදිත්තා, ඝානවිඤ්ඤාණං ආදිත්තං, ඝානසම්ඵස්සො ආදිත්තො. යම්පිදං ඝානසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ආදිත්තං. කෙන ආදිත්තං: ආදිත්තං රාගග්ගිනා දොසග්ගිනා මොහග්ගිනා, ආදිත්තං ජාතියා ජරාමරණෙන, සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි ආදිත්තන්ති වදාමි.
ඝානය ඇවිලගන්නා ලද යැ ගන්ධයෝ ඇවිලගන්නා ලදහ. ඝානවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. ඝානසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ ඝාණසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වු හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද ඇවිලගන්නා ලදි. කිමෙකින් ඇවිලගන්නා ලදැ යැ යත්: රාග ගින්නෙන් දෝස ගින්නේ මෝහ ගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජාමරණයෙන් ඇවිල ගන්නා ලදැ යැ. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.
ජිව්හා ආදිත්තා, රසා ආදිත්තා, ජිව්හාවිඤ්ඤාණං ආදිත්තං, ජිව්හාසම්ඵස්සො ආදිත්තො. යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ආදිත්තං. කෙන ආදිත්තං, ආදිත්තං රාගග්ගිනා දොසග්ගිනා මොහග්ගිනා, ආදිත්තං, ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි ආදිත්තන්ති වදාමි.
ජිව්හාව ඇවිලගන්නා ලද යැ. රසයෝ ඇවිලගන්නා ලදහ. ජිව්හාවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. ජිව්හාසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එද ඇවිලගන්නා ලදි. කිමෙකින් ඇවිලගන්නා ලදයැ යත්: රාග ගින්නෙන් දෝසගින්නෙන් මෝහගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජරාමරණයෙන් ඇවිලගන්නා ලදයැ. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.
කායො ආදිත්තො, ඵොට්ඨබ්බා ආදිත්තා, කායවිඤ්ඤාණං ආදිත්තං, කායසම්ඵස්සො ආදිත්තො. යම්පිදං කායසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ආදිත්තං. කෙන ආදිත්තං: ආදිත්තං රාගග්ගිනා දොසග්ගිනා මොහග්ගිනා, ආදිත්තං, ජාතියා ජරාමරණෙන, සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි ආදිත්තන්ති වදාමි.
කය ඇවිලගන්නා ලද යැ. ඵොට්ඨබ්බයෝ ඇවිලගන්නා ලදහ. කායවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ කායසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ. කායසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එද ඇවිලගන්නා ලදි. කිමෙකින් ඇවිලගන්නා ලද යැ. යත්: රාගගින්නෙන් දෝසගින්නෙන් මෝහගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජාමරණයෙන් ඇවිලගන්නා ලද යැ සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැ යි කියමි.
මනො ආදිත්තො, ධම්මා ආදිත්තා, මනොවිඤ්ඤාණං ආදිත්තං, මනොසම්ඵස්සො ආදිත්තො. මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ආදිත්තං. කෙන ආදිත්තං. රාගග්ගිනා දොසග්ගිනා මොහග්ගිනා, ආදිත්තං ජාතියා ජරාමරණෙන, සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි ආදිත්තන්ති වදාමි.
මනස ඇවිලගන්නා ලද යැ. ධර්මයෝ ඇවිලගන්නා ලදහ. මනෝවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. මනෝසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එද ඇවිලගන්නා ලදි. කිමෙකින් ඇවිලගන්නා ලද යැ යත්; රාගගින්නෙන් දෝසගින්නෙන් මෝහගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජරාමණෙයෙන් ඇවිලගන්නා ලද යැ. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැ යි කියමි.
එවම්පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, රූපෙසුපි නිබ්බින්දති, චක්ඛුවිඤ්ඤාණෙපි නිබ්බින්දති, චක්ඛුසම්ඵස්සෙපි නිබ්බින්දති, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති -පෙ- ජිව්හායපි නිබ්බින්දති, රසෙසුපි නිබ්බින්දති, ජිව්හාවිඤ්ඤාණෙපි නිබ්බින්දති, ජිව්හාසම්ඵස්සෙපි නිබ්බින්දති, යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති -පෙ- මනස්මිම්පි නිබ්බින්දති, ධම්මෙසුපි නිබ්බින්දති, මනොවිඤ්ඤාණෙපි නිබ්බින්දති, මනොසම්ඵස්සෙපි නිබ්බින්දති,
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් වේ නම් එහිත් කලකිරෙයි … දිවෙහිත් කලකිරෙයි. රසයන්හිත් කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් වූ හෝ නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි … සිතෙහිත් කලකිරෙයි. ධර්මයන්හිත් කලකිරෙයි. මනෝවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි.
යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතී ති.
මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි කලකිරෙන්නේ නො ඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති. ඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ තස්ස භික්ඛුසහස්සස්ස අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසූති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ. මේ සූත්‍රය දේශනා කරනු ලබන කල්හි ඒ භික්ෂූන් දහසගේ සිත් උපාදාන රහිත ව කෙලෙසුන්ගෙන් මිදුණේ යි.