යෙදුමෙන් කියවන්න

අන්‍ධභූතසුත‍්තං

1. 3. 7.

1. 3. 7.

අන්‍ධභූතසුත‍්තං

අන්ධභූත සූත්‍රය

29. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දක නිවාපෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි.

29. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක.

සබ‍්බං භික‍්ඛවෙ, අන්‍ධභූතං. කිඤ‍්ච භික‍්ඛවෙ, සබ‍්බං අද‍්ධභූතං? චක‍්ඛුං භික‍්ඛවෙ, අන්‍ධභූතං, රූපා අන්‍ධභූතා, චක‍්ඛුවිඤ‍්ඤාණං අන්‍ධභූතං, චක‍්ඛුසම‍්ඵස‍්සො අන්‍ධභූතො. යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, තම‍්පි අන්‍ධභූතං. කෙන අන්‍ධභූතං: අන්‍ධභූතං ජාතියා ජරාමරණෙන, සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි අන්‍ධභූතන‍්ති වදාමි. සොතං -පෙ-

මහණෙනි, සියල්ල මඩනා ලදි. මහණෙනි, කවරසියල්ලක් මඩනා ලද ද යත්: මහණෙනි, චක්‍ෂුස මඩනා ලදි, රූපයෝ මඩනා ලදහ, චක්ඛුවිඤ්ඤාණය මඩනා ලදි, චක්ඛුසම්ඵස්සය මඩනා ලදි, චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙද මඩනා ලදි. කිමෙකින් මඩනා ලද ද යත්: ජාතියෙන් ජරාමරණයෙන් මඩනා ලදි. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මඩනා ලදැ යි කියමි. ශ්‍රෝත්‍රය ...

ජිව‍්හා අන්‍ධභූතා, රසා අන්‍ධභූතා, ජිව‍්හාවිඤ‍්ඤාණං අන්‍ධභූතං, ජිව‍්හාසම‍්ඵස‍්සො අන්‍ධභූතො. යම‍්පිදං ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අන්‍ධභූතං. කෙන අන්‍ධභූතං: අන්‍ධභූතං ජාතියා ජරාමරණෙන, සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි අන්‍ධභූතන‍්ති වදාමි. කායො -පෙ-

ජිහ්වාව මඩනා ලදී. රසයෝ මඩනා ලදහ. ජිව්හාවිඤ්ඤාණ මඩනා ලදි. ජිව්හාසම්ඵස්සය මඩනා ලදි. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නො සුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එද මඩනා ලදි. කිමෙකින් මඩනා ලද ද යත්: ජාතියෙන් ජරාමරණයෙන් මඩනා ලදි. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මඩනා ලදැ යි කියමි. කය …

මනො අන්‍ධභූතො, ධම‍්මා අන්‍ධභූතා, මනො විඤ‍්ඤාණං අන්‍ධභූතං, මනොසම‍්ඵස‍්සො අන්‍ධභූතො, යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අන්‍ධභූතං. කෙන අන්‍ධභූතං: අන්‍ධභූතං ජාතියා ජරාමරණෙන, සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි අද‍්ධභූතන‍්ති වදාමි.

මනස මඩනා ලදි. ධර්‍මයෝ මඩනා ලදහ. මනෝවිඤ්ඤාණය මඩනා ලදි. මනෝසම්ඵස්සය මඩනා ලදි. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එද මඩනා ලදි. කිමෙකින් මඩනා ලද ද යත්: ජාතියෙන් ජරාමරණයෙන් මඩනා ලදි. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මඩනා ලදැ යි කියමි.

එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, රූපෙසුපි නිබ‍්බින්‍දති, චක‍්ඛුවිඤ‍්ඤාණෙපි නිබ‍්බින්‍දති, චක‍්ඛුසම‍්ඵස‍්සෙපි නිබ‍්බින්‍දති යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- මනස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, ධම‍්මෙසුපි නිබ‍්බින්‍දති, මනොවිඤ‍්ඤාණෙපි නිබ‍්බින්‍දති, මනොසම‍්ඵස‍්සෙපි නිබ‍්බින්‍දති, යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක චක්‍ෂුසෙහිත් කලකිරෙයි. චක්‍ෂුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි ... මනසෙහි ද කලකිරෙයි. ධර්‍මයන්හිත් කලකිරෙයි. මනෝවිඤ්ඤානයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.