3. සබ්බවග්ගො අට්ඨකථා
3. සබ්බ වර්ගය
1. සබ්බසුත්තවණ්ණනා
1. සබ්බ සූත්‍ර වර්ණනාව
සබ්බවග්ගස්ස පඨමෙ සබ්බං වො, භික්ඛවෙති සබ්බං නාම චතුබ්බිධං – සබ්බසබ්බං, ආයතනසබ්බං, සක්කායසබ්බං, පදෙසසබ්බන්ති. තත්ථ –
සබ්බ වර්ගයේ පළමු වැන්නෙහි දැක්වෙන “සබ්බං වො භික්ඛවෙ” යන්නෙහි දැක්වෙන “සබ්බං” යන්න සබ්බ සබ්බ, ආයතන සබ්බ, සක්කාය සබ්බ, පදෙස සබ්බ,” යනුවෙන් සිවු වැදෑරුම් වේ. එහි “සබ්බ සබ්බ” යන්න මෙසේ හඳුන්වා ඇත.
න තස්ස අදිට්ඨමිධත්ථි කිඤ්චි අථො අවිඤ්ඤාතමඡානි තබ්බං, සබ්බං අභිඤ්ඤාසි යදත්ථි නෙය්‍යං තථාගතො තෙන සමන්ත චක්ඛු”
“න තස්ස අද්දිට්ඨමිධඅත්ථි කිඤ්චි, අථො අවිඤ්ඤාතමජානිතබ්බං; සබ්බං අභිඤ්ඤාසි යදත්ථි නෙය්‍යං, තථාගතො තෙන සමන්තචක්ඛූ”ති. (මහානි· 156; චූළනි· ධොතකමාණවපුච්ඡානිද්දෙසො 32; පටි· ම· 1.121) –
බුදුන්වහන්සේ විසින් මෙලොව නොදක්නා ලද්දාවූ ද, නොදන්නා ලද්දවූ ද, නො දතයුතු වූ ද, කිසිවක් නැත්තේය, දත යුතු යමක් වේ නම් ඒ සියල්ල අවබෝධ කළ සේක. එබැවින් තථාගතයන් වහන්සේ “සමන්ත චක්ඛු” යයි හඳුන්වනු ලැබෙත්
ගාථාවෙහි අරුත හෙල පැදියෙන් මෙසේ දැක්විය හැක. (එයින් කීහ අටුවාචාරීහු)
නොදුටු නොම දත් හා - නොදත යුතු කිසිවක් නැති. සව්නේ මඬල දත් - බුදුහු සමතැස් නමින් කියැවෙති.
ඉදං සබ්බසබ්බං නාම. “සබ්බං වො, භික්ඛවෙ, දෙසෙස්සාමි, තං සුණාථා”ති (සං· නි· 4.24) ඉදං ආයතනසබ්බං නාම. “සබ්බධම්මමූලපරියායං වො, භික්ඛවෙ, දෙසෙස්සාමී”ති (ම· නි· 1.1) ඉදං සක්කායසබ්බං නාම. “සබ්බධම්මෙසු වා පන පඨමසමන්නාහාරො උප්පජ්ජති චිත්තං මනො මානසං…පෙ… තජ්ජාමනොධාතූ”ති ඉදං පදෙසසබ්බං නාම. ඉති පඤ්චාරම්මණමත්තං පදෙසසබ්බං. තෙභූමකධම්මා සක්කායසබ්බං. චතුභූමකධම්මා ආයතනසබ්බං. යංකිඤ්චි නෙය්‍යං සබ්බසබ්බං. පදෙසසබ්බං සක්කායසබ්බං න පාපුණාති, සක්කායසබ්බං ආයතනසබ්බං න පාපුණාති, ආයතනසබ්බං සබ්බසබ්බං න පාපුණාති. කස්මා? සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස අයං නාම ධම්මො ආරම්මණං න හොතීති නත්ථිතාය. ඉමස්මිං පන සුත්තෙ ආයතනසබ්බං අධිප්පෙතං.
මෙය සබ්බ සබ්බ නම් වේ. මහණෙනි, ඔබට සියල්ල (සබ්බං) දේසනා කරමි. එය ශ්‍රවණය කරන්න.” යන මෙහි “සබ්බ “ යන්නෙන් “ආයතන සබ්බ” අදහස් වේ. “මහණෙනි, ඔබට සමස්ත ස්වභාවයේම මූලික පිළිවෙළ (සබ්බ ධම්ම මුල පරියාය) දේසනා කරමි.” යන මෙහි “සබ්බ” යන්නෙන් “සක්කාය සබ්බ” අදහස් වේ. සකල ස්වභාවයන්හීදීම (සබ්බ ධම්මෙසු) පළමුව සිත එක්තැන් කර ගැනීම් වශයෙන් සිත මනසේ ඇතිවන සිතුවිලි ඒවායින් හටගන්නා මනෝ විඤ්ඤාණ ධාතු යන මේවා උපදී. මෙහි “සබ්බ ධම්මෙසු” යන තැන සබ්බ යන්නෙන් “පදෙස සබ්බ” අදහස් වේ. මෙම පදේස සබ්බ කාණ්ඩයට ආරම්මණ සය (රූප, සද්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ ධම්ම) අයත් වේ. “සක්කාය සබ්බ “ කාණ්ඩයට (කාමාවචර, රූපාවචර, අරූපාවචර යන) ත්‍රෛභූමික තත්ත්වයන් අයත් වේ. “ආයතන සබ්බං” යනු (කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකුත්තර සිත් යන) චාතුර් භූමික තත්ත්වයන්ය. යම් කිසි දත යුතු දෙයක් වේ නම් එය “සබ්බ සබ්බ” කාණ්ඩයට අයත් වේ. “පදෙස සබ්බං” යන තත්ත්වය සක්කාය සබ්බං යන තත්ත්වයට නො පමුණුවයි. සක්කාය සබ්බ තත්ත්වය ආයතන සබ්බ තත්ත්වයට නොපමුණුවයි. ආයතන සබ්බ තත්ත්වය “සබ්බ සබ්බ” තත්ත්වයට නොපමුණුවයි. කුමක් හෙයින්ද යත් සර්වඥතාඥානයට මේ නම් ධර්මය අරමුණු නොවේයයි යන්නක් සිදු නොවන බැවිනි. මේ සූත්‍රයෙහිදී වනාහි සියලුම ආයතන (ආයතන සබ්බං) අදහස් කරන ලදි.
පච්චක්ඛායාති පටික්ඛිපිත්වා. වාචාවත්ථුකමෙවස්සාති, වාචාය වත්තබ්බවත්ථුමත්තකමෙව භවෙය්ය. ඉමානි පන ද්වාදසායතනානි අතික්කමිත්වා අයං නාම අඤ්ඤො සභාවධම්මො අත්ථීති දස්සෙතුං න සක්කුණෙය්ය. පුට්ඨො ච න සම්පායෙය්යාති, “කතමං අඤ්ඤං සබ්බං නාමා”ති? පුච්ඡිතො, “ඉදං නාමා”ති වචනෙන සම්පාදෙතුං න සක්කුණෙය්ය. විඝාතං ආපජ්ජෙය්යාති දුක්ඛං ආපජ්ජෙය්ය. යථා තං, භික්ඛවෙ, අවිසයස්මින්ති එත්ථ තන්ති නිපාතමත්තං. යථාති කාරණවචනං, යස්මා අවිසයෙ පුට්ඨොති අත්ථො. අවිසයස්මිඤ්හි සත්තානං විඝාතොව හොති, කූටාගාරමත්තං සිලං සීසෙන උක්ඛිපිත්වා ගම්භීරෙ උදකෙ තරණං අවිසයො, තථා චන්දිමසූරියානං ආකඩ්ඪිත්වා පාතනං, තස්මිං අවිසයෙ වායමන්තො විඝාතමෙව ආපජ්ජති, එවං ඉමස්මිම්පි අවිසයෙ විඝාතමෙව ආපජ්ජෙය්යාති අධිප්පායො.
“පච්චක්ඛාය” යනු ප්‍රතික්ෂේප කොට යන්නයි. “වාචාවත්ථුරෙවස්ස” යනු වචනයෙන් කිවයුතු දෙය පමණක්ම වන්නේ ය යන අදහසයි. (චක්ඛු, සොත ආදී ආධ්‍යාත්මික ආයතන සය වන ඒවාට අරමුණු වන රූප, සද්ද ආදී බාහිර ආයතන සය යන) දොළොස් ආයතන හැර මෙනම් වෙනත් ස්වභාව ධර්මයක් ඇතැයි දක්වන්නට නො හැක්කේය. “ප්රට්ඨො න සම්පායෙය්ය” යනු “සබ්බං යන නම ඇති අන් කුමක් හෝ ඇත්දැයි විමසනු ලබන තැනැත්තෙක් මෙවන් වචනයකින් දැක්වෙන වෙනත් යමක් ඇතැයි ඉදිරිපත් කිරීමට නොහැකි වන්නේය යන අදහසයි. විඝාතං ආපජ්ජෙය්ය යනු දුකට පැමිණෙන්නේය යන්නයි. යථා තං භික්ඛවෙ අවිසයස්මිං යන මෙහි තං යනු නිපාත මාත්‍රයකි. යථා යනු “හේතුව” යන අරුත සඳහා යොදා ඇත. යම් කරුණක් නිසා හේතු රහිතවම ප්‍රශ්න කරන ලද්දේය යන අර්ථයයි. විෂය නො වන කාර්යන්හි යෙදීමෙන් සත්ත්වයන් හට විනාසයක්ම සිදු වේ. වහලයක මුදුන ප්‍රමාණයේ ගලක් හිසෙන් ඔසවා ගෙන ගැඹුරු දියෙහි තරණය කිරීම විෂය නොවන්නේ ය. එසේම සඳහිරු ඇද පහත හෙලීමට තැත් කරයි නම් (එහිදී කෙරෙනුයේ) විෂය නොවන කාර්යයෙක වෑයම් කිරීමයි. එයින් විනාසයටම පැමිණෙයි. එසේම මෙම විෂය නොවන කරුණෙහිදී ද විනාසයටම පැමිණෙන්නේයයි මෙහිදී අදහස් වේ.
2. පහානසුත්තවණ්ණනා
2. පහාණ සූත්‍ර වර්ණනාව
දුතියෙ සබ්බප්පහානායාති සබ්බස්ස පහානාය. චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතන්ති චක්ඛුසම්ඵස්සං මූලපච්චයං කත්වා උප්පන්නා සම්පටිච්ඡනසන්තීරණවොට්ඨබ්බනජවනවෙදනා. චක්ඛුවිඤ්ඤාණසම්පයුත්තාය පන වත්තබ්බමෙව නත්ථි. සොතද්වාරාදිවෙදනාපච්චයාදීසුපි එසෙව නයො. එත්ථ පන මනොති භවඞ්ගචිත්තං. ධම්මාති ආරම්මණං. මනොවිඤ්ඤාණන්ති සහාවජ්ජනකජවනං. මනොසම්ඵස්සොති භවඞ්ගසහජාතො සම්ඵස්සො. වෙදයිතන්ති සහාවජ්ජනවෙදනාය ජවනවෙදනා. භවඞ්ගසම්පයුත්තාය පන වත්තබ්බමෙව නත්ථි. ආවජ්ජනං භවඞ්ගතො අමොචෙත්වා මනොති සහාවජ්ජනෙන භවඞ්ගං දට්ඨබ්බං. ධම්මාති ආරම්මණං. මනොවිඤ්ඤාණන්ති ජවනවිඤ්ඤාණං. මනොසම්ඵස්සොති භවඞ්ගසහජාතො සම්ඵස්සො. වෙදයිතන්ති ජවනසහජාතා වෙදනා. සහාවජ්ජනෙන භවඞ්ගසහජාතාපි වට්ටතියෙව. යා පනෙත්ථ දෙසනා අනුසිට්ඨිආණා, අයං පණ්ණත්ති නාමාති.
දෙවැන්නෙහි - සබ්බ ප්පහාණාය යනු සියල්ල අත් හැරීමයි. චක්ඛු සම්ඵස්ස පච්චයා උප්පජ්ජති වෙදයිතං යනු ඇසට ලැබෙන ස්පර්ශය මූල හේතුව කොට උපන් (රූපය) ග්‍රහණය කිරීම. අවබෝධ කර ගැනීම, නිශ්චය කිරීම යන ජවන (චිත්ත) වින්දනය යන අදහසයි. රූපය (හෙවත් චක්ඛු විඤ්ඤාණය) ග්‍රහණය කොට වින්දනය කර ගන්නහු සඳහා වනාහී කිව යුත්තක් නැත්තේමය. කණ නමැති දොරටුව ආදීවූ, වින්දනයන් ග්‍රහණය කිරීමට හේතු වන වෙනත් ඉන්ද්රියයන් පිළිබඳව ද මේ පිළිවෙළ ම වන්නේය. මෙහි මනො යනු (අරමුණු නොගත්. උපතේ දී ජනිත වූ මුල් සිත හෙවත්) භවාංග චිත්තය යි. ධම්ම යනු (සිත පිහිටීමට ස්ථාන වූ) අරමුණ යි. මනො විඤ්ඤාණ යනු ආවර්ජනය කිරීම් සහිත වූ ජවන් සිතයි. මනො සම්ඵස්ස යනු භවාංග සිත (සහිත වූ ඒ) සමග උපන්නා වූ ස්පර්ශයයි. වෙදයිතං යනු ආවර්ජන වින්දනය සමග පවත්නා ජවන චිත්ත වින්දනයයි. භවාංගය සමග එක්ව යෙදුණ චිත්තය ගැන වනාහී කිවයුත්තක් නොමැත්තේමය. ආවර්ජනය කිරීම භවාංගයෙන් මුදා නො හැර මනො යනුවෙන් ආවර්ජනය කිරීම් සහිත වූ භවාංග යයි දත යුතුය. ධම්ම යනු අරමුණ යි. මනො විඤ්ඤාණං යනු ජවන විඤ්ඤාණයයි. මනො සම්ඵස්ස යනු භවාංගය සමග උපන් ස්පර්ශයයි. වෙදයිතං ජවන සමග උපන් වින්දනය ආවර්ජනය කිරීම් සහිතව භවාංගය සමග ද පවතින්නේය. මෙහි යම් කිසි දේසනාවක් වෙනත් දේශනාවක් සමග සම්බන්ධ වේ නම් මෙය ප්රඥප්ති නාමය ලෙස සැලකිය යුත්තේය. (මෙම දේශනාව “සබ්බ වග්ග” යන නාමය යොදාගත හැකි බවයි)
3. දුතිය පහානසුත්තවණ්ණනා
3. දෙවැනි පහාණ සූත්‍ර වර්ණනාව
තතියෙ සබ්බං අභිඤ්ඤා පරිඤ්ඤා පහානායාති සබ්බං අභිජානිත්වා පරිජානිත්වා පජහනත්ථාය. අභිඤ්ඤා පරිඤ්ඤා පහාතබ්බන්ති අභිජානිත්වා පරිජානිත්වා පහාතබ්බං. සෙසං වුත්තනයෙනෙව වෙදිතබ්බං.
තුන්වැන්නෙහි - සබ්බං අභිඤ්ඤා පරිඤ්ඤා පහාණය යනු සියල්ල මනා සේ දැන ගෙන, සම්පූර්ණ වශයෙන්ම දැනගෙන දුරු කිරීම පිණිසය යන අදහසයි. අභිඤ්ඤා පරිඤ්ඤා පහාතබ්බං යනු “මනා සේ දැනගෙන සම්පූර්ණ වශයෙන්ම දැන ගෙන ඉවත් කළ යුතුය. යන අදහසයි. සෙස්ස (පෙර) කියන ලද ක්‍රමයෙන්ම දත යුත්තේය.
4. අපරිජානසුත්තවණ්ණනා
4. අපරිජාන සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහන්ති අනභිජානන්තො අපරිජානන්තො අවිරාජෙන්තො අප්පජහන්තො. එත්ථ ච අවිරාජෙන්තොති අවිගච්ඡාපෙන්තො. ඉති ඉමස්මිං සුත්තෙ තිස්සොපි පරිඤ්ඤා කථිතා හොන්ති. “අභිජාන”න්ති හි වචනෙන ඤාතපරිඤ්ඤා කථිතා, “පරිජාන”න්ති වචනෙන තීරණපරිඤ්ඤා, “විරාජයං පජහ”න්ති ද්වීහි පහානපරිඤ්ඤාති.
සිව්වැන්නෙහි අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං යන “මනා සේ නොදන්නේද, මුලුමනින්ම නොදන්නේද, විරාගයට නො පමුණුවන්නේ ද, ක්ලේශයන් කෙරෙහි ඇලීම අත්නොහරින්නේ ද වේ” යන අදහසයි. මෙහි වූ කලී “අවිරාජෙන්තො” යනු ඇලීම්වලින් වෙන් නොවී සිටීමයි. මෙසේ මේ සූත්‍රයෙහි මුලුමනින්ම දැන ගත ගත යුතු කරුණු තුනක් කියන ලදී. “අභිජානන්ති” යන පදයෙන් දත යුත්ත සම්පූර්ණ වශයෙන් දැන ගත යුතු බව කියන ලදී. “පරිජානන්ති” යන පදයෙන් විනිශ්චය කිරීමේ සම්පූර්ණ දැනුම තිබිය යුතු බව කියන ලදී. “විරාජයං, පජහං” යන පද දෙකින්ම අත්හැරීම පිළිබඳ සම්පූර්ණ දැනුම තිබිය යුතු බව කියන ලදී.
5. දුතියඅපරිජානසුත්තවණ්ණනා
5. ද්විතීය අපරිජාන සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මාති හෙට්ඨා ගහිතරූපමෙව ගහෙත්වා දස්සෙති. හෙට්ඨා වා ආපාථගතං ගහිතං, ඉධ අනාපාථගතං. ඉදං පනෙත්ථ සන්නිට්ඨානං – හෙට්ඨා ආපාථගතම්පි අනාපාථගතම්පි ගහිතමෙව, ඉධ පන චක්ඛුවිඤ්ඤාණසම්පයුත්තා තයො ඛන්ධා. තෙ හි චක්ඛුවිඤ්ඤාණෙන සහ විඤ්ඤාතබ්බත්තා “චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා”ති වුත්තා. සෙසපදෙසුපි එසෙව නයො.
පස්වැන්නෙහි - “චක්ඛු විඤ්ඤාණ විඤ්ඤා තබ්බා ධම්මා” යන්න සඳහා ඉහතදී ගන්නා ලද කරුණුම ගෙන හැර දැක්වේ. යට දැක්වූ කරුණුවලින් ඉදිරියට ගත යුතු කරුණු ගන්නා ලද්දේ වෙයි. මෙහිදී ඉහතින් නොගත් මෙම කරුණු වනාහී අවසන් හෝ නිශ්චිත කරුණු යයි කිව යුතු වේ. ඉහතින් ගෙන ඉදිරිපත් කළාවූ ද, ඉහතින් නොගෙන ඉදිරිපත් කළාවූ ද කරුණු ගන්නා ලද්දේ ම වෙයි. මෙහිදී වනාහී චක්ඛු විඤ්ඤාණය සමග එක්ව යෙදුණු ස්කන්ධ තුනක් වේ. ඒවා ද චක්ඛු විඤ්ඤාණයෙන්ම දැන ගත යුතු බැවින් (ඒ අර්ථයෙන් යුත්) චක්ඛු විඤ්ඤාණ විඤ්ඤා තබ්බා යනුවෙන් කියන ලදී. සෙසු පදයන්හි දී ද මෙම පිළිවෙළම වේ.
6. ආදිත්තපරියායසුත්තවණ්ණනා
6. ආදිත්තපරියාය සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ ගයාසීසෙති ගයාගාමස්ස හි අවිදූරෙ ගයාති එකා පොක්ඛරණීපි අත්ථි නදීපි, ගයාසීසනාමකො හත්ථිකුම්භසදිසො පිට්ඨිපාසාණොපි, යත්ථ භික්ඛුසහස්සස්සපි ඔකාසො පහොති, භගවා තත්ථ විහරති. තෙන වුත්තං “ගයාසීසෙ”ති. භික්ඛූ ආමන්තෙසීති තෙසං සප්පායධම්මදෙසනං විචිනිත්වා තං දෙසෙස්සාමීති ආමන්තෙසි.
සය වැන්නෙහි - ගයා සීසෙ = ගයා නම් වූ ගමට නුදුරෙහි ගයා යන නම ඇති එක් පොකුණක් ද, නදියක් ද ඇත. ඇත් කුඹකට සමාන වූ ගල්තලාවක් ද ඇත්තේය. එහි භික්ෂුන් දහසකට සෑහෙන ඉඩකඩ තිබේ. (මෙයට සම්බන්ධ කාලයෙහි) භාග්‍යවතුන් වහන්සේ එහි වාසය කරති. යථොක්ත හේතූන් නිසා “ගයා සීස” යයි කියන ලදී. භික්ඛු ආමන්තෙසි ඒ භික්ෂුන් හට යෝග්‍ය වූ ධර්ම දේශනයක් තෝරා ගෙන එය දේශනා කරන්නෙමියි (සලකා) ආමන්ත්‍රණය කළ සේක.
තත්රායං අනුපුබ්බිකථා – ඉතො කිර ද්වානවුතිකප්පෙ මහින්දො නාම රාජා අහොසි. තස්ස ජෙට්ඨපුත්තො ඵුස්සො නාම. සො පූරිතපාරමී පච්ඡිමභවිකසත්තො, පරිපාකගතෙ ඤාණෙ බොධිමණ්ඩං ආරුය්හ සබ්බඤ්ඤුතං පටිවිජ්ඣි. රඤ්ඤො කනිට්ඨපුත්තො තස්ස අග්ගසාවකො අහොසි, පුරොහිතපුත්තො දුතියසාවකො. රාජා චින්තෙසි – “මය්හං ජෙට්ඨපුත්තො නික්ඛමිත්වා බුද්ධො ජාතො, කනිට්ඨපුත්තො අග්ගසාවකො, පුරොහිතපුත්තො දුතියසාවකො”ති.
මේ එහි අනුපිළිවෙළ කථාවයි. මෙයින් දෙඅනු කපකට පෙර මහින්ද නම් රජෙක් විසීය. ඔහුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා “ඵුස්ස” නම් විය. පුරන ලද පාරමිතා ඇති පශ්චිම භවයෙහි උපන්නාවූ හේ තෙමේ නුවණ මුහුකුරා ගිය කල්හි බෝධිමණ්ඩලාරූඪ වී සර්වඥතා ඥානය අවබෝධ කළේය. රජුගේ කණිෂ්ඨ පුත්‍රයා ඒ සර්වඥයන් වහන්සේ අග්‍රශ්‍රාවක විය. පුරෝහිතයාගේ පුත්‍රයා දෙවන ශ්‍රාවක විය. රජතුමා මෙසේ කල්පනා කළේය. මාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා නික්ම ගොස් බුද්ධත්වයට පත් විය. කණිෂ්ට පුත්‍රයා අග්‍ර ශ්‍රාවක විය. පුරෝහිතගේ පුත්‍රයා ද්විතීය ශ්‍රාවක විය.
සො “අම්හාකංයෙව බුද්ධො, අම්හාකං ධම්මො, අම්හාකං සඞ්ඝො”ති විහාරං කාරෙත්වා විහාරද්වාරකොට්ඨකතො යාව අත්තනො ඝරද්වාරා උභතො වෙළුභිත්තිකුටිකාහි පරික්ඛිපිත්වා මත්ථකෙ සුවණ්ණතාරකඛචිතසමොසරිතගන්ධදාමමාලාදාමවිතානං බන්ධාපෙත්වා හෙට්ඨා රජතවණ්ණං වාලුකං සන්ථරිත්වා පුප්ඵානි විකිරාපෙත්‍වා තෙන මග්ගෙන භගවතො ආගමනං කාරෙසි.
ඒ රජ තෙමේ “බුදුහු අපගේමය. ධර්මය අපගේ මය. සංඝයාද අපගේමය”යි විහාරයක් කරවා එම විහාර දොරටු කොටුවෙහි සිට තමාගේ නිවාස දොරටුව දක්වා උභය පාර්ශ්වයෙහි උණ ලීවලින් වට කරවා උඩට තරුවලින් සැරසූ සුවඳ දුමින් හා මල් දමින් යුත් වියනක් බඳවා, යටට රිදීවන් වැලි අතුරවා, මල් විසුරුවා ඒ මගින් භාග්‍යවතුන් වහන්සේ වැඩම වීය.
සත්ථා විහාරස්මිංයෙව ඨිතො චීවරං පාරුපිත්වා අන්තොසාණියාව සද්ධිං භික්ඛුසඞ්ඝෙන රාජගෙහං ආගච්ඡති, කතභත්තකිච්චො අන්තොසාණියාව ගච්ඡති. කොචි කටච්ඡුභික්ඛාමත්තම්පි දාතුං න ලභති. තතො නාගරා උජ්ඣායිංසු, “බුද්ධො ලොකෙ උප්පන්නො, න ච මයං පුඤ්ඤානි කාතුං ලභාම. යථා හි චන්දිමසූරියා සබ්බෙසං ආලොකං කරොන්ති, එවං බුද්ධා නාම සබ්බෙසං හිතත්ථාය උප්පජ්ජන්ති, අයං පන රාජා සබ්බෙසං පුඤ්ඤචෙතනං අත්තනොයෙව අන්තො පවෙසෙතී”ති.
බුදුහු විහාරයෙහි ම වැඩසිටි සේක් සිවුර පොරවා දෙපස වූ ආවරණ අතරින්ම භික්ෂු සංඝයා සමඟ රජ ගෙදරට වැඩම කරති. කරන ලද බත්කිස ඇති සේක් ආවරණ අතරින්ම (ආපසු) වඩිති. අන් කිසිවෙක් හෝ බත් සැන්දක් පමණවත් පිදීමට (ඉඩක්) නො ලබති. එහෙයින් නගර වැසියෝ (මෙසේ) උද්ඝෝෂණය කළහ. “බුදු කෙනෙක් ලොව පහළ විය. (එහෙත්) අපි පින් කිරීමට (ඉඩක්) නො ලබම්හ. යම් සේ සඳහිරු (දෙදෙන) සියලු දෙනාහටම ආලෝකය ලබා දෙත් ද, එසේම බුදුවරු වනාහී හැම දෙනාගේම යහපත පිණිස උපදිත්. මේ රජතෙමේ සියල්ලන්ගේම පින් කෙත තමාගේ ම (සීමාව) තුළට ප්‍රවිෂ්ට කරවා ගනියි.”
තස්ස ච රඤ්ඤො අඤ්ඤෙ තයො පුත්තා අත්ථි. නාගරා තෙහි සද්ධිං එකතො හුත්වා සම්මන්තයිංසු, “රාජකුලෙහි සද්ධිං අට්ටො නාම නත්ථි, එකං උපායං කරොමා”ති. තෙ පච්චන්තෙ චොරෙ උට්ඨාපෙත්වා, “කතිපයා ගාමා පහටා”ති සාසනං ආහරාපෙත්වා රඤ්ඤො ආරොචයිංසු. රාජා පුත්තෙ පක්කොසාපෙත්වා“තාතා, අහං මහල්ලකො, ගච්ඡථ චොරෙ වූපසමෙථා”ති පෙසෙසි. පයුත්තචොරා ඉතො චිතො ච අවිප්පකිරිත්වා තෙසං සන්තිකමෙව ආගච්ඡිංසු. තෙ අනාවාසෙ ගාමෙ වාසෙත්වා “වූපසමිතා චොරා”ති ආගන්ත්වා රාජානං වන්දිත්වා අට්ඨංසු.
ඒ රජුට වනාහී තවත් පුත්තු තිදෙනෙක් වෙති නාගරිකයෝ ඔවුන් සමඟ එක් වී “රජ පවුල් සමග ඇතුළත් බවක් (හෙවත් විශ්වාසයක්) නම් තැබිය නොහැක්කේය. එක්තරා උපායක් යොදමු” යයි සම්මන්ත්‍රණය කළහ. ඔව්හු පසල් දනවුවෙහි සොරුන් ගම් කිහිපයකට පහර දී ඇතැ”යි (සඳහන්) හසුන් පතක් ගෙන්වා රජුට දැනුම් දුන්හ. රජතුමා පුතුන් කැඳවා “දරුවනි, මම මහළු වෙමි. යන්න, සොරුන් සන්සිඳුවන්නැ” යි කියා ඔවුන් යැවීය. (ඔවුන් විසින් ම) මෙහෙයවනු ලැබු සොරු ඒ මේ තන්හි විසිරී සිට ඔවුන් වෙතටම පැමිණියහ. ඒ කුමරහු තමනට නුහුරු ඒ ගමෙහි වැස, ආපසු පැමිණ රජ තුමාට වැඳ “සොරුන් සන්සිඳුනහ” යි කියා සිටියහ.
රාජා තුට්ඨො “තාතා, වරං වො දෙමී”ති ආහ. තෙ අධිවාසෙත්වා ගන්ත්වා නාගරෙහි සද්ධිං මන්තයිංසු, “රඤ්ඤා අම්හාකං වරො දින්නො. කිං ගණ්හාමා”ති? අය්යපුත්තා, තුම්හාකං හත්ථිඅස්සාදයො න දුල්ලභා, බුද්ධරතනං පන දුල්ලභං, න සබ්බකාලං උප්පජ්ජති, තුම්හාකං ජෙට්ඨභාතිකස්ස ඵුස්සබුද්ධස්ස පටිජග්ගනවරං ගණ්හථාති.
රජතුමා සතුටුවූයේ “දරුවනි, තොපට වරයක් දෙමියි කීය. ඔව්හු කැමති වී ගොස් “රජතුමා විසින් අපට වරයක් දෙන ලදී, කුමක් ගනිමුදයි නුවර වැසියන් සමඟ සාකච්ඡා කළහ. “ස්වාමී (වු රජතුමා) ගේ පුතණුවනි, ඔබට ඇත්, අස් ආදීහු දුර්ලභ නොවෙති. එහෙත් බුද්ධ රත්නය වනාහී දුර්ලභය, බුදුහු හැම කල්හිම නොඋපදිති. ඔබගේ දෙටු සොයුරු වූ ඵුස්ස බුදුන් වහන්සේට උපස්ථාන කිරීමේ වරය ලබා ගන්නැයි (නුවර වැසියෝ කීහ)
තෙ “එවං කරිස්සාමා”ති නාගරානං පටිස්සුණිත්වා කතමස්සුකම්මා සුන්හාතා සුවිලිත්තා රඤ්ඤො සන්තිකං ගන්ත්වා, “දෙව, නො වරං දෙථා”ති යාචිංසු. කිං ගණ්හිස්සථ තාතාති? දෙව, අම්හාකං හත්ථිඅස්සාදීහි අත්ථො නත්ථි, ජෙට්ඨභාතිකස්ස නො ඵුස්සබුද්ධස්ස පටිජග්ගනවරං දෙථාති. “අයං වරො න සක්කා මයා ජීවමානෙන දාතු”න්ති ද්වෙ කණ්ණෙ පිදහි. “දෙව, න තුම්හෙ අම්හෙහි බලක්කාරෙන වරං දාපිතා, තුම්හෙහි අත්තනො රුචියා තුට්ඨෙහි දින්නො. කිං, දෙව, රාජකුලස්ස ද්වෙ කථා වට්ටන්තී”ති? සච්චවාදිතාය භණිංසු.
ඔව්හු එසේ කරන්නෙමු යයි නුවරුන්හට පොරොන්දු වී දැළි රැවුල් කප්පවා ජල ස්නානය කොට, සුවඳ ගල්වා ගෙන රජුවෙතට ගොස් “දේවයන් වහන්ස, අපට ඇතුන් ආදීන්ගෙන් ප්‍රයෝජනයක් නැත. අපගේ දෙටු සොයුරු ඵුස්ස බුදුන් හට උපස්ථාන කිරීමේ වරය දෙනු මැනව”යි කුමරුවෝ කීහ. “මගේ දිවි ඇති තෙක් මේ වරය දීමට නොහැක්කේය”යි කියන රජතුමා දෙසවන් ද වසාගත්තේය. “දේවයන් වහන්ස, අපගේ බල කිරීමකින් ඔබ විසින් වරය දෙන ලද්දේ නො වේ. ඔබ විසින් සිය කැමැත්තෙන් සතුටින් දෙන ලද්දකි. රජතුමනි, රජ කුලයට කථා දෙකක් කීම සුදුසු වේද? අපි සත්‍යවාදී භාවයෙන්ම වරය ලබා ගනිමුය” යි කුමාරවරු කීහ.
රාජා විනිවත්තිතුං අලභන්තො – “තාතා, සත්ත සංවච්ඡරෙ සත්ත මාසෙ සත්ත ච දිවසෙ උපට්ඨහිත්වා තුම්හාකං දස්සාමී”ති ආහ. “සුන්දරං, දෙව, පාටිභොගං දෙථා”ති. “කිස්ස පාටිභොගං තාතා”ති? “එත්තකං කාලං අමරණපාටිභොගං දෙවා”ති. “තාතා, අයුත්තං පාටිභොගං දාපෙථ, න සක්කා එවං පාටිභොගං දාතුං, තිණග්ගෙ උස්සාවබින්දුසදිසං සත්තානං ජීවිත”න්ති. “නො චෙ, දෙව, පාටිභොගං දෙථ, මයං අන්තරා මතා කිං කුසලං කරිස්සාමා”ති? “තෙන හි, තාතා, ඡ සංවච්ඡරානි දෙථා”ති. “න සක්කා, දෙවා”ති. “තෙන හි පඤ්ච, චත්තාරි, තීණි, ද්වෙ, එකං සංවච්ඡරං දෙථ”. “සත්ත, ඡ මාසෙ දෙථ…පෙ… මාසඩ්ඪමත්තං දෙථා”ති. “න සක්කා, දෙවා”ති. “තෙන හි සත්තදිවසමත්තං දෙථා”ති. “සාධු, දෙවාති සත්ත දිවසෙ සම්පටිච්ඡිංසු”. රාජා සත්ත සංවච්ඡරෙ සත්ත මාසෙ සත්ත දිවසෙ කත්තබ්බසක්කාරං සත්තසුයෙව දිවසෙසු අකාසි.
රජතුමා එය ප්‍රතික්ෂේප කිරීමට නො හැක්කේ දරුවනි, සත් අවුරුදු සත්මස් සත් දිනක් උපස්ථාන කොට ඔබහට දෙන්නෙමි”යි කීය. “යහපති දේවයිනි, ඇප වනු මැනව” (යි කුමරහු කීහ) “කෙබඳු ඇපයක්ද දරුවනි, “එපමණ කලකට නොමැරෙන බවට ඇපයකි දේවයන් වහන්ස,” “දරුවනි, එම ඇපය නො සුදුසුය. එවැනි ඇපයක් දිමට නොහැක්කේය. සත්ව ජීවිතය තණ අග පිනි බිඳකට සමානය”යි රජතුමා කීය. “දේවයිනි, ඇප නොවන්නෙහි නම් අතරතුරදී අප මළහොත් කිනම් කුසලයක් කරන්නෙමුදැ”යි කුමරුවෝ ඇසූහ. “එසේ නම් දරුවනි, අවුරුදු හයක් දෙන්න” නො හැක දේවයිනි” “එසේ නම් අවුරුදු පසක්?,” සතරක්, තුනක්. දෙකක්, එකක්, මාස හයක්. මාසයක්, දෙන්නැයි රජතුමා පිළිවෙලින් ඉල්ලීය. “නො හැකි දේවයිනි”යි කුමාරවරු කීහ. “එසේ නම් සත් දිනක් දෙන්න” යයි රජතුමා කීය. “යහපති දේවයිනි”යි සත් දිනක් සඳහා පොරොන්දු වූහ. රජතුමා සත් හවුරුදු සමයේ සත් දිනකදී කළ යුතු සත්කාර සත් දිනකදීම සිදු කළේය.
තතො පුත්තානං වසනට්ඨානං සත්ථාරං පෙසෙතුං අට්ඨඋසභවිත්ථතං මග්ගං අලඞ්කාරාපෙසි, මජ්ඣට්ඨානෙ චතුඋසභප්පමාණං පදෙසං හත්ථීහි මද්දාපෙත්වා කසිණමණ්ඩලසදිසං කත්වා වාලුකාය සන්ථරාපෙත්වා පුප්ඵාභිකිණ්ණමකාසි, තත්ථ තත්ථ කදලියො ච පුණ්ණඝටෙ ච ඨපාපෙත්වා ධජපටාකා උක්ඛිපාපෙසි. උසභෙ උසභෙ පොක්ඛරණිං ඛණාපෙසි, අපරභාගෙ ද්වීසු පස්සෙසු ගන්ධමාලාපුප්ඵාපණෙ පසාරාපෙසි. මජ්ඣට්ඨානෙ චතුඋසභවිත්ථාරස්ස අලඞ්කතමග්ගස්ස උභොසු පස්සෙසු ද්වෙ ද්වෙ උසභවිත්ථාරෙ මග්ගෙ ඛාණුකණ්ටකෙ හරාපෙත්වා දණ්ඩදීපිකායො කාරාපෙසි. රාජපුත්තාපි අත්තනො ආණාපවත්තිට්ඨානෙ සොළසඋසභමග්ගං තථෙව අලඞ්කාරාපෙසුං.
ඉක්බිති පුතුන් වසනා තැනට ශාස්තෲන් වහන්සේ යැවීමට අට ඉස්බක් පළල්වූ මාර්ගය අලංකාර කරවීය. මාර්ගයේ මැද සිවු ඉස්බක් පමණ වූ පෙදෙස ඇතුන් ලවා පාගවා කසිණ මණ්ඩලයක් මෙන් සිනිඳු කොට වැලි අතුරවා මල් විසිරවීය. ඒ ඒ තන්හි කෙසෙල් ගස් ද පුන්කුඹු ද තබවා ධ්වජ පතාක එසවූයේය. ඉස්බක් පාසා පොකුණු කරවීය. පසු කොටසෙහි දෙපස සුවඳ මල් දම් විකුණන අවන්හල් සකස් කරවීය. මධ්‍යයෙහි සිවු ඉස්බක් වූ අලංකාර කළ මාර්ගයේ දෙපස ඉස්බ දෙක බැගින් පුළුල් වූ මාර්ග තීරුවල කණු, මුල් හා කටු ඉවත් කරවා දඬුවැට පහන් කරවීය. රාජ පුත්‍රයෝ ද තමන්ගේ අණ පවත්නා තන්හි සොළොස් ඉස්බක් වූ මාර්ගයෙහි එසේ ම අලංකාර කටයුතු කරවූහ.
රාජා අත්තනො ආණාපවත්තිට්ඨානස්ස කෙදාරසීමං ගන්ත්වා සත්ථාරං වන්දිත්වා පරිදෙවමානො, “තාතා, මය්හං දක්ඛිණක්ඛිං උප්පාටෙත්වා ගණ්හන්තා විය ගච්ඡථ, එවං ගණ්හිත්වා ගතා පන බුද්ධානං අනුච්ඡවිකං කරෙය්යාථ. මා සුරාසොණ්ඩා විය පමත්තා විචරිත්ථා”ති ආහ.
රජතුමා තමාගේ අණ පවත්නා ක්ෂේත්‍ර සීමාවට ගොස් ශාස්තෲන් වහන්සේට නමස්කාර කොට වැළපෙන්නේ දරුවනි, ඔබ මාගේ දකුණු ඇස උපුටා ගන්නාහු මෙන් යන්නහුය. මෙසේ රැගෙන යන්නාවූ (ඔබ) වනාහී බුදු රඳුනට සුදුසු දෙයම කරව්. සුරා සොඬුන් මෙන් ප්‍රමාද වී වාසය නොකරවු”යයි කීය.
තෙ “ජානිස්සාම මයං, දෙවා”ති සත්ථාරං ගහෙත්වා ගතා, විහාරං කාරෙත්වා සත්ථු නිය්යාතෙත්වා තත්ථ සත්ථාරං පටිජග්ගන්තා කාලෙන ථෙරාසනෙ, කාලෙන මජ්ඣිමාසනෙ, කාලෙන සඞ්ඝනවකාසනෙ තිට්ඨන්ති. දානං උපපරික්ඛමානානං තිණ්ණම්පි ජනානං එකසදිසමෙව අහොසි. තෙ උපකට්ඨාය වස්සූපනායිකාය චින්තයිංසු – “කථං නු ඛො සත්ථු අජ්ඣාසයං ගණ්හෙය්යාමා”ති? අථ නෙසං එතදහොසි – “බුද්ධා නාම ධම්මගරුනො, න ආමිසගරුනො, සීලෙ පතිට්ඨමානා මයං සත්ථු අජ්ඣාසයං ගහෙතුං සක්ඛිස්සාමා”ති දානසංවිධායකෙ මනුස්සෙ පක්කොසාපෙත්වා, “තාතා, ඉමිනාව නීහාරෙන යාගුභත්තඛාදනීයාදීනි සම්පාදෙන්තා දානං පවත්තෙථා”ති වත්වා දානසංවිදහනපලිබොධං ඡින්දිංසු.
ඔව්හු “දේවයන් වහන්ස, අපි (සුදුසු දෙය) දන්නෙමු” යයි කියා ශාස්තෲන් වහන්සේ කැඳවා ගෙන ගොස් විහාරයක් කරවා පිළිගන්වා එහි උන් වහන්සේ පිළිදැඟුම් කරන්නාහු කලෙක ස්ථවිරාසනයෙහි ද, කලෙක මධ්යමාසනයෙහි ද. කලෙක සංඝ නවක ආසනයෙහි ද සිටිමින් දානය පරීක්ෂා කරන්නාහුය. තිදෙනාට ම දානය එක සමාන විය. වස් එළඹීම ආසන්න වූ කල්හි ඔව්හු ශාස්තෲන් වහන්සේගේ අදහස කෙසේ දැන ගන්නෙමුදැයි සිතූහ. ඉක්බිති ඔවුන් හට “බුදුවරු වනාහී ධර්මය ගරු කරන්නාහුය, ආමිස ගරු කරන්නාහු නො වෙති, සීලයෙහි පිහිටා අපි ශාස්තෲන් වහන්සේගේ අදහස දැන ගැනීමට හැකි වන්නෙමු” යයි සිත් ඇති විය. ඉක්බිති දාන කටයුතුවල සංවිධායක මිනිසුන් කැඳවා” දරුවනි. මේ ආකාරයෙන් ම කැඳ, බත්, කෑ යුතු දේ ආදිය සපයමින් දානය පවත්වමු” යයි කියා දාන සංවිධාන කටයුතුවල දෝෂයන් නැති කළහ.
අථ නෙසං ජෙට්ඨභාතා පඤ්චසතෙ පුරිසෙ ආදාය දසසු සීලෙසු පතිට්ඨාය ද්වෙ කාසායානි අච්ඡාදෙත්වා කප්පියං උදකං පරිභුඤ්ජමානො වාසං කප්පෙසි. මජ්ඣිමො තීහි, කනිට්ඨො ද්වීහි පුරිසසතෙහි සද්ධිං තථෙව පටිපජ්ජි. තෙ යාවජීවං සත්ථාරං උපට්ඨහිංසු. සත්ථා තෙසංයෙව සන්තිකෙ පරිනිබ්බායි.
ඉක්බිති ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ සහෝදරයා පන්සියයක් පුරුෂයන් රැගෙන දස සිල්හි පිහිටා කාෂාය වස්ත්‍ර යුගලයක් හැඳගෙන කැපවූ ජලය පරිභෝජනය කෙරෙමින් වාසය කළේය. මධ්‍යම සහෝදරයා තුන් සියයක් පුරුෂයන් ද කණිෂ්ට සහෝදරයා දෙසියයක් පුරුෂයන් ද සමඟ දෙටු බෑයන් සේම පිළිපැද්දේය. ඔව්හු දිවි ඇති තෙක් ශාස්තෲන් වහන්සේට උවටැන් කළහ. ශාස්තෲන් වහන්සේ ඔවුන්ගේම සමීපයෙහි පිරිනිවන් පෑ සේක.
තෙපි කාලං කත්වා තතො පට්ඨාය ද්වානවුතිකප්පෙ මනුස්සලොකතො දෙවලොකං, දෙවලොකතො ච මනුස්සලොකං සංසරන්තා අම්හාකං සත්ථුකාලෙ දෙවලොකා චවිත්වා මනුස්සලොකෙ නිබ්බත්තිංසු. තෙසං දානග්ගෙ බ්යාවටො මහාඅමච්චො අඞ්ගමගධානං රාජා බිම්බිසාරො හුත්වා නිබ්බත්ති. තෙ තස්සෙව රඤ්ඤො රට්ඨෙ බ්රාහ්මණමහාසාලකුලෙ නිබ්බත්තිංසු. ජෙට්ඨභාතා ජෙට්ඨොව ජාතො, මජ්ඣිමකනිට්ඨා මජ්ඣිමකනිට්ඨායෙව. යෙපි තෙසං පරිවාරමනුස්සා, තෙ පරිවාරමනුස්සාව ජාතා. තෙ වුද්ධිමන්වාය තයොපි ජනා තං පුරිසසහස්සං ආදාය නික්ඛමිත්වා තාපසා හුත්වා උරුවෙලායං නදීතීරෙයෙව වසිංසු. අඞ්ගමගධවාසිනො මාසෙ මාසෙ තෙසං මහාසක්කාරං අභිහරන්ති.
ඒ සොහොයුරෝ ද කළුරිය කොට එතැන් පටන් ද අනු කපක් තුළ දෙව්ලොවින් මිනිස් ලොවට ද, මිනිස් ලොවින් දෙව්ලොවට ද සැරිසරන්නාහු අපගේ ශාස්තෲන් වහන්සේගේ කාලයෙහි දෙව්ලොවින් චුතව මිනිස් ලොව උපන්හ. ඔවුන්ගේ දන් දුන් තැන නිවේදකයා වු මහ ඇමතිවරයා අඟු මගද දෙරටෙහි රජ වූ බිම්බිසාර නමින් උපන්නේය. ඒ කුමරුවෝ එම රජුගේම රටෙහි බමුණු මහසල් කුලයෙහි උපන්හ. ජ්‍යෙෂ්ඨ සහෝදරයා ජ්යෙෂ්ඨවම උපන්නේය. මධ්‍යම කණිෂ්ට සහෝදරවරු මධ්‍යම හා කණිෂ්ටයන් ම වී උපන්හ. ඔවුන්ගේ යම් පිරිවර මනුෂ්‍යයෝ වූවෝ ද ඔව්හු පිරිවර මිනිසුන්ම වී උපන්හ. ඒ ප්‍රධාන තිදෙනා වැඩිවියට පැමිණ ඔවුන්ගේ දහසක් වූ පුරුෂයන් ද රැගෙන නික්ම තවුසන් වී උරුවේලා ගං තෙරෙහි වාසය කළහ. අංග මගධ වාසීහු මසක් මසක් පාසා ඔවුන් හට මහත් වූ සත්කාර ද්‍රව්‍යයන් ගෙන එති.
අථ අම්හාකං බොධිසත්තො කතාභිනික්ඛමනො අනුපුබ්බෙන සබ්බඤ්ඤුතං පත්වා පවත්තිතවරධම්මචක්කො යසාදයො කුලපුත්තෙ විනෙත්වා සට්ඨි අරහන්තෙ ධම්මදෙසනත්ථාය දිසාසු උය්යොජෙත්වා සයං පත්තචීවරමාදාය – “තෙ තයො ජටිලභාතිකෙ දමෙස්සාමී”ති උරුවෙලං ගන්ත්වා අනෙකෙහි පාටිහාරියසතෙහි තෙසං දිට්ඨිං භින්දිත්වා තෙ පබ්බාජෙසි. සො තං ඉද්ධිමයපත්තචීවරධරං සමණසහස්සං ආදාය ගයාසීසං ගන්ත්වා තෙහි පරිවාරිතො නිසීදිත්වා, – “කතරා නු ඛො එතෙසං ධම්මකථා සප්පායා”ති චින්තෙන්තො, “ඉමෙ සායංපාතං අග්ගිං පරිචරන්ති. ඉමෙසං ද්වාදසායතනානි ආදිත්තානි සම්පජ්ජලිතානි විය කත්වා දෙසෙස්සාමි, එවං ඉමෙ අරහත්තං පාපුණිතුං සක්ඛිස්සන්තී”ති සන්නිට්ඨානමකාසි.
ඉක්බිති අප බෝසතාණෝ කරන ලද අබිනික්මන් ඇත්තේ අනු පිළිවෙළින් සර්වඥභාවයට පැමිණ පවත්වන ලද උතුම් දම්සක් ඇත්තාහු යස ආදී කුලපුතුන් නික්මවා සැට නමක් රහතුන් වහන්සේ දහම් දෙසීම සඳහා (විවිධ) දිසාවන්හි යවා තමන් වහන්සේ පා සිවුරු ගෙන පූර්වෝක්ත ජටිල සහෝදරයන් තිදෙනා දමනය කරන්නෙමි යයි උරුවෙලාවට ගොස් නොයෙක් සිය ගණන් ප්රාතිහාර්යයන්ගෙන් ඔවුන්ගේ දෘෂ්ටිය බිඳ හැර ඔවුන් පැවිදි කරවූහ. උන්වහන්සේ සෘද්ධියෙන් පහළ වූ පා සිවුරු දරන ඒ දහසක් ශ්රමණයන් රැගෙන ගයා ශීර්ෂයට වැඩමවා ඒ භික්ෂූන් විසින් පිරිවරණා ලදුව වැඩ හිඳ මේ අයට කවර නම් ධර්ම කථාවක් යෝග්‍යදැයි සිතන්නෝ “මේ අය සවස ද උදෑසන ද ගිනි පිරිවරා සිටිති. (ඒ නිසා) මේ පිරිසට දොළොස් ආයතන ගින්නෙන් දැල්වෙන්නා සේ පෙන්වා දේශනා කරන්නෙමි, මෙසේ මේ පිරිස රහත් බවට පැමිණීමට හැකිවන්නාහුය” යි නිශ්චය කළසේක.
අථ නෙසං තථා ධම්මං දෙසෙතුං ඉමං ආදිත්තපරියායං අභාසි. තෙන වුත්තං – “භික්ඛූ ආමන්තෙසීති තෙසං සප්පායධම්මදෙසනං විචිනිත්වා තං දෙසෙස්සාමීති ආමන්තෙසී”ති. තත්ථ ආදිත්තන්ති පදිත්තං සම්පජ්ජලිතං. සෙසං වුත්තනයමෙව. ඉති ඉමස්මිං සුත්තෙ දුක්ඛලක්ඛණං කථිතං.
ඉක්බිති ඔවුන්හට එසේ දහම් දෙසීමට මෙම ආදිත්‍ය පර්යාය සූත්‍රය වදාළහ. ඒ හේතුවෙන් භික්ඛු ආමන්තෙසී යයි කියන ලදී. ඒ භික්ෂුන් හට සුදුසු දහම් දෙසුම තීරණය කොට එය දේසනා කරන්නෙමිය සිතා ආමන්ත්‍රණය කළහ. එහි ආදිත්තං යනු ගිනි ගත්, දැල්වුණ යන අදහසයි. සෙස්ස කියන ලද පිළිවෙළින් ම වන්නේය. මෙසේ මේ සූත්‍රයෙහි දුඃඛලක්ෂණය කියන ලදී.
7. අන්ධභූතසුත්තවණ්ණනා
7. අන්ධභූත සූත්‍ර වර්ණනාව
සත්තමෙ අද්ධභූතන්ති අධිභූතං අජ්ඣොත්ථටං, උපද්දුතන්ති අත්ථො. ඉමස්මිම්පි සුත්තෙ දුක්ඛලක්ඛණමෙව කථිතං.
සත් වැන්නෙහි - අන්ධභූතං යනු යටපත් කළ මැඩ පැවැත්වූ. උවදුරට ලක් වූ යන අදහසයි. මෙම සූත්‍රයෙහි ද දුඃඛලක්ෂණය ම කියන ලදී.
8. සාරුප්පපටිපදාසුත්තවණ්ණනා
8. සාරුප්පපටිපදා සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ සබ්බමඤ්ඤිතසමුග්ඝාතසාරුප්පන්ති සබ්බෙසං තණ්හාමානදිට්ඨිමඤ්ඤිතානං සමුග්ඝාතාය අනුච්ඡවිකං. ඉධාති ඉමස්මිං සාසනෙ. චක්ඛුං න මඤ්ඤතීති චක්ඛුං අහන්ති වා මමන්ති වා පරොති වා පරස්සාති වා න මඤ්ඤති. චක්ඛුස්මිං න මඤ්ඤතීති අහං චක්ඛුස්මිං, මම කිඤ්චනපලිබොධො චක්ඛුස්මිං පරො චක්ඛුස්මිං, පරස්ස කිඤ්චනපලිබොධො චක්ඛුස්මින්ති න මඤ්ඤති. චක්ඛුතො න මඤ්ඤතීති අහං චක්ඛුතො නිග්ගතො, මම කිඤ්චනපලිබොධො චක්ඛුතො නිග්ගතො, පරො චක්ඛුතො නිග්ගතො, පරස්ස කිඤ්චනපලිබොධො චක්ඛුතො නිග්ගතොති එවම්පි න මඤ්ඤති, තණ්හාමානදිට්ඨිමඤ්ඤනානං එකම්පි න උප්පාදෙතීති අත්ථො. චක්ඛුං මෙති න මඤ්ඤතීති මම චක්ඛූති න මඤ්ඤති, මමත්තභූතං තණ්හාමඤ්ඤනං න උප්පාදෙතීති අත්ථො. සෙසං උත්තානමෙවාති. ඉමස්මිං සුත්තෙ චතුචත්තාලීසාය ඨානෙසු අරහත්තං පාපෙත්වා විපස්සනා කථිතා.
අට වැන්නෙහි - සබ්බ මඤ්ඤිත සමුග්ඝාත සාරූප්පං යනු තෘෂ්ණා මාන දෘෂ්ටි යන සියලු වැරදි අදහස් නැති කිරීමට සුදුසු යන අදහසයි. ඉධ යනු මේ සස්නෙහි යන්නයි. චක්ඛුං න මඤ්ඤති යනු ඇස නම් මම ය, හෝ මගේය හෝ වෙනත් අයෙක්ය හෝ වෙනත් අයකුගේය හෝ යනුවෙන් නොසිතයි යන අදහසයි. චක්ඛුස්මිං න මඤ්ඤති යනු මම ඇස්වල පිහිටියෙමි, මගේ කිසියම් දෝෂයක් වේ නම් එය පවත්නේ ඇසෙහිය, අනුන්ගේ කිසියම් දෝෂයක් වේනම් එය පවත්නේ ඇසෙහිය යනුවෙන් නොසිතයි. චක්ඛුතො න මඤ්ඤති යනු මම ඇසෙන් නික්මුණෙමි. මගේ යම්කිසි දෝෂයක් වේ නම් එය ඇසෙන් නික්මුණේය. අනුන්ගේ කිසියම් දෝෂයක් වේ නම් එයද ඇසෙන් නික්මුණේය යනුවෙන් මේ අයුරින් ද නොසිතයි. තෘෂ්ණා, මාන, දෘෂ්ටි යන වැරදි හැඟීම් එකක් හෝ නො උපදී යන අදහසයි. චක්ඛුං මෙති න මඤ්ඤති යනු මගේ ඇස් යයි නොසිතයි. මමත්වය නිසා හටගත් තෘෂ්ණාව යන වැරදි හැඟීම නො උපදී යන අරුතයි. සෙස්ස පැහැදිලි ය. මේ සූත්‍රයෙහි ස්ථාන එකසිය සතළිස් සතරකදී අර්හත් භාවයට පමුණුවන විදර්ශනාව කියන ලදී.
9. සප්පායපටිපදාසුත්තවණ්ණනා
9. සප්පායපටිපදා සූත්‍ර වර්ණනාව
නවමෙ සමුග්ඝාතසප්පායාති සමුග්ඝාතස්ස උපකාරභූතා. තතො තං හොති අඤ්ඤථාති තතො තං අඤ්ඤෙනාකාරෙන හොති. අඤ්ඤථාභාවී භවසත්තො ලොකො භවමෙවාභිනන්දතීති අඤ්ඤථාභාවං විපරිණාමං උපගමනෙන අඤ්ඤථාභාවී හුත්වාපි භවෙසු සත්තො ලග්ගො ලගිතො පලිබුද්ධො අයං ලොකො භවංයෙව අභිනන්දති. යාවතා, භික්ඛවෙ, ඛන්ධධාතුආයතනන්ති, භික්ඛවෙ, යත්තකං ඉදං ඛන්ධා ච ධාතුයො ච ආයතනානි චාති ඛන්ධධාතුආයතනං. තම්පි න මඤ්ඤතීති සබ්බම්පි න මඤ්ඤතීති හෙට්ඨා ගහිතමෙව සංකඩ්ඪිත්වා පුන දස්සෙති. ඉමස්මිං සුත්තෙ අට්ඨචත්තාලීසාය ඨානෙසු අරහත්තං පාපෙත්වා විපස්සනා කථිතා.
නව වැන්නෙහි සමුග්ඝාත සප්පායං යනු නැති කිරීමට උපකාර වූ යන අදහසයි. තතො තං හොති අඤ්ඤථා යනු එබැවින් එය අන් අයුරකින් සිදුවේ යන අදහසයි. අඤ්ඤථා භාවී භව සත්තො ලොකො භවමෙව අභිනන්දති යනු සත්ත්වයා අන්‍ය ස්වභාවයකට, විපරිණාමයකට පැමිණීමෙන් වෙනත් ස්වභාවයකට පත් වී සිටියේ වුව ද භවයෙහි ඇලී ගැලී දුඃඛිත ස්වභාවයෙහි සිටියේ වුව ද එම ලෝකය යහපත් යයි එහි ඇලුම් කරයි, යන අදහසයි. යාවතා භික්ඛවෙ ඛන්ධධාතු ආයතනං යනු “මහණෙනි, යම්තාක් මෙම (රූප වේදනා ආදී) ස්කන්ධයෝ ද (පඨවී, ආපෝ) ආදි ධාතූහු ද, (චක්ඛුසොත ආදි) ආයතනයෝද වෙත් නම් ඒවා ඛන්ධධාතු ආයතන නම් වේ යන අදහසයි. තම්පි න මඤ්ඤති යනු (ඇස්, කන් ආදී) සියල්ලම (මමය, මාගේය යන ආදී වශයෙන්) නො සිතයි. යනුවෙන් ඉහත දී කියූ දෙයම එක් කොට නැවත දක්වයි යන අදහසයි. මේ සූත්‍රයෙහි ස්ථාන එකසිය සතළිස් අටකදී අර්හත් භාවයට පමුණුවන විදර්ශනාව කියන ලදී.
10. දුතිය සප්පායපටිපදාසුත්තවණ්ණනා
10. ද්විතීය සත්ප්‍රායප්‍රතිපදා සූත්‍ර වර්ණනාව
දසමෙ එතං මමාතිආදීහි තීහි තීහි පදෙහි තණ්හාමානදිට්ඨිගාහෙ දස්සෙත්වා තිපරිවට්ටනයෙන දෙසනා කතා. පටිපාටියා පන තීසුපි ඉමෙසු සුත්තෙසු සහ විපස්සනාය චත්තාරොපි මග්ගා කථිතාති.
දස වැන්නෙහි - එතං මම යන ආදියෙන් පද තුන බැගින් ගෙන තෘෂ්ණා මාන දෘෂ්ටි ගැනීම් පෙන්වා ත්‍රිවිධ පරිවෘත්තීය ක්‍රමයකින් දේශනා කරන ලදී. පිළිවෙළින් සලකන විට වනාහී මෙම සූත්‍ර තුනෙහිම විදර්ශනාව ද සමග මාර්ග සතරක්ම කියන ලදී.
සබ්බවග්ගො තතියො.
තෙවන සබ්බ වර්ග නිමියේය.