යෙදුමෙන් කියවන්න

දුතිය සප‍්පායපටිපදාසුත‍්තං

1. 3. 10.

1. 3. 10.

දුතිය සප‍්පායපටිපදාසුත‍්තං

ද්විතීය සත්ප්‍රායප්‍රතිපදා සූත්‍රය

32. සාවත්‍ථියං–

32. සැවැත්නුවර–

සබ‍්බමඤ‍්ඤිතසමුග‍්ඝාතසප‍්පායං වො භික‍්ඛවෙ, පටිපදං දෙසිස‍්සාමි. තං සුණාථ. කතමා ච සා භික‍්ඛවෙ, සබ‍්බමඤ‍්ඤිතසමුග‍්ඝාතසප‍්පාය පටිපදා:

මහණෙනි, තොපට හැම මඤ්ඤනාසමුද්ඝාතයට සත්ප්‍රාය වූ ප්‍රතිපදා දෙසමි එය අසවු. මහණෙනි, හැම මඤ්ඤනාසමුද්ඝාතයට සත්ප්‍රාය වූ ප්‍රතිපදා කවර යත්:

තං කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ, චක‍්ඛුං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං එතං මම එසො’හමස‍්මි, සො මෙ අත‍්තාති? නොහෙතං භන‍්තෙ.

මහණෙනි, එය කිමැ යි හඟිවු ද චක්‍ෂුස නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව ඇත් නම් එය ‘තෙල මාගේ යැ තෙල මම වෙමි. තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නො නිසි වේ මැ යැ.

රූපා නිච‍්චා වා අනිච‍්චා වාති? අනිච‍්චා භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං “එතං මම එසොහමස‍්මි එසො මෙ අත‍්තා”ති? නො හෙතං භන‍්තෙ.

රූපයෝ නිත්‍ය වෙත් ද නොහොත් අනිත්‍ය වෙත් ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යැ.

චක‍්ඛුවිඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: “එතං මම එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නො හෙතං භන‍්තෙ.

චක්‍ෂුර්විඥානය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එ දුක් වේ ද නොහොත් සුව වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය තෙලෙ මාගේ යැ තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යැ.

චක‍්ඛුසම‍්ඵස‍්සො නිච‍්චො වා අනිච‍්චො වාති? අනිච‍්චො භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං “එතං මම එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නො හෙතං භන‍්තෙ.

චක්ඛුසම්ඵස්සය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස, යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යි.

යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, තම‍්පි නිච‍්චං වා අනිච‍්චං වා ති? අනිච‍්චං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නො හෙතං භන‍්තෙ. සොතං -පෙ-

චක්ඛුසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇත් නම් එද නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව ඇත් නම් එය තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යි.

ජිව‍්හා නිච‍්චා වා අනිච‍්චා වා ති? අනිච‍්චා භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නො හෙතං භන‍්තෙ.

ජිහ්වා නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් තෙලෙ මාගේ යැ තෙලෙ මම වෙමි. තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙලෙ නිසි නො වේ මැ යි.

රසා නිච‍්චා වා අනිච‍්චා වාති? අනිච‍්චා භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වා ති? දුක‍්ඛං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නො හෙතං භන‍්තෙ.

රසයෝ නිත්‍ය වෙත් ද නොහොත් අනිත්‍ය වෙත් ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙලෙ නිසි නො වේ මැ යි.

ජිව‍්හාවිඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නො හෙතං භන‍්තෙ.

ජිහ්වාවිඥානය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව ඇත් නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නො වේ මැ යි.

ජිව‍්හාසම‍්ඵස‍්සො නිච‍්චො වා අනිච‍්චො වාති? අනිච‍්චො භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නො හෙතං භන‍්තෙ.

ජිහ්වාසම්ඵස්සය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය ය වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව ඇත් නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි. තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යි.

යම‍්පිදං ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, තම‍්පි නිච‍්චං වා අනිච‍්චං වා ති? අනිච‍්චං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නො හෙතං භන‍්තෙ. කායො -පෙ-

ජිව්හාසම්ඵස්සයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇත් නම් එ ද නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යි.

මනො නිච‍්චො වා අනිච‍්චො වා ති? අනිච‍්චො භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වා ති? දුක‍්ඛං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තාති? නො හෙතං භන‍්තෙ.

මනස නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙලෙ මාගේ යැ. තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙලෙ නිසි නො වේ මැ යි.

ධම‍්මා නිච‍්චා වා අනිච‍්චා වා ති? අනිච‍්චා භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නො හෙතං භන‍්තෙ.

ධර්‍මයෝ නිත්‍ය වෙත්ද නොහොත් අනිත්‍ය වෙත් ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් ‘තෙලෙ මාගේ යැ තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙලෙ නිසි නො වේ මැ යි.

මනොවිඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: ‘එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නො හෙතං භන‍්තෙ.

මනෝවිඥානය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙලෙ මාගේ යැ තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස, තෙල නිසි නො වේ මැ යි.

මනොසම‍්ඵස‍්සො නිච‍්චො වා අනිච‍්චො වාති? අනිච‍්චො භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නො හෙතං භන‍්තෙ.

මනෝසම්ඵස්සය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද, නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය - තෙලෙ මාගේ යැ තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යි.

යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නො හෙතං භන‍්තෙ.

මනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇත් නම් එ ද නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යි.

එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, රූපෙසුපි නිබ‍්බින්‍දති, චක‍්ඛුවිඤ‍්ඤාණෙපි නිබ‍්බින්‍දති, චක‍්ඛුසම‍්ඵස‍්සෙපි නිබ‍්බින්‍දති. යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- ජිව‍්හායපි නිබ‍්බින්‍දති, රසෙසුපි නිබ‍්බින්‍දති, ජිව‍්හාවිඤ‍්ඤාණෙපි නිබ‍්බින්‍දති, ජිව‍්හාසම‍්ඵස‍්සෙපි නිබ‍්බින්‍දති, යම‍්පිදං ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. -පෙ-

මහණෙනි මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක චක්‍ෂුසෙහි දු කලකිරෙයි, රූපයන්හිදු කලකිරෙයි, චක්‍ෂුර්විඥානයෙහි දු කලකිරෙයි, චක්ඛුසම්ඵස්සයෙහි දු කලකිරෙයි, චක්ඛුසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුඛ වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් වේ නම් එහි දු කලකිරෙයි ... ජිහ්වායෙහි දු කලකිරෙයි, රසයන්හි දු කලකිරෙයි, ජිහ්වාවිඥානයෙහි දු කලකිරෙයි, ජිව්හාසම්ඵස්සයෙහි දු කලකිරෙයි, ජිව්හාසම්ඵස්සයෙහි දු කලකිරෙයි, ජිව්හාසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වේවායි දුක් වේවායි නොදුක් නොසුව වේවායි යම් වේදයිතයෙක් වේ නම් එහි දු කලකිරෙයි ...

මනස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, ධම‍්මෙසුපි නිබ‍්බින්‍දති, මනොවිඤ‍්ඤාණෙපි නිබ‍්බින්‍දති, මනොසම‍්ඵස‍්සෙපි නිබ‍්බින්‍දති. යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති, විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාති.

මනසෙහි දු කලකිරෙයි, ධර්‍මයන්හිදු කලකිරෙයි, මනෝවිඥානයෙහි දු කලකිරෙයි, මනෝසම්ඵස්සයෙහි දු කලකිරෙයි, මනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇත් නම් එහි දු කලකිරෙයි. කලකිරෙනුයේ විරක්ත වෙයි, විරාගයෙන් විමුක්ත වෙයි, විමුක්ත කල්හි විමුක්තයෙමි’යි ඥානය වෙයි. ජාති ක්‍ෂය වූ යැ මඟබඹසර වැස නිමවන ලද. කරණී කරන ලද. මෙ රහත්බව පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී.

අයං ඛො සා භික‍්ඛවෙ, සබ‍්බමඤ‍්ඤිතසමුග‍්ඝාත සප‍්පායපටිපදාති.

මහණෙනි, මේ වූකලී හැම මඤ්ඤනා සමුද්ඝාතයට සත්ප්‍රාය වූ ප්‍රතිපදා යි.

සබ‍්බවග‍්ගො තතියො.

තුන් වැනි සබ්බ වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

සබ‍්බඤ‍්ච ද‍්වෙපි පහානා පරිජානා අපරෙ දුවෙ ආදිත‍්තං අන්‍ධභූතඤ‍්ච සාරුප‍්පා ද‍්වෙව සප‍්පායා වග‍්ගො තෙන පවුච‍්චතීති.

සබ්බ සූත්‍ර යැ ප්‍රහාණසූත්‍ර දෙක යැ අපරිජානසූත්‍ර දෙක යැ ආදිත්තපරියායසූත්‍ර යැ අන්‍ධභූතසූත්‍ර යැ සාරුප්පපටිපදාසූත්‍ර යැ සප්පායපටිපදාසූත්‍ර දෙක යි. එයින් වර්‍ගය කියනු ලැබේ.