සප‍්පායපටිපදාසුත‍්තං
1. 3. 9.
1. 3. 9.
සප‍්පායපටිපදාසුත‍්තං
සප්පායපටිපදා සූත්‍රය
31. සාවත්‍ථියං–
31. සැවැත්නුවර–
සබ‍්බමඤ‍්ඤිතසමුග‍්ඝාතසප‍්පායං වො භික‍්ඛවෙ, පටිපදං දෙසිස‍්සාමි. තං සුණාථ.
මහණෙනි, තොපට සියලු මඤ්ඤනාසමුග්ඝාතයට සත්ප්‍රාය වූ ප්‍රතිපාදාව දෙසමි. එය අසවු.
කතමා ච සා භික‍්ඛවෙ, සබ‍්බමඤ‍්ඤිතසමුග‍්ඝාතසප‍්පායපටිපදා:
මහණෙනි, ඒ සියලු මඤ්ඤනාසමුග්ඝාතයට සත්ප්‍රාය වූ ප්‍රතිපදා කවර යත්:
ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු චක‍්ඛුං න මඤ‍්ඤති, චක‍්ඛුස‍්මිං න මඤ‍්ඤති, චක‍්ඛුතො න මඤ‍්ඤති, චක‍්ඛුං මෙති න මඤ‍්ඤති. රූපෙ න මඤ‍්ඤති -පෙ- චක‍්ඛුවිඤ‍්ඤාණං න මඤ‍්ඤති -පෙ- චක‍්ඛුසම‍්ඵස‍්සං න මඤ‍්ඤති -පෙ- යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි න මඤ‍්ඤති, තස‍්මිම‍්පි න මඤ‍්ඤති, තතොපි න මඤ‍්ඤති, තම‍්මෙති න මඤ‍්ඤති.
මහණෙනි, මෙසස්නෙහි මහණ චක්‍ෂුස ආත්ම යයි නො හඟියි, චක්‍ෂුසෙහි ආත්ම යයි නො හඟියි, චක්‍ෂුසින් බැහැරැ ආත්ම යයි නො හඟියි, චක්‍ෂුස මාගේ යයි නො හඟී. රූපයන් ආත්ම යයි නො හඟියි … චක්‍ෂුර්විඥානය ආත්ම යයි නො හඟියි. චක්ඛුසසම්ඵස්සය ආත්ම යයි නො හඟියි. චක්ඛුසම්ඵස්සයෙන් උපදනා සුඛ වේවයි දුක්ඛ වේවයි අදුක්ඛාසුඛ වේවයි යම් මැ වේදයිතයෙක් වේ නම් එ ද ආත්ම යයි නො හඟියි. එහි දු ආත්මය ඇතැ යි නො හඟියි, එයින් බැහැරැ ද ආත්මය ඇතැ යි නො හඟියි, එය ආත්මය අයත් යයි ද නො හඟී.
යං හි භික‍්ඛවෙ, මඤ‍්ඤති, යස‍්මිං මඤ‍්ඤති, යතො මඤ‍්ඤති, යම‍්මෙති මඤ‍්ඤති, තතො තං හොති අඤ‍්ඤථා. අඤ‍්ඤථාභාවී භවසත‍්තො ලොකො භවමෙව අභිනන්‍දති -පෙ-
මහණෙනි, යමක් ආත්ම යයි හඟී ද යම් තැනෙක ආත්මය ඇතැ’යි හඟී ද යමෙකින් බැහැරැ ආත්මය ඇතැ’යි හඟී ද යමක් ආත්මය අයත් යයි හඟී ද එයින් ඒ අන්ප්‍රකාරයෙන් වෙයි. (විපරීත වෙයි.) විපරීත ආකාරයෙන් වන භවයෙහි ඇලුණු ලෝකය භවය මැ ප්‍රාර්‍ත්‍ථනා කරයි ...
ජිව‍්හං න මඤ‍්ඤති, ජිව‍්හාය න මඤ‍්ඤති, ජිව‍්හාතො න මඤ‍්ඤති, ජිව‍්හා මෙති න මඤ‍්ඤති. රසෙ න මඤ‍්ඤති -පෙ- යම‍්පිදං ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි න මඤ‍්ඤති, තස‍්මිම‍්පි න මඤ‍්ඤති, තතොපි න මඤ‍්ඤති, තම‍්මෙති න මඤ‍්ඤති. යං හි භික‍්ඛවෙ මඤ‍්ඤති, යස‍්මිං මඤ‍්ඤති, යතො මඤ‍්ඤති, යම‍්මෙති මඤ‍්ඤති, තතො තං හොති අඤ‍්ඤථා. අඤ‍්ඤථාභාවී භවසත‍්තො ලොකො භවමෙව අභිනන්‍දති -පෙ-
ජිහ්වාව ආත්ම යයි නො හඟියි. ජිහ්වායෙහි ආත්මය ඇතැ’යි නො හඟියි, ජිහ්වායෙන් බැහැර ආත්මය ඇතැ’යි නො හඟියි, ජිහ්වාව මාගේ යයි නො හඟී. රසයන් ආත්ම යයි නො හඟියි … ජිහ්වාසම්ඵස්සයෙන් උපදනා සුඛ වේවයි දුඃඛ වේවයි, අදුක්ඛාසුඛ වේවයි යම් වේදයිතයෙක් වේ නම් එ ද ආත්ම යයි නො හඟියි, එහි ආත්මය ඇතැ’යි නො හඟියි, එයින් බැහැරැ ආත්මය ඇත’යි ද නො හඟියි, එය ආත්මය අයත් යයි ද නො හඟී. මහණෙනි, යම් හෙයකින් යමක් ආත්ම යයි හඟී ද යම් තැනෙක ආත්මය ඇතැ’යි හඟී ද යමෙකින් බැහැර ආත්මය ඇතැ’යි හඟී ද යමක් මාගේ යයි හඟී ද එයින් එය අන් ප්‍රකාරයෙන් වෙයි. අන් අකාරයෙන් වන භවයෙහි ඇලුණු ලෝකයා භවය මැ ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි ...
මනං න මඤ‍්ඤති, මනස‍්මිං න මඤ‍්ඤති, මනතො න මඤ‍්ඤති, මනො මෙති න මඤ‍්ඤති. ධම‍්මෙ න මඤ‍්ඤති -පෙ- මනොවිඤ‍්ඤාණං න මඤ‍්ඤති -පෙ- මනො සම‍්ඵස‍්සං න මඤ‍්ඤති. යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි න මඤ‍්ඤති, තස‍්මිම‍්පි න මඤ‍්ඤති, තතොපි න මඤ‍්ඤති, තම‍්මෙති න මඤ‍්ඤති.
මනස ආත්ම යයි නො හඟියි, මනසෙහි ආත්මය ඇතැ’යි නො හඟියි. මනසින් බැහැර ආත්මය ඇතැ’යි නො හඟියි මනස මාගේ යයි නො හඟියි. ධර්‍මයන් ආත්ම යයි නො හඟියි … මනෝවිඥානය ආතත්ම යයි නො හඟියි … මනෝසම්ඵස්සය ආත්ම යයි නො හඟියි … මනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුඛ වේවයි දුඃඛ වේවයි අදුක්ඛාසූඛ වේවයි යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ආත්ම යයි නො හඟියි, එහි ආත්මය ඇතැ’යි ද එයින් බැහැර ආත්මය ඇතැයි ද නො හඟියි, එය මාගේ යයි ද නො හඟී.
යං හි භික‍්ඛවෙ මඤ‍්ඤති, යස‍්මිං මඤ‍්ඤති, යතො මඤ‍්ඤති, යම‍්මෙති මඤ‍්ඤති, තතො තං හොති අඤ‍්ඤථා. අඤ‍්ඤථාභාවී භවසත‍්තො ලොකො භවමෙව අභිනන්‍දති.
මහණෙනි, යම් හෙයකින් යමක් ආත්ම යයි හඟී ද යම් තැනෙක ආත්මය ඇතැ’යි හඟී ද යමෙකින් බැහැර ආත්මය ඇතැ’යි හගී ද යමක් මාගේ යයි හඟී ද එයින් එය අන් ප්‍රකාරයෙන් වෙයි. අන් ආකාරයෙන් වන භවයෙහි ඇලුණු ලෝකයා භවය මැ ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි.
යාවතා භික‍්ඛවෙ, ඛන්‍ධධාතුආයතනං තම‍්පි න මඤ‍්ඤති, තස‍්මිම‍්පි න මඤ‍්ඤති, තතොපි න මඤ‍්ඤති, තම‍්මෙති න මඤ‍්ඤති. සො එවං න මඤ‍්ඤමානො න ච කිඤ‍්චි ලොකෙ උපාදියති. අනුපාදියං න පරිතස‍්සති. අපරිතස‍්සං පච‍්චත‍්තඤ‍්ඤෙව පරිනිබ‍්බායති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාති. අයං ඛො සා භික‍්ඛවෙ, සබ‍්බමඤ‍්ඤිතසමුග‍්ඝාතසප‍්පායපටිපදාති.
මහණෙනි, යම් තාක් ස්කන්‍ධ ධාතු ආයතන ඇද්ද එ ද ‘ආත්ම’යයි නො හඟියි. එහි ‘ආත්මය ඇතැ’යි ද නො හගියි, එයින් බැහැර ‘ආත්මය ඇතැ’යි ද නො හඟියි, එය මාගේ යයි ද නො හඟියි. හෙ මෙසේ නො හඟනේ ලොව කිසිවක් උපාදාන නො කෙරෙයි. උපාදාන නො කරනුයේ ‘තෘෂ්ණා නො කෙරෙයි. තෘෂ්ණා නො කරනුයේ ඉහාත්මයෙහි මැ පිරිනිවෙයි. ජාති ක්‍ෂය වූ යැ. මඟ බඹසර වැස නිමවන ලද. කරණී කරන ලද. මේ රහත්බැව් පිණිස කළයුතු අන් කිසෙක් නැති’යි දැනගනී. මහණෙනි, මේ වූකලි ඒ සියලු මඤ්ඤනා සමුද්ඝාතයට සත්ප්‍රාය වූ ප්‍රතිපදා යි.