සාරුප‍්පපටිපදාසුත‍්තං
1. 3. 8.
1. 3. 8.
සාරුප‍්පපටිපදාසුත‍්තං
සාරුප්පපටිපදා සූත්‍රය
30. සාවත්‍ථියං–
30. සැවැත්නුවර–
සබ‍්බමඤ‍්ඤිතසමුග‍්ඝාතසාරුප‍්පං වො භික‍්ඛවෙ, පටිපදං දෙසිස‍්සාමි. තං සුණාථ.
මහණෙනි, තොපට සියලු (තෘෂ්ණාදෘෂ්ටිමාන) මඤ්ඤනා සමුග්ඝාතයට නිසි ප්‍රතිපදාව දෙසමි. එය අසවු.
කතමා ච සා භික‍්ඛවෙ, සබ‍්බමඤ‍්ඤිතසමුග‍්ඝාතසාරුප‍්පපටිපදා. ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු චක‍්ඛුං න මඤ‍්ඤති, චක‍්ඛුස‍්මිං න මඤ‍්ඤති, චක‍්ඛුතො න මඤ‍්ඤති, චක‍්ඛුං මෙති න මඤ‍්ඤති. රූපෙ න මඤ‍්ඤති. රූපෙසු න මඤ‍්ඤති, රූපතො න මඤ‍්ඤති, රූපා මෙති න මඤ‍්ඤති. චක‍්ඛුවිඤ‍්ඤාණං න මඤ‍්ඤති, චක‍්ඛුවිඤ‍්ඤාණස‍්මිං න මඤ‍්ඤති, චක‍්ඛුවිඤ‍්ඤාණතො න මඤ‍්ඤති, චක‍්ඛුවිඤ‍්ඤාණං මෙති න මඤ‍්ඤති. චක‍්ඛුසම‍්ඵස‍්සං න මඤ‍්ඤති, චක‍්ඛුසම‍්ඵස‍්සස‍්මිං න මඤ‍්ඤති, චක‍්ඛුසම‍්ඵස‍්සතො න මඤ‍්ඤති, චක‍්ඛුසම‍්ඵස‍්සො මෙති න මඤ‍්ඤති. යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි න මඤ‍්ඤති තස‍්මිම‍්පි න මඤ‍්ඤති. තතොපි න මඤ‍්ඤති. තම‍්මෙති න මඤ‍්ඤති -පෙ-
මහණෙනි, ඒ සියලු මඤ්ඤනා සමුග්ඝාතයට නිසි ප්‍රතිපදා කවර යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ චක්‍ෂුස ‘මම වෙමි’ යි (තෘෂ්ණාදෘෂ්ටිමාන වශයෙන්) නො හඟියි. ‘මම චක්‍ෂුසෙහි පිහිටියෙමි’යි නො හඟියි. ‘මම චක්‍ෂුසින් බැහැරැ වෙමි’ යි නො හඟියි. චක්‍ෂුස මාගේ යයි නො හඟියි. රූපයන් ‘මම වෙමි’යි නො හඟියි. රූපයන්හි ආත්මය ඇතැයි නො හඟියි. රූපයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි. රූපයෝ තමා අයත් වෙතී නො හඟියි. චක්‍ෂුර්විඥානය ආත්ම යයි නො හඟියි. චක්‍ෂුර්විඥානයෙහි ආත්මය ඇතැ යි නො හඟියි. චක්‍ෂුර්විඥානයෙන් බැහැරැ ආත්මය ඇතැ යි නො හඟියි. චක්‍ෂුර්විඥානය තමා අයත් යයි නො හඟියි. චක්ඛුසම්ඵස්සය ආත්ම යයි නො හඟියි. චක්ඛුසම්ඵස්සයෙහි ආත්මය ඇතැ යි නො හඟියි. චක්ඛුසම්ඵස්සයෙන් බැහැරැ ආත්මය ඇතැ යි නො හඟියි. චක්ඛුසම්ඵස්සය මාගේ යයි නො හඟියි. චක්ඛුසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ‘ආත්ම’යයි නො හඟියි. ආත්මය එහි වෙතී ද නො හඟියි. ආත්මය ඉන් බැහැරැ වෙතී ද නො හඟියි. එය මාගේ යයි නො හඟී.
ජිව‍්හා න මඤ‍්ඤති, ජිව‍්හාය න මඤ‍්ඤති, ජිව‍්හාතො න මඤ‍්ඤති, ජිව‍්හා මෙති න මඤ‍්ඤති. රසෙ න මඤ‍්ඤති, රසෙසු න මඤ‍්ඤති, රසතො න මඤ‍්ඤති, රසා මෙති න මඤ‍්ඤති. ජිව‍්හාවිඤ‍්ඤාණං න මඤ‍්ඤති, ජිව‍්හාවිඤ‍්ඤාණස‍්මිං න මඤ‍්ඤති, ජිව‍්හාවිඤ‍්ඤාණතො න මඤ‍්ඤති, ජිව‍්හාවිඤ‍්ඤාණං මෙති න මඤ‍්ඤති. ජිව‍්හාසම‍්ඵස‍්සං න මඤ‍්ඤති,
ජිව්හාව ආත්ම යයි නො හඟියි. ජිව්හායෙහි ‘ආත්මය ඇතැ’යි නො හඟියි. ජිව්හායෙන් බැහැරැ ‘ආත්මය ඇතැ’යි නො හඟියි. ජිව්හාව මාගේ යයි නො හඟියි. රසයන් ආත්ම යයි නො හඟියි. රසයෙහි ආත්මය ඇතැ යි නො හඟියි. රසයෙන් බැහැරැ ආත්මය ඇතැ’යි නො හඟියි. රසයෝ මාගේ යයි නො හඟියි. ජිව්හාවිඤ්ඤාණය ආත්ම යයි නො හඟියි. ජිව්හාවිඤ්ඤාණයෙහි ආත්මය ඇතැ යි නො හඟියි. ජිව්හාවිඤ්ඤාණයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි. ජිව්හාවිඤ්ඤාණය මාගේ යයි නො හඟියි. ජිව්හාසම්ඵස්සය ආත්මය යි නො හඟි යි.
ජිව‍්හාසම‍්ඵස‍්සස‍්මිං න මඤ‍්ඤති, ජිව‍්හාසම‍්ඵස‍්සතො න මඤ‍්ඤති, ජිව‍්හාසම‍්ඵස‍්සො මෙති න මඤ‍්ඤති. යම‍්පිදං ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි න මඤ‍්ඤති, තස‍්මිම‍්පි න මඤ‍්ඤති, තතොපි න මඤ‍්ඤති, තම‍්මෙති න මඤ‍්ඤති -පෙ-
ජිව්හාසම්ඵස්සයෙහි ආත්මය ඇතැයි නො හඟියි. ජිව්හාසම්ඵස්සයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි. ජිව්හාසම්ඵස්සය මාගේ යයි නො හඟි, ජිව්හාසම්ඵස්සප්‍රත්‍යයෙන් උපන් සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ආත්ම යයි නො හඟියි. එහි දු ආත්මය ඇතැ යි නො හඟියි. එයින් බැහැරැ දු ආත්මය ඇතැ’යි නො හඟියි. එය මාගේ යයි ද නො හඟියි.
මනං න මඤ‍්ඤති, මනස‍්මිං න මඤ‍්ඤති, මනතො න මඤ‍්ඤති, මනො මෙති න මඤ‍්ඤති. ධම‍්මෙ න මඤ‍්ඤති, ධම‍්මෙසු න මඤ‍්ඤති, ධම‍්මතො න මඤ‍්ඤති, ධම‍්මා මෙති න මඤ‍්ඤති. මනොවිඤ‍්ඤාණං න මඤ‍්ඤති, මනොවිඤ‍්ඤාණස‍්මිං න මඤ‍්ඤති, මනොවිඤ‍්ඤාණතො න මඤ‍්ඤති, මනොවිඤ‍්ඤාණං මෙති න මඤ‍්ඤති. මනොසම‍්ඵස‍්සං න මඤ‍්ඤති, මනොසම‍්ඵස‍්සස‍්මිං න මඤ‍්ඤති, මනොසම‍්ඵස‍්සතො න මඤ‍්ඤති, මනොසම‍්ඵස‍්සො මෙති න මඤ‍්ඤති. යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි න මඤ‍්ඤති, තස‍්මිම‍්පි න මඤ‍්ඤති, තතොපි න මඤ‍්ඤති, තම‍්මෙති න මඤ‍්ඤති.
මනස ‘ආත්ම’ යයි නො හඟියි, මනසෙහි ආත්මය ඇතැ’යි නො හඟියි, මනසින් බැහැරැ ආත්මය ඇතැ’යි නො හඟියි, මනස ආත්මය අයත් යයි නො හඟියි. ධර්‍මයන් ‘ආත්ම’ යයි නො හඟියි, ධර්‍මයන්හි ආත්මය ඇතැ යි නො හඟියි. ධර්‍මයෙන් බැහැරැ ආත්මය ඇතැ’යි නො හඟියි, ධර්‍මය ආත්මය අයත් යයි නො හඟියි. මනෝවිඥානය ආත්ම යයි නො හඟියි, මනෝවිඥානයෙහි ආත්මය ඇතැ’යි නො හඟියි, මනෝවිඥානයෙන් බැහැරැ ආත්මය ඇතැ’යි නො හඟියි, මනෝවිඥානය ආත්මය අයත් යයි නො හඟියි. මනෝසම්ඵස්සය ආත්ම යයි නො හඟියි, මනෝසම්ඵස්සයෙහි ආත්මය ඇතැ’යි නො හඟියි, මනෝසම්ඵස්සයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි, මනෝසම්ඵස්සය ආත්මය අයත් යයි නො හඟියි, මනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ආත්ම යයි නො හඟියි. එහිදු ආත්මය ඇතැ’යි නො හඟියි. එයින් බැහැරැ ද ආත්මය ඇතැ’යි නො හඟියි. එය ආත්මය අයත් යයි නො හඟී.
සබ‍්බං න මඤ‍්ඤති, සබ‍්බස‍්මිං න මඤ‍්ඤති, සබ‍්බතො න මඤ‍්ඤති, සබ‍්බං මෙති න මඤ‍්ඤති. සො එවං අමඤ‍්ඤමානො න ච කිඤ‍්චි ලොකෙ උපාදියති. අනුපාදියං න පරිතස‍්සති. අපරිතස‍්සං පච‍්චත‍්තඤ‍්ඤෙව පරිනිබ‍්බායති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාති.
සියල්ල ආත්ම යයි නො හඟියි, සියල්ලෙහි ආත්මය ඇතැ’යි නො හඟියි, සියල්ලෙන් බැහැර ආත්මය ඇතැ’යි නො හඟියි, සියල්ල ආත්මය අයත් යයි නො හඟී, මෙසේ මඤ්ඤනා නො කරන්නේ ලෝකයෙහි කිසිවක් උපාදාන නො කෙරෙයි. උපාදාන නො කරනුයේ තෘෂ්ණා නො කෙරෙයි. තෘෂ්ණා නො කරනුයේ මෙ අත්බැව්හි මැ පිරිනිවෙයි. ජාති ක්‍ෂය වූ යැ. මඟබඹසර වැස නිමවන ලද. කරණී කරනලද. මෙ රහත්බව පිණිස කළයුතු අන් කිසෙක් නැතැ’යි දැනගනී.
අයං ඛො සා භික‍්ඛවෙ, සබ‍්බමඤ‍්ඤිතසමුග‍්ඝාතසාරුප‍්පපටිපදාති.
මහණෙනි, මේ වූකලී ඒ සියලු (තෘෂ්ණා දෘෂ්ටි මාන) මඤ්ඤනා සමුග්ඝාතයට නිසි ප්‍රතිපාදා යි.