යෙදුමෙන් කියවන්න

ජාතිධම‍්ම සුත‍්තං

1. 4. 1.

1. 4. 1.

ජාතිධම‍්ම සුත‍්තං

ජාතිධම්ම සූත්‍රය

33. සාවත්‍ථියං–

33. සැවැත්නුවර–

සබ‍්බං භික‍්ඛවෙ, ජාතිධම‍්මං. කිඤ‍්ච භික‍්ඛවෙ, සබ‍්බං ජාතිධම‍්මං: චක‍්ඛුං භික‍්ඛවෙ, ජාතිධම‍්මං. රූපා ජාතිධම‍්මා, චක‍්ඛුවිඤ‍්ඤාණං ජාතිධම‍්මං, චක‍්ඛුසම‍්ඵස‍්සො ජාතිධම‍්මො. යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි ජාතිධම‍්මං.

මහණෙනි, සියල්ල උපදිනසුලු යැ මහණෙනි, කවර සියල්ලක් උපදිනසුලු ද යත්: මහණෙනි, ඇස උපදිනසුලු යැ. රූපයෝ උපදිනසුල්ලහ. චක්ඛුවිඤ්ඤාණය උපදිනසුලු ය. චක්ඛුසම්ඵස්සය උපදෙනසුලු ය. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද උපදිනසුලු යැ.

සොතං ජාතිධම‍්මං. සද‍්දා ජාතිධම‍්මා, සොතවිඤ‍්ඤාණං ජාතිධම‍්මං, සොතසම‍්ඵස‍්සො ජාතිධම‍්මො. යම‍්පිදං සොතසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි ජාතිධම‍්මං.

කන උපදිනසුලු ය. ශබ්දයෝ උපදිනසුල්ලහ. සෝතවිඤ්ඤාණය උපදිනසුලු ය. සෝතසම්ඵස්සය උපදිනසුලු ය. සෝතසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද උපදිනසුලු යැ.

ඝානං ජාතිධම‍්මං. ගන්‍ධා ජාතිධම‍්මා, ඝානවිඤ‍්ඤාණං ජාතිධම‍්මං, ඝානසම‍්ඵස‍්සො ජාතිධම‍්මො. යම‍්පිදං ඝානසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි ජාතිධම‍්මං.

නැහැය උපදිනසුලු ය. ගන්‍ධයෝ උපදිනසුල්ලහ. ඝානවිඤ්ඤාණය උපදිනසුලු ය. ඝානසම්ඵස්සය උපදිනසුලු ය. ඝානසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද උපදිනසුලු යැ.

ජිව‍්හා ජාතිධම‍්මං. රසා ජාතිධම‍්මා, ජිව‍්හාවිඤ‍්ඤාණං ජාතිධම‍්මං, ජිව‍්හාසම‍්ඵස‍්සො ජාතිධම‍්මො. යම‍්පිදං ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි ජාතිධම‍්මං.

දිව උපදිනසුලු ය. රසයෝ උපදිනසුල්ලහ. ජිව්හාවිඤ්ඤාණය උපදිනසුලු ය. ජිව්හාසම්ඵස්සය උපදිනසුලු ය. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් වේ නම් හෙ ද උපදිනසුලු ය.

කායො ජාති ධම‍්මො, ඵොට‍්ඨබ‍්බා ජාතිධම‍්මා, කායවිඤ‍්ඤාණං ජාතිධම‍්මං, කායසම‍්ඵස‍්සො ජාතිධම‍්මො, යම‍්පිදං කායසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමුඛං වා තම‍්පි ජාති ධම‍්මං.

කය උපදිනසුලු ය. ඵොට්ඨබ්බයෝ උපදිනසුල්ලහ. කායවිඤ්ඤාණය උපදිනසුලු ය. කායසම්ඵස්සය උපදිනසුලු ය. කායසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද උපදින සුලු යැ.

මනො ජාතිධම‍්මො, ධම‍්මා ජාතිධම‍්මා, මනොවිඤ‍්ඤාණං ජාතිධම‍්මං, මනොසම‍්ඵස‍්සො ජාතිධම‍්මො. යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි ජාතිධම‍්මං.

මනස උපදිනසුලු ය. දහම්හු උපදිනසුල්ලහ. මනෝවිඤ්ඤාණය උපදිනසුලු ය. මනෝසම්ඵස්සය උපදිනසුලු ය. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද උපදිනසුලු යි.

එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි … මේ රහත් බැව් පිණිස කළයුතු අනෙකක් නැතැ යි දැනගනී යි.