යෙදුමෙන් කියවන්න

4. ජාතිධම‍්මවග‍්ගො අට‍්ඨකථා

4. ජාතිධම්ම වර්ගය

1-10. ජාතිධම‍්ම සුත‍්තාදිවණ‍්ණනා

1-10. ජාතිධම්ම ආදි සූත්‍ර වර්ණනා

ජාතිධම‍්මවග‍්ගෙ ජාතිධම‍්මන‍්ති ජායනධම‍්මං නිබ‍්බත‍්තනසභාවං. ජරාධම‍්මන‍්ති ජීරණසභාවං. බ්‍යාධිධම‍්මන‍්ති බ්‍යාධිනො උප‍්පත‍්තිපච‍්චයභාවෙන බ්‍යාධිසභාවං. මරණධම‍්මන‍්ති මරණසභාවං. සොකධම‍්මන‍්ති සොකස‍්ස උප‍්පත‍්තිපච‍්චයභාවෙන සොකසභාවං. සංකිලෙසිකධම‍්මන‍්ති සංකිලෙසිකසභාවං. ඛයධම‍්මන‍්ති ඛයගමනසභාවං. වයධම‍්මාදීසුපි එසෙව නයොති.

ජාති ධම්ම වර්ගයෙහි ජාති ධම්මං යනු උපදින බවයි, හටගන්නා ස්වභාවයයි. ජරා ධම්මං යනු දිරා පත්වන ස්වභාවයයි. ව්‍යාධි ධම්මං යනු රෝගයන්ගේ උත්පත්තියට හේතු වන බැවින් ව්‍යාධි භාවය ඇත යන අදහසයි. මරණ ධම්මං යනු මරණය ස්වභාවය කොට ඇත යන්නයි. සොක ධම්මං යනු ශෝකයේ උත්පත්තියට හේතු වන බැවින් ශෝක ස්වභාවය යන අදහසයි. සංකිලෙසික ධම්මං යනු කිලිටිවන භාවයයි. ඛයධම්මං යනු ක්ෂය වන ස්වභාවයයි. වයධම්ම ආදියෙහි ද මෙම ක්‍රමයම වේ.

ජාතිධම‍්මවග‍්ගො චතුත්‍ථො.

සිව්වන ජාති ධම්ම වග්ගය නිමියේය.