නිරොධධම්මසුත්තං
1. 4. 10.
1. 4. 10.
නිරොධධම්මසුත්තං
නිරෝධධම්ම සූත්රය
42. සාවත්ථියං–
42. සැවැත්නුවර–
සබ්බං භික්ඛවෙ, නිරොධධම්මං, කිඤ්ච භික්ඛවෙ සබ්බං නිරොධධම්මං: චක්ඛුං භික්ඛවෙ, නිරොධධම්මං. රූපා නිරොධධම්මා, චක්ඛුවිඤ්ඤාණං නිරොධධම්මං, චක්ඛුසම්ඵස්සො නිරොධධම්මො. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි නිරොධධම්මං. සොතං -පෙ-
මහණෙනි, සියල්ල නිරුද්ධ වන සුලු ය. මහණෙනි, කවර සියල්ලක් නිරුද්ධවනසුලු ද යත්: මහණෙනි, ඇස නිරුද්ධ වන සුලු ය. රූපයෝ නිරුද්ධ වන සුල්ලහ. චක්ඛුවිඤ්ඤාණය නිරුද්ධ වන සුලු ය. චක්ඛුසම්ඵස්සය නිරුද්ධ වන සුලු ය. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද නිරුද්ධ වන සුලු ය. කන ...
ජිව්හා නිරොධධම්මා, රසා නිරොධධම්මා, ජිව්හාවිඤ්ඤාණං නිරොධධම්මං, ජිව්හාසම්ඵස්සො නිරොධධම්මො. යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි නිරොධධම්මං. කායො -පෙ-
දිව නිරුද්ධ වන සුලු ය. රස නිරුද්ධ වන සුලු ය. ජිව්හාවිඤ්ඤාණය නිරුද්ධ වන සුලු ය. ජිව්හාසම්ඵස්සය නිරුද්ධ වන සුලු ය. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද නිරුද්ධ වන සුලු ය. කය ...
මනො නිරොධධම්මො, ධම්මා නිරොධධම්මා, මනොවිඤ්ඤාණං නිරොධධම්මං, මනොසම්ඵස්සො නිරොධධම්මො. යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි නිරොධධම්මං.
සිත නිරුද්ධ වන සුලු ය. දහම්හු නිරුද්ධ වනසුල්ලහ. මනෝවිඤ්ඤාණය නිරුද්ධ වන සුලුය. මනෝසම්ඵස්සය නිරුද්ධ වන සුලුය. මනෝසම්ඵස්සය නිසා සුවු වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද නිරුද්ධ වන සුලු ය.
එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ රහත් බැවි පිණිස කළයුතු අනෙකක් නැතැ යි දැනගනි යි.
ජාතිධම්මවග්ගො චතුත්ථො.
සිව් වැනි ජාතිධම්ම වර්ග යි.
තස්සුද්දානං:
එහි සූත්ර නාමාවලිය:
ජාතිජරාව්යාධිමරණං සොකො ච සංකිලෙසො ච ඛයධම්මං වයධම්මඤ්ච සමුදයධම්මං නිරොධධම්මෙන තෙ දසාති.
ජාතිධම්ම, ජරාධම්ම ව්යාධිධම්ම මරණධම්ම සෝකධම්ම සංකිලෙසධම්ම සූත්ර ද ඛයධම්ම වයධම්ම සමුදයධම්ම සූත්ර දැ යි ඔහු නිරෝධධම්මසූත්රයෙන් දශයෙක් වේ.