අනිච‍්චසුත‍්තං
1. 5. 1.
1. 5. 1.
අනිච‍්චසුත‍්තං
අනිච්ච සූත්‍රය
43. සාවත්‍ථියං–
43. සැවැත්නුවර–
සබ‍්බං භික‍්ඛවෙ, අනිච‍්චං. කිඤ‍්ච භික‍්ඛවෙ සබ‍්බං අනිච‍්චං: චක‍්ඛුං භික‍්ඛවෙ අනිච‍්චං, රූපා අනිච‍්චා, චක‍්ඛුවිඤ‍්ඤාණං අනිච‍්චං, චක‍්ඛුසම‍්ඵස‍්සො අනිච‍්චො. යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චං. සොතං -පෙ-
මහණෙනි, සියල්ල අනිත්‍ය ය. මහණෙනි, කවර සියල්ලක් අනිත්‍ය ද යත්: මහණෙනි, ඇස අනිත්‍ය ය. රූප අනිත්‍ය ය. චක්ඛුවිඤ්ඤාණය අනිත්‍ය ය, චක්ඛුසම්ඵස්සය අනිත්‍ය ය, චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එ ද අනිතය ය. කන ...
ජිව‍්හා අනිච‍්චා, රසා අනිච‍්චා, ජිව‍්හාවිඤ‍්ඤාණං අනිච‍්චං, ජිව‍්හාසම‍්ඵස‍්සො අනිච‍්චො. යම‍්පිදං ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චං. කායො -පෙ-
දිව අනිත්‍ය ය. රස අනිත්‍ය ය. ජිව්හාවිඤ්ඤාණය අනිත්‍ය ය, ජිව්හාසම්ඵස්සය අනිත්‍ය ය. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද අනිත්‍ය ය. කය ...
මනො අනිච‍්චො, ධම‍්මා අනිච‍්චා, මනොවිඤ‍්ඤාණං අනිච‍්චං, මනොසම‍්ඵස‍්සො අනිච‍්චො. යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චං.
සිත අනිත්‍ය ය, දහම් අනිත්‍ය ය, මනෝවිඤ්ඤාණය අනිත්‍ය ය, මනෝසම්ඵස්සය අනිත්‍ය ය. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද අනිත්‍ය ය.
එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති, විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... කලකිරෙන්නේ නො ඇලෙයි, නො ඇල්මෙන් මිදෙයි, මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලද කටයුතු කරන ලද. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.