5. ඔඝවග‍්ගො
5. ඕඝ වර්‍ගය
6. 5. 1-39.
6. 5. 1-39.
ඔඝාදි සුත‍්තානි
ඕඝාදි සූත්‍ර
2741-2779. චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඔඝා. කතමෙ වත‍්තාරො: -පෙ- භාවෙතබ‍්බානීති.
2741-2779. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: ... වැඩියයුත්තාහ යි.
6. 5. 40.
6. 5. 40.
උද‍්ධම‍්භාගියසුත‍්තං
උද්ධම්භාගිය සූත්‍රය
2780. පඤ‍්චිමානි භික‍්ඛවෙ, උද‍්ධම‍්භාගියානි සංයොජනානි. කතමානි පඤ‍්ච: රූපරාගො, අරූපරාගො, මානො, උද‍්ධච‍්චං, අවිජ‍්ජා. ඉමානි ඛො භික‍්ඛවෙ, පඤ‍්චුද‍්ධම‍්භාගියානි සංයොජනානි. ඉමෙසං ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං උද‍්ධම‍්භාගියානං සංයොජනානං අභිඤ‍්ඤාය පඤ‍්ච බලානි භාවෙතබ‍්බානි. කතමානි පඤ‍්ච: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු, සද‍්ධාබලං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. විරියබලං -පෙ- සතිබලං -පෙ- සමාධිබලං -පෙ- පඤ‍්ඤාබලං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ඉමෙසං ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං උද‍්ධම‍්භාගියානං සංයොජනානං අභිඤ‍්ඤාය ඉමානි පඤ‍්ච බලානි භාවෙතබ‍්බානීති.
2780. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් වෙසෙසින් දැනුම පිණිස පස්බල වැඩියයුතු. කවර පසෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සද්ධාබලය වඩයි. විරියබලය ... සතිබලය ... සමාධිබලය ... විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට පඤ්ඤාබලය වඩයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් වෙසෙසින් දැනුම පිණිස මේ පස්බල වැඩියයුතු යි.
ඔඝවග‍්ගො පඤ‍්චමො.
පස්වැනි ඕඝවර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
ඔඝො යොගො උපාදානං ගන්‍ථො අනුසයෙන ච, කාමගුණා නීවරණා ඛන්‍ධා ඔරුද‍්ධම‍්භාගියාති.
ඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යී චතුෂ්ක දශයෙකි. සාලිස් සුතුරෙකි යි.