දුතියපාරාජික සමුට‍්ඨානං
දුතියපාරාජික සමුට‍්ඨානං
ද්විතීය පාරාජික සමුට්ඨානය
17. අදින‍්නං විග‍්ගහුත‍්තරිං දුට‍්ඨුල‍්ලං අත‍්තකාමිනං, අමූලා අඤ‍්ඤභාගියා අනියතා දුතියිකා.
17. අදත්තාදානය ද මනුස්සවිග්ගහය ද උත්තරීමනුස්සධම්මය ද දුට්ඨුල්ලය ද අත්තකාමපාරිචරියාව ද අමූලය ද අඤ්ඤභාගිය ද දෙවන අනියතය ද,
18. අච‍්ඡින්‍දෙ පරිණාමනෙ මුසා ඔමස පෙසුණා, දුට‍්ඨුල‍්ලා පඨවිං ඛණෙ භූතං අඤ‍්ඤාය උජ‍්ඣාපෙ.
18. අච්ජින්‍දනය ද පරිණාමනය ද මුසාවාදය ද ඔමසවාදය ද (භික්ඛු) පෙසුඤ්ඤය ද උදුට්ඨුල්ලාපත්තිආරෝචනය ද පඨවිඛණනය ද භූතගාමය ද අඤ්ඤවාදකය ද උජ්ඣාපනය ද,
19. නික‍්කඩ‍්ඪනං සිඤ‍්චනඤ‍්ච ආමිසහෙතු භුත‍්තාවී, එහි අනාදරි භිංසා අපනිධෙ ච ජීවිතං.
19. නික්කඩ්ඪනය ද සිඤ්චනය ද ආමිසහේතුව ද භූත්තාවි (පවාරණ) ය ද ඒහාවුසො ගාමං වා යනු ද අනාදරිය ද හිංසාපනකය ද අපනිධානය ද ජීවිතවෝරෝපනය ද,
20. ජානං සප‍්පාණකං කම‍්මං ඌනෙන සංවාසනාසනා, සහධම‍්මිකං විලෙඛා ව මොහො අමූලකෙන ච.
20. ජානං සප්පාණකං යනු ද (උක්කෝටන) කම්මය ද ඌනවිසතිවස්සය ද සංවාසය ද නාසනය ද සහධම්මිකය ද විලේඛය ද මොහනකය ද අමූලකය ද,
21. කුක‍්කුච‍්චං ධම‍්මිකං චීවරං දත්‍වා පරිණාමෙය්‍ය පුග‍්ගලෙ, කිං තෙ අකාලං අච‍්ඡින්‍දෙ දුග‍්ගහීත නිරයෙන ච.
21. කුක්කුච්චය ද ධම්මිකය ද චීවරය ද පුග්ගලපරිණාමනය ද ‘කිංතො’ යනු ද අකාලචීවරය ද චීවර අච්ජින්‍දනය ද දුග්ගහීතය ද (නිරයාදීන්) අභිසපනය ද,
22. ගණං විභඞ‍්ගං දුබ‍්බලං කඨිනාඵාසු පස‍්සයං, අක‍්කොසචණ‍්ඩී මච‍්ඡරී ගබ‍්භිනී ච පායන‍්තියා.
22. ගණචීවරන්තරාය ද චීවරවිහඞ්ගය ද දුබ්බලචීවරය ද කඨිනුද්ධාරය ද අඵාසුකරණය ද උපස්සය ද අක්කෝසනය ද චණ්ඩීකෘත්‍යය ද මච්ඡරිය ද ගබ්භිනී වුට්ඨාපනය ද පායන්තී වුට්ඨාපනය ද,
23. ද‍්වෙ වස‍්සං සික‍්ඛා සඞ‍්ඝෙන තයො චෙව ගිහීගතා, කුමාරීභූතා තිස‍්සො ච ඌනද‍්වාදස සම‍්මතා.
23. “ද්වෙ වස්සා“ යනු ද “සඞ්ඝේන අසම්මතං” යනු ද ගිහීගත තෙසිඛය ද කුමාරීභූත තෙසිඛය ද ඌන ද්වාදසවුට්ඨාපනය ද (පරිපුණ්ණද්වාදස) අසම්මත වුට්ඨාපනය ද,
24. අලං තාව සොකාවාසං ඡන්‍දා අනුවස‍්සා ච ද‍්වෙ, සික‍්ඛාපදා සත‍්තතිමෙ සමුට‍්ඨානා තිකා කතා.
24. ‘අලං තාව’ යනු ද “සොකාවස්සං” යනු ද ඡන්‍දදානය ද අනුවස්සවුට්ඨාපනය ද ද්වේවුට්ඨාපනය දැයි, මේ සැත්තෑ සිකපදයෝ තිකසමුට්ඨානහ යි කරණ ලද හ.
25. කායචිත‍්තෙන න වාචා වාචා චිත‍්තං න කායිකං, තීහි ද‍්වාරෙහි ජායන‍්ති පාරාජිකං දුතියං යථා.
25. කයින් ද සිතින් ද නැගෙති, වචනයෙන් නො නැගෙත්, වචනයෙන් ද සිතින් ද නැගෙති, කයින් නො නැගෙත්, මෙසේ දෙවන පරිජිය මෙන් තිදොරින් උපදිත්.
දුතිය පාරාජිකසමුට‍්ඨානං නිට‍්ඨිතං.
දුතිය පාරාජික සමුට්ඨානය නිමි.