යෙදුමෙන් කියවන්න

තෙරසසමුට‍්ඨානානි

සම්පූර්ණ පරිච්ඡේදය

තෙරසසමුට‍්ඨානානි

ත්‍රයොදශ සමුත්‍ථානයෝ

9. විභඞ‍්ගෙ ද‍්වීසු පඤ‍්ඤත‍්තං උද‍්දිසන‍්ති උපොසථෙ, පවක‍්ඛාමි සමුට‍්ඨානං යථාඤායං සුණාථ මෙ.

9. උභය විභඞ්ගයෙහි පණවනලද යම් සිකපද සමූහයක් පෙහෙවස් දිනයෙහි උදෙසත් ද, ඒ සිකපද සමූහයා ගේ ආපත්ති සමුට්ඨාන යුක්ති පරිද්දෙන් කියන්නෙමි. ඒ මා කියන වදන් අසවු.

10. පාරාජිකං යං පඨමං දුතියඤ‍්ච තතො පරං, සඤ‍්චරිත‍්තානුභාසඤ‍්ච අතිරෙකඤ‍්ච චීවරං.

10. යම් ප්‍රථම පාරාජික සමුට්ඨානයෙක් වේ නම් එය ද ඉන් මත්තෙහි ද්විතීය පාරාජිකසමුට්ඨානය ද සඤ්චරිත්තය ද සමානුභාසනය ද කඨිනය ද,

11. ලොමානි පදසො ධම‍්මො භූතං සංවිධානෙන ච, ථෙය්‍යදෙසනචොරිං ච අනනුඤ‍්ඤාතාය තෙරස

11. එළක ලෝමය ද පදසෝධම්මය ද භූතාරෝචනය ද අද්ධානගමනය ද ථෙය්‍ය සත්‍ථය ද ධම්මදේසනා ද වොරිවුට්ඨාපනය ද අනනුඤ්ඤාතය දැයි තෙළෙසෙකි.

12. තෙරසෙතෙ සමුට‍්ඨානනයා විඤ‍්ඤූහි චින‍්තිතා, එකෙකස‍්මිං සමුට‍්ඨානෙ සදිසා ඉධ දිස‍්සරෙ.

12. මේ තෙළෙස් සමුට්ඨාන ක්‍රමයෝ නුවණැත්තන් විසින් සිතන ලද්දාහ, එක් එක් සමුට්ඨානයෙහි (ඇතුළත්වන අන්‍යවූ) සමසමුට්ඨානයෝ ද මේ උභයවිභඞ්ගයේ පෙණෙත්.

පඨමපාරාජික සමුට‍්ඨානං

ප්‍රථම පාරාජික සමුට්ඨානය

13. මෙථුනං සුක‍්කසංසග‍්ගො අනියතා පඨමිකා, පුබ‍්බූපපරිපාචිතා රහො භික‍්ඛුනියා සහ.

13. මෛථුනය ද සුක්කවිස්සට්ඨිය ද කායසංසර්‍ගය ද පළමුවන අනියතය ද පුබ්බුපහතය ද (භික්‍ෂුණී) පරිපාචිතය ද භික්‍ෂුණියක සමග රහෝනිසජ්ජනය ද,

14. සභොජනෙ රහො ද‍්වෙ ච අඞ‍්ගුලි උදකෙ හසං, පහාරෙ උග‍්ගිරෙ ද‍්වෙ ව තෙපඤ‍්ඤාසා ච සෙඛියා.

14. සභොජනය ද රහෝනිසජ්ජා දෙක ද අඞ්ගුලිපතෝදය ද උදකහස්සධම්මය ද පහාරදානය ද තලසත්තිඋග්ගිරණය ද තෙපණස් සේඛියාවෝ ද,

15. අධක‍්ඛකගාමාවස‍්සුතා තලමට‍්ඨඤ‍්ච සුද‍්ධිකා, වස‍්සං වුත්‍ථා ච ඔවාදං නානුබන්‍ධෙ පවත‍්තිනිං.

15. අධක්ඛකය ද ගාමන්තරගමනය ද අවස්සුතය ද තලඝාතය ද ඡතුමට්ටය ද උදකසුද්ධිය ද වස්සංවුත්‍ථය ද ඕවාද අගමනය ද නානුබන්‍ධපවත්තිනිය දැයි,

16. ඡසත‍්තති ඉමෙ සික‍්ඛා කායමානසිකා කතා, සබ‍්බෙ එකසමුට‍්ඨානා පඨමං පාරාජිකං යථා.

16. මේ සසැත්තෑ සිඛයෝ කායචිත්තසමුට්ඨානිකයෝ කරණලදහ. (මේ) සියලු සිකපදයෝ ප්‍රථම පාරාජිකය මෙන් එක් සමුට්ඨානයක් ඇත්තෝ වෙත්.

පඨමපාරාජිකසමුට‍්ඨානං නිට‍්ඨිතං.

පඨම පාරාජික සමුට්ඨානය නිමි.