16. කොධවග‍්ගො
[16. කොධවග‍්ගො]
[16. ක්‍රෝධ වර්‍ගය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
2. 16. 1-5.
2. 16. 1-5.
ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: කොධො ච උපනාහො ච -පෙ- මක‍්ඛො ච පලාසො ච - ඉස‍්සා ච මච‍්ඡරියඤ‍්ච - මායා ච සාඨෙය්‍යඤ‍්ච - අහිරිකඤ‍්ච අනොත‍්තප‍්පඤ‍්ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මා.
මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: ක්‍රෝධය හා උපනාහය හා යන දෙක ය. ... මක්ඛය හා පලාසය හා දෙකය. ... ඊර්‍ෂ්‍යාව හා මාත්සර්‍ය්‍යය හා දෙකය. ... මායාව හා සාඨෙය්‍ය හා දෙකය. ... අහිරිකය හා අනොත්තප්පය හා දෙකය. මහණෙනි, ධර්‍මයෝ දෙදෙනා යි.
2. 16. 6-10.
2. 16. 6-10.
ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: අක‍්කොධො ච අනුපනාහො ච -පෙ- අමක‍්ඛො ච අපලාසො ච - අනිස‍්සා ච අමච‍්ඡරියඤ‍්ච - අමායා ච අසාඨෙය්‍යඤ‍්ච - හිරි ච ඔත‍්තප‍්පඤ‍්ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මා.
මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: අක්‍රෝධය හා අනුපනාහය හා දෙක ය. ... අමක්ඛය හා අපලාසය හා දෙක ය. ... අනිස්සාව හා අමච්ඡරිය හා දෙක ය. ... අමායාව හා අසාඨෙය්‍ය හා දෙකය. ... හිරිය හා ඔත්තප්පය හා දෙක ය. මහණෙනි, ධර්‍මයෝ දෙදෙනා යි.
2. 16. 11-15.
2. 16. 11-15.
ද‍්වීහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො දුක‍්ඛං විහරති. කතමෙහි ද‍්වීහි: කොධෙන ච උපනාහෙන ච - මක‍්ඛෙන ච පලාසෙන ච - ඉස‍්සාය ච මච‍්ඡරියෙන ච - මායාය ච සාඨෙය්‍යෙන ච - අහිරිකෙන ච - අනොත‍්තප‍්පෙන ච - ඉමෙහි ඛො භික‍්ඛවෙ ද‍්වීහි ධම‍්මෙහි සමන‍්නාගතො දුක‍්ඛං විහරති.
මහණෙනි, මේ ධර්‍මයෝ දෙකෙකින් සමන්‍වාගත වූයේ දුක සේ වෙසෙයි. කවර දෙකෙකින යත්: ක්‍රෝධයෙන් හා උපනාහයෙන් හා දෙකෙනි. ... මක්ඛයෙන් හා පලාසයෙන් හා දෙකෙනි. ... ඊර්‍ෂ්‍යායෙන් හා මාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... මායාවෙන් හා සාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... අහිරිකයෙන් හා අනොත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්‍වාගත වූයේ දුක සේ වෙසේ යි.
2. 16. 16-20.
2. 16. 16-20.
ද‍්වීහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො සුඛං විහරති. කතමෙහි ද‍්වීහි: අක‍්කොධෙන ච අනුපනාහෙන ච - අමක‍්ඛෙන ච අපලාසෙන ච - අනිස‍්සාය ච අමච‍්ඡරියෙන ච - අමායාය ච අසාඨෙය්‍යෙන ච - හිරියා ච ඔත‍්තප‍්පෙන ච - ඉමෙහි ඛො භික‍්ඛවෙ ද‍්වීහි ධම‍්මෙහි සමන‍්නාගතො සුඛං විහරති.
මහණෙනි, මේ දහම් දෙකෙකින් සමන්‍වාගත වූයේ සුවසේ වෙසෙයි. කවර දෙකෙකින යත්: අක්‍රෝධයෙන් හා අනුපනාහයෙන් හා දෙකෙනි. ... අමක්ඛයෙන් හා අපලාසයෙන් හා දෙකෙනි. ... අනිර්‍ෂ්‍යායෙන් හා අමාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... අමායාවෙන් හා අසාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... හිරියෙන් හා ඔත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්‍වාගත වූයේ සුවසේ වෙසේ යී.
2. 16. 21-25.
2. 16. 21-25.
ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා සෙඛස‍්ස භික‍්ඛුනො පරිහානාය සංවත‍්තන‍්ති. කතමෙ ද‍්වෙ: කොධො ච උපනාහො ච - මක‍්ඛො ච පලාසො ච - ඉස‍්සා ච මච‍්ඡරියඤ‍්ච - මායා ච සාඨෙය්‍යඤ‍්ච - අහිරිකඤ‍්ච අනොත‍්තප‍්පඤ‍්ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මා සෙඛස‍්ස භික‍්ඛුනො පරිහානාය සංවත‍්තන‍්ති.
මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙනෙක් පවතිත්. කවර දෙදෙනෙක යත්: ක්‍රෝධය හා උපනාහය හා දෙකය. ... මක්ඛය හා පලාසය හා දෙක ය. ... ඊර්‍ෂ්‍යාව හා මාත්සර්‍ය්‍යය හා දෙක ය. ... මායාව හා සාඨෙය්‍ය හා දෙක ය. ... අහිරිකය හා අනොත්තප්පය හා දෙක ය. මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙන පවතිත්.
2. 16. 26-30.
2. 16. 26-30.
ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා සෙඛස‍්ස භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්ති. කතමෙ ද‍්වෙ: අක‍්කොධො ච අනුපනාහො ච - අමක‍්ඛො ච අපලාසො ච - අනිස‍්සා ච අමච‍්ඡරියඤ‍්ච - අමායා ච අසාඨෙය්‍යඤ‍්ච - හිරි ච ඔත‍්තප‍්පඤ‍්ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මා සෙඛස‍්ස භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්ති.
මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙනෙක් පවතිත්. කවර දෙදෙනෙක යත්: අක්‍රෝධය හා අනුපනාහය හා දෙක ය. ... අමක්ඛය හා අපලාසය හා දෙක ය. ... අනීර්‍ෂ්‍යාව හා අමාත්සර්‍ය්‍යය හා දෙකය. ... අමායාව හා අසාඨෙය්‍ය හා දෙක ය. ... හිරිය හා ඔත්තප්පය හා දෙක ය. මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙන පවතිත්.
2. 16. 31-35.
2. 16. 31-35.
ද‍්වීහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ. කතමෙහි ද‍්වීහි: කොධෙන ච උපනාහෙන ච - මක‍්ඛෙන ච පලාසෙන ච - ඉස‍්සාය ච මච‍්ඡරියෙන ච - මායාය ච සාඨෙය්‍යෙන ච - අහිරිකෙන ච අනොත‍්තප‍්පෙන ච. ඉමෙහි ඛො භික‍්ඛවෙ ද‍්වීහි ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.
මහණෙනි, ධර්‍මයෝ දෙකෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එසෙයින් නිරයෙහි වේ. කවර දෙකෙකින යත්: ක්‍රෝධයෙන් හා උපනාහයෙන් හා දෙකෙනි. ... මක්ඛයෙන් හා පලාසයෙන් හා දෙකෙනි. ... ඊර්‍ෂ්‍යායෙන් හා මාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... මායාවෙන් හා සාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... අහිරිකයෙන් හා අනොත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එසෙයින් නිරයෙහි වේ.
2. 16. 36-40.
2. 16. 36-40.
ද‍්වීහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙ. කතමෙහි ද‍්වීහි: අක‍්කොධෙන ච අනුපනාහෙන ච - අමක‍්ඛෙන ච අපලාසෙන ච - අනිස‍්සාය ච අමච‍්ඡරියෙන ච - අමායාය ච අසාඨෙය්‍යෙන ච - හිරියා ච ඔත‍්තප‍්පෙන ච. ඉමෙහි ඛො භික‍්ඛවෙ ද‍්වීහි ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙති.
මහණෙනි, ධර්‍මයෝ දෙකෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි ය. කවර දෙකෙකින යත්: අක්‍රෝධයෙන් හා අනුපනාහයෙන් හා දෙකෙනි. ... අමක්ඛයෙන් හා අපලාසයෙන් හා දෙකෙනි. ... අනීර්‍ෂ්‍යායෙන් හා අමාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... අමායාවෙන් හා අසාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... හිරියෙන් හා ඔත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි වේ.
2. 16. 41-45.
2. 16. 41-45.
ද‍්වීහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො ඉධෙකච‍්චො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති. කතමෙහි ද‍්වීහි: කොධෙන ච උපනාහෙන ච - මක‍්ඛෙන ච පලාසෙන ච - ඉස‍්සාය ච මච‍්ඡරියෙන ච - මායාය ච සාඨෙය්‍යෙන ච - අහිරිකෙන ච අනොත‍්තප‍්පෙන ච. ඉමෙහි ඛො භික‍්ඛවෙ ද‍්වීහි ධම‍්මෙහි සමන‍්නාගතො ඉධෙකච‍්චො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති.
මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් දහම් දෙකෙකින් සමන්‍වාගත වූයේ කාබුන් මරණින් මතු අපාය නම් වූ, දුගති නම් වූ, විනිපාත නම් වූ නිරයට (පටිසන්‍ධි විසින්) පැමිණේ. කවර දෙකෙකින යත්: ක්‍රෝධයෙන් හා උපනාහයෙන් හා දෙකෙනි. ... මක්ඛයෙන් හා පලාසයෙන් හා දෙකෙනි. ... ඊර්‍ෂ්‍යායෙන් හා මාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... මායාවෙන් හා සාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... අහිරිකයෙන් හා අනොත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් මේ දහම් දෙකින් සමන්‍වාගත වූයේ කාබුන් මරණින් මතු අපාය නම් වූ, දුගති නම් වූ නිරයට (පටිසන්‍ධි විසින්) පැමිණේ.
2. 16. 46-50.
2. 16. 46-50.
ද‍්වීහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො ඉධෙකච‍්චො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. කතමෙහි ද‍්වීහි? අක‍්කොධෙන ච අනුපනාහෙන ච - අමක‍්ඛෙන ච අපලාසෙන ච - අනිස‍්සාය ච අමච‍්ඡරියෙන ච - අමායාය ච අසාඨෙය්‍යෙන ච - හිරියා ච ඔත‍්තප‍්පෙන ච. ඉමෙහි ඛො භික‍්ඛවෙ ද‍්වීහි ධම‍්මෙහි සමන‍්නාගතො ඉධෙකච‍්චො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති”.
මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් දහම් දෙකෙකින් සමන්‍වාගත වූයේ කාබුන් මරණින් මතු සුගති නම් වූ, ස්වර්‍ගලෝකයට (පටිසන්‍ධි විසින්) පැමිණේ. කවර දෙකෙකින යත්: අක්‍රෝධයෙන් හා අනුපනාහයෙන් හා දෙකෙනි. ... අමක්ඛයෙන් හා අපලාසයෙන් හා දෙකෙනි. ... අනීර්‍ෂ්‍යායෙන් හා අමාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... අමායාවෙන් හා අසාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... හිරියෙන් හා ඔත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් දහම් දෙකින් සමන්‍වාගත වූයේ කාබුන් මරණින් මතු සුගති නම් වූ, ස්වර්‍ගලෝකයට (පටිසන්‍ධි විසින්) පැමිණේ.
වග‍්ගො සොළසමො.
සොළොස්වන වග යි.