යෙදුමෙන් කියවන්න

9. නවමනයො සම‍්පයුත‍්තෙනසම‍්පයුත‍්තපදවණ‍්ණනා අට‍්ඨකථා

9. නවමනයො සම‍්පයුත‍්තෙනසම‍්පයුත‍්තපදවණ‍්ණනා

9. සම්ප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත පද වර්ණනාව

ඉදානි සම‍්පයුත‍්තෙනසම‍්පයුත‍්තපදං භාජෙතුං වෙදනාක‍්ඛන්‍ධෙනාතිආදි ආරද‍්ධං. තත්‍ථ යං ඛන්‍ධාදිවසෙන සම‍්පයුත‍්තං, පුන තස‍්සෙව ඛන්‍ධාදීහි සම‍්පයොගං පුච‍්ඡිත්‍වා විස‍්සජ‍්ජනං කතං. තං රූපෙන වා රූපමිස‍්සකෙහි වා සබ‍්බරූපක‍්ඛන්‍ධසඞ‍්ගාහකෙහි වා පදෙහි සද‍්ධිං න යුජ‍්ජති. රූපෙන හි රූපමිස‍්සකෙන වා අඤ‍්ඤෙසං සම‍්පයොගො නත්‍ථි. සබ‍්බරූපක‍්ඛන්‍ධසඞ‍්ගාහකෙහි සබ‍්බෙසං සම‍්පයොගාරහානං ඛන්‍ධාදීනං ගහිතත‍්තා අඤ‍්ඤංයෙව නත්‍ථි, යං තෙන සහ සම‍්පයොගං ගච‍්ඡෙය්‍ය. තස‍්මා තථාරූපානි පදානි ඉධ න ගහිතානි. යානි පන පදානි රූපෙන අසම‍්මිස‍්සං අරූපෙකදෙසං දීපෙන‍්ති, තානි ඉධ ගහිතානි. තෙසං ඉදමුද‍්දානං –

දැන් සම්ප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත පද බෙදීමට වෙදනක්‍ඛන්‍ධෙන යනාදිය අරඹන ලදී. එහි ස්කන්‍ධාදි වශයෙන් යම් පදයක් සම්ප්‍රයුක්තය. නැවත එහිම ස්කන්ධාදියෙන් සම්ප්‍රයෝගය අසා විසඳන ලදී. එය රූපයෙන් හෝ රූප මිශ්‍රකයෙන් හෝ සියළු රූපස්කන්‍ධ ග්‍රාහක පදවලින් හෝ නොයෙදේ. රූපයෙන් වනාහි රූප මිශ්‍රනයෙන් හෝ අනිකකගේ සම්ප්‍රයෝගයක් නැත. සියළු රූපස්කන්‍ධ සංග්‍රාහකවලින් සම්ප්‍රයෝගයට සුදුසු සියළු ස්කන්‍ධාදීන්ගේ ගැනීම වූ හෙයින් අනිකක් නැත. එය සමග සම්ප්‍රයෝගයට යම් පදයක් යන්නේ නම් එබඳු වූ පද මෙහි නොගන්නා ලදී. රූපයෙන් අසම්මිශ්‍ර පද අරූපයේ ඒකදෝසයක් පෙන්වයි. ඒවා මෙහි ගන්නා ලදී. ඒවායේ උදානය මෙසේය.

“අරූපක‍්ඛන්‍ධා චත‍්තාරො, මනායතනමෙව ච; විඤ‍්ඤාණධාතුයො සත‍්ත, ද‍්වෙ සච‍්චා චුද‍්දසින්‍ද්‍රියා.

අරූ කඳ සතරය - මන ආයතන එකමය විනැණ දා සත වේ - දෙ සස් ඉඳුරන් තුදුසය

“පච‍්චයෙ ද‍්වාදස පදා, තතො උපරි සොළස; තිකෙසු අට‍්ඨ ගොච‍්ඡකෙ, තෙචත‍්තාලීසමෙව ච.

පිළිසුපා දොළොස - එයින් පසු වන සොළොසය තිකයෙහි අටපදය - පොකුරෙහි තෙ සාළිස් පද

“මහන‍්තරදුකෙ සත‍්ත, පදා පිට‍්ඨිදුකෙසු ඡ; නවමස‍්ස පදස‍්සෙතෙ, නිද‍්දෙසෙ සඞ‍්ගහං ගතා”ති.

මහතර දුකෙහි සත් - පද පිටදුකෙහි සය පද මෙම නිදසයෙහි පද - ගියේ නවයකි සඟරා

සබ‍්බපඤ‍්හෙසු පන යෙ ධම‍්මා පුච‍්ඡාය උද‍්ධටා, තෙ යෙහි සම‍්පයුත‍්තා හොන‍්ති, තෙසං වසෙන ඛන්‍ධාදිභෙදො වෙදිතබ‍්බො . වෙදනාක‍්ඛන්‍ධෙන හි ඉතරෙ තයො ඛන්‍ධා සම‍්පයුත‍්තා, පුන තෙහි වෙදනාක‍්ඛන්‍ධො සම‍්පයුත‍්තො. සො තෙහි සඤ‍්ඤාදීහි තීහි ඛන්‍ධෙහි, එකෙන මනායතනෙන, සත‍්තහි විඤ‍්ඤාණධාතූහි, එකස‍්මිං ධම‍්මායතනෙ, ධම‍්මධාතුයා ච, කෙහිචි සඤ‍්ඤාසඞ‍්ඛාරෙහෙව සම‍්පයුත‍්තො. එසෙව නයො සබ‍්බත්‍ථාති.

සියළු ප්‍රශ්නවල ප්‍රශ්නයෙන් යම් ධර්මයක් උපුටන ලද නම් ඒවාම සම්ප්‍රයුක්ත වේ. ඒවායේ හැටියට ස්කන්‍ධාදි භේදය දතයුතුය. ඉතිරි ස්කන්‍ධ තුන වේදනා ස්කන්‍ධයෙන් සම්ප්‍රයුක්තය. නැවත ඒවායින් වේදනා ස්කන්‍ධය සම්ප්‍රයුක්තය. එය ඒ සංඥාදියෙන් ස්කන්‍ධ තුනෙන් එක් මනායතනයෙන් විඤ්ඤාණ ධාතු සතෙන් එක් ධම්මායතනයෙහි ධම්ම ධාතුවෙන් ද කිසියම් සංඥා සංස්කාරවලින්ම සම්ප්‍රයුක්ත වේ. සියළු තැන්හි මෙම නයම වේ.

සම‍්පයුත‍්තෙනසම‍්පයුත‍්තපදවණ‍්ණනා.

සම්ප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත පද නිමා විය.