යෙදුමෙන් කියවන්න

අනුලොමපච‍්චනීයවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

අනුලොමපච‍්චනීයවණ‍්ණනා

අනුලෝම පච්චනීය වර්ණනාව

අනුලොමපච‍්චනීයෙ “හෙතුයා සත‍්ත, ආරම‍්මණෙ නවා”ති එවං අනුලොමෙ “නහෙතුයා පන‍්නරස, නාරම‍්මණෙ පන‍්නරසා”ති එවං පච‍්චනීයෙ ච ලද‍්ධගණනෙසු පච‍්චයෙසු යො පච‍්චයො අනුලොමතො ඨිතො, තස‍්ස අනුලොමෙ ලද‍්ධවාරෙහි සද‍්ධිං යෙ පච‍්චනීයතො ඨිතස‍්ස පච‍්චනීයෙ ලද‍්ධවාරෙසු සදිසවාරා, තෙසං වසෙන ගණනා වෙදිතබ‍්බා. අනුලොමස‍්මිඤ‍්හි හෙතුපච‍්චයෙ “හෙතුයා සත‍්තා”ති සත‍්ත වාරා ලද‍්ධා, පච‍්චනීයෙ නාරම‍්මණපච‍්චයෙ “නාරම‍්මණෙ පන‍්නරසා”ති පන‍්නරස ලද‍්ධා. තෙසු යෙ හෙතුයා සත‍්ත වුත‍්තා, තෙහි සද‍්ධිං නාරම‍්මණෙ වුත‍්තෙසු පන‍්නරසසු “කුසලො කුසලස‍්ස, අබ්‍යාකතස‍්ස, කුසලාබ්‍යාකතස‍්ස, අකුසලො අකුසලස‍්ස, අබ්‍යාකතස‍්ස, අකුසලාබ්‍යාකතස‍්ස, අබ්‍යාකතො අබ්‍යාකතස‍්සා”ති ඉමෙ සත‍්ත සදිසා. තෙ සන්‍ධාය හෙතුපච‍්චයා නආරම‍්මණෙ සත‍්තාති වුත‍්තං. නඅධිපතියා සත‍්තාතිආදීසුපි එසෙව නයො.

අනුලෝම පච්චනීයෙහි ‘හේතුවෙහි සහ අරමුණෙහි නවය’ මෙසේ අනුලෝමයෙහි ‘නහෙතුවෙහි පසළොස නාරම්මණයෙහි පසළොස’ යයි මෙසේ පච්චනීයෙහි ලැබූ පච්චය ගණන්වල යම් පච්චයක් අනුලෝම වශයෙන් සිටීද එහි අනුලෝමයෙහි ලැබූ වාර සමග යම් පච්චනීයෙන් සිටි පච්චනීයේ ලැබූ වාරවල සමාන වාර ඒවායේ වශයෙන් ගණන දතයුතුය. අනුලෝමයෙහි හේතු පච්චයේ හේතුවෙහි සත යයි වාර හතක් ලබන ලදි. පච්චනීයෙහි නාරම්මණ පච්චයෙහි නාරම්මණයෙහි පසළොස යයි පසළොස ලැබීය. ඒවායින් හේතුවෙහි සත යයි කියන ලද ඒවා සමග නාරම්මණයෙහි කියන ලද පසළොසෙහි කුසලය කුසලයට අබ්‍යාකතයට කුසලාබ්‍යාකතයට අකුසලය අකුසලයට අබ්‍යාකතයට අකුසලාබ්‍යාකතයට අබ්‍යාකතය අබ්‍යාකතයටදැයි මේ සත හා සමානය. ඒවා සඳහා හෙතුපච්චයා නාරම්මණ සත්තාති වුත්තං නාධිපතියා සත්තනි යනාදියෙහි ද මෙම නයම වේ.

නසහජාතස‍්ස පන හෙතුපච‍්චයස‍්ස අභාවා නසහජාතෙ එකොපි න ලබ‍්භති, තස‍්මා තෙන සද‍්ධිං යොජනා න කතා. නඅඤ‍්ඤමඤ‍්ඤෙ කුසලාදයො තයො රූපාබ්‍යාකතස‍්ස ලබ‍්භන‍්ති, තෙ සන්‍ධාය තීණීති වුත‍්තං. තථා නසම‍්පයුත‍්තෙ. නවිප‍්පයුත‍්තෙ පන කුසලං කුසලස‍්ස, අකුසලං අකුසලස‍්ස, අබ්‍යාකතං අබ්‍යාකතස‍්සාති අරූපධම‍්මවසෙන තීණි වෙදිතබ‍්බානි. නනිස‍්සයනොඅත්‍ථිනොඅවිගතා නසහජාතො විය න ලබ‍්භන‍්තියෙවාති තෙහිපි සද‍්ධිං යොජනා න කතා. එවමෙත්‍ථ සත‍්ත තීණීති ද‍්වෙයෙව ගණනපරිච‍්ඡෙදා, තෙසං වසෙන ඌනතරගණනෙන සද‍්ධිං අතිරෙකගණනස‍්සපි ගණනං පරිහාපෙත්‍වා පච‍්චයඝටනෙසු ගණනා වෙදිතබ‍්බා.

න සහජාතයට වනාහි හේතු පච්චයේ අභාවයෙන් න සහජාතයෙහි එකක්වත් නොලැබේ. එහෙයින් එය සමග යෙදීම නොකළේය. න අඤ්ඤමඤ්ඤ කුසලාදි තුන රූපාබ්‍යාකතයට ලැබේ. ඒවා සඳහා තීණක යයි කියන ලදි. න සම්පයුත්තයෙහිද එසේය. න විප්පයුත්තයෙහි වනාහි කුසලය කුසලයට අකුසලය අකුසලයට, අබ්‍යාකතය අබ්‍යාකතයටද අරූප ධර්ම වශයෙන් තුන දතයුතුය. න හිස්සයට අත්‍ථයට අවිගත නාසහජාත මෙන් නොලැබේ යයි ඒවා සමග යෙදීම නො කළේය. මෙසේ මෙහි සත තුන දෙක ගණන වේ. ඒවායේ වශයෙන් අඩු ගණන සමග අතිරේක ගණනේ ද ගණන පිරිහෙළා පච්චය ගැටීම්වල ගණන දතයුතුය.

තත්‍ථ හෙතුසහජාතනිස‍්සයඅත්‍ථිඅවිගතන‍්ති නාරම‍්මණෙ සත‍්තාති කුසලො ධම‍්මො කුසලස‍්ස ධම‍්මස‍්ස හෙතුපච‍්චයෙන පච‍්චයො, සහජාතනිස‍්සයඅත්‍ථිඅවිගතපච‍්චයෙන පච‍්චයො, නාරම‍්මණපච‍්චයෙන පච‍්චයො. කුසලා හෙතූ සම‍්පයුත‍්තකානං ඛන්‍ධානං හෙතුපච‍්චයෙන පච‍්චයො, සහජාතනිස‍්සයඅත්‍ථිඅවිගතපච‍්චයෙන පච‍්චයො, නාරම‍්මණපච‍්චයෙන පච‍්චයොති ඉමිනා නයෙන සත‍්ත වාරා උද‍්ධරිතබ‍්බා. නාධිපතියා සත‍්තාතිආදීසුපි එසෙව නයො. දුතියෙ ඝටනෙ අඤ‍්ඤමඤ‍්ඤස‍්ස පවිට‍්ඨත‍්තා ඨපෙත්‍වා නසම‍්පයුත‍්තං සෙසෙසු තීණීති වුත‍්තං. නසම‍්පයුත‍්තෙ පන අඤ‍්ඤමඤ‍්ඤවිප‍්පයුත‍්තං පටිසන්‍ධිනාමරූපං සන්‍ධාය එකන‍්ති වුත‍්තං. අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයො චෙත්‍ථ අනුලොමඝටනෙ පවිට‍්ඨත‍්තා පච‍්චනීයතො න ලබ‍්භති, තස‍්මා “නඅඤ‍්ඤමඤ‍්ඤෙ”ති න වුත‍්තං. යථා චෙත්‍ථ, එවං සෙසඝටනෙසුපි පවිට‍්ඨපච‍්චයා පච‍්චනීයතො න ලබ‍්භන‍්තීති න වුත‍්තා. තතියඝටනෙ සම‍්පයුත‍්තස‍්ස පවිට‍්ඨත‍්තා සබ‍්බත්‍ථ තීණියෙව. චතුත්‍ථඝටනෙ විප‍්පයුත‍්තස‍්ස පවිට‍්ඨත‍්තා තීණි කුසලාදීනි චිත‍්තසමුට‍්ඨානරූපස‍්ස. පඤ‍්චමෙ විපාකස‍්ස පවිට‍්ඨත‍්තා සබ‍්බත්‍ථ එකං අබ්‍යාකතෙන අබ්‍යාකතං. ඉතො පරෙසුපි විපාකසම‍්පයුත‍්තෙසු එසෙව නයො.

එහි හෙතු සහජාත නිස්සය අත්‍ථි අවිගතංති නාරම්මණෙ සත්ත යයි ‘කුසල ධර්මය කුසල ධර්මයට හේතු පච්චයෙන් පච්චය වේ. නාරම්මණ පච්චයෙන් පච්චය වේ. කුසල හේතු සම්පයුත්ත ස්කන්ධයන්ට හේතු පච්චයෙන් පච්චය වේ. සහජාත නිස්සය අත්‍ථි අවිගත පච්චයෙන් පච්චය වේ. නාරම්මණ පච්චයෙන් පච්චය වේ’ යයි මෙම නයින් සත් වාරයෙහි ඉදිරිය යුතුය. නාධිපතියා සත්ත යනාදියෙහි ද මෙම නයම වේ. දෙවන ගැටුමෙහි අඤ්ඤමඤ්ඤයට න සම්පයුත්ත හැර පිවිසි බව සෙසු තුන යයි කියන ලදි. න සම්පයුත්තයෙහි වනාහි අඤ්ඤමඤ්ඤ විප්පයුත්තය ප්‍රතිසන්ධි නම් රූපය සඳහා එකං යයි කියන ලදි. මෙහි අඤ්ඤමඤ්ඤ පච්චයද අනුලෝම ගැටුමෙහි පිවිසි බැවින් පච්චනීයෙන් නොලබයි. එහෙයින් න අඤ්ඤමඤ්ඤෙ යයි නො කියන ලදි. මෙහි යම්සේ ද මෙසේ සෙසු ගැටුම්වලද පිවිසි පච්චය පච්චනීයෙන් නොලබයි නොකියන ලදි. තෙවන ගැටුමෙහි සම්පයුත්තයට පිවිසි බැවින් සියලු තැන තුනම වේ. සිව්වන ගැටුමෙහි විප්පයුත්තයට පිවිසි බැවින් කුසලාදි තුන චිත්ත සමුට්ඨාන රූපයට. පහේ විපාකයට පිවිසි බැවින් සියළු තැන එක අබ්‍යාකතයෙන් අබ්‍යාකතය. මෙයින් පසුවද විපාක සම්පයුත්තවල මෙම නයම වේ.

හෙතුසහජාතනිස‍්සයඉන්‍ද්‍රියමග‍්ගඅත්‍ථිඅවිගතන‍්ති නාරම‍්මණෙ චත‍්තාරීති කුසලො කුසලස‍්ස, අබ්‍යාකතස‍්ස, කුසලාබ්‍යාකතස‍්ස; අබ්‍යාකතො අබ්‍යාකතස‍්සාති ඉමෙසං වසෙන වෙදිතබ‍්බානි. සෙසෙසුපි එසෙව නයො. නඅඤ‍්ඤමඤ‍්ඤෙ ද‍්වෙති කුසලො අබ්‍යාකතස‍්ස, තථා අබ්‍යාකතො. පරතොපි ද‍්වීසු එසෙව නයො. ඉමිනා උපායෙන සබ‍්බඝටනෙසු ලබ‍්භමානවසෙන ගණනා වෙදිතබ‍්බා. සබ‍්බානිපි චෙතානි ඉමස‍්මිං අනුලොමපච‍්චනීයෙ සහජාතවසෙන චෙව පකිණ‍්ණකවසෙන ච පන‍්නරසාධිකානි චත‍්තාරි ඝටනසතානි වුත‍්තානි. තෙසු තස‍්මිං තස‍්මිං ඝටනෙ යෙ අනුලොමතො ඨිතා පච‍්චයා, තෙසං එකොපි පච‍්චනීයතො න ලබ‍්භති. හෙතුමූලකෙ චෙත්‍ථ පඨමෙ ඝටනෙ අනුලොමතො පඤ‍්චන‍්නං පච‍්චයානං ඨිතත‍්තා පච‍්චනීයතො එකූනවීසති පච‍්චයා ආගතා. එවං සෙසෙසුපි අනුලොමතො ඨිතාවසෙසා පච‍්චනීයතො ආගතා. අනුලොමතො චෙත්‍ථ බහූසුපි ඨිතෙසු පච‍්චනීයතො එකෙකොව ආගතොති වෙදිතබ‍්බො. යථා ච හෙතුමූලකෙ, එවං ආරම‍්මණාදිමූලකෙසුපි සබ‍්බමෙතං විධානං යථානුරූපතො වෙදිතබ‍්බන‍්ති.

හෙතු සහජාත නිස්සය ඉන්‍ද්‍රිය මග්ග අත්‍ථි අවිගතන්ති නාරම්මණෙ චත්තාරි කුසලය කුසලයට, අබ්‍යාකතයට, කුසලාබ්‍යාකතයට, අබ්‍යාකතය අබ්‍යාකතයට යන මේවායේ වශයෙන් දතයුතුය. සෙස්සෙහි ද මෙම නය වේ. මෙම උපායෙන් සියළු ගැටුම්වල ලැබීම් වශයෙන් ගණන දතයුතුය. සියළුම චේතනා මේ අනුලෝම පච්චනීයෙහි සහජාත වශයෙන් ද ප්‍රකීර්ණක වශයෙන්ද ගැටුම් හාරසිය පසළොසක් කියන ලදි. ඒවායෙහි ඒ ඒ ගැටුමෙහි යමක් අනුලෝම වශයෙන් පච්චය සිටියේ ද ඒවායේ එකකුදු පච්චනීයෙන් නොලබයි. හේතු මූලකයෙහිද පළමු ගැටුමේ අනුලෝමයෙන් පච්චය පහක් සිටි බැවින් පච්චනීයෙන් එකුන් විසි පච්චය ආවේය. මෙසේ සෙස්සෙහි ද අනුලෝමයෙන් සිටි අවසේසා පච්චනීයෙන් ආවේය. මෙහි අනුලෝමයෙන් බොහෝ සිටිකල්හි පච්චනීයෙන් එක එකම ආවේයයි දතයුතුය. හේතු මූලකයෙහි යම්සේද ආරම්මණ මූලක ආදියෙහිද එසේම සියළු මේ විධාන යථානුරූපව දතයුතුය.

අනුලොමපච‍්චනීයවණ‍්ණනා.

අනුලෝම පච්චනීය නිමි.

පච‍්චනීයානුලොමවණ‍්ණනා

පච්චනීයානුලෝම වර්ණනාව

පච‍්චනීයානුලොමෙපි “හෙතුයා සත‍්ත, ආරම‍්මණෙ නවා”ති එවං අනුලොමෙ “නහෙතුයා පන‍්නරස, නාරම‍්මණෙ පන‍්නරසා”ති එවං පච‍්චනීයෙ ච ලද‍්ධගණනෙසු පච‍්චයෙසු යො පච‍්චනීයතො ඨිතො, තස‍්ස පච‍්චනීයතො ලද‍්ධවාරෙසු යෙ අනුලොමතො ඨිතස‍්ස අනුලොමතො ලද‍්ධවාරෙහි සදිසා වාරා, තෙසං වසෙන ගණනා වෙදිතබ‍්බා. පච‍්චනීයස‍්මිඤ‍්හි නහෙතුපච‍්චයෙ “නහෙතුයා පන‍්නරසා”ති පන‍්නරස වාරා ලද‍්ධා, අනුලොමෙ ආරම‍්මණපච‍්චයෙ “ආරම‍්මණෙ නවා”ති නව වාරා ලද‍්ධා. තත්‍ථ යෙ නහෙතුයා පන‍්නරස වුත‍්තා, තෙසු යෙ වාරා ආරම‍්මණෙ වුත‍්තෙහි නවහි සදිසා, තෙසං වසෙන ගණනා වෙදිතබ‍්බා. තත්‍ථ යෙ ආරම‍්මණෙ නව වුත‍්තා, තෙ නහෙතුයා වුත‍්තෙසු පන‍්නරසසු කුසලො “කුසලාකුසලාබ්‍යාකතානං, අකුසලො අකුසලකුසලාබ්‍යාකතානං, අබ්‍යාකතො අබ්‍යාකතකුසලාකුසලාන”න‍්ති ඉමෙහි නවහි සදිසා, තෙ සන්‍ධාය නහෙතුයා ආරම‍්මණෙ නවාති වුත‍්තං. අධිපතියා දසාතිආදීසුපි එසෙව නයො. ආරම‍්මණාදීනඤ‍්හි අනුලොමගණනාය යෙ වාරා වුත‍්තා නහෙතුපච‍්චයෙන සද‍්ධිං සංසන්‍දනෙපි තෙ සබ‍්බෙ ලබ‍්භන‍්තීති වෙදිතබ‍්බා. “කුසලො ධම‍්මො කුසලස‍්ස ධම‍්මස‍්ස නහෙතුපච‍්චයෙන පච‍්චයො ආරම‍්මණපච‍්චයෙන පච‍්චයො, දානං දත්‍වා සීලං සමාදියිත්‍වා උපොසථකම‍්මං කත්‍වා තං පච‍්චවෙක‍්ඛති, පුබ‍්බෙ සුචිණ‍්ණානි පච‍්චවෙක‍්ඛතී”ති ඉමිනා උපායෙන තෙසං පාළි උද‍්ධරිතබ‍්බා.

පච්චනීයානුලෝමයෙහි ද ‘හේතුවෙහි සහ අරමුණෙහි නවය’ යයි මෙසේ අනුලෝමයෙහි ‘න හේතුවේ පසළොස, නාරම්මණයෙහි පසළොස’ යයි මෙසේ පච්චනීයෙහි ද පච්චයවල ලැබූ ගණන්වල යමක් පච්චනීයෙහි සිටියේද එය පච්චනීයෙන් ලැබූ වාරවල යමෙක් අනුලෝමයෙන් සිටි විට අනුලෝමයෙන් ලැබූ වාරවලින් සමාන වාර වේ. ඒවායේ වශයෙන් ගණන දතයුතුය. පච්චනීයෙහි නහෙතු පච්චයෙහි න හේතුවේ සතළොස යයි පසළොස්වාර ලැබීය. අනුලෝමයෙහි ආරම්මණ පච්චයෙහි ආරම්මණයෙහි නවය යයි නව වාර ලැබීය. එහි යමෙක් නහෙතුවේ පසළොස කියන ලදි. ඒවායෙහි යමෙක් නව වාර ආරම්මණයෙහි කියන ලද බැවින් නවයෙන් සමාන වේ. ඒවායේ වශයෙන් ගණන දතයුතුය. එහි යමෙක් ආරම්මණයෙහි නවය කියන ලද්දේද එයින් හේතුවෙන් කියන ලද පසළොසෙහි කුසලය කුසලය අකුසල අබ්‍යාකතවලට, අකුසලය අකුසල කුසල අබ්‍යාකතවලට, අබ්‍යාකතය අබ්‍යාකත කුසල අකුසලවලට යයි මේ නවයෙන් සමානය. ඒවා සඳහා න හෙතුයා ආරම්මණෙ නවා යයි කියන ලදි. අධිපතියා දසා ආදියෙහි ද මෙම නය වේ. ආරම්මණාදියෙහි අනුලෝම ගණනින් යම් වාර කියන ලදද, න හෙතු පච්චය සමග සැසඳීමෙන් ද ඒ සියල්ල ලැබේ යයි දතයුතුය. ‘කුසල ධම්මය කුසල ධම්මයට නහෙතු පච්චයෙන් පච්චය වේ. ආරම්මණ පච්චයෙන් පච්චය වේ. දන් දී සිල් සමාදන් වී පෙහෙවස් රැක එය ප්‍රත්‍යවේක්‍ෂා කරයි. පෙර යහපත් පුරුදු ප්‍රත්‍යවේක්‍ෂා කෙරේ යයි මේ උපායෙන් ඒවායේ පෙළ ඉදිරිය යුතුය.

නහෙතුපච‍්චයා අධිපතියා දසාති එත්‍ථ ඨපෙත්‍වා වීමංසාධිපතිං සෙසාධිපතිවසෙන අනුලොමවිභඞ‍්ගෙ ආගතවාරා උද‍්ධරිතබ‍්බා. එවමෙත්‍ථ නව දසසත‍්තතීණිතෙරසඑකන‍්ති ඡ ගණනපරිච‍්ඡෙදා, තෙසං වසෙන ඌනතරගණනෙන සද‍්ධිං අතිරෙකගණනස‍්සාපි ගණනං පරිහාපෙත්‍වා නහෙතුමූලකාදීනං නයානං තිමූලකාදීසු සබ‍්බසංසන්‍දනෙසු ගණනා වෙදිතබ‍්බා. ඉදං තාව සාධාරණලක‍්ඛණං . න පනෙතං සබ‍්බසංසන්‍දනෙසු ගච‍්ඡති, යෙහි පන පච‍්චයෙහි සද‍්ධිං යෙසං පච‍්චයානං සංසන්‍දනෙ යෙ වාරා විරුජ‍්ඣන‍්ති, තෙ අපනෙත්‍වා අවසෙසානං වසෙනපෙත්‍ථ ගණනා වෙදිතබ‍්බා.

න හෙතු පච්චය අධිපතියා දස මෙහි වීමංසාධිපති හැර සෙසු අධිපති වශයෙන් අනුලෝම විභංගයෙහි ආ වාර ඉදිරිය යුතුය. මෙසේ මෙහි නවය, දහය, හත, තුන, තෙළෙස, එක යයි ගණන සයකි. ඒවායේ වශයෙන් අඩුතම ගණන සමග අතිරේක ගණනේ ද ගණන අඩුකර නහේතු මූලකාදි නයේ තිමූලකාදියේ සියළු සසැඳීම්වල ගණන දතයුතුය. මෙය සාධාරණ ලක්‍ෂණය. මෙය සියළු සැසඳීම්වල නොවේ. යම් පච්චය සමග යම් පච්චයවල සැසඳීමේ යම් වාර විරුද්ධ වේද, ඒවා ඉවත්කර අවසේසයන්ගේ වශයෙන් මෙහි ගණන දතයුතුය.

නහෙතුපච‍්චයා නආරම‍්මණපච‍්චයා අධිපතියා සත‍්තාති එත්‍ථ හි කුසලො අකුසලස‍්ස; අබ්‍යාකතො කුසලස‍්ස, අකුසලස‍්සාති ඉමෙ ආරම‍්මණාධිපතිවසෙන ලබ‍්භමානා තයො වාරා විරුජ‍්ඣන‍්ති. කස‍්මා? නආරම‍්මණපච‍්චයාති වුත‍්තත‍්තා. තස‍්මා තෙ අපනෙත්‍වා සහජාතාධිපතිනයෙනෙවෙත්‍ථ “කුසලො කුසලස‍්ස, අබ්‍යාකතස‍්ස, කුසලාබ්‍යාකතස‍්ස; අකුසලො අකුසලස‍්ස, අබ්‍යාකතස‍්ස, අකුසලාබ්‍යාකතස‍්ස; අබ්‍යාකතො අබ්‍යාකතස‍්සා”ති සත‍්ත වාරා වෙදිතබ‍්බා. තෙපි නහෙතුපච‍්චයාති වචනතො ඨපෙත්‍වා වීමංසාධිපතිං සෙසාධිපතීනං වසෙන. එවං සබ‍්බත්‍ථ ඌනතරගණනපච‍්චයවසෙන අවිරුජ‍්ඣමානගණනවසෙන ච ගණනා වෙදිතබ‍්බා.

න හෙතු පච්චයා නාරම්මණ පච්චයා අධිපති පච්චයා සත්ත මෙහි කුසලය අකුසලයට, අබ්‍යාකතය කුසලයට අකුසලයට යයි මේ ආරම්මණාධිපති වශයෙන් ලබන තුන්වාරය විරුද්ධ වේ. කවර හෙයින්ද? නාරම්මණ පච්චය යයි කියන ලද බැවිනි. එහෙයින් ඒවා ඉවත්කර මෙහි සහජාතාධිපති නයෙන් කුසලයට කුසලයට, අබ්‍යාකතයට, කුසලබ්‍යාකතයට, අකුසලය අකුසලයට, අබ්‍යාකතයට, අකුසලාබ්‍යාකතයට, අබ්‍යාකතය අබ්‍යාකතයට යයි සත්වාරය දතයුතුය. ඒවා ද නහෙතු පච්චයා යයි වචනයෙන් වීමංසාධිපති හැර සෙසු අධිපතීන්ගේ වශයෙන්. මෙසේ සියළු තැන ඌනතර ගණන පච්චය වශයෙන් ද අවිරුද්ධ ගණන වශයෙන්ද ගණන දතයුතුය.

යෙසු ච පච‍්චයෙසු පච‍්චනීයතො ඨිතෙසු යෙ අනුලොමතො න තිට‍්ඨන‍්ති, තෙපි වෙදිතබ‍්බා. සෙය්‍යථිදං – අනන‍්තරෙ පච‍්චනීයතො ඨිතෙ සමනන‍්තරාසෙවනනත්‍ථිවිගතා අනුලොමතො න තිට‍්ඨන‍්ති, සහජාතෙ පච‍්චනීයතො ඨිතෙ හෙතුඅඤ‍්ඤමඤ‍්ඤවිපාකඣානමග‍්ගසම‍්පයුත‍්තා අනුලොමතො න තිට‍්ඨන‍්ති, නිස‍්සයෙ පච‍්චනීයතො ඨිතෙ වත්‍ථුපුරෙජාතො අනුලොමතො න තිට‍්ඨති. ආහාරෙ වා ඉන්‍ද්‍රියෙ වා පච‍්චනීයතො ඨිතෙ හෙතුඅඤ‍්ඤමඤ‍්ඤවිපාකඣානමග‍්ගසම‍්පයුත‍්තා අනුලොමතො න තිට‍්ඨන‍්ති. ආරම‍්මණෙ පන පච‍්චනීයතො ඨිතෙ අධිපතිඋපනිස‍්සයා අනුලොමතො න තිට‍්ඨන‍්ති, ආරම‍්මණාධිපතිආරම‍්මණූපනිස‍්සයා පන න ලබ‍්භන‍්ති. ඉමිනා උපායෙන සබ‍්බත්‍ථ යං ලබ‍්භති, යඤ‍්ච න ලබ‍්භති, තං ජානිත්‍වා ලබ‍්භමානවසෙන වාරා උද‍්ධරිතබ‍්බා.

යම් පච්චයවල යම් පච්චය පච්චනීය වශයෙන් සිටිවිට අනුලෝම වශයෙන් නොසිටී. ඒවා දතයුතුය. කෙසේද? අනන්තරය පච්චනීය වශයෙන් නොසිටී. සහජාතය පච්චනීය වශයෙන් සිටිවිට හෙතු අඤ්ඤමඤ්ඤ විපාක ඣාන මග්ග සම්පයුත්ත අනුලෝම වශයෙන් නොසිටී, නිස්සය පච්චනීය වශයෙන් සිටිවිට වත්‍ථු පුරෙජාත අනුලෝම වශයෙන් නොසිටී. ආහාරය හෝ ඉන්‍ද්‍රිය හෝ පච්චනීය වශයෙන් සිටිවිට හේතු අඤ්ඤමඤ්ඤ විපාක ඣාන මග්ග සම්පයුත්ත අනුලෝම වශයෙන් නොසිටී, ආරම්මණය වනාහි පච්චනීය වශයෙන් සිටිවිට අධිපති උපනිස්සය අනුලෝම වශයෙන් නොසිටී. ආරම්මණාධිපති ආරම්මණූපනිස්සය වනාහි නොලබයි. මෙම උපායෙන් සියළු තැන යමක් ලබයිද යමක් නො ලබයිද එය දැන ලැබීම් වශයෙන් වාර ඉදිරිය යුතුය.

තත්‍ථ සබ‍්බෙසුපි තිමූලකාදීසු අනන‍්තරෙ සත‍්තාතිආදයො දුමූලකෙ ලද‍්ධවාරායෙව සත‍්තමූලකාදීසු පන නසහජාතපච‍්චයා නිස‍්සයෙ තීණීති පුරෙජාතවසෙන වත්‍ථුනිස‍්සයෙ තීණි. කම‍්මෙ ද‍්වෙ නානාක‍්ඛණිකවසෙනෙව. ආහාරෙ එකං කබළීකාරාහාරවසෙන. ඉන්‍ද්‍රියෙ එකං රූපින්‍ද්‍රියවසෙන. කමෙන ගන‍්ත්‍වා විප‍්පයුත‍්තෙ තීණීති කුසලාදීනං අබ්‍යාකතන‍්තානි පච‍්ඡාජාතවසෙන. අත්‍ථිඅවිගතෙසු පඤ‍්චාති තානි චෙව තීණි, කුසලාබ්‍යාකතා අබ්‍යාකතස‍්ස, අකුසලාබ්‍යාකතා අබ්‍යාකතස‍්සාති ඉමානි ච ද‍්වෙ පච‍්ඡාජාතාහාරින්‍ද්‍රියවසෙනාති. පච‍්ඡාජාතපච‍්චයස‍්ස පච‍්චනීකභාවතො පට‍්ඨාය පන අත්‍ථිඅවිගතෙසු එකන‍්ති අබ්‍යාකතො අබ්‍යාකතස‍්ස ආහාරින්‍ද්‍රියවසෙන. නාහාරෙ ගහිතෙ නඉන්‍ද්‍රියපච‍්චයාති න ගහෙතබ‍්බං. තථා නඉන්‍ද්‍රියෙ ගහිතෙ නාහාරපච‍්චයාති. කස‍්මා? ද‍්වීසු එකතො ගහිතෙසු ගණෙතබ‍්බවාරස‍්ස අභාවතො. ඣානමග‍්ගාදීසුපි පච‍්චනීකතො ඨිතෙසු ආහාරතො වා ඉන්‍ද්‍රියතො වා එකං අනුලොමං අකත්‍වාව අවසානෙ ඉන්‍ද්‍රියෙ එකං, අත්‍ථියා එකං, අවිගතෙ එකං, ආහාරෙ එකං, අත්‍ථියා එකං, අවිගතෙ එකන‍්ති වුත‍්තං. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

එහි සියළු තිමූලකාදියෙහි අනන්තරයෙහි සත ආදියෙහි දුක මූලකයෙහි ලැබූ වාරම වේ. සත් මූලකාදියෙහි වනාහි න සහජාත පච්චයා නිස්සයෙ තීණි පුරෙජාත වශයෙන් වත්‍ථු නිස්සයෙහි තුන වේ. කම්මයෙහි දෙක නා නා ක්‍ෂණික වශයෙනි. ආහාරයෙහි එක, කබලීකාර ආහාර වශයෙනි. ඉන්‍ද්‍රියෙහි එක, රූප ඉන්‍ද්‍රිය සය වශයෙනි. ක්‍රමයෙන් ගොස්, විප්පයුත්තෙ තීණි කුසලාදියේ අබ්‍යාකත කෙළවර පච්ඡාජාත වශයෙනි. අත්‍ථි අවිගතෙසු පඤ්ච ඒවා මෙන්ම තුන, කුසලා බ්‍යාකත අබ්‍යාකතයට, අකුසල අබ්‍යාකතය අබ්‍යාකතයටදැයි මේ දෙක, පච්ඡාජාත ආහාර ඉන්‍ද්‍රිය වශයෙනි. පච්ඡාජාත පච්චයෙන් පච්චනීය භාවයේ සිට අත්‍ථි අවිගතෙසු එකං අබ්‍යාකතය අබ්‍යාකතයට. ආහාර ඉන්‍ද්‍රිය වශයෙනි. නාහාර ගත්කල නඉන්‍ද්‍රිය පච්චය ගතයුතුය. න ඉන්‍ද්‍රිය ගත්කල එසේ ආහාර පච්චය, කවර හෙයින්ද? දෙක එකක් වශයෙන් ගත්කල ගිණිය යුතු වාර අභාවයෙන්, ඣාන මග්ගාදියෙහි ද පච්චනීය වශයෙන් සිටි කල ආහාරයෙන් හෝ ඉන්‍ද්‍රියෙන් හෝ එක අනුලෝමයක් නොකොට අවසානයෙහි ඉන්‍ද්‍රියෙ එකං, අත්‍ථියා එකං, අවිගතෙ එකං, ආහාරෙ එකං, අවිගතෙ එකං යයි කියන ලදි. මෙහි සෙස්ස පැහැදිලි අරුත් වේ.

නහෙතුමූලකං.

නහෙතු මූලක නිමි.

නාරම‍්මණමූලකාදීසු නඅඤ‍්ඤමඤ‍්ඤමූලකෙ නඅඤ‍්ඤමඤ‍්ඤපච‍්චයා හෙතුයා තීණීති කුසලාදීනි චිත‍්තසමුට‍්ඨානානං. අධිපතියා අට‍්ඨාති අධිපතියා වුත‍්තෙසු දසසු “කුසලො කුසලාබ්‍යාකතස‍්ස, අකුසලො අකුසලාබ්‍යාකතස‍්සා”ති ද‍්වෙ අපනෙත්‍වා සෙසානි අට‍්ඨ. සහජාතෙ පඤ‍්චාති හෙතුයා වුත‍්තෙහි තීහි සද‍්ධිං “කුසලො ච අබ්‍යාකතො ච අබ්‍යාකතස‍්ස, අකුසලො ච අබ්‍යාකතො ච අබ්‍යාකතස‍්සා”ති ඉමෙ ද‍්වෙ. නිස‍්සයෙ සත‍්තාති තෙහි පඤ‍්චහි සද‍්ධිං “අබ්‍යාකතො කුසලස‍්ස, අබ්‍යාකතො අකුසලස‍්සා”ති ඉමෙ ද‍්වෙ වත්‍ථුවසෙන. කම‍්මෙ තීණීති හෙතුයා වුත‍්තානෙව. සෙසතිකෙසුපි එසෙව නයො. අධිපතියා තීණීති හෙට‍්ඨා වුත‍්තානෙව.

නාරම්මණ මූලකාදියෙහි න අඤ්ඤමඤ්ඤ මූලකයෙහි න අඤ්ඤමඤ්ඤ පච්චයා හෙතුයා තීණි අකුසලාදිය චිත්ත සමුට්ඨානයන්ගේ. අධිපතියා අට්ඨ අධිපති කියන ලද දහයෙහි කුසලය කුසල අබ්‍යාකතයට, අකුසලය අකුසල අබ්‍යාකතයටදැයි දෙක ඉවත්කර සෙසු අට. සහජාතෙ පඤ්ච හේතුවෙහි කියන ලද තුන සමග කුසලයද අබ්‍යාකතයද අබ්‍යාකතයට, අකුසලයද අබ්‍යාකතයද අකුසල අබ්‍යාකතයටදැයි මේ දෙක. නිස්සයෙ සත්ත ඒ පහ සමග අබ්‍යාකතය කුසලයට, අබ්‍යාකතය අකුසලයටදැයි මේ දෙක වස්තු වශයෙන්. කම්මෙ තීණි හේතුවෙහි කියන ලදමය. සෙසු තිකයෙහි ද මෙම නයම වේ. අධිපතියා තීණි යට කියන ලද වේ.

නාහාරමූලකෙ අඤ‍්ඤමඤ‍්ඤෙ තීණීති ඨපෙත්‍වා ආහාරෙ සෙසචෙතසිකවසෙන වෙදිතබ‍්බානි. යථා ච හෙට‍්ඨා, තථා ඉධාපි නාහාරනඉන්‍ද්‍රියෙසු එකෙකමෙව ගහිතං, න ද‍්වෙ එකතො.

නාහාර මූලකයෙහි අඤ්ඤමඤ්ඤෙ තීණි ආහාර හැර සෙසු චෛතසික වශයෙන් දතයුතුය. යට යම්සේද එසේම මෙහි ද නාහාර නඉන්‍ද්‍රියවල එක එක ගන්නා ලදි. දෙක එකක් වශයෙන් නොවේ.

නසම‍්පයුත‍්තපච‍්චයා හෙතුයා තීණීති හෙට‍්ඨා නඅඤ‍්ඤමඤ‍්ඤෙ වුත‍්තානෙව. අධිපතියා අට‍්ඨාති වුත‍්තානෙව. නවිප‍්පයුත‍්තමූලකෙ කම‍්මෙ පඤ‍්චාති කුසලාදිචෙතනා සහජාතකුසලාදීනං, නානාක‍්ඛණිකා කුසලාකුසලචෙතනා කම‍්මසමුට‍්ඨානරූපස‍්සාති එවං පඤ‍්ච. ආහාරින්‍ද්‍රියෙසු තීණි සහජාතසදිසානි. ඣානමග‍්ගාදීසු තීණි හෙතුසදිසානි.

න සම්පයුත්ත පච්චයා හෙතුයා තීණි යයි යට න අඤ්ඤමඤ්ඤයෙහි කියන ලදි. අධිපතියා අට්ඨ යට කියන ලදි. න විප්පයුත්ත මූලකයෙහි කුසල ආදි චේතනා සහජාත කුසලාදියේ නානා ක්‍ෂණික කුසල අකුසල චේතනා විපාකවල කම්ම සමුට්ඨාන රූපයේ යයි මෙසේ පහ. ආහාර ඉන්‍ද්‍රියවල තුන සහජාත සමානය. ඣාන මග්ග ආදියෙහි තුන හේතු හා සමානය.

නොඅත්‍ථිමූලකෙ යස‍්මා හෙතු නොඅත්‍ථි නාම න හොති, නියමතො අත්‍ථියෙව, තස‍්මා තං අග‍්ගහෙත්‍වා නාරම‍්මණෙ නවාති වුත‍්තං. යථා ච හෙතු, තථා අඤ‍්ඤෙපි අත්‍ථිපච‍්චයලක‍්ඛණයුත‍්තා එත්‍ථ අනුලොමතො න තිට‍්ඨන‍්ති. කම‍්මෙ ද‍්වෙති ඉදං පන නානාක‍්ඛණිකකම‍්මවසෙන වුත‍්තං. පච‍්චනීයතො සබ‍්බෙ ලබ‍්භන‍්ති. යං පන අනුලොමතො ලබ‍්භමානම‍්පි අග‍්ගහෙත්‍වා තතො පුරෙතරා පච‍්චයා පච‍්චනීයතො ගය‍්හන‍්ති, සො පච‍්ඡා යොජනං ලභති. තෙනෙවෙත්‍ථ “නොඅත්‍ථිපච‍්චයා නහෙතුපච‍්චයා…පෙ… නොඅවිගතපච‍්චයා කම‍්මෙ ද‍්වෙ”ති වුත‍්තං. කස‍්මා පනෙස සකට‍්ඨානෙයෙව න ගහිතොති ? යස‍්මා අවසෙසෙසුපි පච‍්චනීයතො ඨිතෙසු එකොව අනුලොමතො ලබ‍්භති. ඉදඤ‍්හි ඉමස‍්මිං පච‍්චයානුලොමෙ ලක‍්ඛණං – යො සබ‍්බෙසු පච‍්චනීයතො ඨිතෙසු එකොව අනුලොමතො ලබ‍්භති, සො පච‍්ඡා වුච‍්චතීති. නොඅත්‍ථිපච‍්චයා නොහෙතුපච‍්චයා…පෙ… නොඅවිගතපච‍්චයා උපනිස‍්සයෙ නවාති එත්‍ථාපි එසෙව නයො. ඉදං පන පකතූපනිස‍්සයවසෙන වුත‍්තං. ඉමිනා උපායෙන සබ‍්බත්‍ථ ලබ‍්භමානං අලබ‍්භමානං පුරෙවුත‍්තං පච‍්ඡාවුත‍්තඤ‍්ච වෙදිතබ‍්බන‍්ති.

නො අත්‍ථි මූලකයෙහි යම්හෙයින් හේතු නො අත්‍ථි නම් නොවේ. නියම වශයෙන් අත්‍ථිමය. එය නොගෙන නාරම්මණො නවා කියන ලදි. හේතු යම්සේ ද අන්‍ය වූද අත්‍ථි පච්චය ලක්‍ෂණ යුක්ත වූයේ මෙහි අනුලෝම වශයෙන් නො සිටී. කම්මෙ ද්වෙ මෙය වනාහි නානා ක්‍ෂණික කම්ම වශයෙන් කියන ලදි. පච්චනීය වශයෙන් සියල්ල ලබයි. යමක් වනාහි අනුලෝම වශයෙන් ලැබෙන්නේ ද නොගෙන එයින් පෙර පච්චය පච්චනීය වශයෙන් ගනියි. එය පසුව යෙදීම ලබයි. එහෙයින්ම මෙහි [missing trans] “නො අත්‍ථි පච්චයා..... නො අවිගත පච්චයා උපනිස්සයෙ නව” මෙහිද එම නයමය. මෙය වනාහි ප්‍රකෘති උපනිස්ස වශයෙන් කියන ලදි. මෙම උපායෙන් සියළු තැන ලැබෙන නොලැබෙන පෙර කියන ලද පසුව කියන ලද්ද ද දතයුතුය.

පඤ‍්හාවාරස‍්ස පච‍්චනීයානුලොමවණ‍්ණනා.

පඤ්හ වාරයේ පච්චනීයානුලෝමය නිමි.

නිට‍්ඨිතා ච කුසලත‍්තිකපට‍්ඨානස‍්ස වණ‍්ණනාති.

කුසලත්තික පට්ඨානයේ වර්ණනාව නිමි.