10. ඉන්ද්රියයමකං අට්ඨකථා
10. ඉන්ද්රිය යමක වර්ණනාව
ඉදානි තෙසඤ්ඤෙව මූලයමකෙ දෙසිතානං කුසලාදිධම්මානං ලබ්භමානවසෙන එකදෙසං සංගණ්හිත්වා ධම්මයමකානන්තරං දෙසිතස්ස ඉන්ද්රියයමකස්ස වණ්ණනා හොති. තත්ථ ඛන්ධයමකාදීසු වුත්තනයෙනෙව පාළිවවත්ථානං වෙදිතබ්බං. ඉධාපි හි පණ්ණත්තිවාරාදයො තයො මහාවාරා අවසෙසා අන්තරවාරා ච සද්ධිං කාලප්පභෙදාදීහි ඛන්ධයමකාදීසු ආගතසදිසාව. ඉන්ද්රියානං පන බහුතාය ධාතුයමකතොපි බහුතරානි යමකානි හොන්ති. යථා පන හෙට්ඨා පුග්ගලවාරාදීසු චක්ඛායතනචක්ඛුධාතුමූලකෙ නයෙ චක්ඛායතනචක්ඛුධාතූහි සද්ධිං ජිව්හායතනකායායතනානි න යොජිතානි. ජිව්හායතනකායායතනමූලකානි ච යමකානෙව න ගහිතානි, තථා ඉධාපි චක්ඛුන්ද්රියමූලකෙ නයෙ ජිව්හින්ද්රියකායින්ද්රියානි න යොජිතානි, ජිව්හින්ද්රියකායින්ද්රියමූලකානි ච යමකානෙව න ගහිතානි. තෙසං අග්ගහණෙ කාරණං තත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බං. මනින්ද්රියං පන යථා චක්ඛුන්ද්රියාදිමූලකෙහි තථෙව ඉත්ථින්ද්රියාදිමූලකෙහිපි සද්ධිං යස්මා යොජනං ගච්ඡති, තස්මා නික්ඛිත්තපටිපාටියා අයොජෙත්වා සබ්බෙහිපි චක්ඛුන්ද්රියමූලකාදීහි සද්ධිං පරියොසානෙ යොජිතන්ති වෙදිතබ්බං. චක්ඛුන්ද්රියෙන සද්ධිං ඉත්ථින්ද්රියපුරිසින්ද්රියජීවිතින්ද්රියානි යොජිතානි සුඛින්ද්රියදුක්ඛින්ද්රියදොමනස්සින්ද්රියානි පටිසන්ධියං නත්ථීති න ගහිතානි. සොමනස්සින්ද්රියඋපෙක්ඛින්ද්රියානි පටිසන්ධියං උප්පත්තිසබ්භාවතො ගහිතානි. තථා සද්ධින්ද්රියාදීනි පඤ්ච. ලොකුත්තරානි තීණි පටිසන්ධියං අභාවෙනෙව න ගහිතානි. ඉති යානි ගහිතානි, තෙසං වසෙනෙත්ථ චක්ඛුන්ද්රියමූලකෙ නයෙ යමකගණනා වෙදිතබ්බා. යථා චෙත්ථ, එවං සබ්බත්ථ. යානි පන න ගහිතානි, තෙසං වසෙන යමකානි න ගණෙතබ්බානි. ගණෙන්තෙන වා මොඝපුච්ඡාවසෙන ගණෙතබ්බානීති එවං තාව සබ්බවාරෙසු පාළිවවත්ථානමෙව වෙදිතබ්බං.
දැන් මූල යමකයෙහි ම දේශනා කරන ලද කුසලාදි ධර්මවල ලැබීම් වශයෙන් එක් දේශයක් සංග්‍රහකොට ධම්ම යමකට අනතුරුව දේශනා කළ ඉන්ද්රිය යමකයේ වර්ණනාව වේ. එහි ඛන්ධ යමකාදියෙහි කියන ලද නයින්ම පෙළ නියමය දතයුතුය. මෙහි ද පණ්ණත්තිවාර ආදි මහාවාර තුනකි. අවශේෂ අන්තරවාර ද කාලභේදාදිය සමග ඛන්ධ යමකාදියෙහි පැමිණි ලෙසට සමානය. ඉන්ද්‍රියන්ගේ බොහෝ බැවින් ධාතුයමකයට වඩා බොහෝ යමක වේ. යම්සේ යට පුග්ගල වාරාදියෙහි චක්ඛායතන චක්ඛුධාතු මූලක නයෙහි චක්ඛායතන චක්ඛුධාතු සමග ජිව්හායතන කායායතන නොයොදන ලදි. ජිව්හායතන කායායතන මූලක ද යමක යයි නො ගන්නා ලදි. එසේම මෙහි ද චක්ඛුන්‍ද්‍රිය මූලක නයෙහි ජිව්හින්ද්රිය කායින්ද්රිය මූලක යමක යයි නොගන්නා ලදි. ඒවා නොගන්නා කරුණ එහි කියන ලදයින්ම දතයුතුය. මනින්‍ද්‍රිය වනාහි චක්ඛුන්‍ද්‍රිය මූලකය මෙන් එසේම ඉත්‍ථින්‍ද්‍රිය මූලකය සමග යම්සේ යෙදීමට යයිද එහෙයින් තබන ලද පිළිවෙලින් නොයොදා සියළු චක්ඛුන්‍ද්‍රිය මූලක සමග අවසානයෙහි යොදන ලදැයි දතයුතුය. චක්ඛුඉන්ද්රිය සමග ඉත්‍ථින්‍ද්‍රිය පුරිසින්‍ද්‍රිය ජීවිතින්ද්රිය යොදන ලදි. සුඛින්ද්රිය දුක්ඛින්ද්රිය දොම්නස් ඉන්ද්රිය ප්‍රතිසන්ධියක් නැතැයි නොගන්නා ලදි. සොම්නස් ඉන්ද්රිය උපෙක්ඛා ඉන්ද්රිය ප්රතිසන්ධිය උපත් ස්වභාවයෙන් ගන්නා ලදි. එසේම සද්ධා ඉන්ද්රියාදි පහද ලෝකෝත්තර තුන ප්රතිසන්ධියෙහි අභාවයෙන් ම නොගන්නා ලදි. මෙසේ යමක් ගන්නා ලදද මෙහි ඒවා අනුව චක්ඛුන්‍ද්‍රිය මූලක නයෙහි යමක ගණන දතයුතුය. යම්සේ මෙහි ද සියළු තැන එසේය. යමක් වනාහි නො ගන්නා ලදද ඒවායේ වශයෙන් යමක නොගත යුතුය. ගණන් ගන්නේ නම් මොඝ පුච්ඡා වශයෙන් ගණන් ගතයුතුය. මෙසේ සියළු වාරවල පෙළෙහි නියමය දතයුතුය.
පවත්තිවාරවණ්ණනා
පවත්තිවාරවණ්ණනා
අත්ථවිනිච්ඡයෙ පනෙත්ථ ඉදං නයමුඛං – සචක්ඛුකානං න ඉත්ථීනන්ති බ්රහ්මපාරිසජ්ජාදීනඤ්චෙව රූපීනං පුරිසනපුංසකානඤ්ච වසෙන වුත්තං. තෙසඤ්හි ඉත්ථින්ද්රියං නුප්පජ්ජති. සචක්ඛුකානං න පුරිසානන්ති රූපීබ්රහ්මානඤ්චෙව ඉත්ථිනපුංසකානඤ්ච වසෙන වුත්තං. තෙසඤ්හි පුරිසින්ද්රියං නුප්පජ්ජති. අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ජීවිතින්ද්රියං උප්පජ්ජතීති එකවොකාරචතුවොකාරකාමධාතුසත්තෙ සන්ධාය වුත්තං. සචක්ඛුකානං විනා සොමනස්සෙනාති උපෙක්ඛාසහගතානං චතුන්නං මහාවිපාකපටිසන්ධීනං වසෙන වුත්තං. සචක්ඛුකානං විනා උපෙක්ඛායාති සොමනස්සසහගතපටිසන්ධිකානං වසෙන වුත්තං. උපෙක්ඛාය අචක්ඛුකානන්ති අහෙතුකපටිසන්ධිවසෙන වුත්තං. අහෙතුකානන්ති අහෙතුකපටිසන්ධිචිත්තෙන සද්ධිං සද්ධින්ද්රියාදීනං අභාවතො වුත්තං. තත්ථ හි එකන්තෙනෙව සද්ධාසතිපඤ්ඤායො නත්ථි. සමාධිවීරියානි පන ඉන්ද්රියප්පත්තානි න හොන්ති. සහෙතුකානං අචක්ඛුකානන්ති ගබ්භසෙය්යකවසෙන චෙව අරූපීවසෙන ච වුත්තං. අඤ්ඤො හි සහෙතුකො අචක්ඛුකො නාම නත්ථි. සචක්ඛුකානං අහෙතුකානන්ති අපායෙ ඔපපාතිකවසෙන වුත්තං. සචක්ඛුකානං ඤාණවිප්පයුත්තානන්ති කාමධාතුයං දුහෙතුකපටිසන්ධිකානං වසෙන වුත්තං. සචක්ඛුකානං ඤාණසම්පයුත්තානන්ති රූපීබ්රහ්මානො චෙව කාමාවචරදෙවමනුස්සෙ ච සන්ධාය වුත්තං. ඤාණසම්පයුත්තානං අචක්ඛුකානන්ති අරූපිනො ච තිහෙතුකගබ්භසෙය්යකෙ ච සන්ධාය වුත්තං.
මෙහි අර්ථ විනිශ්චයෙහි වනාහි මේ නයමුඛය වේ. සචක්ඛුකානං න ඉත්ථීනං බ්‍රහ්ම පාරිසජ්ජාදීන් මෙන්ම රූපීන් ද නපුංසක පුරුෂයන් ද වශයෙන් කියන ලදි. ඔවුන්ට ද ඉත්‍ථීන්‍ද්‍රිය නූපදී. සචක්ඛුකානං න පුරිසානං රූපී බ්‍රහ්මයන්ට ද ස්ත්‍රී නපුංසකයන්ට ද වශයෙන් කියන ලදි. ඔවුන්ට පුරිසින්‍ද්‍රිය නූපදී. අචක්ඛුකානං උප්පජ්ජන්තානං තෙසං ජීවිතින්ද්රියං උප්පජ්ජති ඒකවෝකාර, චතුවෝකාර, කාමධාතු සත්ත්වයන් සඳහා කියන ලදි. සචක්ඛුකානං විනා සොමනස්සෙන උපේක්ෂා සහගත සතර විපාක ප්රතිසන්ධි වශයෙන් කියන ලදි. සචක්ඛුකානං විනා උපෙක්ඛාය සෝමනස්ස සහගත ප්රතිසන්ධිකයන්ගේ වශයෙන් කියන ලදි. උපෙක්ඛාය අචක්ඛුකානං අහේතුක ප්රතිසන්ධි වශයෙන් කියන ලදි. අහෙතුකානං අහේතුක ප්රතිසන්ධි සිත සමග සද්ධින්ද්රියන්ගේ අභාවයන් කියන ලදි. එහි ඒකාන්තයෙන් ම සද්ධා, සති, පඤ්ඤා ආදිය නැත. සමාධි විරිය වනාහි ඉන්ද්රිය බවට නොපැමිණේ. සහෙතුකානං අචක්ඛුකානං ගබ්භසෙය්‍යක වශයෙන් ද අරූපී වශයෙන් ද කියන ලදි. වෙන සහේතුක අචක්ඛුක නම් නැත. සචක්ඛුකානං අහෙතුකානං අපායෙහි ඕපපාතික වශයෙන් කියන ලදි. සචක්ඛුකානං ඤාණ විප්පයුත්තානං කාම ධාතුවෙහි දුහේතුක ප්රතිසන්ධිකයන්ගේ වශයෙන් කියන ලදි. සචක්ඛුකානං ඤාණ සම්පයුත්තානං රූපී බ්‍රහ්මයෝ ද කාමාවචර දෙවි මිනිසුන් ද සඳහා කියන ලදි. ඤාණ සම්පයුත්තානං අචක්ඛුකානං අරූපීන් ද ත්‍රිහේතුක ගබ්භසෙය්යකයන් ද සඳහා කියන ලදි.
ජීවිතින්ද්රියමූලකෙ විනා සොමනස්සෙන උපපජ්ජන්තානන්ති ද්වෙපි ජීවිතින්ද්රියානි සන්ධාය වුත්තං. පවත්තෙ සොමනස්සවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙති අරූපජීවිතින්ද්රියං සන්ධාය වුත්තං. ඉමිනා නයෙන සබ්බත්ථාපි පටිසන්ධිපවත්තිවසෙන ජීවිතින්ද්රියයොජනා වෙදිතබ්බා. සොමනස්සින්ද්රියාදිමූලකෙසුපි පටිසන්ධිපවත්තිවසෙනෙවත්ථො ගහෙතබ්බො. පටිලොමනයෙ පන නිරොධවාරෙ ච එතෙසඤ්චෙව අඤ්ඤෙසඤ්ච ධම්මානං යථාලාභවසෙන චුතිපටිසන්ධිපවත්තෙසු තීසුපි අනුප්පාදනිරොධා වෙදිතබ්බා.
ජීවිතින්ද්රිය මූලකයෙහි විනා සොමනස්සෙන උපපජ්ජන්තානං ජීවිතින්ද්රිය දෙක සඳහා කියන ලදි. පවත්තෙ සොමනස්ස විප්පයුත්තස්ස උප්පාදක්ඛණෙ අරූපී ජීවිතින්ද්රිය සඳහා කියන ලදි. මෙම නයින් සියළු තැන ප්රතිසන්ධි පැවැත්ම වශයෙන් ජීවිතින්ද්රිය යෙදීම් දතයුතුය. සෝමනස්ස ඉන්ද්රිය මූලකවල ද ප්රතිසන්ධි පැවැත්ම වශයෙන් අර්ථය ගතයුතුය. පටිලෝම නයෙහි වනාහි නිරෝධ වාරයෙහි ද මේවායෙහි ද අන්‍ය ඒවායේ ද ධර්මයන්ගේ යථාලාභ (ලැබීම්) වශයෙන් චුති පටිසන්ධි පැවැත්මෙහි අනුත්පාද නිරෝධ තුන ද දතයුතුය.
අනාගතවාරෙ එතෙනෙව භාවෙනාති එතෙන පුරිසභාවෙනෙව, අන්තරා ඉත්ථිභාවං අනාපජ්ජිත්වා පුරිසපටිසන්ධිග්ගහණෙනෙවාති අත්ථො. කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්තීති කතිචි පටිසන්ධියො ගහෙත්වා ඉත්ථිභාවං අප්පත්වාව පරිනිබ්බායිස්සන්තීති අත්ථො. දුතියපුච්ඡායපි එසෙව නයො.
අනාගත වාරයෙහි එතෙනෙව භාවෙන මේ පුරුෂ භාවයෙන්ම අතර ඉත්ථිභාවයට නොපැමිණ පුරිස පටිසන්ධි ගැනීමෙන් යයි අර්ථ වේ. කති චි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සති ප්රතිසන්ධි කීයක් ගෙන ස්ත්‍රී භාවයට නොපැමිණම පිරිනිවන්පාන්නේ ද යන අර්ථයයි. දෙවන පුච්ඡාවෙහි ද මෙම නයම වේ.
පච්චුප්පන්නෙන අතීතවාරෙ සුද්ධාවාසානං උපපත්තිචිත්තස්ස භඞ්ගක්ඛණෙ මනින්ද්රියඤ්ච නුප්පජ්ජිත්ථාති චිත්තයමකෙ විය උප්පාදක්ඛණාතික්කමවසෙන අත්ථං අග්ගහෙත්වා තස්මිං භවෙ අනුප්පන්නපුබ්බවසෙන ගහෙතබ්බොති. ඉමිනා නයමුඛෙන සබ්බස්මිම්පි පවත්තිවාරෙ අත්ථවිනිච්ඡයො වෙදිතබ්බො.
වර්තමානයේ අතීත වාරයේ නොවේ. සුද්ධාවාසානං උපපත්ති චිත්තස්ස භංගක්ඛණෙ මනින්ද්රියඤ්ච නූප්පජ්ජිත්ථ චිත්ත යමකයෙහි මෙන් උත්පාද ක්ෂණ ඉක්මවීම් වශයෙන් අර්ථය නොගෙන ඒ භවයෙහි නූපන් පෙර වශයෙන් ගතයුතුය. මෙම නය මුඛයෙන් සියළු පැවැත්ම වාරයෙහි අර්ථ විනිශ්චය දතයුතුය.
පවත්තිවාරවණ්ණනා.
පරිඤ්ඤාවාරවණ්ණනා
පරිඤ්ඤාවාරවණ්ණනා
පරිඤ්ඤාවාරෙ පන චක්ඛුමූලකාදීසු එකමෙව චක්ඛුසොතයමකං දස්සිතං. යස්මා පන සෙසානිපි ලොකියඅබ්යාකතානි චෙව ලොකියඅබ්යාකතමිස්සකානි ච පරිඤ්ඤෙය්යානෙව, තස්මා තානි අනුපදිට්ඨානිපි ඉමිනාව දස්සිතානි හොන්ති. යස්මා පන අකුසලං එකන්තතො පහාතබ්බමෙව, එකන්තං කුසලං භාවෙතබ්බමෙව, ලොකුත්තරාබ්යාකතං සච්ඡිකාතබ්බං, තස්මා “දොමනස්සින්ද්රියං පජහතී”ති “අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙතී”ති “අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරොතී”ති වුත්තං. අඤ්ඤින්ද්රියං පන භාවෙතබ්බම්පි අත්ථි සච්ඡිකාතබ්බම්පි, තං භාවනාවසෙනෙව ගහිතං. තත්ථ ද්වෙ පුග්ගලාති සකදාගාමිමග්ගසමඞ්ගී ච, අරහත්තමග්ගසමඞ්ගී ච. තෙසු එකො සමුච්ඡින්දිතුං අසමත්ථත්තා දොමනස්සින්ද්රියං න පජහති නාම. එකො පහීනදොසත්තා චක්ඛුන්ද්රියං න පරිජානාතීති අනුප්පාදං ආපාදෙතුං අසමත්ථතාය න පරිජානාති. ඉමිනා නයෙන සබ්බවිස්සජ්ජනෙසු අත්ථො වෙදිතබ්බොති.
පරිඤ්ඤා වාරයෙහි වනාහි චක්ඛු මූලාදියෙහි එකම චක්ඛුසොත යමකය දක්වන ලදි. යම්හෙයකින් වනාහි බැලිය හැකි අබ්යාකතා ද ලෞකික අබ්‍යාකත මිශ්රවද වැඩීමෙන්ම වේ. එහෙයින් ඒවා නො දක්වන ලද්දේ ද මෙයම දක්වන ලදි. යම්හෙයකින් වනාහි අකුසලය ඒකාන්තයෙන් ප්රහාණය කළයුතුමය. කුසලය ඒකාන්තයෙන් වැඩිය යුතුය. ලෝකෝත්තර අබ්‍යාකතය සාක්ෂාත් කළයුතුය. එහෙයින් දොමනස්සින්ද්රියං පජහති දොම්නස් ඉන්ද්රිය දුරුකරයි. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩිය යුතුයයි ද අඤ්ඤතාවින්ද්රිය සාක්ෂාත් කළයුතු යයි ද කියන ලදි. අඤ්ඤින්‍ද්‍රිය වනාහි වැඩිය යුත්තක් ද ඇත. සාක්ෂාත් කළයුත්තක් ද ඇත. එය භාවනා වශයෙන් ම ගන්නා ලදි. එහි දෙව පුග්ගලා යයි සකදාගාමි මාර්ගයුත්තාද අරහත් මාර්ග යුත්තාද ඔවුනතුරෙන් එක්කෙනෙක් සමුච්ඡේද කිරීමට අසමර්ථ බැවින් දොම්නස් ඉන්ද්රිය දුරු නොකෙරේ නම් වේ. එක්කෙනෙක් දෝස ප්‍රහීන බැවින් චක්ඛුන්ද්රියං න පරිජානාති යයි අනුප්පාදයට පැමිණීමට අසමත් බැවින් නොදනී. මෙම නයින් සියළු විසඳුම්වල අර්ථය දතයුතුය.
පරිඤ්ඤාවාරවණ්ණනා.
ඉන්ද්රියයමකවණ්ණනා නිට්ඨිතා.
ඉන්ද්රිය යමක වර්ණනා නිමි.
නිගමනකථා
නිගමන කථා
එත්තාවතා ච –
මෙපමණකින් -
යස්සොවාදෙ ඨත්වා, නිට්ඨිතකිච්චස්ස කිච්චසම්පන්නො; යුවතිජනොපි අතීතො, සුවිහිතනියමො යමස්සාණං.
ඔවායෙහි පිහිටා - නිමි කිස කිසයුත් තමා යුවතිය ද පෙරදා - කෙළේ නියම අණ සොඳින්
දෙවපරිසාය මජ්ඣෙ, දෙවපුරෙ සබ්බදෙවදෙවෙන; යමකං නාම පකාසිතං, යමාමලලොමෙන යං තෙන.
දෙව්පුරයෙහි සියළු - දෙව්පිරිස මැද වැඩහිඳ දෙසී යමකය නම් - ගුණ’ගමිණි මුනිරජ ‘තුම්
පාළිවවත්ථානවිධිං, පුච්ඡාවිස්සජ්ජනෙ ච අත්ථනයං; දස්සෙතුං ආරද්ධා, යමකඅට්ඨකථා මයා තස්ස.
පෙළ නියම විදියද - පුළුවුත් විසඳුම් නයද දක්වනු ඇරඹි මා - යමකයෙ අටුවා කතා
සා සුබහුඅන්තරායෙ, ලොකම්හි යථා අනන්තරායෙන; අයමජ්ජ පඤ්චමත්තෙහි, තන්තියා භාණවාරෙහි.
ලොවැ බහුල අනතුරු - නැතිවම කිසි අනතුරු අද එය වන පහක - පමණ බණවර පෙළෙහි
නිට්ඨං පත්තා එවං, නිට්ඨානං පාපුණන්තු සබ්බෙපි; හිතසුඛනිබ්බත්තිකරා, මනොරථා සබ්බසත්තානන්ති.
නිමවී එය මෙසේ - පැමිණෙනු හැම නිමාවට හිතසුව නිවුම වෙත - හැමසත් පැතුම් විලසේ
යමකප්පකරණ-අට්ඨකථා නිට්ඨිතා.
යමකප්පකරණ අටුවාව නිමි.