යෙදුමෙන් කියවන්න

9. ධම‍්මයමකං අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

9. ධම්ම යමක වර්ණනාව

පණ‍්ණත‍්තිඋද‍්දෙසවාරවණ‍්ණනා

පණ්ණත්තිඋද්දෙසවාරවණ්ණනා

ඉදානි තෙසඤ‍්ඤෙව මූලයමකෙ දෙසිතානං කුසලාදිධම‍්මානං මාතිකං ඨපෙත්‍වා චිත‍්තයමකානන‍්තරං දෙසිතස‍්ස ධම‍්මයමකස‍්ස වණ‍්ණනා හොති. තත්‍ථ ඛන්‍ධයමකෙ වුත‍්තනයෙනෙව පාළිවවත්‍ථානං වෙදිතබ‍්බං. යථා හි තත්‍ථ පණ‍්ණත‍්තිවාරාදයො තයො මහාවාරා, අවසෙසා අන‍්තරවාරා ච හොන‍්ති, තථා ඉධාපි. “යො කුසලං ධම‍්මං භාවෙති, සො අකුසලං ධම‍්මං පජහතී”ති ආගතත‍්තා පනෙත්‍ථ පරිඤ‍්ඤාවාරො, භාවනාවාරො නාමාති වෙදිතබ‍්බො. තත්‍ථ යස‍්මා අබ්‍යාකතො ධම‍්මො නෙව භාවෙතබ‍්බො, න පහාතබ‍්බො, තස‍්මා තං පදමෙව න උද‍්ධටං. පණ‍්ණත‍්තිවාරෙ පනෙත්‍ථ තිණ‍්ණං කුසලාදිධම‍්මානං වසෙන පදසොධනවාරො, පදසොධනමූලචක‍්කවාරො, සුද‍්ධධම‍්මවාරො, සුද‍්ධධම‍්මමූලචක‍්කවාරොති ඉමෙසු චතූසු වාරෙසු යමකගණනා වෙදිතබ‍්බා.

දැන් ඒ මූල යමකයෙහිම දේශනා කරන ලද කුසලාදි ධර්මවල මාතෘකා තබා චිත්ත යමකයට අනතුරුව දේශනා කරන ලද ධම්ම යමකයෙහි වර්ණනාව වේ. එහි ඛන්‍ධ යමකයෙහි කියන ලද නයින්ම පෙළෙහි නියම දතයුතුය. යම්සේ එහි පණ්ණත්තිවාරාදි මහාවාර තුනකි. අවශේෂ වූ අන්තර වාරද වේ. එසේම මෙහිද වේ. ‘යමෙක් කුසල් දහම් වඩාද හේ අකුසල දහම් දුරුකරයි’ යයි ආ බැවින් වනාහි මෙහි පරිඤ්ඤා වාරය භාවනා වාර නමැයි දතයුතුය. එහි යම්සේ නොකියන ලද ධර්මය නොවැඩිය යුතුය. ප්‍රහාණය නොකළ යුතුය. එහෙයින් ඒ පදයම නොඋදුරන ලදි. මෙහි පණ්ණත්තිවාරයෙහි වනාහි තුන් කුසලාදි ධර්ම වශයෙන් පදශෝධන වාරය පදසොධන මූල චක්කවාරය, සුද්ධ ධම්මවාරය, සුද්ධ ධම්ම මූල චක්කවාරය යයි මේ සතර වාරයෙහි යමක ගණන දතයුතුය.

පණ‍්ණත‍්තිනිද‍්දෙසවාරවණ‍්ණනා

පණ්ණත්තිනිද්දෙසවාරවණ්ණනා

පණ‍්ණත‍්තිවාරනිද‍්දෙසෙ පන කුසලා කුසලධම‍්මාති කුසලානං එකන‍්තෙන කුසලධම‍්මත‍්තා “ආමන‍්තා”ති වුත‍්තං. සෙසවිස‍්සජ‍්ජනෙසුපි එසෙව නයො. අවසෙසා ධම‍්මා න අකුසලා ධම‍්මාති අවසෙසා ධම‍්මා අකුසලා න හොන‍්ති, ධම‍්මා පන හොන‍්තීති අත්‍ථො. ඉමිනා නයෙන සබ‍්බවිස‍්සජ‍්ජනානි වෙදිතබ‍්බානි.

පණ්ණත්ති වාර නිද්දේසය වනාහි ‘කුසලාකුසල ධම්මා’ යයි කුසලයන්ගේ ඒකාන්තයෙන් කුසල ධම්ම බව වේ. ආමත්තා යයි කියන ලදි. සෙසු විසඳුම්වල ද මෙම නයම වේ. අවසෙසො ධම්මා න අකුසලා ධම්මා යයි අවශේෂ ධර්ම අකුසල නොවේ. ධර්ම වේයයි අර්ථය වේ. මෙම නයින් සියළු විසඳීම් දතයුතුය.

පණ‍්ණත‍්තිවාරවණ‍්ණනා.

පවත‍්තිවාරවණ‍්ණනා

පවත්තිවාරවණ්ණනා

පවත‍්තිවාරෙ පනෙත්‍ථ පච‍්චුප‍්පන‍්නකාලෙ පුග‍්ගලවාරස‍්ස අනුලොමනයෙ “යස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, තස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති; යස‍්ස වා පන අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, තස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තී”ති කුසලධම‍්මමූලකානි ද‍්වෙ යමකානි, අකුසලධම‍්මමූලකං එකන‍්ති තීණි යමකානි හොන‍්ති. තස‍්ස පටිලොමනයෙපි ඔකාසවාරාදීසුපි එසෙව නයො. එවමෙත්‍ථ සබ‍්බවාරෙසු තිණ‍්ණං තිණ‍්ණං යමකානං වසෙන යමකගණනා වෙදිතබ‍්බා. අත්‍ථවිනිච‍්ඡයෙ පනෙත්‍ථ ඉදං ලක‍්ඛණං – ඉමස‍්ස හි ධම‍්මයමකස‍්ස පවත‍්තිමහාවාරෙ “උප‍්පජ‍්ජන‍්ති නිරුජ‍්ඣන‍්තී”ති ඉමෙසු උප‍්පාදනිරොධෙසු කුසලාකුසලධම‍්මා තාව එකන‍්තෙන පවත‍්තියංයෙව ලබ‍්භන‍්ති, න චුතිපටිසන්‍ධීසු. අබ්‍යාකතධම‍්මා පන පවත‍්තෙ ච චුතිපටිසන්‍ධීසු චාති තීසුපි කාලෙසු ලබ‍්භන‍්ති. එවමෙත්‍ථ යං යත්‍ථ යත්‍ථ ලබ‍්භති, තස‍්ස වසෙන තත්‍ථ තත්‍ථ විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

මෙහි පවත්තිවාරයෙහි වනාහි වර්තමාන කාල පුග්ගල වාරයේ අනුලෝම නයෙහි උපදිති. ඔහුගේ අකුසල ධර්ම උපදී. ‘යමෙකුගේ වනාහි අකුසල ධර්ම උපදීද ඔහුගේ කුසල ධර්ම උපදී’ යයි කුසල ධර්ම මූලකවල යමක දෙකකි. අකුසල ධම්ම මූලක එකකැයි යමක තුනක් වේ. එහි පටිලෝම නයේ ද ඕකාසවාරාදියෙහි ද මෙම නයම වේ. මෙසේ මෙහි සියළු වාරවල යමක තුන තුන වශයෙන් යමක ගණන දතයුතුය. මෙහි අර්ථ විනිශ්චයෙහි වනාහි මේ ලක්‍ෂණ වේ. මේ ධර්ම යමකයේ පවත්ති මහාවාරයෙහි උප්පජ්ජන්ති නිරුජ්ඣන්ති මේ උප්පාද නිරෝධවල කුසලාකුසල ධර්ම ඒකාන්තයෙන් පැවතීමෙහිම ලැබේ. චුතිපටිසන්ධිවල නොවේ. අබ්‍යාකත ධර්ම වනාහි පැවතීමෙහි ද චුති පටිසන්ධිවලදැයි කාල තුනෙහිම ලැබේ. මෙසේ මෙහි යමක් ඒ ඒ තැන ලබයිද ඒ අනුව ඒ ඒ තැන විනිශ්චය දතයුතුය.

තත්‍රිදං නයමුඛං – කුසලාකුසලානං තාව එකක‍්ඛණෙ අනුප‍්පජ‍්ජනතො “නො”ති පටිසෙධො කතො. අබ්‍යාකතා චාති චිත‍්තසමුට‍්ඨානරූපවසෙන වුත‍්තං.

එහි නයමුඛය මෙසේය. කුසල අකුසල ඒකක්‍ෂණයෙහි නොඉපදෙන බැවින් නො යයි ප්‍රතිසෙධ කරන ලදි. අබ්‍යාකතාච චිත්ත සමුට්ඨාන රූප වශයෙන් කියන ලදි.

යත්‍ථ කුසලා ධම‍්මා නුප‍්පජ‍්ජන‍්තීති අසඤ‍්ඤභවං සන්‍ධාය වුත‍්තං. තෙනෙවෙත්‍ථ “ආමන‍්තා”ති විස‍්සජ‍්ජනං කතං. උප‍්පජ‍්ජන‍්තීති ඉදම‍්පි අසඤ‍්ඤභවංයෙව සන්‍ධාය වුත‍්තං. අබ්‍යාකතානං පන අනුප‍්පත‍්තිට‍්ඨානස‍්ස අභාවා “නත්‍ථී”ති පටික‍්ඛෙපො කතො.

යත්‍ථ කුසලා ධම්මා නූප්පජ්ජන්ති අසඤ්ඤ භාවය සඳහා කියන ලදි. එහෙයින් එහි ආමන්තා යයි විසඳීම කරන ලදි. උප්පජ්ජන්ති මෙය ද අසඤ්ඤ භවයම සඳහා කියන ලදි. අබ්‍යාකතවල වනාහි නූපන් ස්ථානයේ අභාවයෙන් නැතැයි ප්‍රතික්‍ෂේප කරන ලදි.

දුතියෙ අකුසලෙති භවං අස‍්සාදෙත්‍වා උප‍්පන‍්නෙසු නිකන‍්තිජවනෙසු දුතියෙ ජවනචිත‍්තෙ. දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙති පටිසන්‍ධිතො දුතියෙ භවඞ‍්ගචිත‍්තෙ වත‍්තමානෙ සහ වා පටිසන්‍ධියා භවඞ‍්ගං විපාකවසෙන එකමෙව කත්‍වා භවනිකන‍්තියා ආවජ‍්ජනචිත‍්තෙ. තඤ‍්හි කිරියචිත‍්තත‍්තා අබ්‍යාකතජාතියං විපාකතො දුතියං නාම හොති.

දුතියෙ අකුසලෙ දෙවන අකුසල යයි භවය ආශ්වාදකොට උපන් ආශා ජවනයන්හි දෙවන ජවන සිතෙහි, දුතියෙ චිත්තෙ වත්තමානෙ ප්‍රතිසන්ධියෙන් දෙවන භවාංග සිතෙහි පවතින පටිසන්ධිය සමග භවංගය විපාක වශයෙන් එකක්ම කොට භව ආශාව ආවර්ජන සිතෙහි. එයම ක්‍රියා සිත බව අබ්‍යාකත ජාති විපාකයෙන් දෙවැන්න නම් වේ.

යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගන‍්ති ගොත්‍රභුචිත‍්තං සන්‍ධාය වුත‍්තං. කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති තෙ අග‍්ගමග‍්ගධම‍්මෙයෙව සන්‍ධාය වුත‍්තං.

යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං ගොත්‍රභූ සිත සඳහා කියන ලදි. කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති ඒවා අග්‍ර මාර්ග ධර්මයම සඳහා කියන ලදි.

යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති, තස‍්ස චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙති ඉදං චිත‍්තජාතිවසෙන වුත‍්තං. තජ‍්ජාතිකස‍්ස හි එකාවජ‍්ජනෙන උප‍්පන‍්නස‍්ස තතො ඔරිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙපි එතං ලක‍්ඛණං ලබ‍්භතෙව.

යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ මේ සිත ජාති වශයෙන් කියන ලදි. ඒ ජාතියේ එක් ආවර්ජනයෙන් උපන් එයින් මේ හැම සිතේ උත්පාද ක්‍ෂණයෙහි ද මේ ලක්‍ෂණය ලැබේමය.

නිරොධවාරෙපි කුසලාකුසලානං එකතො අනිරුජ‍්ඣනතො “නො”ති වුත‍්තං. ඉමිනා නයමුඛෙන සබ‍්බත්‍ථ විනිච‍්ඡයො වෙදිතබ‍්බොති.

නිරෝධ වාරයෙහි ද කුසල අකුසල එකට නිරුද්ධ නොවන හෙයින් නො යයි කියන ලදි. මෙම නය මුඛයෙන් සියලු විනිශ්චයන් දතයුතුය.

ධම‍්මයමකවණ‍්ණනා නිට‍්ඨිතා.

ධම්ම යමක වර්ණනාව නිමි.