යෙදුමෙන් කියවන්න

පවත‍්තිවාරවණ‍්ණනා අට‍්ඨකථා

පවත‍්තිවාරවණ‍්ණනා

පවත්තිවාරවණ්ණනා

ඉදානි යස‍්ස රූපක‍්ඛන්‍ධොතිආදිනා නයෙන පවත‍්තිවාරො ආරද‍්ධො. කස‍්මා පනෙත්‍ථ උද‍්දෙසවාරො න වුත‍්තොති? හෙට‍්ඨා දස‍්සිතනයත‍්තා. පණ‍්ණත‍්තිවාරස‍්මිඤ‍්හි උද‍්දෙසවාරෙ නයො දස‍්සිතො. තෙන පන නයෙන සක‍්කා සො ඉධ අවුත‍්තොපි ජානිතුන‍්ති තං අවත්‍වා නිද‍්දෙසවාරොව ආරද‍්ධො. ඉමස‍්මිං පන පවත‍්තිවාරසඞ‍්ඛාතෙ මහාවාරෙ උප‍්පාදවාරො, නිරොධවාරො, උප‍්පාදනිරොධවාරොති තයො අන‍්තරවාරා හොන‍්ති. තෙසු පඨමො ධම‍්මානං උප‍්පාදලක‍්ඛණස‍්ස දීපිතත‍්තා උප‍්පාදවාරොති වුච‍්චති. දුතියො තෙසඤ‍්ඤෙව නිරොධලක‍්ඛණස‍්ස දීපිතත‍්තා නිරොධවාරොති වුච‍්චති. තතියො උභින‍්නම‍්පි ලක‍්ඛණානං දීපිතත‍්තා උප‍්පාදනිරොධවාරොති වුච‍්චති. උප‍්පාදවාරෙන චෙත්‍ථ ධම‍්මානං උප‍්පජ‍්ජනාකාරොව දීපිතො. නිරොධවාරෙන ‘උප‍්පන‍්නං නාම නිච‍්චං නත්‍ථී’ති තෙසඤ‍්ඤෙව අනිච‍්චතා දීපිතා. උප‍්පාදනිරොධවාරෙන තදුභයං.

දැන් යස්ස රූපක්ඛන්‍ධො යනාදි නයින් පවත්තිවාරය අරඹන ලදි. එහෙයින් මෙහි උද්දේසවාරය නොකියන ලදද? යට දක්වන ලද නය බව. පණ්ණත්තිවාර උද්දේස වාරයෙහි නය දක්වන ලදි. ඒ නයින් වනාහි මෙහි නොකියන ලද එය දැනගැනීමට හැකියයි එය නොකියා නිද්දේසවාරයම අරඹන ලදි. මේ පවත්තිවාර සංඛ්‍යාත මහා වාරයෙහි උප්පාද වාරය නිරොධ වාරය උප්පාදනිරොධවාරය යයි අන්තර්වාර තුනක් වේ. ඒවා අතුරෙන් පළමුව ධර්මයන්ගේ උප්පාද ලක්‍ෂණය දක්වන ලද බැවින් උප්පාදවාරය යයි කියයි. දෙවනුව ඒවායේම නිරෝධ ලක්‍ෂණ දක්වන ලද බැවින් නිරෝධවාරය යයි කියයි. තෙවනුව දෙකේම ලක්‍ෂණ දක්වන ලද බැවින් නිරෝධවාරය යයි කියයි. මෙහි උප්පාද වාරයෙන් ධර්මයන්ගේ උපදිනා ආකාරයම දක්වන ලදි. නිරෝධ වාරයෙන් ඉපදීම නම් නිත්‍ය නොවේ යයි ඒවායේම අනිත්‍යතා දක්වන ලදි. උප්පාද නිරෝධවාරයෙන් ඒ දෙකම දක්වන ලදි.

තත්‍ථ උප‍්පාදවාරෙ තාව තිණ‍්ණං අද‍්ධානං වසෙන ඡ කාලභෙදා හොන‍්ති – පච‍්චුප‍්පන‍්නො, අතීතො, අනාගතො, පච‍්චුප‍්පන‍්නෙනාතීතො, පච‍්චුප‍්පන‍්නෙනානාගතො, අතීතෙනානාගතොති. තෙසු ‘යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතී’ති පච‍්චුප‍්පන‍්නාභිධානවසෙන පච‍්චුප‍්පන‍්නො වෙදිතබ‍්බො. සො පච‍්චුප‍්පන‍්නානං ධම‍්මානං පච‍්චක‍්ඛතො ගහෙතබ‍්බත‍්තා අතිවිය සුවිඤ‍්ඤෙය්‍යොති පඨමං වුත‍්තො. යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති අතීතාභිධානවසෙන අතීතො වෙදිතබ‍්බො. සො පච‍්චක‍්ඛතො අනුභූතපුබ‍්බානං අතීතධම‍්මානං අනුමානෙන අනාගතෙහි සුවිඤ‍්ඤෙය්‍යතරත‍්තා දුතියං වුත‍්තො. යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතීති අනාගතාභිධානවසෙන අනාගතො වෙදිතබ‍්බො. සො පච‍්චක‍්ඛතො ච අනුභූතපුබ‍්බවසෙන ච ගහිතධම‍්මානුමානෙන ‘අනාගතෙපි එවරූපා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තී’ති ගහෙතබ‍්බතො තතියං වුත‍්තො.

එහි උප්පාද වාරයෙහි පළමුව අද්ධ තුන වශයෙන් කාලභේද හයක් වේ. වර්තමානය, අතීතය, අනාගතය, වර්තමානයෙන් අතීතය, වර්තමානයෙන් අනාගතය, අතීතයේ අනාගතය. ඒවා අතරෙන් යමකට රූපස්කන්ධය උපදී යයි වර්තමානය අභිධාන වශයෙන් වර්තමානය දතයුතුය. එය වර්තමාන ධර්මයන්ගේ ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ගතයුතු හෙයින් අතිශයින් දැනගන්නේ යයි පළමුව කියන ලදි. යස්ස රූපක්ඛන්‍ධො උප්පජ්ජත්‍ථා අතීත අභිධාන වශයෙන් අතීතය දතයුතුය. එය ප්‍රත්‍යක්‍ෂයෙන් අනුභූත පූර්ව වූ අතීත ධර්මයන්ගේ අනුමානයෙන් අනාගතයෙහි හොඳින් දැනගැනීම කරන හෙයින් දෙවනුව කියන ලදි. යස්ස රූපක්ඛන්‍ධො උප්පජ්ජිස්සති අනාගත අභිධාන වශයෙන් අනාගතය දතයුතුය. එය ප්‍රත්‍යක්‍ෂයෙන් ම අනුභූත පූර්ව වශයෙන් ම ගන්නා ලද ධර්ම අනුමානයෙන් අනාගතයෙහි ද මෙබඳු වූ ධර්ම උපදින්නේ යයි ගතයුතු වශයෙන් තුන්වනුව කියන ලදි.

යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති, තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති පච‍්චුප‍්පන‍්නෙන සද‍්ධිං අතීතාභිධානවසෙන පච‍්චුප‍්පන‍්නෙනාතීතො වෙදිතබ‍්බො. සො මිස‍්සකෙසු තීසු සුවිඤ‍්ඤෙය්‍යතරත‍්තා චතුත්‍ථං වුත‍්තො. යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතීති පච‍්චුප‍්පන‍්නෙන සද‍්ධිං අනාගතාභිධානවසෙන පච‍්චුප‍්පන‍්නෙනානාගතො වෙදිතබ‍්බො. සො පච‍්චක‍්ඛතො ගහෙතබ‍්බානං ධම‍්මානං අත්‍ථිතාය අත්‍ථතො සුවිඤ‍්ඤෙය්‍යතරොති පඤ‍්චමං වුත‍්තො. යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ, තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතීති අතීතෙන සද‍්ධිං අනාගතාභිධානවසෙන අතීතෙනානාගතො වෙදිතබ‍්බො. සො පුරිමෙහි දුවිඤ‍්ඤෙය්‍යොති ඡට‍්ඨං වුත‍්තො.

යස්ස රූපක්ඛන්‍ධො උප්පජ්ජති, තස්ස වෙදනාක්ඛන්‍දො උප්පජ්ජිත්‍ථ මෙසේ වර්තමානය සමග අතීත අභිධාන වශයෙන් වර්තමානයෙන් අතීතය දතයුතුය. එය තුන් මිශ්‍රකවල දැනගත හැකි බැවින් සතරවනුව කියන ලදි. යස්ස රූපක්ඛන්‍ධො උප්පජ්ජති, තස්ස වෙදනාක්ඛන්‍ධො උප්පජ්ජිස්සති වර්තමානය සමග අනාගත අභිධාන වශයෙන් වර්තමානයෙන් අනාගතය දතයුතුය. එය ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ගතයුත්තක් ඇති බැවින් අර්ථ වශයෙන් හොඳින් දතහැකි යයි පස්වනුව කියන ලදි. යස්ස රූපක්ඛන්‍ධො උප්පජ්ජිත්‍ථ තස්ස වෙදනාක්ඛන්‍ධො උප්පජ්ජිස්සති මෙසේ වර්තමානය සමග අනාගත අභිධාන වශයෙන් අතීතයෙන් අනාගතය දතයුතුය. එය මුලින් දැනගැනීමට අපහසු යයි සවැනිව කියන ලදි.

එවමෙතෙසු ඡසු කාලභෙදෙසු ය‍්වායං පඨමො පච‍්චුප‍්පන‍්නො, තත්‍ථ පුග‍්ගලතො, ඔකාසතො, පුග‍්ගලොකාසතොති තයො වාරා හොන‍්ති. තෙසු යස‍්සාති පුග‍්ගලවසෙන ඛන්‍ධානං උප‍්පත‍්තිදීපනො පුග‍්ගලවාරො. යත්‍ථාති ඔකාසවසෙන ඛන්‍ධානං උප‍්පත‍්තිදීපනො ඔකාසවාරො. යස‍්ස යත්‍ථාති පුග‍්ගලොකාසවසෙන ඛන්‍ධානං උප‍්පත‍්තිදීපනො පුග‍්ගලොකාසවාරො. ඉමෙ පන තයොපි වාරා පඨමං අනුලොමනයෙන නිද‍්දිසිත්‍වා පච‍්ඡා පටිලොමනයෙන නිද‍්දිට‍්ඨා. තෙසු ‘උප‍්පජ‍්ජති’ ‘උප‍්පජ‍්ජිත්‍ථ,’ ‘උප‍්පජ‍්ජිස‍්සතී’ති වචනතො උප‍්පත‍්තිදීපනො අනුලොමනයො. ‘නුප‍්පජ‍්ජති’, ‘නුප‍්පජ‍්ජිත්‍ථ,’ ‘නුප‍්පජ‍්ජිස‍්සතී’ති වචනතො අනුප‍්පත‍්තිදීපනො පටිලොමනයො.

මෙසේ මේ කාලභේද සයෙහි යමක් මේ පළමු වර්තමානය, එහි පුග්ගලතො ඔකාසතො පුග්ගලො කාසතො යයි වාර තුනක් වේ. ඒවායින් යස්ස මෙසේ පුද්ගල වශයෙන් ස්කන්ධයන්ගේ උත්පත්තිය දක්වන්නේ පුද්ගල වාර වේ. යත්‍ථ මෙසේ ඕකාශ වශයෙන් ස්කන්ධයන්ගේ උත්පත්ති දක්වන්නේ ඕකාසවාර වේ. යස්ස යත්‍ථ මෙසේ පුද්ගල ඕකාශ වශයෙන් ස්කන්ධයන්ගේ උත්පත්ති දක්වන්නේ පුද්ගල ඕකාස වාර වේ. මේ වාර තුනම පළමුව අනුලෝම නයින් නිද්දේස කොට පසුව පටිලෝම නයෙන් නිර්දිෂ්ඨය. ඒවායින් “උප්පජ්ජති’, ‘උප්පජ්ජිත්‍ථ’, ‘උප්පජ්ජස්සති’ මෙසේ වචනයෙන් උත්පත්ති දක්වන්නේ අනුලෝම නය වේ. ‘නූප්පජ්ජති’, ‘නූප්පජ්ජිත්‍ථ’, ‘නූප්පජ්ජිස්සති’ මෙසේ වචනයෙන් අනුත්පත්ති දක්වන්නේ පටිලෝම නය වේ.

තත්‍ථ පච‍්චුප‍්පන‍්නකාලෙ තාව පුග‍්ගලවාරස‍්ස අනුලොමනයෙ “යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති, තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති, තස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති, තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, උප‍්පජ‍්ජති. යස‍්ස වා පන විඤ‍්ඤාණක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති, තස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතී”ති එවං රූපක‍්ඛන්‍ධමූලකානි චත‍්තාරි යමකානි; “යස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති, තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතී”තිආදිනා නයෙන වෙදනාක‍්ඛන්‍ධමූලකානි තීණි; සඤ‍්ඤාක‍්ඛන්‍ධමූලකානි ද‍්වෙ; සඞ‍්ඛාරක‍්ඛන්‍ධමූලකං එකන‍්ති අග‍්ගහිතග‍්ගහණෙන දස යමකානි හොන‍්ති.

එහි වර්තමාන කාලයෙහි පළමුව පුද්ගල වාරයේ අනුලෝම නයෙහි යස්ස රූපක්ඛන්‍ධො උප්පජ්ජති, තස්ස වෙදනාක්ඛන්‍ධො උප්පජ්ජති යස්ස වා පන වෙදනාක්ඛන්‍ධො උප්පජ්ජති, තස්ස රූපක්ඛන්‍ධො උප්පජ්ජති, තස්ස සඤ්ඤාක්ඛන්‍ධො, සංඛාරක්ඛන්‍ධො, විඤ්ඤාණක්ඛන්‍ඡො උප්පජ්ජති, යස්ස වා පන විඤ්ඤාණක්ඛන්‍ඡො උප්පජ්ජති, තස්ස රූපක්ඛන්‍ධො උප්පජ්ජති. මෙසේ රූපස්කන්ධ මූලක, යමක සතර වේ. යස්ස වෙදනාක්ඛන්‍ධො උප්පජ්ජති, තස්ස සඤ්ඤාක්ඛන්‍ධො උප්පජ්ජති යනාදි නයෙන් වෙදනාක්ඛන්‍ධ මූලක තුන, සඤ්ඤාක්ඛන්‍ධ මූලක දෙක, සංඛාරක්ඛන්‍ධ මූලක එක යයි අගහිත ගහණයෙන් (නොගන්නා ලද්ද ගැනීමෙන්) යමක දහයක් වේ.

තත්‍ථ රූපක‍්ඛන්‍ධමූලකෙසු චතූසු ආදිතො එකමෙව විස‍්සජ‍්ජිතං. සෙසානි තෙන සදිසවිස‍්සජ‍්ජනානීති තන‍්තියා ලහුභාවත්‍ථං සඞ‍්ඛිත‍්තානි. වෙදනාක‍්ඛන්‍ධාදිමූලකෙසුපි ‘ආමන‍්තා’ති එකසදිසමෙව විස‍්සජ‍්ජනං. තස‍්මා තානිපි තන‍්තියා ලහුභාවත්‍ථං සඞ‍්ඛිත‍්තානෙවාති එවමෙතානි පච‍්චුප‍්පන‍්නකාලෙ පුග‍්ගලවාරෙ අනුලොමනයෙ එකයමකවිස‍්සජ‍්ජනෙනෙව දස යමකානි විස‍්සජ‍්ජිතානි නාම හොන‍්තීති වෙදිතබ‍්බානි. යථා ච පුග‍්ගලවාරෙ දස, එවං ඔකාසවාරෙ දස, පුග‍්ගලොකාසවාරෙ දසාති පච‍්චුප‍්පන‍්නකාලෙ තීසු වාරෙසු අනුලොමනයෙ තිංස යමකානි හොන‍්ති. යථා ච අනුලොමනයෙ, එවං පටිලොමනයෙපීති සබ‍්බානිපි පච‍්චුප‍්පන‍්නකාලෙ සට‍්ඨි යමකානි හොන‍්ති. තෙසු වීසපුච‍්ඡාසතං, චත‍්තාරීසානි ච ද‍්වෙ අත්‍ථසතානි හොන‍්තීති වෙදිතබ‍්බානි. එවං සෙසෙසුපි පඤ‍්චසු කාලභෙදෙසු පුග‍්ගලාදිභෙදතො අනුලොමපටිලොමනයවසෙන ඡ ඡ වාරා. එකෙකස‍්මිං වාරෙ දස දස කත්‍වා සට‍්ඨි සට‍්ඨි යමකානීති තීණි යමකසතානි. තානි පුරිමෙහි සද‍්ධිං සට‍්ඨාධිකානි තීණි යමකසතානි, වීසාධිකානි සත‍්තපුච‍්ඡාසතානි, චත‍්තාරීසානි ච චුද‍්දස අත්‍ථසතානි හොන‍්ති. ඉදං තාව උප‍්පාදවාරෙ පාළිවවත්‍ථානං. යථා ච උප‍්පාදවාරෙ, තථා නිරොධවාරෙපි, උප‍්පාදනිරොධවාරෙපීති සබ‍්බස‍්මිම‍්පි පවත‍්තිමහාවාරෙ අසීති යමකසහස‍්සං, සට‍්ඨිසතාධිකානි ද‍්වෙ පුච‍්ඡාසහස‍්සානි, වීසං තිසතාධිකානි ච චත‍්තාරි අත්‍ථසහස‍්සානි වෙදිතබ‍්බානි.

එහි රූපස්කන්ධ මූලක සතරෙහි මුලින් එකක්ම විසඳන ලදි. සෙස්ස ඊට සමාන විසඳීම් යයි පෙළෙහි ලඝුභාවය සඳහා සංක්‍ෂිප්ත කරන ලදි. වෙදනාක්ඛන්‍ධාදි මූලකවල ද ආමන්තා යයි එකසමාන විසඳීම වේ. එහෙයින් ඒවා ද පෙළෙහි ලඝුභාවය සඳහා සංක්‍ෂේප කරන ලද්දේමය. මෙසේ මේවා වර්තමාන කාලයේ පුද්ගලවාරයේ අනුලෝම නයෙහි එක් යමක විසඳීමකින්ම යමක දහයක් විසඳන ලද්දේ වේයයි දතයුතුය. පුද්ගල වාරයෙහි දහය මෙන් ඕකාස වාරයෙහි දහයක් ද පුග්ගලොකාස වාරයෙහි දහයක්දැයි වර්තමාන කාලයේ තුන්වාරයේ අනුලෝම නයෙහි යමක තිහක් වේ. අනුලෝමයෙහි මෙන් පටිලෝම නයෙහි ද සියල්ල වර්තමාන කාලයේ යමක හැටක් වේ. ඒවායේ පුච්ඡා එක්සිය විස්සක් වේ. අර්ථ දෙසිය සතලිසක් වේ යයි දතයුතු. මෙසේ සෙසු පස්කාල භේදයෙහි ද පුද්ගලාදි භේදයෙන් අනුලෝම පටිලෝම නය වශයෙන් සය සය වාර, එක එක වාරයෙහි දහය දහය කොට හැට හැට යමක යයි යමක තුන්සියයක්. ඒවා පෙර ඒවා සමග යමක තුන්සිය හැටක් වේ. පුච්ඡා හත්සිය විස්සක් වේ. අර්ථ එක්දහස් හාරසිය හතලිහක් වේ. මෙය උප්පාද වාරයෙහි පෙළෙහි නියමයයි. උප්පාද වාරයෙහි නිරෝධ වාරයෙහිද උප්පාද නිරෝධ වාරයෙහිදැයි සියළුම පවත්ති මහා වාරයෙහි යමක එක්දහස් අසූවක් වේ. පුච්ඡා දෙදහස් එකසිය හැටක් වේ. අර්ථ හාරදහස් තුන්සිය විස්සක් වේ යයි දතයුතුය.

පාළි පන උප‍්පාදවාරෙ නිරොධවාරෙ ච තීසු අසම‍්මිස‍්සකකාලභෙදෙසු තස‍්මිං තස‍්මිං වාරෙ එකෙකමෙව යමකං විස‍්සජ‍්ජෙත්‍වා සඞ‍්ඛිත‍්තා. තීසු මිස‍්සකකාලභෙදෙසු ‘යස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති, තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථා’තිආදිනා නයෙන වෙදනාක‍්ඛන්‍ධාදිමූලකෙසුපි එකං යමකං විස‍්සජ‍්ජිතං. උප‍්පාදනිරොධවාරෙ පන ඡසුපි කාලභෙදෙසු තං විස‍්සජ‍්ජිතමෙව. සෙසානි තෙන සමානවිස‍්සජ‍්ජනත‍්තා සඞ‍්ඛිත‍්තානීති. ඉදං සකලෙපි පවත‍්තිමහාවාරෙ පාළිවවත්‍ථානං.

පෙළෙහි වනාහි උප්පාද නිරෝධ වාරවල අසම්මිශ්‍ර කාල භේදවල ඒ ඒ වාරයෙහි යමක එක එකම විසඳා සංක්‍ෂේප කරන ලදි. මිශ්‍රක කාලභේද තුනෙහි යස්ස වෙදනාක්ඛන්‍ධො උප්පජ්ජති, තස්සෙ සඤ්ඤාක්ඛන්‍ධො උප්පජ්ජිත්‍ථ යනාදි නයෙන් වෙදනාක්ඛන්‍ධාදි මූලකවලද එක් යමකයක් විසඳන ලදි. සෙස් එයින් සමාන විසඳීම් වන බැවින් සංක්‍ෂේප කරන ලදි. මෙය සියළුම පවත්ති මහා වාරයෙහි පෙළේ නියමයයි.

අත්‍ථවිනිච‍්ඡයත්‍ථං පනස‍්ස ඉදං ලක‍්ඛණං වෙදිතබ‍්බං – ඉමස‍්මිඤ‍්හි පවත‍්තිමහාවාරෙ චතුන‍්නං පඤ‍්හානං පඤ‍්ච විස‍්සජ‍්ජනානි සත‍්තවීසතියා ඨානෙසු පක‍්ඛිපිත්‍වා අත්‍ථවිනිච‍්ඡයො වෙදිතබ‍්බො. තත්‍ථ පුරෙපඤ‍්හො, පච‍්ඡාපඤ‍්හො, පරිපුණ‍්ණපඤ‍්හො, මොඝපඤ‍්හොති ඉමෙ චත‍්තාරො පඤ‍්හා නාම. එකෙකස‍්මිඤ‍්හි යමකෙ ද‍්වෙ ද‍්වෙ පුච‍්ඡා. එකෙකපුච‍්ඡායපි ද‍්වෙ ද‍්වෙ පදානි. තත්‍ථ යාය පුච‍්ඡාය විස‍්සජ‍්ජනෙ එකෙනෙව පදෙන ගහිතක‍්ඛන්‍ධස‍්ස උප‍්පාදො වා නිරොධො වා ලබ‍්භති , අයං පුරෙපඤ‍්හො නාම. යාය පන පුච‍්ඡාය විස‍්සජ‍්ජනෙ ද‍්වීහිපි පදෙහි ගහිතක‍්ඛන්‍ධානං උප‍්පාදො වා නිරොධො වා ලබ‍්භති, අයං පච‍්ඡාපඤ‍්හො නාම. යාය පන පුච‍්ඡාය විස‍්සජ‍්ජනෙ එකෙනපි පදෙන ගහිතක‍්ඛන්‍ධස‍්ස ද‍්වීහිපි පදෙහි ගහිතක‍්ඛන්‍ධානං උප‍්පාදො වා, නිරොධො වා ලබ‍්භති, අයං පරිපුණ‍්ණපඤ‍්හො නාම. යාය පන පුච‍්ඡාය විස‍්සජ‍්ජනෙ පටික‍්ඛෙපො වා, පටිසෙධො වා ලබ‍්භති, අයං මොඝපඤ‍්හො නාම. යස‍්මා පනෙස අදස‍්සියමානො න සක‍්කා ජානිතුං, තස‍්මා නං දස‍්සයිස‍්සාම.

මෙහි අර්ථ විනිශ්චය සඳහා මේ ලක්‍ෂණය දතයුතුයි. මේ මහා පවත්තිවාරයෙහි සතර ප්‍රශ්නයන්ගේ පස් විසඳුම් විසිහත් තැනක බහා අර්ථ විනිශ්චය දතයුතුය. එහි පෙර ප්‍රශ්නය පසු ප්‍රශ්නය පරිපූර්ණ ප්‍රශ්නය මෝඝ ප්‍රශ්නය යයි මේ සතර ප්‍රශ්න නම් වේ. එක එක යමකයෙහි පුච්ඡා දෙක දෙක වේ. එක එක පුච්ඡාවෙහි දෙක දෙක පද වේ. එහි යම් පුච්ඡාවක් විසඳන කල්හි එකම පදයකින් ගන්නා ලද ස්කන්ධයේ උප්පාදය හෝ නිරෝධය හෝ ලැබේ. මෙය පෙරපද ප්‍රශ්නය වේ. යම් පුච්ඡාවක් විසඳන කල්හි පද දෙකකින් ගන්නා ලද ස්කන්ධයන්ගේ උප්පාදය හෝ නිරෝධය හෝ ලැබේ. මෙය පසු ප්‍රශ්නය නම් වේ. යම් පුච්ඡාවක් විසඳන කල්හි එකම පදයෙන් ගන්නා ස්කන්ධයේ පද දෙකකින් ගන්නා ලද ස්කන්ධයන්ගේ උප්පාදය හෝ නිරෝධය හෝ ලැබේ. මෙය පරිපූර්ණ ප්‍රශ්නය නම් වේ. යම් පුච්ඡාවක් විසඳන කල්හි ප්‍රතික්‍ෂේපය හෝ ප්‍රතිෂේධය හෝ ලැබේ. මෙය මෝඝ ප්‍රශ්නය නම් වේ. යම්හෙයකින් මෙය නො දක්නේ දැනීමට නොහැකි වේ. එහෙයින් එය දක්වන්නෙමු.

‘යත්‍ථ රූපක‍්ඛන්‍ධො නුප‍්පජ‍්ජති, තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නුප‍්පජ‍්ජතී’ති පුච‍්ඡාය තාව උප‍්පජ‍්ජතීති ඉමස‍්මිං විස‍්සජ‍්ජනෙ එකෙනෙව පදෙන ගහිතස‍්ස වෙදනාක‍්ඛන්‍ධස‍්ස උප‍්පාදො ලබ‍්භති, ඉති අයඤ‍්චෙව අඤ‍්ඤො ච එවරූපො පඤ‍්හො පුරෙපඤ‍්හොති වෙදිතබ‍්බො. ‘යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ, තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථා’ති පුච‍්ඡාය පන ‘ආමන‍්තා’ති ඉමස‍්මිං විස‍්සජ‍්ජනෙ ද‍්වීහි පදෙහි ගහිතානං රූපවෙදනාක‍්ඛන්‍ධානං යස‍්ස කස‍්සචි සත‍්තස‍්ස අතීතෙ උප‍්පාදො ලබ‍්භති. ඉති අයඤ‍්චෙව අඤ‍්ඤො ච එවරූපො පඤ‍්හො පච‍්ඡාපඤ‍්හොති වෙදිතබ‍්බො.

යත්‍ථ රූපක්ඛන්‍ධො නූප්පජ්ජති තත්‍ථ වෙදනක්ඛන්‍ධො නූප්පජ්ජති යම්තැනක රූපස්කන්ධය නූපදීද එතැන වේදනාස්කන්ධය නූපදී යනු ඇසීමෙන් උප්පජ්ජති උපදී යන මේ විසඳුමෙහි ඒක පදයකින් ගන්නා ලද වේදනා ස්කන්ධයේ ඉපදීම ලැබේ. මෙසේ මෙය ද අන්‍ය වූ ද මෙබඳු රූප වූ ප්‍රශ්නය පෙර ප්‍රශ්නය යයි දතයුතු.

‘යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති, තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතී’ති ඉමාය පන පඨමපුච‍්ඡාය ‘අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තාන’න‍්තිආදිකෙ ඉමස‍්මිං විස‍්සජ‍්ජනෙ ‘අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති, නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතී’ති ඉමස‍්මිං කොට‍්ඨාසෙ එකෙනෙව පදෙන ගහිතස‍්ස රූපක‍්ඛන්‍ධස‍්සපි උප‍්පාදො ලබ‍්භති. ‘පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජතී’ති ඉමස‍්මිං කොට‍්ඨාසෙ ද‍්වීහිපි පදෙහි සඞ‍්ගහිතානං රූපවෙදනාක‍්ඛන්‍ධානම‍්පි උප‍්පාදො ලබ‍්භති. ඉති අයඤ‍්චෙව අඤ‍්ඤො ච එවරූපො පඤ‍්හො පරිපුණ‍්ණපඤ‍්හොති වෙදිතබ‍්බො. පුරෙපච‍්ඡාපඤ‍්හොතිපි එතස‍්සෙව නාමං. එතස‍්ස හි විස‍්සජ‍්ජනෙ පුරිමකොට‍්ඨාසෙ එකෙන පදෙන සඞ‍්ගහිතස‍්ස රූපක‍්ඛන්‍ධස‍්සෙව උප‍්පාදො දස‍්සිතො. දුතියකොට‍්ඨාසෙ ද‍්වීහි පදෙහි සඞ‍්ගහිතානං රූපවෙදනාක‍්ඛන්‍ධානං. ඉමිනායෙව ච ලක‍්ඛණෙන යත්‍ථ එකෙන පදෙන සඞ‍්ගහිතස‍්ස ඛන්‍ධස‍්ස උප‍්පාදො වා නිරොධො වා ලබ‍්භති, සො පුරෙපඤ‍්හොති වුත‍්තො. යත්‍ථ ද‍්වීහිපි පදෙහි සඞ‍්ගහිතානං ඛන්‍ධානං උප‍්පාදො වා නිරොධො වා ලබ‍්භති, සො පච‍්ඡාපඤ‍්හොති වුත‍්තො.

යස්ස රූපක්ඛන්‍ධො උප්පජ්ජිත්‍ථ තස්ස වෙදනාක්ඛන්‍ධො උප්පජ්ජිත්‍ථ යමකට රූපස්කන්ධය ඉපදුනේය. ඊට වේදනා ස්කන්ධය ඉපදුනේද? ඇසීමෙන් වනාහි ආමන්තා ඔව් යයි මේ විසඳුමේ දෙපදයකින් ගන්නා ලද රූප වේදනා ස්කන්ධයන්ගේ යම්කිසි සත්ත්වයෙකුට අතීතේ උපත ලබයි. මෙසේ මෙය ද අන්‍ය වූ ද මෙබඳුරූප වූ ප්‍රශ්නය පරිපූර්ණ වූ ප්‍රශ්නය යයි දතයුතුය. පෙර ප්‍රශ්නය යනුද මෙයටම නමකි. මේ විසඳුමේ පළමු කොටසෙහි එක පදයකින් සංග්‍රහ කරන ලද රූපස්කන්ධයේම උපත දක්වන ලදි. දෙවන කොටසෙහි දෙපදයකින් සංග්‍රහ කරන ලද රූපවේදනා ස්කන්ධයන්ගේ උපත දක්වන ලදි. මේ ලක්‍ෂණයෙන් ම යම්තැනක එක පදයකින් සංග්‍රහ කරන ලද ස්කන්ධයෝ උප්පාදය හෝ නිරෝධය හෝ ලැබේ. එය පෙර ප්‍රශ්නය යයි කියන ලදි. යම්තැනක දෙපදයකින් සංග්‍රහ කරන ලද ස්කන්ධයන්ගේ උප්පාදය හෝ නිරෝධය හෝ ලැබේ. එය පසු ප්‍රශ්නය යයි කියනු ලැබේ.

‘යස‍්ස රූපක‍්ඛන්‍ධො නුප‍්පජ‍්ජිත්‍ථ, තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නුප‍්පජ‍්ජිත්‍ථා’ති ඉමාය පන පුච‍්ඡාය ‘නත්‍ථී’ති ඉමස‍්මිං විස‍්සජ‍්ජනෙ පටික‍්ඛෙපො ලබ‍්භති. ‘යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති, තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣතී’ති පුච‍්ඡාය ‘නො’ති ඉමස‍්මිං විස‍්සජ‍්ජනෙ පටිසෙධො ලබ‍්භති. තස‍්මා අයඤ‍්චෙව දුවිධො අඤ‍්ඤො ච එවරූපො පඤ‍්හො මොඝපඤ‍්හොති වෙදිතබ‍්බො. තුච‍්ඡපඤ‍්හොතිපි වුච‍්චති. එවං තාව චත‍්තාරො පඤ‍්හා වෙදිතබ‍්බා.

යස්ස රූපක්ඛන්‍ධො නූප්පජ්ජිත්‍ථ තස්ස වෙදනක්ඛන්‍ධො නූප්පජ්ජිත්‍ථ යමෙකුට රූපස්කන්ධය නොඉපදුනේය. ඊට වේදනා ස්කන්ධය නො ඉපදුනේ ද? මේ ඇසීමෙන් වනාහි නත්‍ථිති නැතැයි යන මේ විසඳුමේ ප්‍රතික්‍ෂේපය ලබයි. යස්ස රූපක්ඛන්‍ධො උප්පජ්ජති තස්ස වෙදනාක්ඛන්‍ධො නිරුජ්ඣති යමකට රූපස්කන්ධය උපදී. ඊට වේදනා ස්කන්ධය නිරුද්ධ වේ. ඇසීමෙන් නොති මේ විසඳුමෙහි පටිලෝමය ලබයි. එහෙයින් මෙය ද ද්විධ වූ අන්‍ය වූ මෙබඳු රූප ප්‍රශ්නය ද මොඝ ප්‍රශ්නය යයි දතයුතුය. හිස් ප්‍රශ්නය යනුද කියයි. මෙසේ ප්‍රශ්න සතර දතයුතුය.

පාළිගතියා විස‍්සජ‍්ජනං, පටිවචනවිස‍්සජ‍්ජනං, සරූපදස‍්සනෙන විස‍්සජ‍්ජනං, පටික‍්ඛෙපෙන විස‍්සජ‍්ජනං, පටිසෙධෙන විස‍්සජ‍්ජනන‍්ති ඉමානි පන පඤ‍්ච විස‍්සජ‍්ජනානි නාම . තත්‍ථ යං විස‍්සජ‍්ජනං පාළිපදමෙව හුත්‍වා අත්‍ථං විස‍්සජ‍්ජෙති, ඉදං පාළිගතියා විස‍්සජ‍්ජනං නාම. තං පුරෙපඤ‍්හෙ ලබ‍්භති. ‘යත්‍ථ රූපක‍්ඛන්‍ධො නුප‍්පජ‍්ජති තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නුප‍්පජ‍්ජතී’ති හි පඤ‍්හෙ ‘උප‍්පජ‍්ජතී’ති ඉදං විස‍්සජ‍්ජනං පාළිපදමෙව හුත්‍වා අත්‍ථං විස‍්සජ‍්ජයමානං ගතං, තස‍්මා එවරූපෙසු ඨානෙසු පාළිගතියා විස‍්සජ‍්ජනං වෙදිතබ‍්බං. යං පන විස‍්සජ‍්ජනං පටිවචනභාවෙන අත්‍ථං විස‍්සජ‍්ජෙති, ඉදං පටිවචනවිස‍්සජ‍්ජනං නාම. තං පච‍්ඡාපඤ‍්හෙ ලබ‍්භති. ‘යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ, තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථා’ති හි පඤ‍්හෙ ‘ආමන‍්තා’ති ඉදං විස‍්සජ‍්ජනං පටිවචනවසෙනෙව අත්‍ථං විස‍්සජ‍්ජයමානං ගතං, තස‍්මා එවරූපෙසු ඨානෙසු පටිවචනවිස‍්සජ‍්ජනං වෙදිතබ‍්බං. යං විස‍්සජ‍්ජනං සරූපෙන දස‍්සෙත්‍වා අත්‍ථං විස‍්සජ‍්ජෙති; ඉදං සරූපදස‍්සනෙන විස‍්සජ‍්ජනං නාම. තං පරිපුණ‍්ණපඤ‍්හෙ ලබ‍්භති. ‘යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති; තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතී’ති හි පඤ‍්හෙ ‘අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තාන’න‍්ති ඉදං විස‍්සජ‍්ජනං ‘ඉමෙසං රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති, නො ච වෙදනාක‍්ඛන්‍ධො, ඉමෙසං රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති, වෙදනාක‍්ඛන්‍ධො චා’ති සරූපදස‍්සනෙනෙව අත්‍ථං විස‍්සජ‍්ජයමානං ගතං. තස‍්මා එවරූපෙසු ඨානෙසු සරූපදස‍්සනෙන විස‍්සජ‍්ජනං වෙදිතබ‍්බං. යං පන විස‍්සජ‍්ජනං තථාරූපස‍්ස අත්‍ථස‍්සාභාවතො අත්‍ථපටික‍්ඛෙපෙන පඤ‍්හං විස‍්සජ‍්ජෙති, ඉදං පටික‍්ඛෙපෙන විස‍්සජ‍්ජනං නාම. යං තථාරූපස‍්ස අත්‍ථස‍්ස එකක‍්ඛණෙ අලාභතො අත්‍ථපටිසෙධනෙන පඤ‍්හං විස‍්සජ‍්ජෙති, ඉදං පටිසෙධෙන විස‍්සජ‍්ජනං නාම. තං මොඝපඤ‍්හෙ ලබ‍්භති. ‘යස‍්ස රූපක‍්ඛන්‍ධො නුප‍්පජ‍්ජිත්‍ථ, තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නුප‍්පජ‍්ජිත්‍ථා’ති හි පඤ‍්හෙ ‘නත්‍ථී’ති ඉදං විස‍්සජ‍්ජනං; එවරූපො නාම සත‍්තො නත්‍ථීති අත්‍ථපටික‍්ඛෙපෙන පඤ‍්හං විස‍්සජ‍්ජයමානං ගතං; තස‍්මා එවරූපෙසු ඨානෙසු පටික‍්ඛෙපෙන විස‍්සජ‍්ජනං වෙදිතබ‍්බං. ‘යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති, තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣතී’ති පඤ‍්හෙ පන ‘නො’ති ඉදං විස‍්සජ‍්ජනං එකස‍්මිං පටිසන්‍ධික‍්ඛණෙ උප‍්පාදෙන සද‍්ධිං නිරොධො නාම න ලබ‍්භතීති අත්‍ථපටිසෙධනෙන පඤ‍්හං විස‍්සජ‍්ජයමානං ගතං, තස‍්මා එවරූපෙසු ඨානෙසු පටිසෙධෙන විස‍්සජ‍්ජනං වෙදිතබ‍්බං.

පෙළෙහි ස්වභාවයෙන් විසඳීම ප්‍රතිවචනයෙන් විසඳීම ස්වරූප පෙන්වීමෙන් විසඳීම, ප්‍රතික්‍ෂේපයෙන් විසඳීම, ප්‍රතිසෝධයෙන් විසඳීම මේ විසඳීම් පස නම් වේ. එහි යම් විසඳීමක් පෙළෙහි පදවලින් ම අර්ථය විසඳයි. මෙය පාළිගතියා විස්සජ්ජන නම් වේ. එය පෙර ප්‍රශ්නයෙහි ලැබේ. යත්‍ථ රූපක්ඛන්‍දො නූප්පජ්ජතීති තත්‍ථ වෙදනාක්ඛන්‍ධො නූප්පජ්ජති යන ප්‍රශ්නයෙහි උප්පජ්ජති යනු මේ විසඳුම පෙළෙහි පදවලින්ම අර්ථය විසඳීම විය. එහෙයින් මෙබඳු වූ ස්ථානවල පාළි ගතියෙන් විසඳීම දතයුතුය. යම් විසඳුමක් ප්‍රතිවචන භාවයෙන් අර්ථය විසඳයි. මෙය පටිවචන විස්සජ්ජන නම් වේ. එය පසු ප්‍රශ්නයෙහි ලැබේ. යස්ස රූපක්ඛන්‍ධො උප්පජ්ජිත්‍ථ තස්ස වෙදනාක්ඛන්‍ධො උප්පජ්ජිත්‍ථ යන ප්‍රශ්නයෙහි ආමන්තා යනු විසඳීමයි. ප්‍රතිවචන වශයෙන් අර්ථයෙන් විසඳීම විය. එහෙයින් මෙබඳු වූ ස්ථානවල පටිවචන විස්සජ්ජනය දතයුතුය. යම් විසඳීමක් ස්වරූපයෙන් දක්වා අර්ථය විසඳයි. මේ ස්වරූප දැක්වීමෙන් විසඳීම වේ. එය පරිපූර්ණ ප්‍රශ්නයෙහි ලැබේ. යස්ස රූපක්ඛන්‍ධො උප්පජ්ජති තස්ස වෙදනාක්ඛන්‍ධො උප්පජ්ජති යන ප්‍රශ්නයෙහි අසඤ්ඤසත්තයෙහි ඉපදුන අයට මේ විසඳුමයි. මොවුන්ට රූපස්කන්ධය උපදී. වේදනා ස්කන්ධය නොවේ. මොවුන්ට රූපස්කන්ධයම උපදී. වේදනා ස්කන්ධය යයි ස්වරූප දැක්වීමෙන් ම අර්ථයේ විසඳීම විය. එහෙයින් මෙබඳු තැන්වල ස්වරූප දැක්වීමෙන් විසඳුම දතයුතුය. යම්කිසි විසඳුමක් වනාහි එබඳු අර්ථයක් නොමැතිවීමෙන් අර්ථ ප්‍රතික්‍ෂේපයෙන් ප්‍රශ්නය විසඳයි. මෙය පටික්ඛෙපෙන විස්සජ්ජන නම් වේ. එබඳු වූ යම් අර්ථයක් එකෙණෙහි නොලැබීමෙන් අර්ථ ප්‍රතිශෝධනයෙන් ප්‍රශ්නය විසඳයි. මෙය පටිස්සෙන්නෙ විස්සජ්ජන නම් වේ. එය මෝඝ ප්‍රශ්නයෙහි ලැබේ. යස්ස රූපක්ඛන්‍ධො නූප්පජ්ජිත්‍ථ තස්ස වෙදනාක්ඛන්‍ධො නූප්පජ්ජිත්‍ථ (රූපස්කන්ධය නො ඉපදිණි නම් වේදනා ස්කන්ධය නො ඉපදුනේද? යන ප්‍රශ්නයෙහි නත්‍ථි නැතැයි මෙම විසඳුම එබඳු වූ සත්ත්වයෙක් නැතැයි අර්ථ ප්‍රතික්‍ෂේපයෙන් ප්‍රශ්නය විසඳීය. එනිසා එබඳු තැන්වල ප්‍රතික්‍ෂේපයෙන් විසඳීම දතයුතුය. යස්ස රූපක්ඛන්‍ධො උප්පජ්ජති තස්ස වෙදනාක්ඛන්‍ධො නිරුජ්ඣති (යමකට රූපස්කන්ධය උපදී. ඊට වේදනා ස්කන්ධය නිරුද්ධ වේද? යන ප්‍රශ්නයෙහි නො නැත යන මේ විසඳුමය. එක් පටිසන්ධි ක්‍ෂණයෙහි ඉපදීම සමග නිරෝධය නො ලැබේ යයි අර්ථ ප්‍රතික්‍ෂේපයෙන් ප්‍රශ්නය විසඳීය. එනිසා එබඳු තැන්වල පටිසේධයෙන් විසඳීම දතයුතුය.

ඉදානි ඉමෙ චත‍්තාරො පඤ‍්හා, ඉමානි ච පඤ‍්ච විස‍්සජ‍්ජනානි, යෙසු සත‍්තවීසතියා ඨානෙසු පක‍්ඛිපිතබ‍්බානි, තානි එවං වෙදිතබ‍්බානි – අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානන‍්ති එකං ඨානං, අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථාති එකං, අසඤ‍්ඤසත‍්තානන‍්ති එකං; අසඤ‍්ඤසත‍්තා චවන‍්තානන‍්ති එකං; අරූපං උපපජ‍්ජන‍්තානන‍්ති එකං, අරූපෙ තත්‍ථාති එකං, අරූපානන‍්ති එකං, අරූපා චවන‍්තානන‍්ති එකං , අරූපෙ පච‍්ඡිමභවිකානන‍්ති එකං, අරූපෙ පරිනිබ‍්බන‍්තානන‍්ති එකං; යෙ ච අරූපං උපපජ‍්ජිත්‍වා පරිනිබ‍්බායිස‍්සන‍්තීති එකං; පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානන‍්ති එකං, පඤ‍්චවොකාරෙ තත්‍ථාති එකං, පඤ‍්චවොකාරානන‍්ති එකං පඤ‍්චවොකාරා චවන‍්තානන‍්ති එකං, පඤ‍්චවොකාරෙ පච‍්ඡිමභවිකානන‍්ති එකං, පඤ‍්චවොකාරෙ පරිනිබ‍්බන‍්තානන‍්ති එකං; සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානන‍්ති එකං, සුද‍්ධාවාසෙ තත්‍ථාති එකං, සුද‍්ධාවාසානන‍්ති එකං, සුද‍්ධාවාසෙ පරිනිබ‍්බන‍්තානන‍්ති එකං; සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානන‍්ති එකං, සබ‍්බෙසං චවන‍්තානන‍්ති එකං; සබ‍්බසාධාරණවසෙන පච‍්ඡිමභවිකානන‍්ති එකං, පරිනිබ‍්බන‍්තානන‍්ති එකං, චතුවොකාරං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානන‍්ති එකං, චවන‍්තානන‍්ති එකං. එවං ඉමෙසං චතුන‍්නං පඤ‍්හානං ඉමානි පඤ‍්ච විස‍්සජ‍්ජනානි ඉමෙසු සත‍්තවීසතියා ඨානෙසු පක‍්ඛිපිත්‍වා ඉමස‍්මිං පවත‍්තිමහාවාරෙ අත්‍ථවිනිච‍්ඡයො වෙදිතබ‍්බො. එවං විදිත්‍වා හි පඤ‍්හං විස‍්සජ‍්ජන‍්තෙන සුවිස‍්සජ‍්ජිතො හොති, අත්‍ථඤ‍්ච විනිච‍්ඡයන‍්තෙන සුවිනිච‍්ඡිතො හොති.

දැන් මේ ප්‍රශ්න සතර මේ පස් විසඳුම් ද විසිහත් තැනක තැබිය යුතුය. ඒ සත්විසි තැන් මෙසේ දතයුතුය. අසඤ්ඤසත්තයේ උපදින්නවුන්ගේ එක් ස්ථානයකි. අසඤ්ඤ සත්ත්වයෙහි තත්ත්වය එකකි. අසඤ්ඤ සත්ත්වයන්ගේ එකකි. අසඤ්ඤ සත්ත්වයෙන් චුත වන්නන්ගේ එකකි. අරූපයෙහි උපදින්නන්ගේ එකකි. අරූපයෙහි තත්ත්වය යයි එකකි. අරූපයන්ගේ එකකි. අරූපයෙන් චුත වන්නන්ගේ එකකි. අරූපයෙහි පශ්චිම භවිකයන්ගේ එකකි. අරූපයෙහි පිරිනිවන්පාන්නන්ගේ එකකි. ඇතැමෙක් අරූපයෙහි ඉපදී පිරිනිවන් පාන්නෝය යයි එකකි. පංචවෝකාරවල (ස්කන්ධ පහක් ඇති භවවල) උපදින්නන්ගේ එකකි. පංචවෝකාරවල තත්ත්වය යයි එකකි. පංචවෝකාරයන්ගේ එකකි. පංචවෝකාරවලින් චුතවන්නන්ගේ එකකි. පංචවෝකාරයෙහි පිරිනිවන් පාන්නන්ගේ එකකි. සුද්ධාවාසයෙහි උපදින්නන්ගේ එකකි. සුද්ධාවාසයෙහි තත්ත්වය යයි එකකි. සුද්ධාවාසිකයන්ගෙන් එකකි. සුද්ධාවාසයෙහි පිරිනිවන් පාන්නන්ගේ එකකි. සියල්ලන්ගේ උපදින්නන්ගේ එකකි. සියල්ලන්ගේ චුතවන්නන්ගේ එකකි. සියල්ලන්ට සාධාරණ වශයෙන් පශ්චිම භවිකයන්ගේ එකකි. පිරිනිවන් පාන්නන්ගේ එකකි. චතුවෝකාර පංචවෝකාරවල උපදින්නන්ගේ එකකි. චුතවන්නන්ගේ එකකි. මේ සතර ප්‍රශ්නවල මෙම විසඳුම් පහ මේ සත්විසි ස්ථානයන්හි බහා මේ පවත්ති මහා වාරයෙහි අර්ථ විනිශ්චය දතයුතුය. මෙසේ දැනගෙන වනාහි ප්‍රශ්නය විසඳන්නහු විසින් මනාව විසඳන ලද්දේ වේ. අර්ථය ද විනිශ්චය කරන ලද්දහු විසින් මනාව විනිශ්චය කරන ලද්දේ වේ.

තත්‍ථායං නයො – යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති යස‍්ස පුග‍්ගලස‍්ස උප‍්පාදක‍්ඛණසමඞ‍්ගිතාය රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති වෙදනාක‍්ඛන්‍ධොපි තස‍්ස තස‍්මිඤ‍්ඤෙව ඛණෙ උප‍්පජ‍්ජතීති පුච‍්ඡති. අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානන‍්ති අචිත‍්තකපටිසන්‍ධිවසෙන අසඤ‍්ඤසත‍්තභවං උපපජ‍්ජන‍්තානං. තෙසං රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති තෙසං එකන‍්තෙන රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතියෙව. පවත‍්තෙ උප‍්පන‍්නානං රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතිපි නිරුජ‍්ඣතිපි, තස‍්මා ‘අසඤ‍්ඤසත‍්තාන’න‍්ති අවත්‍වා’අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තාන’න‍්ති වුත‍්තං. නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති අචිත‍්තකත‍්තා පන තෙසං වෙදනාක‍්ඛන්‍ධො නුප‍්පජ‍්ජතෙව. ඉදං සත‍්තවීසතියා ඨානෙසු පඨමෙ ඨානෙ පරිපුණ‍්ණපඤ‍්හස‍්ස පුරිමකොට‍්ඨාසෙ සරූපදස‍්සනෙන විස‍්සජ‍්ජනං. පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානන‍්ති රූපාරූපමිස‍්සකපටිසන්‍ධිවසෙන පඤ‍්චවොකාරභවං උපපජ‍්ජන‍්තානං. තෙසං රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති, වෙදනාක‍්ඛන්‍ධො චාති තෙසං එකන‍්තෙන රූපවෙදනාක‍්ඛන්‍ධසඞ‍්ඛාතා ද‍්වෙපි ඛන්‍ධා උප‍්පජ‍්ජන‍්තියෙව. පවත‍්තෙ පන තත්‍ථ උප‍්පන‍්නානං තෙ ඛන්‍ධා උප‍්පජ‍්ජන‍්තිපි නිරුජ‍්ඣන‍්තිපි, තස‍්මා ‘පඤ‍්චවොකාරාන’න‍්ති අවත්‍වා ‘පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තාන’න‍්ති වුත‍්තං. ඉදං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානන‍්ති ඨානෙ පරිපුණ‍්ණපඤ‍්හස‍්ස පච‍්ඡිමකොට‍්ඨාසෙ සරූපදස‍්සනෙන විස‍්සජ‍්ජනං. ඉමිනා උපායෙන සබ‍්බානි විස‍්සජ‍්ජනානි වෙදිතබ‍්බානි.

එහි නය මෙසේය. යස්ස රූපක්ඛන්‍ධො උප්පජ්ජති යයි යම් පුද්ගලයෙකුට උත්පාද ක්‍ෂණ එකතුවෙන් රූප ස්කන්ධය උපදී. තස්ස වෙදනාක්ඛන්‍ධො උප්පජ්ජති යයි වේදනා ස්කන්ධය ද ඔහුට ඒ ක්‍ෂණයෙහිම උපදීදැයි අසයි. අසඤ්ඤසත්තයෙහි උපදින්නන්ට අචිත්තක ප්‍රතිසන්ධි වශයෙන් අසඤ්ඤසත්ත භවයෙහි උපදින්නන්ට. තෙසං රූපක්ඛන්‍ධො උප්පජ්ජති ඔවුන්ට එ්කාන්තයෙන් රූප ස්කන්ධයම උපදී. පැවැත්ම වනාහි එහි ඉපදුණු රූපස්කන්ධය ඉපදීම ද නිරුද්ධ වීමද වේ. එහෙයින් අසඤ්ඤ සත්ත්වයින්ගේ යයි නොකියා අසඤ්ඤ සත්ත්වයෙහි උපන්නවුන්ගේ යයි කියන ලදි. නො ච තෙසං වෙදනාක්ඛන්‍ධො උප්පජ්ජති අචිත්තක බැවින් ඔවුන්ට වේදනා ස්කන්ධය නූපදීමය. මේ සත්විසි ස්ථානවල පළමු ස්ථානයෙහි පරිපූර්ණ ප්‍රශ්නයේ පළමු කොටසේ ස්වරූප දැක්වීමෙන් විසඳයි. පංචවෝකාරයෙහි උපන්නවුන්ගේ පංච වොකාරං උප්පජ්ජතිත්තානං රූපාරූප මිශ්‍රක ප්‍රතිසන්ධි බැවින් පංචවෝකාර භවවල උපදින්නවුන්ගේ, තෙසං රූපක්ඛන්‍ධො ච උප්පජ්ජති වෙදනක්ඛන්‍ධො ච ඔවුන්ට ඒකාන්තයෙන් රූප වේදනා සංඛ්‍යාත ස්කන්ධ දෙකම උපදී. පැවැත්ම වනාහි එහි උපදින ඒ ස්කන්ධ ඉපදීම ද නිරුද්ධ වීම ද වේ. එහෙයින් පංචවෝකාරයින්ගේ යයි නොකියා පංචවොකාරං උප්පජ්ජන්තානං පංචවෝකාරයෙහි උපන්නන්ගේ යයි කියන ලදි. මෙ පංචවොකාරං උප්පජ්ජන්තානං යන ස්ථානයෙහි පරිපූර්ණ ප්‍රශ්නයේ පැසුළු කොටසෙහි ස්වරූප දැක්වීමෙන් විසඳීමයි. මේ උපායෙන් සියළු විසඳීම් දතයුතුය.

ඉදං පනෙත්‍ථ උප‍්පාදනිරොධෙසු නියමලක‍්ඛණං – සකලෙපි හි ඉමස‍්මිං ඛන්‍ධයමකෙ තත්‍ථ තත්‍ථ උප‍්පන‍්නානං පවත‍්තෙ යාව මරණා ඛන්‍ධානං අපරියන‍්තෙසු උප‍්පාදනිරොධෙසු විජ‍්ජමානෙසුපි ලහුපරිවත‍්තානං ධම‍්මානං විනිබ‍්භොගං කත්‍වා උප‍්පාදනිරොධෙ දස‍්සෙතුං න සුකරන‍්ති පවත‍්තියං උප‍්පාදනිරොධෙ අනාමසිත්‍වා අභිනවං විපාකවට‍්ටං නිප‍්ඵාදයමානෙන නානාකම‍්මෙන නිබ‍්බත‍්තානං පටිසන්‍ධිඛන්‍ධානං උප‍්පාදං දස‍්සෙතුං සුඛන‍්ති පටිසන්‍ධිකාලෙ උප‍්පාදවසෙනෙව උප‍්පාදවාරො කථිතො. උප‍්පන‍්නස‍්ස පන විපාකවට‍්ටස‍්ස පරියොසානෙන නිරොධං දස‍්සෙතුං සුඛන‍්ති මරණකාලෙ නිරොධවසෙන නිරොධවාරො කථිතො.

මෙය වනාහි මෙහි උප්පාද නිරෝධවල නියම ලක්‍ෂණයයි. මේ සියළු ඛන්‍ධ යමකයෙහි ඒ ඒ තැන උපන්නවුන්ගේ මරණය දක්වා පැවැත්මෙහි ස්කන්ධයන්ගේ කෙළවරක් නැති උප්පාද නිරෝධ විද්‍යමාන කල්හි වහා පරිවර්තනය වන ධර්මයන් වෙන්කොට උප්පාද නිරෝධයන් දැක්වීමට පහසු නොවේ. පැවැත්මෙහි උප්පාද නිරෝධ ආමර්ශනය නොකොට අළුත් විපාක වෘත්තය නිෂ්පාදනය කරමින් නොයෙක් කර්මයෙන් උපන් ප්‍රතිසන්ධි ස්කන්ධයන්ගේ ඉපදීම දැක්වීමට පහසු යයි ප්‍රතිසන්ධි කාලයෙහි උත්පාද වශයෙන්ම උප්පාද වාරය කියන ලදි. උපන්නහුගේ වනාහි විපාක වෘත්තයේ අවසානයේ නිරෝධය දැක්වීමට පහසු යයි මැරෙන කාලයෙහි නිරෝධ වශයෙන් නිරෝධ වාරය කියන ලදි.

කිං පනෙත්‍ථ පවත‍්තියං උප‍්පාදනිරොධානං අනාමට‍්ඨභාවෙ පමාණන‍්ති? පාළියෙව. පාළියඤ‍්හි විසෙසෙන උප‍්පාදවාරස‍්ස අනාගතකාලවාරෙ ‘පච‍්ඡිමභවිකානං තෙසං රූපක‍්ඛන්‍ධො ච නුප‍්පජ‍්ජිස‍්සති, වෙදනාක‍්ඛන්‍ධො ච නුප‍්පජ‍්ජිස‍්සතී’ති අයං පාළි අතිපමාණමෙව. පච‍්ඡිමභවිකානඤ‍්හි පවත‍්තෙ රූපාරූපධම‍්මානං උප‍්පජ‍්ජිතුං යුත‍්තභාවෙ සතිපි ‘රූපක‍්ඛන්‍ධො ච නුප‍්පජ‍්ජිස‍්සති, වෙදනාක‍්ඛන්‍ධො ච නුප‍්පජ‍්ජිස‍්සතී’ති සන‍්නිට‍්ඨානං කත්‍වා වුත‍්තභාවෙන පවත‍්තෙ උප‍්පාදො න ගහිතොති වෙදිතබ‍්බො. ‘සුද‍්ධාවාසෙ පරිනිබ‍්බන‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣතී’ති අයං පන පාළි පවත‍්තෙ නිරොධස‍්ස අනාමට‍්ඨභාවෙ අතිවිය පමාණං. සුද‍්ධාවාසෙ පරිනිබ‍්බන‍්තානඤ‍්හි චුතිචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ ඨිතානං පටිසන්‍ධිතො පට‍්ඨාය පවත‍්තෙ උප‍්පජ‍්ජිත්‍වා නිරුද‍්ධසඤ‍්ඤාක‍්ඛන්‍ධානං ගණනපථො නත්‍ථි. ‘එවං සන‍්තෙපි තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථා’ති සන‍්නිට‍්ඨානං කත්‍වා වුත‍්තභාවෙන පවත‍්තෙ නිරොධො න ගහිතොති වෙදිතබ‍්බො.

පැවැත්මෙහි උප්පාද නිරෝධවල අනාමර්ශනයෙහි ප්‍රමාණ මොනවාද? පෙළමය. විශේෂයෙන් උප්පාද වාරයේ අනාගතකාල වාරයෙහි පච්ඡිමභවිකානං තෙසං රූපක්ඛන්‍ධො ච නූප්පජ්ජිස්සති වෙදනාක්ඛන්‍ධොච නූප්පජ්ජිස්සති. මේ පෙළ අතිප්‍රමාණ වේමය. පශ්චිම භවිකයන්ගේ පැවැත්මෙහි රූපාරූප ධර්මයන්ගේ ඉපදීමට සුදුසු බව ඇතිකල්හි රූපස්කන්ධය ද නූපදී. වේදනා ස්කන්ධය ද නූපදී. තීරණය කොට කියන ලද බැවින් පැවැත්මෙහි ඉපදීම නොගන්නා ලදැයි දතයුතුය. සුද්ධාවාසෙ පරිනිබ්බත්තානං තෙසං තත්‍ථ සඤ්ඤාක්ඛන්‍ධො න නිරුජ්ඣිත්‍ථ නො ච තෙසං තත්‍ථ වෙදනාක්ඛන්‍ධො න නිරුජ්ඣතී මෙය වනාහි පෙළෙහි පැවැත්මේ නිරෝධ අනාමර්ශන භාවයෙහි අතිශය ප්‍රමාණයකි. සුද්ධාවාසයෙහි පිරිනිවන්පාන්නන්ගේ චුති සිතේ පිළිසිඳීමේ සිට පැවති ඉපදී නිරුද්ධ වූ ස්කන්ධයන්ගේ ගණන් සීමාවක් නැත. මෙසේ ඇතිකල්හිද ඔවුන්ගේ එහි සඤ්ඤා ඛන්‍ධය නිරුද්ධ නොවූයේ යයි නිශ්චයකොට කියන ලද බැවින් පැවති නිරෝධය නොගන්නා ලදැයි දතයුතුය.

එවමෙත්‍ථ උප‍්පාදනිරොධෙසු නියමලක‍්ඛණං විදිත්‍වා පටිසන්‍ධිඋප‍්පාදමෙව චුතිනිරොධමෙව ච ගහෙත්‍වා තෙසු තෙසු ඨානෙසු ආගතානං විස‍්සජ‍්ජනානං අත්‍ථවිනිච‍්ඡයො වෙදිතබ‍්බො. සො පන සක‍්කා ආදිවිස‍්සජ‍්ජනෙ වුත‍්තනයෙන සබ‍්බත්‍ථ විදිතුන‍්ති විස‍්සජ‍්ජනපටිපාටියා න විත්‍ථාරිතො. ඉමිනා පන එවං දින‍්නෙනපි නයෙන යො එතෙසං අත්‍ථවිනිච‍්ඡයං ජානිතුං න සක‍්කොති, තෙන ආචරියෙ පයිරුපාසිත්‍වා සාධුකං සුත්‍වාපි ජානිතබ‍්බො.

මෙසේ මෙහි උප්පාද නිරෝධවල නියම ලක්‍ෂණ දැන පටිසන්ධි ඉපදීමට චුති නිරෝධයම ද ගෙන ඒ ඒ තැන්වල ආවා වූ විසඳුම්වල අර්ථ විනිශ්චය දතයුතුය. එය වනාහි මුල් විසඳුමෙහි කී නයින් සියළු තැන දැනගැනීමට හැකියයි විසඳුම් පිළිවෙල විස්තර නොකරන ලදි. මෙයින් මෙසේ දෙන ලද නයින් යමෙකුට මේවායේ අර්ථ විනිශ්චය දැනගැනීමට නොහැකි වේ නම් ආචාර්යවරුන් ඇසුරුකර හොඳින් අසා දැනගත යුතුය.

උප‍්පාදස‍්ස නිරොධස‍්ස, උප‍්පන‍්නඤ‍්චාපි එකතො; නයස‍්ස අනුලොමස‍්ස, පටිලොමනයස‍්ස ච.

ඉපදුමෙහි නිවුමේ - දෙකෙහිම ද එකතුව ගෙන අනුලොම් නය සහා - පිළිලොම් නය ද දක්වන

වසෙන යානි ඛන්‍ධෙසු, යමකානි ච පඤ‍්චසු; පුග‍්ගලං අථ ඔකාසං, පුග‍්ගලොකාසමෙව ච.

විසින් යම් කඳුවල - යමකවල ද පහේ වන පුඟුල් සහ අවසර - පුඟුල් අවසර යන මෙය

ආමසිත්‍වා පවත‍්තෙසු, ඨානෙසු කථයී ජිනො; තෙසං පාළිවවත්‍ථානං, දස‍්සිතං අනුපුබ‍්බතො.

පහස් කොට පැවතුණු - තැන්වල මුනිඳු වදහළ එම පෙළෙහි නියමය - දක්වනු අනුපිළිවෙලින්

විනිච‍්ඡයත්‍ථං අත්‍ථස‍්ස, පඤ‍්හාවිස‍්සජ‍්ජනානි ච; විස‍්සජ‍්ජනානං ඨානානි, යානි තානි ච සබ‍්බසො.

අරුත්හි විනිස’රුත් - පැන විසඳුම් ද වන මෙම විසඳුම්හි වන තැන් - යම් ඒ මේ හැම අතින්

දස‍්සෙත්‍වා එකපඤ‍්හස‍්මිං, යොජනාපි පකාසිතා; විත්‍ථාරෙන ගතෙ එත්‍ථ, පඤ‍්හාවිස‍්සජ‍්ජනක‍්කමෙ.

දක්වා එක් පැනෙහි - යෙදුම් ද පැවසිණි එහී විතරින් ගිය මෙහී - පැන විසඳුම් පිළිවෙළේ

අත්‍ථං වණ‍්ණයතා කාතුං, කිං නු සක‍්කා ඉතො පරං; නයෙන ඉමිනා තස‍්මා, අත්‍ථං ජානන‍්තු පණ‍්ඩිතාති.

අරුත් වැනුමට මෙහි - හැකිවෙද මීටත් වඩා එහෙයින් මෙම නයින් - අරුත් දක්වති පඬිවරු

පවත‍්තිමහාවාරවණ‍්ණනා.

පවත්තිමහාවාර වර්ණනාව නිමි.