පණ්ණත්තිඋද්දෙසවාරවණ්ණනා අට්ඨකථා
පණ්ණත්තිඋද්දෙසවාරවණ්ණනා
පණ්ණත්තිඋද්දෙසවාරවණ්ණනා
ඉදානි මූලයමකෙ දෙසිතෙයෙව කුසලාදිධම්මෙ ඛන්ධවසෙන සඞ්ගණ්හිත්වා මූලයමකානන්තරං දෙසිතස්ස ඛන්ධයමකස්ස වණ්ණනා හොති. තත්ථ පාළිවවත්ථානං තාව එවං වෙදිතබ්බං – ඉමස්මිඤ්හි ඛන්ධයමකෙ තයො මහාවාරා හොන්ති – පණ්ණත්තිවාරො, පවත්තිවාරො, පරිඤ්ඤාවාරොති. තෙසු පණ්ණත්තිවාරො ඛන්ධානං නාමාභිධානසොධනවසෙනෙව ගතත්තා පණ්ණත්තිවාරොති වුච්චති. පවත්තිවාරො තෙන සොධිතනාමාභිධානානං ඛන්ධානං උප්පාදනිරොධවසෙන පවත්තිං සොධයමානො ගතො, තස්මා පවත්තිවාරොති වුච්චති. පරිඤ්ඤාවාරො ඉමිනානුක්කමෙන පවත්තානං ඛන්ධානං සඞ්ඛෙපෙනෙව තිස්සො පරිඤ්ඤා දීපයමානො ගතො, තස්මා පරිඤ්ඤාවාරොති වුච්චති. තත්ථ පණ්ණත්තිවාරො උද්දෙසනිද්දෙසවසෙන ද්වීහාකාරෙහි වවත්ථිතො. ඉතරෙසු විසුං උද්දෙසවාරො නත්ථි. ආදිතො පට්ඨාය පුච්ඡාවිස්සජ්ජනවසෙන එකධා වවත්ථිතා. තත්ථ පඤ්චක්ඛන්ධාතිපදං ආදිං කත්වා යාව න ඛන්ධා, න සඞ්ඛාරාති පදං තාව පණ්ණත්තිවාරස්ස උද්දෙසවාරො වෙදිතබ්බො. පුච්ඡාවාරොතිපි තස්සෙව නාමං. තත්ථ පඤ්චක්ඛන්ධාති අයං යමකවසෙන පුච්ඡිතබ්බානං ඛන්ධානං උද්දෙසො. රූපක්ඛන්ධො…පෙ… විඤ්ඤාණක්ඛන්ධොති තෙසඤ්ඤෙව පභෙදතො නාමවවත්ථානං.
දැන් මූලයමකයෙහි දෙසන ලද්දා වූම කුසලාද ධර්මයන් ස්කන්ධ වශයෙන් සංග්‍රහකොට මූලයමකට අනතුරුව දෙසන ලද ඛන්ධ යමකයේ වර්ණනාව වේ. එහි පළමුව පෙළෙහි නියමය මෙසේ දතයුතුය. මේ ඛන්ධ යමකයෙහි මහාවාර තුනක් වේ. පණ්ණත්තිවාර, පවත්තිවාර, පරිඤ්ඤාවාර යනු ඒ තුනයි. ඒවායින් පණ්ණත්තිවාරය ස්කන්ධයන්ගේ නම් අභිධාත සෝධන වශයෙන් ගන්නා ලද බැවින් පණ්ණත්තිවාර යයි කියනු ලැබේ. පවත්තිවාරය එයින් ශෝධනය කරන ලද නම් අභිධාන ස්කන්ධයන්ගේ උත්පද නිරෝධ වශයෙන් පැවැත්ම ශෝධනය කරමින් ගන්නා ලදි. එහෙයින් පවත්තිවාර යයි කියනු ලැබේ. පරිඤ්ඤාවාරය මේ අනුක්රමයෙන් පවත්නා ස්කන්ධයන්ගේ සංක්ෂෙපයෙන් පරිඤ්ඤා තුනක් දක්වමින් ගන්නා ලදි. එහෙයින් පරිඤ්ඤාවාර යයි කියනු ලැබේ. එහි පණ්ණත්තිවාරය උද්දේස නිද්දේස වශයෙන් දෙයාකාරයකින් විස්තර කරන ලදි. ඉතිරි දෙකෙහි උද්දේසවාරය නැත. මුල පටන් පුච්ඡා විස්සජ්ජන (ඇසීම් විසඳීම්) වශයෙන් එක් ආකාරයකින් නියම කරන ලදි. එහි පඤ්චක්ඛන්ධා යන පදය මුල්කොට න ඛන්ධා න සංඛාරා පදය දක්වා පණ්ණත්තිවාරයේ උද්දේස වාරය දතයුතුයි. පුච්ඡාවාර යනු ද ඊටම නමකි. එහි පඤ්චක්ඛන්ධා යන මෙය යමක වශයෙන් ඇසිය යුතු ස්කන්ධයන්ගේ උද්දේසයයි. රූපක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො යනු ඒවායෙම ප්‍රභේද වශයෙන් නාම වෙන් කිරීමයි.
ඉදානි ඉමෙසං ඛන්ධානං වසෙන පදසොධනවාරො, පදසොධනමූලචක්කවාරො, සුද්ධඛන්ධවාරො, සුද්ධඛන්ධමූලචක්කවාරොති චත්තාරො නයවාරා හොන්ති. තත්ථ රූපං රූපක්ඛන්ධො, රූපක්ඛන්ධො රූපන්තිආදිනා නයෙන පදමෙව සොධෙත්වා ගතො පදසොධනවාරො නාම. සො අනුලොමපටිලොමවසෙන දුවිධො හොති. තත්ථ අනුලොමවාරෙ ‘රූපං රූපක්ඛන්ධො, රූපක්ඛන්ධො රූප’න්තිආදීනි පඤ්ච යමකානි. පටිලොමවාරෙපි ‘න රූපං, න රූපක්ඛන්ධො; න රූපක්ඛන්ධො න රූප’න්තිආදීනි පඤ්චෙව. තතො පරං තෙසඤ්ඤෙව පදසොධනවාරෙ සොධිතානං ඛන්ධානං ‘රූපං රූපක්ඛන්ධො, ඛන්ධා වෙදනාක්ඛන්ධො’තිආදිනා නයෙන එකෙකඛන්ධමූලකානි චත්තාරි චත්තාරි චක්කානි බන්ධිත්වා ගතො පදසොධනමූලකානං චක්කානං අත්ථිතාය පදසොධනමූලචක්කවාරො නාම. සොපි අනුලොමපටිලොමවසෙන දුවිධො හොති. තත්ථ අනුලොමවාරෙ ‘රූපං රූපක්ඛන්ධො, ඛන්ධා වෙදනාක්ඛන්ධො’තිආදීනි එකෙකඛන්ධමූලකානි චත්තාරි චත්තාරි කත්වා වීසති යමකානි. පටිලොමවාරෙපි ‘න රූපං, න රූපක්ඛන්ධො; න ඛන්ධා න වෙදනාක්ඛන්ධො’තිආදීනි වීසතිමෙව.
දැන් මේ ස්කන්ධයන්ගේ වශයෙන්, පද ශෝධන වාරය පදසෝධන මූල චක්කවාරය, සුද්ධ ඛන්ධවාරය, සුද්ධඛන්ධමූලචක්කවාරය යයි නය වාර සතරෙක් වේ. එහි රූපං රූපක්ඛන්ධො රූපක්ඛන්ධො රූපං යනාදී නයෙන් පදම ශෝධනය කොට යන ලද්දේ පදශෝධනය වාරය නම් වේ. එය අනුලෝම පටිලෝම වශයෙන් ද්විධ වේ. එහි අනුලෝම වාරයෙහි රූපං රූපක්ඛන්ධො, රූපක්ඛන්ධො රූපං යනාදි පංච යමක වේ. පටිලෝම වාරයෙහි ද න රූපං න රූපක්ඛන්ධො න රූපක්ඛන්ධො න රූපං යනාදි පසම ඉන්පසු ඒවායේම පද ශෝධන වාරයෙහි සේදූ ස්කන්ධවල රූපං රූපක්ඛන්ධො, ඛන්ධා වෙදක්ඛන්ධො යනාදි නයින් එක් එක් ඛන්ධ මූලකවල සතර සතර චක්‍ර බැඳ ගියේ පදශෝධන මූලකවල චක්රයන්ගේ ඇති බැවින් පදසෝධන මූල චක්කවාර නම් වේ. එය ද අනුලෝම පටිලෝම වශයෙන් ද්විධ වේ. එහි අනුලෝම වාරයෙහි රූපං රූපක්ඛන්ධො, ඛන්ධා වෙදනාක්ඛන්ධො යනාදි එක් එක් ඛන්ධ මූලකවල සතර සතර කොට යමක විස්සෙක් වේ. පටිලෝම වාරයෙහි ද න රූපං රූපක්ඛන්ධො, න ඛන්ධා වෙදනාක්ඛන්ධො යනාදි විස්සක්ම වේ.
තතො පරං රූපං ඛන්ධො ඛන්ධා රූපන්තිආදිනා නයෙන සුද්ධඛන්ධවසෙනෙව ගතො සුද්ධඛන්ධවාරො නාම. තත්ථ ඛන්ධා රූපන්තිආදීසු ඛන්ධා රූපක්ඛන්ධො, ඛන්ධා වෙදනාක්ඛන්ධොති අත්ථො ගහෙතබ්බො. කස්මා? නිද්දෙසවාරෙ එවං භාජිතත්තා. තත්ථ හි ‘රූපං ඛන්ධොති ආමන්තා. ඛන්ධා රූපක්ඛන්ධොති රූපක්ඛන්ධො ඛන්ධො චෙව රූපක්ඛන්ධො ච, අවසෙසා ඛන්ධා න රූපක්ඛන්ධො’ති එවං ‘ඛන්ධා රූප’න්තිආදීනං ඛන්ධා රූපක්ඛන්ධොතිආදිනා නයෙන පදං උද්ධරිත්වා අත්ථො විභත්තො. තෙනෙව ච කාරණෙනෙසෙ සුද්ධඛන්ධවාරොති වුත්තො. වචනසොධනෙ විය හි එත්ථ න වචනං පමාණං. යථා යථා පන සුද්ධඛන්ධා ලබ්භන්ති, තථා තථා අත්ථොව පමාණං. පරතො ආයතනයමකාදීසුපි එසෙව නයො. එසොපි ච සුද්ධඛන්ධවාරො අනුලොමපටිලොමවසෙන දුවිධො හොති. තත්ථ අනුලොමවාරෙ ‘රූපං ඛන්ධො ඛන්ධා රූප’න්තිආදීනි පඤ්ච යමකානි. පටිලොමවාරෙපි ‘න රූපං න ඛන්ධො, න ඛන්ධා න රූප’න්තිආදීනි පඤ්චෙව.
ඉන්පසු රූපං රූපක්ඛන්ධො, ඛන්ධා රූපං යනාදි නයින් සුද්ධ ඛන්ධ වශයෙන් ම ගියේ සුද්ධ ඛන්ධවාර නම් වේ. එහි ඛන්ධා රූපං යනාදියෙහි ඛන්ධ රූප ස්කන්ධ වේ. ඛන්ධ වේදනාස්කන්‍ධ වේ යන අර්ථය ගතයුතුය. කුමක් හෙයින්ද? නිද්දේස වාරයෙහි මෙසේ බෙදන ලද බැවිනි. එහි වනාහි රූපං ඛන්ධොති ආමන්තා ඛන්ධා රූපක්ඛන්ධොති රූපක්ඛන්ධො ඛන්ධොචෙව රූපක්ඛන්ධො ච අවසෙසා ඛන්ධා න රූපක්ඛන්ධො යයි මෙසේ ඛන්ධා රූපං යනාදියේ ඛන්ධා රූපක්ඛන්ධො යනාදි නයින් පද උදුරා අර්ථය බෙදන ලදි. ඒ කාරණයෙන් ද මෙය සුද්ධ ඛන්ධවාර යයි කියන ලදි. වචන සෝධනයෙහි මෙන් මෙහි ඛන්ධ යන වචනය ප්‍රමාණ නොවේ. සුද්ධ ඛන්ධ ලැබෙන හැටියෙන් අර්ථ ප්‍රමාණ වේ. පසුව එන ආයතන යමකාදියෙහි ද මෙම නයම වේ. මේ සුද්ධ ඛන්ධ වාරය ද අනුලෝම පටිලෝම වශයෙන් දෙවැදෑරුම් වේ. එහි අනුලෝම වාරයෙහි රූපං ඛන්ධො ඛන්ධා රූපං යනාදි පංච යමක වේ. පටිලෝම වාරයෙහි ද න රූපං න ඛන්ධො න ඛන්ධා න රූපං යනාදි පසක්ම වේ.
තතො පරං තෙසඤ්ඤෙව සුද්ධඛන්ධානං රූපං ඛන්ධො, ඛන්ධා වෙදනාතිආදිනා නයෙන එකෙකඛන්ධමූලකානි චත්තාරි චත්තාරි චක්කානි බන්ධිත්වා ගතො සුද්ධඛන්ධමූලකානං චක්කානං අත්ථිතාය සුද්ධඛන්ධමූලචක්කවාරො නාම. තත්ථ ඛන්ධා වෙදනාතිආදීසු ඛන්ධා වෙදනාක්ඛන්ධොතිආදිනා නයෙන අත්ථො වෙදිතබ්බො. ඉතරථා නිද්දෙසවාරෙන සද්ධිං විරොධො හොති. සොපි අනුලොමපටිලොමවසෙන දුවිධො හොති. තත්ථ අනුලොමවාරෙ ‘රූපං ඛන්ධො, ඛන්ධා වෙදනා’තිආදීනි එකෙකඛන්ධමූලකානි චත්තාරි චත්තාරි කත්වා වීසති යමකානි. පටිලොමවාරෙපි ‘න රූපං, න ඛන්ධො, න ඛන්ධා න වෙදනා’තිආදීනි වීසතිමෙව. එවං තාව එකෙන යමකසතෙන ද්වීහි පුච්ඡාසතෙහි එකෙකපුච්ඡාය සන්නිට්ඨානසංසයවසෙන ද්වෙ ද්වෙ අත්ථෙ කත්වා චතූහි ච අත්ථසතෙහි පටිමණ්ඩිතො පණ්ණත්තිවාරස්ස උද්දෙසවාරො වෙදිතබ්බොති.
ඉන්පසුව ඒ සුද්ධ ඛන්ධයන්ගේ ම රූපං ඛන්ධො, ඛන්ධ වෙදනා යනාදි නයින් එක් එක් ඛන්ධ මූලක සතර සතර සක් බැඳ ගියේ සුද්ධ මූලකවල සක් ඇති බැවින් සුද්ධ ඛන්ධ මූල චක්කවාර නම් වේ. එහි ඛන්ධා වෙදනා යනාදියෙහි ඛන්ධ වෙදනා ස්කන්ධ යයි ආදි නයින් අර්ථය දතයුතුය. නිද්දේස වාරය සමග අන් අයුරකින් විරෝධ වේ. එය ද අනුලෝම පටිලෝම වශයෙන් දෙයාකාර වේ. එහි අනුලෝම වාරයෙහි රූපං ඛන්ධො ඛන්ධා වෙදනා යනාදිය එක් එක් ඛන්ධමූලක සතර සතර කොටස් වශයෙන් විසි යමක වේ. පටිලෝම වාරයෙහි ද න රූපං න ඛන්ධො, න ඛන්ධා න වෙදනා යනාදි විස්සක්ම වේ. මෙසේ පළමුව යමක එක්සිය එකකින් පුච්ඡා දෙසීයකින් එක් එක් පුච්ඡායෙහි නිශ්චය සංශය වශයෙන් අර්ථ දෙක දෙක කොට අර්ථ හාරසියයකින් ප්‍රතිමණ්ඩිත පණ්ණත්තිවාරයේ උද්දේසවාරය දතයුතුය.
පණ්ණත්තිඋද්දෙසවාරවණ්ණනා.
උද්දේසවාර වර්ණනාව නිමි.
පණ්ණත්තිනිද්දෙසවාරවණ්ණනා
පණ්ණත්තිනිද්දෙසවාරවණ්ණනා
ඉදානි රූපං රූපක්ඛන්ධොතිආදිනා නයෙන නිද්දෙසවාරො ආරද්ධො. තත්ථ රූපං රූපක්ඛන්ධොති යංකිඤ්චි රූපන්ති වුච්චති. සබ්බං තං රූපං රූපක්ඛන්ධොති වචනසොධනත්ථං පුච්ඡති. පියරූපං සාතරූපං, රූපං, න රූපක්ඛන්ධොති යං ‘පියරූපං සාතරූප’න්ති එත්ථ රූපන්ති වුත්තං, තං රූපමෙව, න රූපක්ඛන්ධොති අත්ථො. රූපක්ඛන්ධො රූපඤ්චෙව රූපක්ඛන්ධො චාති යො පන රූපක්ඛන්ධො, සො රූපන්තිපි රූපක්ඛන්ධොතිපි වත්තුං වට්ටතීති අත්ථො. රූපක්ඛන්ධො රූපන්ති එත්ථ පන යස්මා රූපක්ඛන්ධො නියමෙනෙව රූපන්ති වත්තබ්බො. තස්මා ආමන්තාති ආහ. ඉමිනා උපායෙන සබ්බවිස්සජ්ජනෙසු අත්ථො වෙදිතබ්බො. යො පන යත්ථ විසෙසො භවිස්සති, තථෙව තං වණ්ණයිස්සාම . සඤ්ඤායමකෙ තාව දිට්ඨිසඤ්ඤාති ‘පපඤ්චසඤ්ඤා’තිආදීසු ආගතා දිට්ඨිසඤ්ඤා. සඞ්ඛාරයමකෙ අවසෙසා සඞ්ඛාරාති ‘අනිච්චා වත සඞ්ඛාරා’තිආදීසු ආගතා සඞ්ඛාරක්ඛන්ධතො අවසෙසා සඞ්ඛතධම්මා. පටිලොමවාරෙපි එසෙව නයොති.
දැන් රූපං රූපක්ඛන්ධො යනාදි නයින් නිද්දේසවාරය අරඹන ලදි. එහි රූපං රූපක්ඛන්ධො යයි යම්කිසි රූපයක් කියයි. ඒ සියළු රූපය රූප ස්කන්ධය දැයි වචන සෝධනය සඳහා අසයි. පියරූපං සාතරූපං රූපං, න රූපක්ඛන්ධො යයි යම් ප්‍රිය රූපයක් මිහිරි රූපයක් යයි මෙහි රූපයයි කියන ලදි. ඒ රූපයම රූප ස්කන්ධ නොවේය යන අර්ථය වේ. රූපක්ඛන්ධො රූපඤ්චෙව රූපක්ඛන්ධො ච යයි යම් රූප ස්කන්ධයක් එය රූපය යයි ද රූප ස්කන්ධය යයිද කීමට වටී යන අර්ථයයි. රූපක්ඛන්ධො රූපං යන මෙහි වනාහි රූප ස්කන්ධය නියමයෙන්ම රූපය යයි කිවයුතුය. එහෙයින් ආමන්තා යයි කීය. මෙම උපායෙන් සියළු විසඳුම්වල අර්ථය දතයුතුය. යම්තැනක විශේෂයක් වේනම් එය වර්ණනා කරන්නෙමු. සංඥා යමකයෙහි පළමුව, දිට්ඨි සඤ්ඤා ප්‍රපංච සඤ්ඤා යනාදියෙහි දෘෂ්ටි සංඥා ආවේය. සංස්කාර යමකයෙහි අවසෙසා සංඛාරා යන ‘අනිච්චා වත සංඛාරා’ යනාදියෙහි ආවා වූ සංස්කාර ස්කන්ධයන් සංඛත ධර්ම අවසේසය. පටිලෝම වාරයෙහි ද මෙම නයම වේ.
පදසොධනවාරො නිට්ඨිතො.
පද සෝධන වාරය නිමි.
පදසොධනමූලචක්කවාරෙ ඛන්ධා වෙදනාක්ඛන්ධොති යෙකෙචි ඛන්ධා, සබ්බෙ තෙ වෙදනාක්ඛන්ධොති පුච්ඡති. සෙසපුච්ඡාසුපි එසෙව නයො. පටිලොමෙ න ඛන්ධා න වෙදනාක්ඛන්ධොති එත්ථ යෙ පඤ්ඤත්තිනිබ්බානසඞ්ඛාතා ධම්මා ඛන්ධා න හොන්ති, තෙ යස්මා වෙදනාක්ඛන්ධොපි න හොන්ති, තස්මා ආමන්තාති ආහ. සෙසවිස්සජ්ජනෙසුපි එසෙව නයොති.
පදසොධන මූලචක්ක වාරයෙහි ඛන්ධා වෙදනාක්ඛන්ධො යම්කිසි ස්කන්ධයක්, ඒ සියල්ල වේදනා ස්කන්ධයදැයි අසයි. ඒ වේදනා ස්කන්ධය, ස්කන්ධය ද වේදනා ස්කන්ධය ද වේ. සෙසු ස්කන්ධ වේදනා ස්කන්ධ නොවේය යන විසඳුමයි. සෙසු පුච්ඡාවල ද මෙම නයයි. පටිලෝමයෙහි න ඛන්ධා න වෙදනාක්ඛන්ධො යන මෙහි ප්රඥප්ති වූ නිර්වාණ සංඛ්‍යාත ධර්ම ස්කන්ධ නොවේ. ඒ යම් වේදනා ස්කන්ධ ද නොවේ. එහෙයින් ආමන්තා යයි කීය. සෙසු විසඳුම්වල ද මෙම නයම වේ.
පදසොධනමූලචක්කවාරො නිට්ඨිතො.
පදසොධන මූල චක්කවාරය නිමි.
සුද්ධඛන්ධවාරෙ රූපං ඛන්ධොති යංකිඤ්චි රූපන්ති වුත්තං, සබ්බං තං ඛන්ධොති පුච්ඡති. තත්ථ යස්මා පියරූපසාතරූපසඞ්ඛාතං වා රූපං හොතු, භූතුපාදාරූපං වා, සබ්බං පඤ්චසු ඛන්ධෙසු සඞ්ගහං ගච්ඡතෙව. තස්මා ආමන්තාති පටිජානාති. දුතියපදෙ ‘ඛන්ධා රූප’න්ති පුච්ඡිතබ්බෙ යස්මා රූපන්තිවචනෙන රූපක්ඛන්ධොව අධිප්පෙතො, තස්මා වචනං අනාදියිත්වා අත්ථවසෙන පුච්ඡන්තො ඛන්ධා රූපක්ඛන්ධොති ආහ. ඉමිනා නයෙන සබ්බපදෙසු අත්ථො වෙදිතබ්බො. පරතො ආයතනයමකාදීනං නිද්දෙසවාරෙපි එසෙව නයො. සඤ්ඤා ඛන්ධොති එත්ථාපි දිට්ඨිසඤ්ඤා වා හොතු, සඤ්ඤා එව වා, සබ්බායපි ඛන්ධභාවතො ආමන්තාති වුත්තං. සඞ්ඛාරා ඛන්ධොති පදෙපි එසෙව නයො. ඛන්ධවිනිමුත්තකො හි සඞ්ඛාරො නාම නත්ථි.
සුද්ධ ඛන්ධවාරයෙහි රූපං ඛන්ධො යයි යම්කිසි රූපයක් කියන ලදි. ඒ සියල්ල ස්කන්ධදැයි අසයි. එහි යම්හෙයකින් ප්‍රියරූප සාත රුප සංඛයාත වූ රූපය හෝ වේ. භූත උපාදාය රූප හෝ, සියල්ල පංච ස්කන්ධවල සංග්‍රහයට යේමය. එහෙයින් ආමන්තා යයි පිළිගනී, දෙවන පදයෙහි ඛන්ධා රූපං ඇසිය යුත්තෙහි යම්හෙයකින් රූපය යන වචනයෙන් රූපස්කන්ධයම අදහස් කරන ලදි. එහෙයින් වචනය නොගෙන අර්ථ වශයෙන් අසන්නේ, ඛන්ධා රූපක්ඛන්ධො යයි කීය. මෙම නයින් සියළු පදවල අර්ථය දතයුතුය. පසුව එන ආයතන යමකාදියේ නිද්දේස වාරයෙහි ද මෙම නයම වේ. සඤ්ඤාක්ඛන්ධො යයි මෙහි ද දෘෂ්ටි සංඥාව හෝ සංඥාව හෝ වේවා සියල්ල ද ස්කන්ධ භාවයෙන් ආමත්තා යයි කියන ලදි. සංඛාර ඛන්ධො යන පදයෙහි ද මෙම නයම වේ. ස්කන්ධ විනිර්මුක්තව සංස්කාර නම් නැත.
පටිලොමෙ න රූපං න ඛන්ධොති යං ධම්මජාතං රූපං න හොති, තං ඛන්ධොපි න හොතීති පුච්ඡති. විස්සජ්ජනෙ පනස්ස රූපං ඨපෙත්වා අවසෙසා ඛන්ධා න රූපං, ඛන්ධාති රූපතො අඤ්ඤෙ වෙදනාදයො ඛන්ධා රූපමෙව න හොන්ති, ඛන්ධා පන හොන්තීති අත්ථො. රූපඤ්ච ඛන්ධෙ ච ඨපෙත්වා අවසෙසාති පඤ්චක්ඛන්ධවිනිමුත්තං නිබ්බානඤ්චෙව පඤ්ඤත්ති ච. ඉතො පරෙසුපි ‘අවසෙසා’ති පදෙසු එසෙව නයොති.
පටිලෝමයෙහි න රූපං න ඛන්ධො යම් ධර්ම ජාතයක් රූප නොවේ නම් එය ස්කන්ධ නොවේදැයි අසයි. මෙහි විසඳුමෙහි වනාහි රූපය හැර සෙසු ස්කන්ධ න රූපං ඛන්ධා යන රූපයෙන් අන්‍ය වූ වේදනාදි ස්කන්ධ රූඵයම නොවේ. ස්කන්ධ වේ යන අර්ථයයි. රූපඤ්ච ඛන්ධෙ ච ඨපෙත්වා අවසෙසා යයි පංච ස්කන්ධ විනිර්මුක්ත වූ නිවන ද ප්රඥප්තිය ද වේ. මෙයින් පසුව ද අවසෙසා යන පදවල මෙම නයම වේ.
සුද්ධඛන්ධවාරො නිට්ඨිතො.
සුද්ධ ඛන්ධවාරය නිමි.
සුද්ධඛන්ධමූලචක්කවාරෙ රූපං ඛන්ධොතිආදීනං හෙට්ඨා වුත්තනයෙනෙව අත්ථො වෙදිතබ්බොති.
සුද්ධඛන්ධමූලචක්ක වාරයෙහි රූපං ඛන්ධො යට කියන ලද නයින්ම දැනගත යුතුය.
සුද්ධඛන්ධමූලචක්කවාරො නිට්ඨිතො.
සුද්ධඛන්ධ මූල චක්කවාර නිමි.
පණ්ණත්තිනිද්දෙසවාරවණ්ණනා.
පණ්ණත්තිවාර වර්ණනාව සමාප්තය.