1. මූලයමකං අට්ඨකථා
1. මූල යමක වර්ණනාව
උද්දෙසවාරවණ්ණනා
උද්දේසවාර වර්ණනාව
මූලයමකං , ඛන්ධයමකං, ආයතනයමකං, ධාතුයමකං, සච්චයමකං, සඞ්ඛාරයමකං, අනුසයයමකං, චිත්තයමකං, ධම්මයමකං, ඉන්ද්රියයමකන්ති ඉමෙසං දසන්නං යමකානං වසෙන ඉදං පකරණං දසවිධෙන විභත්තන්ති හි වුත්තං. තත්ථ යෙසං දසන්නං යමකානං වසෙන ඉදං පකරණං දසවිධෙන විභත්තං, තෙසඤ්චෙව ඉමස්ස ච පකරණස්ස නාමත්ථො තාව එවං වෙදිතබ්බො – කෙනට්ඨෙන යමකන්ති? යුගළට්ඨෙන. යුගළඤ්හි යමකන්ති වුච්චති – ‘යමකපාටිහාරියං, යමකසාලා’තිආදීසු විය. ඉති යුගළසඞ්ඛාතානං යමකානං වසෙන දෙසිතත්තා ඉමෙසු දසසු එකෙකං යමකං නාම. ඉමෙසං පන යමකානං සමූහභාවතො සබ්බම්පෙතං පකරණං යමකන්ති වෙදිතබ්බං.
මූල යමක, ඛන්ධ යමක, ආයතන යමක, ධාතු යමක, සච්ච යමක, සංඛාර යමක, අනුසය යමක, චිත්ත යමක, ධම්ම යමක, ඉන්ද්රිය යමක යයි මේ යමක දහය වශයෙන් මේ ප්‍රකරණය දහ ආකාරයකින් බෙදන ලදැයි කියන ලදි. ඒවායේ ද මේ ප්‍රකරණයේ ද නමෙහි අර්ථය පළමුකොට දතයුතුය. කුමක අර්ථයකින් යමක වේද? යුගලය යන අර්ථයෙන් එසේ යුගලය යමක යයි කියනු ලැබේ. යමාමහ පෙළහර, යමක සාලා ආදියෙහි මෙනි. මෙසේ යුගල සංඛ්‍යාත වූ යමක වශයෙන් දෙසන ලද බැවින් මේ දහයෙහි එක එකක් යමක නම් වේ. මේ යමකයන්ගේ වනාහි සමූහ භාවයෙන් මේ සියළු ප්‍රකරණය යමක යයි දතයුතුය.
තත්ථ මූලවසෙන පුච්ඡාවිස්සජ්ජනං කත්වා දෙසිතත්තා දසන්නං තාව සබ්බපඨමං මූලයමකන්ති වුත්තං. තස්ස උද්දෙසවාරො, නිද්දෙසවාරොති ද්වෙ වාරා හොන්ති . තෙසු උද්දිට්ඨානුක්කමෙන නිද්දිසිතබ්බත්තා උද්දෙසවාරො පඨමො. තස්ස යෙ කෙචි කුසලා ධම්මා, සබ්බෙ තෙ කුසලමූලා; යෙ වා පන කුසලමූලා, සබ්බෙ තෙ ධම්මා කුසලාති ඉදං යමකං ආදි . තස්ස කුසලාකුසලමූලසඞ්ඛාතානං ද්වින්නං අත්ථානං වසෙන අත්ථයමකන්ති වා, තෙසඤ්ඤෙව අත්ථානං වසෙන අනුලොමපටිලොමතො පවත්තපාළිධම්මවසෙන ධම්මයමකන්ති වා, අනුලොමපටිලොමතො පවත්තපුච්ඡාවසෙන පුච්ඡායමකන්ති වා තිධා යමකභාවො වෙදිතබ්බො. සෙසෙසුපි එසෙව නයො.
එහි මූල වශයෙන් ප්‍රශ්න නගා විසඳීම් කොට දෙසන ලද බැවින් සියල්ලට පළමු දහය මූල යමක යයි කියන ලදි. එහි උද්දේස වාරය නිද්දේස වාරය යයි වාර දෙකක් වේ. ඒවායෙහි දක්වන ලද අනුක්රමයෙන් පෙන්විය යුත්ත උද්දේස වාරය පළමුව. එහි යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ කුසල මූලා, යෙ වා පන කුසල මූලා සබ්බෙ තෙ ධම්මා කුසලාති මේ යමක ආදිය. එහි කුසලාකුසල මූල සංඛ්‍යාත අර්ථ දෙකක් වශයෙන් අර්ථ යමකයයි හෝ ඒ අර්ථයන්ගේ වශයෙන් අනුලොම් පිළිලොම් වශයෙන් පවත්නා පෙළ ධර්ම වශයෙන් ධර්මයමක යයි හෝ අනුලොම් පිළිලොම් වශයෙන් පවත්නා පුච්ඡා වශයෙන් පුච්ඡා යමක යයි හෝ තුන් ආකාර යමක භාවය දතයුතුය. සෙස්සෙහි ද මේ නයමය.
ඉදානි ඉමෙසං යමකානං වසෙන දෙසිතෙ ඉමස්මිං මූලයමකෙ උද්දෙසවාරස්ස තාව නයයමකපුච්ඡාඅත්ථවාරප්පභෙදවසෙන පාළිවවත්ථානමෙව එවං වෙදිතබ්බං – කුසලත්තිකමාතිකාය හි ‘කුසලා ධම්මා’ති ඉදං ආදිපදං නිස්සාය මූලනයො, මූලමූලනයො, මූලකනයො, මූලමූලකනයොති ඉමෙ චත්තාරො නයා හොන්ති. තෙසං එකෙකස්මිං නයෙ මූලයමකං, එකමූලයමකං, අඤ්ඤමඤ්ඤමූලයමකන්ති තීණි තීණි යමකානි. එවං චතූසු නයෙසු ද්වාදස යමකානි, එකෙකස්මිං යමකෙ අනුලොමපටිලොමවසෙන ද්වෙ ද්වෙ පුච්ඡාති චතුවීසති පුච්ඡා, එකෙකාය පුච්ඡාය සන්නිට්ඨානසංසයවසෙන ද්වෙ ද්වෙ අත්ථාති අට්ඨචත්තාලීස අත්ථාති.
දැන් මෙම යමකයන්ගේ වශයෙන් දේශනා කරන ලද මේ මූල යමකයෙහි උද්දේශ වාරයේ පළමු නය යමක පුච්ඡා අර්ථ වාර ප්‍රභේද වශයෙන් පෙළෙහි නියමය මෙසේ දත යුතුය. කුසලත්‍රික මාතෘකාවෙහි කුසලා ධම්මා යන මේ මුල්පදය නිසා මූල නය, මූල මූල නය, මූලක නය, මූල මූළක නය යයි මේ සතර නය වේ. ඒවායේ එක එක නයෙහි මූල යමක, ඒකමූල යමක, අඤ්ඤමඤ්ඤ මූල යමක යයි යමක තුන බැගින් වේ. මෙසේ සතර නයෙහි යමක දොළොසෙක් වේ. එක් එක් යමකයෙහි අනුලෝම පටිලෝම වශයෙන් පුච්ඡා දෙක බැගින් පුච්ඡා විසිහතරෙක් වේ. එක් එක් පුච්ඡාවෙහි නිශ්චය සංශය වශයෙන් අර්ථ දෙක බැගින් අර්ථ හතලිස් අටෙක් වේ.
තත්ථ යෙ කෙචි කුසලා ධම්මාති කුසලෙසු “කුසලා නු ඛො, න කුසලා නු ඛො”ති සන්දෙහාභාවතො ඉමස්මිං පදෙ සන්නිට්ඨානත්ථො වෙදිතබ්බො. සබ්බෙ තෙ කුසලමූලාති “සබ්බෙ තෙ කුසලා ධම්මා කුසලමූලා නු ඛො, නනු ඛො”ති එවං විමතිවසෙන පුච්ඡිතත්තා ඉමස්මිං පදෙ සංසයත්ථො වෙදිතබ්බො. සො ච ඛො වෙනෙය්යානං සංසයට්ඨානෙ සංසයදීපනත්ථං වුත්තො, තථාගතස්ස පන සංසයො නාම නත්ථි. ඉතො පරෙසුපි පුච්ඡාපදෙසු එසෙව නයො.
එහි යෙ කෙචි කුසලා ධම්මා යන කුසලයන්හි කුසල් වේද, කුසල් නොවේදැයි සැක බැවින් මේ පදයෙහි නිශ්චයාර්ථය දතයුතුය. සබ්බෙ තෙ කුසලා මූලා යන ඒ සියළු කුසල ධර්මයෝ කුසල් මුල් වේද නොවේදැයි විමති වශයෙන් විචාරන ලද බැවින් මේ පදයෙහි සංශයාර්ථය දතයුතුය. හෙද වනාහි වෛනේයයන්ගේ සංශය ස්ථානයෙහි සංශය දැක්වීම සඳහා කියන ලදි. තථාගතයන් වහන්සේට වනාහි සැකයක් නැත. මෙයින් පසුව පුච්ඡා පදවල ද මෙම නයම වේ.
යථා ච කුසලපදං නිස්සාය ඉමෙ චත්තාරො නයා, එකෙකස්මිං නයෙ තිණ්ණං තිණ්ණං යමකානං වසෙන ද්වාදස යමකානි, එකෙකස්මිං යමකෙ ද්වින්නං ද්වින්නං පුච්ඡානං වසෙන චතුවීසති පුච්ඡා; එකෙකාය පුච්ඡාය ද්වින්නං ද්වින්නං අත්ථානං වසෙන අට්ඨචත්තාලීස අත්ථා ච හොන්ති. අකුසලපදං නිස්සායපි තථෙව. අබ්යාකතපදං නිස්සායපි තථෙව. තීණිපි පදානි එකතො කත්වා නිද්දිට්ඨං නාමපදං නිස්සායපි තථෙවාති කුසලත්තිකමාතිකාය චතූසු පදෙසු සබ්බෙපි සොළස නයා, අට්ඨචත්තාලීස යමකානි , ඡන්නවුති පුච්ඡා, ද්වෙනවුතිසතං අත්ථා ච උද්දෙසවසෙන වුත්තාති වෙදිතබ්බා. එත්තාවතා මූලවාරො නාම පඨමං උද්දිට්ඨො හොති.
යම්සේ කුසල පදය නිසා මේ සතර නය වේ. එක් එක් නයෙහි යමක තුන බැගින් යමක දොළොසසෙක් වේ. එක් එක් යමකයෙහි පුච්ඡා දෙක බැගින් විසිහතරෙක් වේ. එක් එක් පුච්ඡායෙහි අර්ථ දෙක බැගින් අර්ථ හතලිස් අටක් වේ. අකුසල පදය නිසා ද එසේමය. අව්යාකත්ත පදය නිසාද එසේමය. පද තුනම එකක් කොට නිර්දිෂ්ට නාම පදය නිසාද එසේම යයි කුසලත්‍රික මාතෘකාවේ සතර පදවල සියල්ල නය සොළසකි. යමක අටසාළිසකි. පුච්ඡා අනූහයකි. අර්ථ එකසිය අනූදෙකකි. උද්දේශ වශයෙන් කියන ලදැයි දතයුතුය. මෙපමණකින් මූලවාර නම් පළමු උද්දේශය වේ.
තතො පරං යෙ කෙචි කුසලා ධම්මා, සබ්බෙ තෙ කුසලහෙතූතිආදයො තස්සෙව මූලවාරස්ස වෙවචනවසෙන නව වාරා උද්දිට්ඨා. ඉති මූලවාරො, හෙතුවාරො, නිදානවාරො, සම්භවවාරො, පභවවාරො, සමුට්ඨානවාරො, ආහාරවාරො, ආරම්මණවාරො, පච්චයවාරො, සමුදයවාරොති සබ්බෙපි දස වාරා හොන්ති. තත්ථ මූලවාරෙ ආගතපරිච්ඡෙදෙනෙව සෙසෙසුපි නයාදයො වෙදිතබ්බාති සබ්බෙසුපි දසසු වාරෙසු සට්ඨිසතනයා, අසීතිඅධිකානි චත්තාරි යමකසතානි, සට්ඨිඅධිකානි නවපුච්ඡාසතානි, වීසාධිකානි එකූනවීසති අත්ථසතානි ච උද්දිට්ඨානීති වෙදිතබ්බානි. එවං තාව උද්දෙසවාරෙ නයයමකපුච්ඡාඅත්ථවාරප්පභෙදවසෙන පාළිවවත්ථානමෙව වෙදිතබ්බං.
ඉන්පසුව යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ කුසල හෙතු යනාදිය එහි මූල වාරයේම පර්යාය වචන වශයෙන් වාර නවයක් දක්වන ලදි. මෙසේ මූල වාරය, හේතු වාරය, නිදාන වාරය, සම්භව වාරය, පභව වාරය, සමුට්ඨාන වාරය, ආහාර වාරය, ආලම්බන වාරය, පච්චය වාරය, සමුදය වාරය යයි සියල්ල දසවාරයක් වේ. එහි මූලවාරයෙහි පැමිණි පිරිසිඳීමෙන්ම සෙස්සෙහි ද නයාදිය දතයුතු යයි සියළු දසවාරවල නය එකසිය හැටක් වේ. යමක හාරසිය අසූවක් වේ. පුච්ඡා නවසිය හැටක් වේ. අර්ථ එක්දහස් නවසිය විස්සක් දක්වන ලදැයි දතයුතුය.
මූලං හෙතු නිදානඤ්චාති ගාථා දසන්නම්පි වාරානං උද්දානගාථා නාම. තත්ථ මූලාදීනි සබ්බානිපි කාරණවෙවචනානෙව. කාරණඤ්හි පතිට්ඨානට්ඨෙන මූලං. අත්තනො ඵලනිප්ඵාදනත්ථං හිනොති පවත්තතීති හෙතු. ‘හන්ද, නං ගණ්හාථා’ති දස්සෙන්තං විය අත්තනො ඵලං නිදෙතීති නිදානං. එතස්මා ඵලං සම්භොතීති සම්භවො. පභවතීති පභවො. සමුට්ඨාති එත්ථ ඵලං, එතෙන වා සමුට්ඨාතීති සමුට්ඨානං. අත්තනො ඵලං ආහරතීති ආහාරො. අප්පටික්ඛිපිතබ්බෙන අත්තනො ඵලෙන ආලම්බියතීති ආලම්බණං. එතං පටිච්ච අප්පටික්ඛිපිත්වා ඵලං එති පවත්තතීති පච්චයො. එතස්මා ඵලං සමුදෙතීති සමුදයො. එවමෙතෙසං පදානං වචනත්ථො වෙදිතබ්බො.
මූලං හෙතු නිදානඤ්ච යනාදි ගාථා දසවාරවල උදාන ගාථා නම් වේ. එහි මූලාදි සියල්ල ද හෙතු පර්යායම වේ. හේතු වනාහි පිහිටීම් අර්ථයෙන් මූල වේ. තමාගේ පල නිපදවීම සඳහා හිතවූයේ පවතීයයි හේතු වේ. එසේනම් එය ගනුවයි දක්වන්නාක් මෙන් තමාගේ පලය දක්වයි යනු නිදාන මේ මෙයින් පලය හටගනී යයි සම්භව වේ. පලය ප්‍රභව (ආරම්භ) වේ යයි පභවො වේ. එහි පලය හටගනී හෝ එයින් හටගනී හෝ සමුට්ඨාන වේ. තමාගේ පලය ගෙනඒනුයි ආහාරො වේ. ප්රතික්ෂෙප නොකළහැකි අර්ථයෙන් තමාගේ පලයෙන් එල්බී ගනීයයි ආලම්බන වේ. මෙයින් පලය උපදවානුයි සමුදයො වේ. මෙසේ මේ පදවල වචනාර්ථය දතයුතුය.
උද්දෙසවාරවණ්ණනා.
උද්දේසවාර වර්ණනාව නිමි.
නිද්දෙසවාරවණ්ණනා
නිද්දෙසවාරවණ්ණනා
ඉදානි යෙකෙචි කුසලා ධම්මාතිආදිනා නයෙන නිද්දෙසවාරො ආරද්ධො. තත්ථ යෙ කෙචීති අනවසෙසවචනං. කුසලා ධම්මාති කුසලත්තිකස්ස පදභාජනෙ වුත්තලක්ඛණා අනවජ්ජසුඛවිපාකා කුසලසභාවා. සබ්බෙ තෙ කුසලමූලාති කිං තෙ සබ්බෙයෙව කුසලමූලාති පුච්ඡති. තීණෙව කුසලමූලානීති න තෙ සබ්බෙ කුසලමූලානි, අලොභාදීනි පන තීණි එව කුසලමූලානීති අත්ථො. අවසෙසා කුසලා ධම්මා න කුසලමූලාති අවසෙසා ඵස්සාදයො කුසලා ධම්මා කුසලමූලානි නාම න හොන්ති. අථ වා අවසෙසා ඵස්සාදයො කුසලා ධම්මායෙව නාම, න කුසලමූලානීතිපි අත්ථො. යෙ වා පන කුසලමූලාති යෙ වා පන පඨමපුච්ඡාය දුතියපදෙන කුසලමූලාති තයො අලොභාදයො ගහිතා. සබ්බෙ තෙ ධම්මා කුසලාති කිං තෙ සබ්බෙ තයොපි ධම්මා කුසලාති පුච්ඡති. ආමන්තාති සබ්බෙසම්පි කුසලමූලානං කුසලභාවං සම්පටිච්ඡන්තො ආහ. අයං තාව මූලනයෙ මූලයමකස්ස අත්ථො. ඉමිනා උපායෙන සබ්බපුච්ඡාසු විස්සජ්ජනනයො වෙදිතබ්බො. යං පන යත්ථ විසෙසමත්තං අත්ථි, තදෙව වණ්ණයිස්සාම.
දැන් යෙ කෙචි කුසලා ධම්මා යනාදි නයින් නිද්දේස වාරය ආරම්භ කරන ලදි. එහි යෙ කෙචි යනු සියළු වචනයයි. කුසලා ධම්මා යනු කුසලත්‍රික පදභාජනයෙහි කියන ලක්ෂණ අනවද්‍ය සැප විපාක වූ කුසල ස්වභාවයයි. සබ්බෙ තෙ කුසලමූලා කිම? ඒ සියල්ලම කුසල මූලවේදැයි අසයි. තීණෙව කුසල මූලානි සියල්ල කුසල මූල නොවේ. අලෝභාදි තුනම කුසල් මුල් යන අර්ථයයි. අවසෙසා කුසලා ධම්මා න කුසල මූලා අවසේස වූ ඵස්සාදි ඵස්සාදිය කුසල ධර්ම වේ. කුසල් මුල් නොවේය යන අර්ථයි. යෙ වා පන කුසලාමූලා යෙ වා පන පළමුවන ඇසීමෙන් දෙවන පදයෙන් කුසල් මුල් යයි අලෝභාදී තුන ගන්නා ලදි. සබ්බෙ තෙ ධම්ම කුසලා කිම ඒ සියළු ධර්ම තුන කුසලදැ?යි අසයි. ආමත්තා සියළු කුසල මූලයන්ගේ කුසලභාවය පිළිගන්නේ කීය. මෙය පළමුව මූල නයෙහි මූල යමකගේ අර්ථයයි. මේ උපායෙන් සියළු පුච්ඡාවල විසඳීම් නය දතයුතුය. එහි විසේස තැන් පමණක් වර්ණනා කරන්නෙමි.
එකමූලයමකෙ තාව සබ්බෙ තෙ කුසලමූලෙන එකමූලාති ගණනට්ඨෙන එකමූලකං අග්ගහෙත්වා සමානට්ඨෙන ගහෙතබ්බා. අයඤ්හෙත්ථ අත්ථො – සබ්බෙ තෙ කුසලමූලෙන සමානමූලා. යං ඵස්සස්ස මූලං, තදෙව වෙදනාදීනන්ති. අථ නෙසං තථාභාවං සම්පටිච්ඡන්තො ආමන්තාති ආහ. කුසලසමුට්ඨානන්ති කුසලචිත්තසමුට්ඨානරූපං දස්සිතං. එකමූලන්ති අලොභාදිනා කුසලමූලෙන සමානමූලං . යථෙව හි ඵස්සාදීනං අලොභාදයො හෙතුපච්චයත්තා මූලං, තථා තං සමුට්ඨානරූපස්සාපි, කුසලලක්ඛණාභාවෙන පන තං න කුසලං.
පළමුව ඒකමූල යමකයෙහි සබ්බෙ තෙ කුසල මූලෙන එක මූලා ගණ අර්ථයෙන් ඒකමූල බව නොගෙන සමාන අර්ථයෙන් ගතයුතුය. මෙහි අර්ථය මෙයයි. ඒ සියල්ල කුසල මූලයෙන් සමාන මූල වේද? ඵස්සයේ වූ මූලය වේදනාදියේත් වේද? ඉක්බිති ඒවායේ එසේ වන බව පිළිගන්නේ ආමන්තා යයි කීය. කුසල සමුට්ඨානං කුසල සිතේ හටගන්නා රූපය දක්වන ලදි. එකමූලං අලොභාදි කුසල මූලයෙන් සමාන මුල් වේද, යම්සේ ඵස්සාදියේ අලෝභාදිය හේතුප්‍රත්‍ය බැවින් මුල් වේ. එසේම එයින් හටගන්වන රූපයේ ද මුල් වේ. කුසල ලක්ෂණ භාවයෙන් වනාහි එය කුසල නොවේ.
අඤ්ඤමඤ්ඤයමකෙ ‘යෙකෙචි කුසලා’ති අපුච්ඡිත්වා යෙකෙචි කුසලමූලෙන එකමූලාති පුච්ඡා කතා. කස්මා? ඉමිනාපි බ්යඤ්ජනෙන තස්සෙවත්ථස්ස සම්භවතො. කුසලමූලානීති ඉදං පුරිමස්ස විසෙසනං. ‘මූලානි යානි එකතො උප්පජ්ජන්තී’ති හි වුත්තං, තානි පන කුසලමූලානිපි හොන්ති අකුසලඅබ්යාකතමූලානිපි, ඉධ කුසලමූලානීති විසෙසදස්සනත්ථමිදං වුත්තං. අඤ්ඤමඤ්ඤමූලානි චාති අඤ්ඤමඤ්ඤං හෙතුපච්චයෙන පච්චයා හොන්තීති අත්ථො. තස්සෙව පටිලොමපුච්ඡාය ‘සබ්බෙ තෙ ධම්මා කුසලමූලෙන එකමූලා’ති අවත්වා සබ්බෙ තෙ ධම්මා කුසලාති වුත්තං. කස්මා? අත්ථවිසෙසාභාවතො. කුසලමූලෙන එකමූලාති හි පුච්ඡාය කතාය ‘මූලානි යානි එකතො උප්පජ්ජන්තී’ති හෙට්ඨා වුත්තනයෙනෙව විස්සජ්ජනං කාතබ්බං භවෙය්ය, එවඤ්ච සති අත්ථවිසෙසාභාවො හොති. තස්මා තථා අකත්වා එවං පුච්ඡා කතා. ඉමිනා උපායෙන මූලමූලනයාදීසුපි අඤ්ඤමඤ්ඤමූලයමකෙ පුච්ඡාවිසෙසො වෙදිතබ්බො.
අඤ්ඤමඤ්ඤ යමකයෙහි යෙ කෙචි කුසලා යයි නො අසා යෙ කෙචි කුසල මූලෙන එකමූලා යයි ඇසීම කරන ලදි. කුමක් නිසාද? මේ ව්‍යඤ්ජනයෙන් ම එහිම අර්ථය සම්භවය වූ හෙයිනි. කුසලමූලා යන මෙය පෙර වූවට විවේසන වේ. මූලානි යානි එකතො උප්පජ්ජති මෙයින් කියන ලදි. ඒවා වනාහි කුසලමූලද වේ. අකුසල අබ්‍යාකත මූලද වේ. මෙහි කුසල මූල යයි විශේෂ දැක්වීම සඳහා කියන ලදි. අඤ්ඤමඤ්ඤ මූලානි ච අඤ්ඤමඤ්ඤ හේතුප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ යන අර්ථයයි. එහිම පටිලෝම පුච්ඡාවෙන් ඒ සියළු ධර්ම කුසල මූලයෙන් ඒකමූල යයි නොකියා සබ්බෙ තෙ ධම්මා කුසලා යයි කියන ලදි. කුමක් හෙයින්ද? අර්ථ විශේෂද් භාවයෙන්. කුසල මූලයෙන් ඒක මූල යයි පුච්ඡාවෙන් කරන ලද බැවින් යම් මූලයන් එකට උපදී යයි යට කියන ලද නයින්ම මූල විසඳීම කළයුතු වන්නේය. මෙසේ ඇතිකල්හි අර්ථ විශේෂ අභාවය වේ. එහෙයින් එසේ නොකොට මෙසේ පුච්ඡා කරන ලදි. මේ උපායෙන් මූලමූල නය ආදියෙහි ද අඤ්ඤමඤ්ඤ මූල යමකයෙහි පුච්ඡා විශේෂය දතයුතුය.
මූලමූලනයෙ සබ්බෙ තෙ කුසලමූලමූලාති සබ්බෙ තෙ කුසලමූලසඞ්ඛාතා මූලාති පුච්ඡති. එකමූලමූලාති සමානට්ඨෙන එකමෙව මූලමූලං එතෙසන්ති එකමූලමූලා. අඤ්ඤමඤ්ඤමූලමූලාති අඤ්ඤමඤ්ඤස්ස මූලං අඤ්ඤමඤ්ඤමූලං, අඤ්ඤමඤ්ඤමූලං හෙතුපච්චයට්ඨෙන මූලං එතෙසන්ති අඤ්ඤමඤ්ඤමූලමූලා.
මූල මූල නයෙහි සබ්බෙ තෙ කුසල මූලාති ඒ සියළු කුසල මූල සංඛ්‍යාත මූල යයි අසයි. එකමූලා සමාන අර්ථයෙන් එකම මූල මූලය මොවුන්ට යයි එකමූල මුලා වේ. අඤ්ඤමඤ්ඤ මූලමූලා අඤ්ඤමඤ්ඤයන්ගේ මූලය අඤ්ඤමඤ්ඤ මූල වේ. අඤ්ඤමඤ්ඤ මූලය හේතුප්‍රත්‍ය අර්ථයෙන් වූ මූලය මොවුන්ටනුයි අඤ්ඤමඤ්ඤ මූලය වේ.
මූලකනයෙ කුසලමූලකාති හෙතුපච්චයට්ඨෙන කුසලං මූලං එතෙසන්ති කුසලමූලකා.
මූලක නයෙහි කුසල මූලකාති හේතුප්‍රත්‍ය අර්ථයෙන් කුසල මූල මොවුන්ට වේනුයි කුසල මූලක වේ.
මූලමූලකනයෙ කුසලමූලමූලකාති කුසලානං මූලං කුසලමූලං. හෙතුපච්චයට්ඨෙනෙව කුසලමූලං මූලං එතෙසන්ති කුසලමූලමූලකාති. අයං තාව කුසලපදං නිස්සාය නයයමකපුච්ඡාසු විසෙසත්ථො.
මූල මූලක නයෙහි කුසල මූල මූලකා යයි කුසලයන්ගේ මූලය කුසලමූල වේ. හේතුප්‍රත්‍ය අර්ථයෙන්ම කුසලමූල මූල මොවුන්ට වේනුයි කුසල මූල මූලක යයි. මෙය පළමුව කුසල පදය නිසා නය යමක පුච්ඡාදියෙහි විශේෂ අර්ථ වේ.
අකුසලපදාදීසුපි එසෙව නයො. අයං පන විසෙසො, අහෙතුකං අකුසලන්ති විචිකිච්ඡාය චෙව උද්ධච්චෙන ච සම්පයුත්තං මොහං සන්ධාය වුත්තං.
අකුසල පද ආදියෙහි ද මෙම නයම වේ. මෙය වනාහි විශේෂයකි. අහෙතුකං අකුසලං යයි විචිකිච්ඡාවෙන් මෙන්ම උද්ධච්චයෙන් ද යුක්ත වූ මෝහය නිසා කියන ලදි.
අහෙතුකං අබ්යාකතන්ති අට්ඨාරස චිත්තුප්පාදා රූපං, නිබ්බානඤ්ච. අබ්යාකතමූලෙන න එකමූලන්ති ඉධ පන ඨපෙත්වා සහෙතුකඅබ්යාකතසමුට්ඨානං රූපං, සෙසං ලබ්භති. සහෙතුකඅබ්යාකතසමුට්ඨානං රූපං අබ්යාකතමූලෙන එකමූලං හොති, තං අබ්බොහාරිකං කත්වා එකතො ලබ්භමානකවසෙනෙව චෙතං විස්සජ්ජනං කතං.
අහෙතුකං අබ්යාකතං යනු අටළොස් සිත්, රූප, නිබ්බාන ද වේ. අබ්‍යාකත මූලෙන එකමූලං යයි මෙහි වනාහි සහේතුක අව්යාකත්ත සමුට්ඨාන රූප හැර, සෙස්ස ලැබේ. සහේතුක අබ්‍යාකත සමුට්ඨාන රූප අබ්‍යාකත මූලයෙන් ඒකමූලයක් වේ. එය ගණන් නොගෙන එක්තැන්ව ලැබීම් වශයෙන් ම මෙය විසඳීම් කරන ලදි.
නාමා ධම්මාති නාමසඞ්ඛාතා ධම්මා. තෙ අත්ථතො චත්තාරො අරූපිනො ඛන්ධා, නිබ්බානඤ්ච. නවෙව නාමමූලානීති කුසලාකුසලඅබ්යාකතමූලවසෙන නව මූලානි. අහෙතුකං නාමං නාමමූලෙන න එකමූලන්ති අහෙතුකං සබ්බම්පි අට්ඨාරස චිත්තුප්පාදවිචිකිච්ඡුද්ධච්චසම්පයුත්තමොහනිබ්බානසඞ්ඛාතං නාමං නාමමූලෙන න එකමූලං . න හි තං තෙන සද්ධිං උප්පජ්ජති. සහෙතුකං නාමං නාමමූලෙනාති පදෙපි සහෙතුකං නාමං නාමමූලෙනාති අත්ථො. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
නාමා ධම්මා නාම සංඛ්‍යාත ධර්මය. ඒවා අර්ථ වශයෙන් අරූප ස්කන්ධ සතර සහ නිවන ද වේ. නච්චෙ නාමමූලානි කුසල අකුසල අබ්‍යාකත මූල වශයෙන් මූල නවයක් වේ. අහෙතුකං නාමං නාම මූලෙන න එකමූලං සියළු අහේතුක අටළොස් සිත් විචිකිච්ඡා උද්ධච්ච සම්ප්‍රයුක්ත මෝහ හා නිවන් සංඛ්‍යාත නාමය නාම මූලයෙන් ඒකමූලයක් නොවේ. එය එය සමග නූපදී. සහෙතුකං නාමං නාම මූලෙන යන පදයෙහි ද සහේතුක නාමය නාම මූලයෙන් ය යන අර්ථයයි. සෙසු සියල්ල නොගැඹුරු අරුත් වේ.
මූලවාරවණ්ණනා.
මූලවාර වර්ණනාව නිමි.
හෙතුවාරාදීසුපි ඉමිනාවුපායෙන අත්ථො වෙදිතබ්බො. මූලං හෙතු නිදානඤ්චාතිගාථා යථානිද්දිට්ඨානං දසන්නම්පි වාරානං පුන උද්දානවසෙනෙව වුත්තාති.
හේතු වාරාදියෙහි ද මේ උපායෙන් අර්ථය දතයුතුය. මූලංහෙතු නිදානඤ්ච යන ගාථා දක්වන ලද දසවාරයන්ගේ නැවත උදාන වශයෙන් කියන ලදි.
මූලයමකවණ්ණනා.
මූලයමක වර්ණනාව නිමි.