පරිඤ්ඤාවාරවණ්ණනා අට‍්ඨකථා
පරිඤ‍්ඤාවාරවණ‍්ණනා
පරිඤ්ඤාවාරවණ්ණනා
තදනන‍්තරෙ පරිඤ‍්ඤාවාරෙපි ඡළෙව කාලභෙදා. අනුලොමපටිලොමතො ද‍්වෙයෙව නයා. පුග‍්ගලවාරො, ඔකාසවාරො, පුග‍්ගලොකාසවාරොති ඉමෙසු පන තීසු පුග‍්ගලවාරොව ලබ‍්භති, න ඉතරෙ ද‍්වෙ. කිං කාරණා? සදිසවිස‍්සජ‍්ජනතාය. යො හි කොචි පුග‍්ගලො යත්‍ථ කත්‍ථචි ඨානෙ රූපක‍්ඛන්‍ධං චෙ පරිජානාති, වෙදනාක‍්ඛන්‍ධම‍්පි පරිජානාතියෙව. වෙදනාක‍්ඛන්‍ධං චෙ පරිජානාති, රූපක‍්ඛන්‍ධම‍්පි පරිජානාතියෙව. රූපක‍්ඛන්‍ධං චෙ න පරිජානාති, වෙදනාක‍්ඛන්‍ධම‍්පි න පරිජානාතියෙව. වෙදනාක‍්ඛන්‍ධං චෙ න පරිජානාති, රූපක‍්ඛන්‍ධම‍්පි න පරිජානාතියෙව. තස‍්මා තෙසුපි ‘යත්‍ථ රූපක්ඛන්ධං පරිජානාති, තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධං පරිජානාතී’ති ආදිවසෙන පුච‍්ඡං කත්‍වා ‘ආමන‍්තා’ත්‍වෙව විස‍්සජ‍්ජනං කාතබ‍්බං . සියාති සදිසවිස‍්සජ‍්ජනතාය තෙ ඉධ න ලබ‍්භන‍්තීති වෙදිතබ‍්බා.
ඉන් අනතුරුව පරිඤ්ඤාවාරයෙහි ද කාල ප්‍රභේද සයෙක් ම වේ. අනුලෝම පටිලෝම වශයෙන් නය දෙකකි. පුග්ගල වාර ඔකාසවාර පුග්ගලෝකාසවාර යයි මේ පුග්ගල වාර තුනම ලබයි. ඉතිරි දෙක නොලැබේ. කුමන කරුණකින්ද? සමාන විසඳුම් බැවිනි. යම්කිසි පුද්ගලයෙක් යම්කිසි තැනක රූප ස්කන්ධය දනීද වේදනා ස්කන්ධය ද දනීමය. වේදනා ස්කන්ධය දනීද රූපස්කන්ධය ද දනීමය. රූපස්කන්ධය නොදනීද වේදනා ස්කන්ධය ද නොදනී. වේදනා ස්කන්ධය නොදනී ද රූපස්කන්ධය ද නොදනී. එහෙයින් ඒවායෙහි ද යත්‍ථ රූපක්ඛන්ධං පරිජානාති තත්‍ථ වෙදනාක්ඛන්‍ධං පරිජානාති ආදි වශයෙන් ප්‍රශ්නකොට ආමන්තා යන විසඳීම කළයුතු වන්නේය. සමාන විසඳුම් බැවින් ඒවා මෙහි නොදක්වන ලදැයි දතයුතුය.
අථ වා පරිඤ‍්ඤාකිච‍්චං නාම පුග‍්ගලස‍්සෙව හොති, නො ඔකාසස‍්ස, පුග‍්ගලොව පරිජානිතුං සමත්‍ථො, නො ඔකාසොති පුග‍්ගලවාරොවෙත්‍ථ ගහිතො, න ඔකාසවාරො. තස‍්ස පන අග‍්ගහිතත‍්තා තදනන‍්තරො පුග‍්ගලොකාසවාරො ලබ‍්භමානොපි න ගහිතො. යො පනෙස පුග‍්ගලවාරො ගහිතො, තත්‍ථ පච‍්චුප‍්පන‍්නකාලෙ රූපක‍්ඛන්‍ධමූලකානි චත‍්තාරි, වෙදනාක‍්ඛන්‍ධමූලකානි තීණි, සඤ‍්ඤාක‍්ඛන්‍ධමූලකානි ද‍්වෙ, සඞ‍්ඛාරක‍්ඛන්‍ධමූලකං එකන‍්ති හෙට‍්ඨා වුත‍්තනයෙනෙව අනුලොමනයෙ අග‍්ගහිතග‍්ගහණෙන දස යමකානි. පටිලොමනයෙ දසාති වීසති. තථා සෙසෙසුපීති එකෙකස‍්මිං කාලෙ වීසති වීසති කත්‍වා ඡසු කාලෙසු වීසං යමකසතං, චත‍්තාරීසානි ද‍්වෙ පුච‍්ඡාසතානි, අසීත්‍යාධිකානි චත‍්තාරි අත්‍ථසතානි ච හොන‍්තීති ඉදමෙත්‍ථ පාළිවවත්‍ථානං.
එසේ නැතහොත් පරිඤ්ඤා කෘත්‍යය නම් පුද්ගලයාටම වේ. අවකාශය නොවේ. පුද්ගලයාම දැනගැනීමට සමර්ථ වේ. අවකාශය නොවේ යයි මෙහි පුද්ගලවාරයම ගන්නා ලදි. අවකාශ වාරය නොවේ. එය නොගන්නා ලද බැවින් ඉන් අනතුරුව පුග්ගලො කායවාරය ලබන්නේද, නො ගන්නා ලදි. යමෙක් වනාහි මේ පුද්ගල වාරය ගන්නා ලද්දේ, එහි වර්තමාන කාලයෙහි රූප ස්කන්ධ මූලක සතරකි. වේදනා ස්කන්ධ මූලක තුනකි. සඤ්ඤා ස්කන්ධ මූලක දෙකකි. සංඛාරා ස්ක්නධ මූලක එකකියි යට කියන ලද නයින්ම අනුලෝම නයෙහි අගහිත ගහණයෙන් යමක දහයකි. පටිලෝම නයෙහි දහයයි විස්සකි. එසේම සෙසු කාල සයේ ද එකිනෙකේ විස්ස බැගින් යමක එක්සිය විස්සක් වේ. පුච්ඡා දෙසිය සතලිහකි. අර්ථ හාරසිය අසූවකි. මෙය මෙහි පෙළෙහි නියමයයි.
අත්‍ථවිනිච‍්ඡයෙ පනෙත්‍ථ අතීතානාගතපච‍්චුප‍්පන‍්නසඞ‍්ඛාතා තයො අද‍්ධා පවත‍්තිවාරෙ විය චුතිපටිසන්‍ධිවසෙන න ලබ‍්භන‍්ති. පවත‍්තෙ චිත‍්තක‍්ඛණවසෙනෙව ලබ‍්භන‍්ති. තෙනෙවෙත්‍ථ ‘යො රූපක්ඛන්ධං පරිජානාති, සො වෙදනාක‍්ඛන්‍ධං පරිජානාතී’තිආදීසු පුච‍්ඡාසු ‘ආමන‍්තා’ති විස‍්සජ‍්ජනං කතං. ලොකුත‍්තරමග‍්ගක‍්ඛණස‍්මිඤ‍්හි නිබ‍්බානාරම‍්මණෙන චිත‍්තෙන පඤ‍්චසු ඛන්‍ධෙසු පරිඤ‍්ඤාකිච‍්චනිබ‍්බත‍්තියා යං කිඤ‍්චි එකං ඛන්‍ධං පරිජානන‍්තො ඉතරම‍්පි පරිජානාතීති වුච‍්චති. එවමෙත්‍ථ ‘පරිජානාතී’ති පඤ‍්හෙසු අනුලොමනයෙ පරිඤ‍්ඤාකිච‍්චස‍්ස මත්‍ථකප‍්පත‍්තං අග‍්ගමග‍්ගසමඞ‍්ගිං සන්‍ධාය ‘ආමන‍්තා’ති වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. පටිලොමනයෙ පන ‘න පරිජානාතී’ති පඤ‍්හෙසු පුථුජ‍්ජනාදයො සන්‍ධාය ‘ආමන‍්තා’ති වුත‍්තං. ‘පරිජානිත්‍ථා’ති ඉමස‍්මිං පන අතීතකාලවාරෙ මග‍්ගානන‍්තරඅග‍්ගඵලෙ ඨිතොපි පරිඤ‍්ඤාකිච‍්චස‍්ස නිට‍්ඨිතත‍්තා පරිජානිත්‍ථයෙව නාම.
මෙහි අර්ථ විනිශ්චයෙහි වනාහි අතීත අනාගත වර්තමාන සංඛ්‍යාත ත්‍රිවිධ කාල පවත්ති වාරයෙහි මෙන් චුතිපටිසන්ධි වශයෙන් නො ලැබේ. පැවතීමේ චිත්තක්‍ෂණ වශයෙන්ම ලබයි. එහෙයින් මෙහි යො රූපක්ඛන්ධං පරිජානාති සො වෙදනාක්ඛන්‍ධං පරිජානාති යමෙක් රූපස්කන්ධය දනී නම් හේ වේදනා ස්කන්ධය දනීද? යනාදි ප්‍රශ්නවලට ආමන්තා ඔව් යයි විසඳීම කරන ලදි. ලෝකෝත්තර මාර්ග ක්‍ෂණයෙහි නිවන් අරමුණු කරා සිතෙන් පංචස්කන්ධය දැනගැනීමේ කෘත්‍යය ඇතිවීමෙන් එක් ස්කන්ධයක් දැනගැනීමෙන් සෙසු ස්කන්ධවල ද දැනීම ඇතිවන්නේ යයි කියනු ලැබේ. මෙසේ මෙහි පරිජානාති යන ප්‍රශ්නවල අනුලෝම නයෙහි පරිඤ්ඤා කෘත්‍යයේ මුදුන් පැමිණි අග්‍ර වූ මාර්ගය යුක්තවීම සඳහා ආමන්තා යයි කියන ලදැයි දතයුතුය. පටිලෝම නයෙහි වනාහි න පරිජානිති යන ප්‍රශ්නවල පුහුදුන් අය සඳහා ආමන්තා යයි කියන ලදි. පරිජානිත්‍ථ යන මේ අතීත කාලවාරයෙහි මාර්ගයට අනතුරුව අග්‍රඵලයෙහි (රහත්) සිටියහුට ද පරිඤ්ඤා කෘත්‍යයේ (දැනගැනීම් කිසේ) අවසානය වූ බැවින් පරිජානිත්‍ථම නම් වේ.
යො රූපක්ඛන්ධං පරිජානාති, සො වෙදනාක‍්ඛන්‍ධං පරිජානිත්‍ථාති පඤ‍්හෙන අග‍්ගමග‍්ගසමඞ‍්ගිං පුච‍්ඡති. යස‍්මා පනෙස ඛන්‍ධපඤ‍්චකං පරිජානාතියෙව නාම, න තාව නිට‍්ඨිතපරිඤ‍්ඤාකිච‍්චො; තස‍්මා ‘නො’ති පටිසෙධො කතො. දුතියපඤ‍්හෙ පන පරිජානිත්‍ථාති අරහන‍්තං පුච‍්ඡති. යස‍්මා පනෙසො නිට‍්ඨිතපරිඤ‍්ඤාකිච‍්චො. නත්‍ථි තස‍්ස පරිඤ‍්ඤෙය්‍යං නාම; තස‍්මා ‘නො’ති පටිසෙධො කතො. පටිලොමනයවිස‍්සජ‍්ජනෙ පනෙත්‍ථ අරහා රූපක්ඛන්ධං න පරිජානාතීති අරහතො පරිඤ‍්ඤාය අභාවෙන වුත‍්තං. අග‍්ගමග‍්ගසමඞ‍්ගී වෙදනාක‍්ඛන්‍ධං න පරිජානිත්‍ථාති අරහත‍්තමග‍්ගට‍්ඨස‍්ස අනිට‍්ඨිතපරිඤ‍්ඤාකිච‍්චතාය වුත‍්තං. න කෙවලඤ‍්ච වෙදනාක‍්ඛන්‍ධමෙව, එකධම‍්මම‍්පි සො න පරිජානිත්‍ථෙව. ඉදං පන පුච‍්ඡාවසෙන වුත‍්තං. නො ච රූපක‍්ඛන්‍ධන‍්ති ඉදම‍්පි පුච‍්ඡාවසෙනෙව වුත‍්තං. අඤ‍්ඤම‍්පි පන සො ඛන්‍ධං පරිජානාති.
යො රූපක්ඛන්ධං පරිජානාති සො වෙදනක්ඛන්‍ධං පරිජානිත්‍ථ (යමෙක් රූපස්කන්ධය දැනගනීද ඔහු වේදනා ස්කන්ධය දැන ගත්තේද?) යන ප්‍රශ්නයෙන් අග්‍රමාර්ගයෙන් යුක්තදැයි අසයි. යම්හෙයකින් හෙතෙම ස්කන්ධ පංචකය දැනගැනීමය නම් වේ. තවම අවසාන පරිඤ්ඤා කෘත්‍යය නොවේ. එහෙයින් නැතැයි කියන ලදි. දෙවන ප්‍රශ්නයෙහි වනාහි පරිජානිත්‍ථ යයි රහත්බව අසයි. ඔහුගේ අවසාන පරිඤ්ඤා කෘත්‍යය ඔහුගේ පරිඤ්ඤෙය්‍ය ද නොවේ. එහෙයින් නො යයි ප්‍රතිසේධය කරන ලදි. පටිලෝම නය විසඳීමෙහි වනාහි මෙහි අරහා රූපක්ඛන්ධං න පරිජානාති අරහා රූපස්කන්ධය නොදනී. අරහත් හෝ දැනීමේ අභාවයෙන් කියන ලදි. අග්ගමග්ගසමංගි වෙදනාක්ඛන්‍ධං න පරිජානිත්‍ථ අරහත්ත මාර්ගස්ථ වූවහුට නොනිමි පරිඤ්ඤා කෘත්‍යය නිසා කියන ලදි. හුදෙක් වේදනා ස්කන්ධය පමණක් නොව එකම ධර්මයක්වත් නොදැන ගත්තේමය. මෙය වනාහි පුච්ඡා වශයෙන් කියන ලදි. නො ච රූපක්ඛන්‍ධං යයි මෙය පුච්ඡා වශයෙන් කියන ලදි. හේ සෙසු ස්කන්ධ දනී.
යො රූපක්ඛන්ධං පරිජානාති, සො වෙදනාක‍්ඛන්‍ධං පරිජානිස‍්සතීති එත්‍ථ යස‍්මා මග‍්ගට‍්ඨපුග‍්ගලො එකචිත‍්තක‍්ඛණිකො, තස‍්මා සො පරිජානිස‍්සතීති සඞ‍්ඛං න ගච‍්ඡති. තෙන වුත‍්තං ‘නො’ති. තෙ රූපක්ඛන්ධඤ්ච න පරිජානිත්‍ථාති පුච‍්ඡාසභාගෙන වුත‍්තං, න පරිජානිංසූති පනෙත්‍ථ අත්‍ථො. ඉමිනා උපායෙන සබ‍්බත්‍ථ අත්‍ථවිනිච‍්ඡයො වෙදිතබ‍්බොති.
යො රූපක්ඛන්ධං පරිජානාති සො වෙදනාක්ඛන්‍ධං පරිජානිස්සති යයි යමෙක් රූපස්කන්ධය දනී. හේ වෙදනා ස්කන්ධය දන්නේද? මෙහි යම්හෙයකින් මාර්ගස්ථ පුද්ගලයා ඒකචිත්ත ක්‍ෂණිකය. එහෙයින් හේ දැනගන්නේ යයි යන සංඛ්‍යාවට නොයේ. එහෙයින් කියන ලදි. නො කියා. තෙ රූපක්ඛන්ධඤ්ච න පරිජානිත්‍ථාති පුච්ඡා සභාගයෙන් කියන ලදි. නොදැනගත්හ යනු මෙහි අර්ථයයි. මේ උපායෙන් සියළු තැන අර්ථ විනිශ්චය දතයුතුය.
පරිඤ‍්ඤාවාරවණ‍්ණනා.
පරිඤ්ඤාවාරය නිමි.
ඛන්‍ධයමකවණ‍්ණනා නිට‍්ඨිතා.
ඛන්‍ධ යමක වර්ණනාව නිමි.