යෙදුමෙන් කියවන්න

3. ආයතනයමකං අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

3. ආයතන යමක වර්ණනාව

පණ‍්ණත‍්තිඋද‍්දෙසවාරවණ‍්ණනා

පණ්ණත්තිඋද්දෙසවාරවණ්ණනා

ඉදානි මූලයමකෙ දෙසිතෙයෙව කුසලාදිධම‍්මෙ ආයතනවසෙනාපි සඞ‍්ගණ‍්හිත්‍වා ඛන්‍ධයමකානන‍්තරං දෙසිතස‍්ස ආයතනයමකස‍්ස වණ‍්ණනා හොති. තත්‍ථ ඛන්‍ධයමකෙ වුත‍්තනයෙනෙව පාළිවවත්‍ථානං වෙදිතබ‍්බං. යථෙව හි තත්‍ථ පණ‍්ණත‍්තිවාරො, පවත‍්තිවාරො, පරිඤ‍්ඤාවාරොති තයො මහාවාරා හොන‍්ති, තථා ඉධාපි. වචනත්‍ථොපි නෙසං තත්‍ථ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. ඉධාපි ච පණ‍්ණත‍්තිවාරො උද‍්දෙසනිද‍්දෙසවසෙන ද‍්විධා වවත්‍ථිතො. ඉතරෙ නිද‍්දෙසවසෙනෙව. ‘තත්‍ථ ද‍්වාදසායතනානී’ති පදං ආදිං කත්‍වා යාව නායතනා න මනොති, තාව පණ‍්ණත‍්තිවාරස‍්ස උද‍්දෙසවාරො වෙදිතබ‍්බො. තත්‍ථ ද‍්වාදසායතනානීති අයං යමකවසෙන පුච‍්ඡිතබ‍්බානං ආයතනානං උද‍්දෙසො. චක‍්ඛායතනං…පෙ… ධම‍්මායතනන‍්ති තෙසඤ‍්ඤෙව පභෙදතො නාමවවත්‍ථානං. යමකවසෙන පුච‍්ඡාසුඛත්‍ථඤ‍්චෙත්‍ථ පඨමං පටිපාටියා අජ‍්ඣත‍්තරූපායතනානි වුත‍්තානි. පච‍්ඡා බාහිරරූපායතනානි. පරියොසානෙ මනායතනධම‍්මායතනානි.

දැන් මූල යමකයෙහි දේශනා කළ කුසලාදි ධර්මයත් ආයතන යමකයෙහි ද සංග්‍රහකොට ඛන්‍ධ යමකයට අනතුරුව දේශනා කළ ආයතන යමකයේ වර්ණනාව වේ. එහි ඛන්‍ධ යමකයෙහි කියන ලද නයින් ම පෙළෙහි නියමය දතයුතුය. එහි මෙන් මෙහි ද පණ්ණත්තිවාර, පවත්තිවාර, පරිඤ්ඤාවාර යයි මහාවාර තුනක් වේ. වචනාර්ථය ද ඒවායේ කියන ලද අයුරින්ම දතයුතුය. මෙහි ද පණ්ණත්තිවාරය උද්දේස නිද්දේස වශයෙන් නියම දෙකකි. සෙසු දෙකෙහි නිද්දේස වශයෙන් ම වේ. එහෙයින් එහි ද්වාදසායතනානි යන පදය ආදිකොට නායතනා න මනො යි දක්වා පණ්ණත්ති වාරයේ උද්දේසවාරය දතයුතුය. එහි ද්වාදසායතනානි යන මෙය යමක වශයෙන් ඇසිය යුතු ආයතනයන්ගේ උද්දේසයි. චක්ඛායතනං.. -පෙ- ධම්මායතනං ඒවායේම ප්‍රභේද වශයෙන් නාම නියමයයි. යමක වශයෙන් මෙහි ඇසීමේ පහසුව සඳහා පළමුව පිළිවෙලින් අජ්ඣත්ත රූප ආයතන කියන ලදි. බාහිර රූප ආයතන පසුව අවසානයෙහි මනායතන ධම්මායතන,

යථා පන හෙට‍්ඨා ඛන්‍ධවසෙන, එවමිධ ඉමෙසං ආයතනානං වසෙන පදසොධනවාරො, පදසොධනමූලචක‍්කවාරො, සුද‍්ධායතනවාරො, සුද‍්ධායතනමූලචක‍්කවාරොති, චත‍්තාරොව නයවාරා හොන‍්ති. එකෙකො චෙත්‍ථ අනුලොමපටිලොමවසෙන දුවිධොයෙව. තෙසමත්‍ථො තත්‍ථ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. යථා පන ඛන්‍ධයමකෙ පදසොධනවාරස‍්ස අනුලොමවාරෙ ‘රූපං රූපක‍්ඛන්‍ධො, රූපක‍්ඛන්‍ධො රූප’න‍්තිආදීනි පඤ‍්ච යමකානි, තථා ඉධ ‘චක‍්ඛු, චක‍්ඛායතනං; චක‍්ඛායතනං; චක‍්ඛූ’තිආදීනි ද‍්වාදස. පටිලොමවාරෙපි ‘න චක‍්ඛු, න චක‍්ඛායතනං; න චක‍්ඛායතනං, න චක‍්ඛූ’තිආදීනි ද‍්වාදස , පදසොධනමූලචක‍්කවාරස‍්ස පනෙත්‍ථ අනුලොමවාරෙ එකෙකායතනමූලකානි එකාදස එකාදස කත්‍වා ද‍්වත‍්තිංසසතං යමකානි. පටිලොමවාරෙපි ද‍්වත‍්තිංසසතමෙව. සුද‍්ධායතනවාරස‍්සාපි අනුලොමවාරෙ ද‍්වාදස, පටිලොමවාරෙ ද‍්වාදස, සුද‍්ධායතනමූලචක‍්කවාරස‍්සාපි අනුලොමවාරෙ එකෙකායතනමූලකානි එකාදස එකාදස කත්‍වා ද‍්වත‍්තිංසසතං යමකානි. පටිලොමවාරෙපි ද‍්වත‍්තිංසසතමෙවාති එවමිධ ඡසත‍්තතාධිකෙහි පඤ‍්චහි යමකසතෙහි, ද‍්විපඤ‍්ඤාසාධිකෙහි එකාදසහි පුච‍්ඡාසතෙහි, චතුරාධිකෙහි තෙවීසාය අත්‍ථසතෙහි ච පටිමණ‍්ඩිතො පණ‍්ණත‍්තිවාරස‍්ස උද‍්දෙසවාරො වෙදිතබ‍්බො.

යට යම්සේ ස්කන්ධ වශයෙන් මෙන් මෙසේ මෙහි මේ ආයතනය්නගේ වශයෙන් පදසොධනවාරය, පදසොධන මූලචක්කවාරය, සුද්ධායතනවාරය, සුද්ධායතන මූලචක්කවාරය යයි නයවාර සතරක් වේ. මෙහි එක එකක් අනුලෝම පටිලෝම වශයෙන් දෙපරිදි වේ. ඒවායේ අර්ථ එහි කියන ලද නයින්ම දතයුතුය. ඛන්‍ධ යමකයෙහි පදසෝධනවාර අනුලෝම වාරයේ යම්සේ රූපං රූපක්ඛන්‍ධො, රූපක්ඛන්‍ධො රූපං යනාදි පංච යමකයක් වීද, එසේම මෙහි චක්ඛු චක්ඛායතනං, චක්ඛායතනං චක්ඛූ යනාදි දොළොසක් වේ. පටිලෝම වාරයෙහි ද න චක්ඛු න චක්ඛායතනං න චක්ඛායතනං න චක්ඛු යනාදි දොළොසක් වේ. මෙහි පදසෝධන මූලචක්කවාර අනුලෝම වාරයෙහි එක් එක් ආයතන මූලක එකොලහ බැගින් කර එකසිය තිස්දෙකක් වේ. සුද්ධායතනවාර අනුලෝම වාරයෙහි දොළොසක්, පටිලෝම වාරයෙහි දොළොසක් සුද්ධායතන මූල චක්කවාර අනුලෝම වාරයෙහි එක් එක් ආයතන මූලක එකොළහ බැගින් කොට යමක එකසිය තිස්දෙකක් වේ. පටිලෝමවාරයෙහි ද එක්සිය තිස්දෙකක්ම වේ. මෙසේ යමක පන්සිය සැත්තෑසයක් ඒ ඒ වාර අනුව (576 = 12x2 = 24 + 12x11 = 132x4 = 528 + 24 = 576) පුච්ඡා එක්දහස් එකසිය පනස් දෙකක් වේ. (576x2 = 1152) අර්ථ දෙදහස් තුන්සිය සතරක් වේ. (1152x2 = 2304) මෙසේ යුක්ත වූ පණ්ණත්ති වාරයේ උද්දේස වාරය දතයුතුය.

පණ‍්ණත‍්තිඋද‍්දෙසවාරවණ‍්ණනා.

පණ‍්ණත‍්තිනිද‍්දෙසවාරවණ‍්ණනා

පණ්ණත්තිනිද්දෙසවාරවණ්ණනා

නිද‍්දෙසවාරෙ පන හෙට‍්ඨා ඛන්‍ධයමකස‍්ස පණ‍්ණත‍්තිවාරනිද‍්දෙසෙ වුත‍්තනයෙනෙව අත්‍ථො වෙදිතබ‍්බො. අඤ‍්ඤත්‍ර විසෙසා. තත්‍රායං විසෙසො – දිබ‍්බචක‍්ඛූති දුතියවිජ‍්ජාඤාණං. පඤ‍්ඤාචක‍්ඛූති තතියවිජ‍්ජාඤාණං. දිබ‍්බසොතන‍්ති දුතියඅභිඤ‍්ඤාඤාණං. තණ‍්හාසොතන‍්ති තණ‍්හාව. අවසෙසො කායොති නාමකායො, රූපකායො, හත්‍ථිකායො, අස‍්සකායොති එවමාදි. අවසෙසං රූපන‍්ති රූපායතනතො සෙසං භූතුපාදායරූපඤ‍්චෙව පියරූපසාතරූපඤ‍්ච. සීලගන්‍ධොතිආදීනි වායනට‍්ඨෙන සීලාදීනංයෙව නාමානි. අත්‍ථරසොතිආදීනිපි සාධුමධුරට‍්ඨෙන අත්‍ථාදීනඤ‍්ඤෙව නාමානි. අවසෙසො ධම‍්මොති පරියත‍්තිධම‍්මාදිඅනෙකප‍්පභෙදොති අයමෙත්‍ථ විසෙසො.

නිද්දේස වාරයෙහි වනාහි යට ඛන්‍ධ යමකයේ පණ්ණත්තිවාර නිද්දේසයෙහි කියන ලද නයින් අර්ථය දතයුතුය. විශේෂ හැර. එහි විශේෂය මෙසේය. දිබ්බ චක්ඛු දෙවන විද්‍යා ඤාණයයි. පඤ්ඤාචක්ඛු තෙවැනි විද්‍යා ඤාණයයි. දිබ්බසොතං දෙවැනි අභිඥා ඤාණයයි. තණ්හා සොතං තෘෂ්ණාව. අවසෙසො කායො නාමකය, රූපකාය, හස්තිකාය, අශ්වකාය මෙනි. අවසෙසං රූපං රූපායතනයෙන් සේස වූ භූත, උපාදාය රූපද පියරූප, මිහිරි රූපද. සීලගන්‍ධො යනාදිය හැමීම් අර්ථයෙන් සීලාදියටම නම් වේ. අත්‍ථරසො ආදියද යහපත් මිහිරි අර්ථයෙන් අර්ථවලටම නම් වේ. අවසෙසො ධම්මො අනේක ප්‍රභේද වූ පර්යාප්ති ධර්මාදිය මෙහි විශේෂයයි.

පණ‍්ණත‍්තිනිද‍්දෙසවාරවණ‍්ණනා.

පවත‍්තිවාරවණ‍්ණනා

පවත්තිවාරවණ්ණනා

ඉධාපි ච පවත‍්තිවාරස‍්ස උප‍්පාදවාරාදීසු තීසු අන‍්තරවාරෙසු එකෙකස‍්මිං ඡළෙව කාලභෙදා. තෙසං එකෙකස‍්මිං කාලෙ පුග‍්ගලවාරාදයො තයො වාරා. තෙ සබ‍්බෙපි අනුලොමපටිලොමනයවසෙන දුවිධාව හොන‍්ති. තත්‍ථ පච‍්චුප‍්පන‍්නකාලෙ පුග‍්ගලවාරස‍්ස අනුලොමනයෙ යථා ඛන්‍ධයමකෙ රූපක‍්ඛන්‍ධමූලකානි චත‍්තාරි, වෙදනාක‍්ඛන්‍ධමූලකානි තීණි, සඤ‍්ඤාක‍්ඛන්‍ධමූලකානි ද‍්වෙ, සඞ‍්ඛාරක‍්ඛන්‍ධමූලකං එකන‍්ති අග‍්ගහිතග‍්ගහණෙන දස යමකානි හොන‍්ති. එවං “යස‍්ස චක‍්ඛායතනං උප‍්පජ‍්ජති, තස‍්ස සොතායතනං උප‍්පජ‍්ජති; යස‍්ස වා පන සොතායතනං උප‍්පජ‍්ජති, තස‍්ස චක‍්ඛායතනං උප‍්පජ‍්ජති; යස‍්ස චක‍්ඛායතනං උප‍්පජ‍්ජති, තස‍්ස ඝාණායතනං, ජිව‍්හායතනං, කායායතනං, රූපායතනං, සද‍්දායතනං, ගන්‍ධායතනං, රසායතනං, ඵොට‍්ඨබ‍්බායතනං, මනායතනං, ධම‍්මායතනං, උප‍්පජ‍්ජති; යස‍්ස වා පන ධම‍්මායතනං උප‍්පජ‍්ජති, තස‍්ස චක‍්ඛායතනං උප‍්පජ‍්ජතී”ති එවං චක‍්ඛායතනමූලකානි එකාදස. “යස‍්ස සොතායතනං උප‍්පජ‍්ජති, තස‍්ස ඝානායතනං උප‍්පජ‍්ජතී”තිආදිනා නයෙන සොතායතනමූලකානි දස; ඝානායතනමූලකානි නව, ජිව‍්හායතනමූලකානි අට‍්ඨ; කායායතනමූලකානි සත‍්ත; රූපායතනමූලකානි ඡ; සද‍්දායතනමූලකානි පඤ‍්ච; ගන්‍ධායතනමූලකානි චත‍්තාරි; රසායතනමූලකානි තීණි; ඵොට‍්ඨබ‍්බායතනමූලකානි ද‍්වෙ; මනායතනමූලකං එකන‍්ති අග‍්ගහිතග‍්ගහණෙන ඡසට‍්ඨි යමකානි හොන‍්ති.

මෙහි ද පවත්තිවාරයේ උප්පාද වාරවල අන්තර තුනෙහි එක එකේ කාලභේද හය වේ. ඒවායේ එක් එක් කාලයෙහි පුද්ගල වාරාදි තුන්වාරයක් වේ. ඒ සියල්ල අනුලෝම පටිලෝම වශයෙන් ද්විධ වේ. එහි වර්තමාන කාලයේ පුද්ගලවාරයේ අනුලෝම නයෙහි ඛන්‍ධ යමකයෙහි රූපස්කන්ධ මූලක සතරය. වේදනා ස්ක්නධ මූලක තුනය, සඤ්ඤා ස්කන්ධ මූලක දෙකය, සංඛාර ස්කන්ධමූලක එකයයි අගහිත ගහණයෙන් යමක දහයක් වේ. එසේම යමෙකුට චක්ඛායතනය උපදීද ඔහුට සෝතායතනය උපදී. යමෙකුට වනාහි සෝතායතනය උපදීද ඔහුට චක්ඛායතනය උපදී. යමෙකුට චක්ඛායතනය උපදීද ඔහුට ඝානායතන ජිව්හායතන කායායතන රූපායතන සද්දායතන ගන්ධායතන, රසායතන, පොට්ඨබ්බායතන, මනායතන ධම්මායතන උපදී. යමෙකුට වනාහි ධම්මායතන උපදීද ඔහුට චක්ඛායතන උපදීයයි මෙසේ චක්ඛායතන මූලක එකොලහක් ද යමෙකුට සෝතායතනය උපදීද ඔහුට ඝානායතනය උපදී යනාදි නයින් සෝතායතන මූලක දහයක් ද ඝානායතන මූලක නවයක් ද ජිව්හායතන මූලක අටක් ද කායායතන මූලක සතක් ද රූපායතන මූලක හයක් ද සද්දායතන මූලක පහක් ද ගන්ධායතන මූලක හතරක්ද රසායතන මූලක තුනක් ද පොට්ඨබ්බායතන මූලක දෙකක්ද මනායතන මූලක එකක්දැයි අගහිත ගහණයෙන් හැටහයක් යමක වේ.

තත්‍ථ චක‍්ඛායතනමූලකෙසු එකාදසසු “යස‍්ස චක‍්ඛායතනං උප‍්පජ‍්ජති, තස‍්ස සොතායතනං, ඝානායතනං, රූපායතනං, මනායතනං, ධම‍්මායතනං උප‍්පජ‍්ජතී”ති ඉමානි පඤ‍්චෙව විස‍්සජ‍්ජිතානි. තෙසු පඨමං විස‍්සජ‍්ජෙතබ‍්බං තාව විස‍්සජ‍්ජිතං. දුතියං කිඤ‍්චාපි පඨමෙන සදිසවිස‍්සජ‍්ජනං, චක‍්ඛුසොතායතනානං පවත‍්තිට‍්ඨානෙ පන ඝානායතනස‍්ස න එකන‍්තෙන පවත‍්තිතො “කථං නු ඛො එතං විස‍්සජ‍්ජෙතබ‍්බ”න‍්ති විමතිනිවාරණත්‍ථං විස‍්සජ‍්ජිතං. රූපායතනමනායතනධම‍්මායතනෙහි සද‍්ධිං තීණි යමකානි අසදිසවිස‍්සජ‍්ජනත‍්තා විස‍්සජ‍්ජිතානි. සෙසෙසු ජිව‍්හායතනකායායතනෙහි තාව සද‍්ධිං ද‍්වෙ යමකානි පුරිමෙහි ද‍්වීහි සද‍්ධිං සදිසවිස‍්සජ‍්ජනානි. සද‍්දායතනස‍්ස පටිසන්‍ධික‍්ඛණෙ අනුප‍්පත‍්තිතො තෙන සද‍්ධිං යමකස‍්ස විස‍්සජ‍්ජනමෙව නත්‍ථි. ගන්‍ධරසඵොට‍්ඨබ‍්බායතනෙහිපි සද‍්ධිං තීණි යමකානි පුරිමෙහි ද‍්වීහි සදිසවිස‍්සජ‍්ජනානෙව හොන‍්තීති තන‍්තියා ලහුභාවත්‍ථං සඞ‍්ඛිත‍්තානි. සොතායතනමූලකෙසු යං ලබ‍්භති , තං පුරිමෙහි සදිසවිස‍්සජ‍්ජනමෙවාති එකම‍්පි පාළිං නාරුළ‍්හං. ඝානායතනමූලකෙසු රූපායතනෙන සද‍්ධිං එකං, මනායතනධම‍්මායතනෙහි සද‍්ධිං ද‍්වෙති තීණි යමකානි පාළිං ආරුළ‍්හානි. සෙසානි ඝානායතනයමකෙන සදිසවිස‍්සජ‍්ජනත‍්තා නාරුළ‍්හානි. තථා ජිව‍්හායතනකායායතනමූලකානි. රූපායතනමූලකෙසු මනායතනධම‍්මායතනෙහි සද‍්ධිං ද‍්වෙයෙව විස‍්සජ‍්ජිතානි. ගන්‍ධරසඵොට‍්ඨබ‍්බෙහි පන සද‍්ධිං තීණි රූපායතනමනායතනෙහි සද‍්ධිං සදිසවිස‍්සජ‍්ජනානි. යථෙව හෙත්‍ථ “සරූපකානං අචිත‍්තකාන”න‍්තිආදි වුත‍්තං, තථා ඉධාපි “සරූපකානං අගන්‍ධකානං, අරසකානං අඵොට‍්ඨබ‍්බකාන”න‍්ති යොජනා වෙදිතබ‍්බා. ගන්‍ධාදීනි චෙත්‍ථ ආයතනභූතානෙව අධිප‍්පෙතානි. තස‍්මා “සරූපකානං සගන්‍ධායතනාන”න‍්ති ආයතනවසෙනෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො.

එහි චක්ඛු ආයතන මූලකවල එකොලහේ යමෙකුට චක්ඛායතනය උපදී. ඔහුට සෝතායතනය, ඝානායතනය, රූපායතනය, මනායතනය, ධම්මායතනය උපදී යයි මේ පසම විසඳන ලදි. ඒවායින් පළමුව විසඳිය යුතු ඒවා විසඳන ලදි. දෙවනුව කිසිවක් ද පළමුවැන්නට සමානව විසඳන ලදි. චක්ඛු සෝත ආයතනවල පවතින ස්ථානයෙහි වනාහි ඝානායතනය ඒකාන්තයෙන් ම නො පවතී. මෙය කෙසේ විසඳිය යුතුදැයි විමතිය නිවාරණය කිරීම සඳහා විසඳන ලදි. රූපායතන මනායතන ධම්මායතන සමග යමක තුන අසදෘශ විසඳීම් බැවින් විසඳන ලදි. සෙසු ජිව්හායතන කායායතන සමග යමක දෙක පෙර දෙක සමග සමානව විසඳන ලදි. සද්දායතනය පටිසන්ධි ක්‍ෂණයෙහි නොපත් බැවින් එය සමග යමකයේ විසඳීමක් නැත. ගන්‍ධ රස පොට්ඨබ්බ ආයතන සමග යමක තුන පෙර දෙකට සමානව විසඳන ලද්දේ වේ. පෙළෙහි ලුහුබව සඳහා සංක්‍ෂෙප කරන ලදි. සෝතායතන මූලකවල යමක් ලබාද එය පෙර සමානව විසඳන ලද්දේ යයි එකක්වත් පෙළට ඇතුළත් නොකරන ලදි. ඝානායතන මූලකවල රූපායතන සමග එකක්, මනායතන, ධම්මායතන සමග දෙකක් තුනක් යමක පෙළෙහි ඇතුළත් කරන ලදි. එසේම ජිව්හායතන කායායතන මූලකවල, රූපායතන මූලකවල මනායතන සමග දෙකක්ම විසඳන ලදි. ගන්ධ රස පොට්ඨබ්බ සමග තුනක් රූපායතන මනායතන සමග සමානව විසඳන ලදි. යම්සේ යට ස්වරූප වූ අචිත්තකයින්ගේ යනාදිය කියන ලදි. එසේම මෙහි ද ස්වරූප වූ අගන්ධවල අරසවල අපොට්ඨබ්බවල යෙදීම දතයුතුය. මෙහි ගන්‍ධාදිය ආයතන වශයෙන් ම අභිප්‍රේතය. එහෙයින් සරූපකානං සගන්‍ධායතනානං යන ආයතන වශයෙන් මෙනි. අර්ථය දතයුතුය.

සද‍්දායතනමූලකානි අත්‍ථාභාවතො පාළිං නාරුළ‍්හානෙව. ගන්‍ධරසඵොට‍්ඨබ‍්බමූලකානි චත‍්තාරි තීණි ද‍්වෙ ච හෙට‍්ඨිමෙහි සදිසවිස‍්සජ‍්ජනත‍්තා පාළිං නාරුළ‍්හානි. මනායතනමූලකං විස‍්සජ‍්ජිතමෙවාති එවමෙතානි පච‍්චුප‍්පන‍්නකාලෙ පුග‍්ගලවාරස‍්ස අනුලොමනයෙ කතිපයයමකවිස‍්සජ‍්ජනෙනෙව ඡසට‍්ඨියමකානි විස‍්සජ‍්ජිතානි නාම හොන‍්තීති වෙදිතබ‍්බානි. යථා ච පුග‍්ගලවාරෙ, එවං ඔකාසවාරෙපි පුග‍්ගලොකාසවාරෙපි ඡසට‍්ඨීති පච‍්චුප‍්පන‍්නකාලෙ තීසු වාරෙසු අනුලොමනයෙ අට‍්ඨනවුතිසතං යමකානි හොන‍්ති. යථා ච අනුලොමනයෙ, එවං පටිලොමනයෙපීති සබ‍්බානිපි පච‍්චුප‍්පන‍්නකාලෙ ඡන‍්නවුතාධිකානි තීණි යමකසතානි හොන‍්ති. තෙසු ද‍්වානවුතාධිකානි සත‍්ත පුච‍්ඡාසතානි, චතුරාසීතාධිකානි ච පන‍්නරස අත්‍ථසතානි හොන‍්තීති වෙදිතබ‍්බානි. එවං සෙසෙසුපි පඤ‍්චසු කාලභෙදෙසූති සබ‍්බානිපි ඡසත‍්තතාධිකානි තෙවීසති යමකසතානි. තතො දිගුණා පුච‍්ඡා, තතො දිගුණා අත්‍ථාති ඉදමෙත්‍ථ උප‍්පාදවාරෙ පාළිවවත්‍ථානං. නිරොධවාරඋප‍්පාදනිරොධවාරෙසුපි එසෙව නයොති. සබ‍්බස‍්මිම‍්පි පවත‍්තිවාරෙ අට‍්ඨවීසානි එකසත‍්තති යමකසතානි. තතො දිගුණා පුච‍්ඡා, තතො දිගුණා අත්‍ථා වෙදිතබ‍්බා. පාළි පන මනායතනං ධම‍්මායතනඤ‍්ච එකසදිසං, නානං නත්‍ථි. උපරි පන “වාරසඞ‍්ඛෙපො හොතී”තිආදීනි වත්‍වා තත්‍ථ තත්‍ථ සඞ‍්ඛිත‍්තා. තස‍්මා යං තත්‍ථ තත්‍ථ සඞ‍්ඛිත‍්තං, තං සබ‍්බං අසම‍්මුය‍්හන‍්තෙහි සල‍්ලක‍්ඛෙතබ‍්බං.

සද්දායතන මූලකවල අර්ථ අභාවයෙන් පෙළෙහි ඇතුළත් නොකරන ලදි. ගන්‍ධ රස පොට්ඨබ්බ මූලකවල සතර තුන දෙක ද යට සමානව විසඳන ලද බැවින් පෙළෙහි ඇතුළත් නොකරන ලදි. මනායතන මූලක විසඳන ලදමයයි මෙසේ මේවා වර්තමාන කාලයේ පුද්ගලවාරයේ අනුලෝම නයෙහි යමක කීපයක් විසඳීමෙන් ම යමක හැටහයක් විසඳන ලද්දේ වේයයි දතයුතුය. පුද්ගල වාරයෙහි මෙන් ඕකාස වාරයෙහි ද පුග්ගලොකාසවාරයෙහි ද හැටහය යයි වර්තමාන කාලයේ තුන් වාරයෙහි අනුලෝම නයෙහි යමක එකසිය අනූඅටක් වේ. අනුලෝම නයෙහි මෙන් පටිලෝම නයෙහි ද වේ. වර්තමාන කාලයෙහි සියල්ල යමක තුන්සිය අනූහයක් වේ. ඒවායේ පුච්ඡා හත්සිය අනූදෙකක් වේ. අර්ථ එක්දහස් පන්සිය අසූහතරක් වේයයි දතයුතුය. මෙසේ සෙසු කාලප්‍රභේද පසෙහිද සියල්ල දෙදහස් තුන් හැත්තෑහයක් වේ. පුච්ඡා හාරදහස් හත්සිය පනස් දෙකක් වේ. අර්ථ නවදහස් පන්සිය හතරක් වේ යයි මෙය මෙහි උප්පාද වාරයෙහි පෙළෙහි නියමයයි. නිරෝධවාර උප්පාද නිරෝධ වාරවලද මෙම නයම වේ. පවත්ති වාරයෙහි සියළු යමක හත්දහස් එකසිය විසිඅටක් වේ. පුච්ඡා එයින් දෙගුණය වේ. අර්ථ එයින් දෙගුණය වේයයි දතයුතුය. පෙළ වනාහි මනායතන ධම්මායතන එක සමානය. විවිධ නැත. ඉහළ වනාහි වාර සංක්‍ෂෙප වේ යයි ආදිය කියා ඒ ඒ තැන සංක්‍ෂේප කරන ලදි. එහෙයින් යම් තැන්වල සංක්‍ෂෙපද ඒ සියල්ල නුමුළා වන්නන් විසින් සැලකිය යුතුය.

අත්‍ථවිනිච‍්ඡයෙ පනෙත්‍ථ ඉදං නයමුඛං. සචක‍්ඛුකානං අසොතකානන‍්ති අපායෙ ජාතිබධිරඔපපාතිකං සන්‍ධාය වුත‍්තං. සො හි සචක‍්ඛුකො අසොතකො හුත්‍වා උපපජ‍්ජති. යථාහ – “කාමධාතුයා උපපත‍්තික‍්ඛණෙ කස‍්සචි අපරානි දසායතනානි පාතුභවන‍්ති. ඔපපාතිකානං පෙතානං , ඔපපාතිකානං අසුරානං, ඔපපාතිකානං තිරච‍්ඡානගතානං, ඔපපාතිකානං නෙරයිකානං; ජච‍්චබධිරානං උපපත‍්තික‍්ඛණෙ දසායතනානි පාතුභවන‍්ති, චක‍්ඛායතනං රූපඝානගන්‍ධජිව‍්හාරසකායඵොට‍්ඨබ‍්බායතනං මනායතනං ධම‍්මායතන”න‍්ති. සචක‍්ඛුකානං සසොතකානන‍්ති සුගතිදුග‍්ගතීසු පරිපුණ‍්ණායතනෙ ච ඔපපාතිකෙ රූපීබ්‍රහ‍්මානො ච සන්‍ධාය වුත‍්තං. තෙ හි සචක‍්ඛුකා සසොතකා හුත්‍වා උපපජ‍්ජන‍්ති. යථාහ – “කාමධාතුයා උපපත‍්තික‍්ඛණෙ කස‍්සචි එකාදසායතනානි පාතුභවන‍්ති; කාමාවචරානං දෙවානං, පඨමකප‍්පිකානං මනුස‍්සානං, ඔපපාතිකානං පෙතානං, ඔපපාතිකානං අසුරානං, ඔපපාතිකානං තිරච‍්ඡානගතානං, ඔපපාතිකානං නෙරයිකානං, පරිපුණ‍්ණායතනානං. රූපධාතුයා උපපත‍්තික‍්ඛණෙ පඤ‍්චායතනානි පාතුභවන‍්ති, චක‍්ඛායතනං රූපසොතමනායතනං ධම‍්මායතන”න‍්ති.

මෙහි අර්ථ විනිශ්චයෙහි වනාහි මේ නය මුඛය :- සචක්ඛුකානං අසොතකානං යයි අපායෙහි උපන් බිහිරි ඕපපාතිකයන් සඳහා කියන ලදි. හේ චක්ඛු සහිතව කන් රහිතව උපදී. යම්සේ කීහ. කාමධාතුවේ උපන් කෙණෙහි කිසිවෙකුගේ අපර වූ දස ආයතන පහළ වේ. ඕපපාතික ප්‍රේතයින්ගේ ඕපපාතික අසුරයන්ගේ ඕපපාතික තිරිසන්ගත සතුන්ගේ ඕපපාතික නිරයවාසීන්ගේ ජාති බිහිරන්ගේ උපන් කෙනෙහි දස ආයතන පහළ වේ. චක්ඛායතන, රූප, ඝාන, ගන්ධ, ජිව්හා, රස, කාය, ඵොට්ඨබ්බ ආයතන මනායතන ධම්මායතන වේ. සචක්ඛුකානං සසොතකානං සුගති දුගතිවල පරිපූර්ණ ආයතනවල ද ඕපපාතික රූපී බ්‍රහ්මයන් සඳහා කියන ලදි. ඔව්හු චක්ඛු සහිතව කන් සහිතව උපදිති. යම්සේ කීහ. කාම ධාතුවෙහි උපන් කෙනෙහි කිසිවකුට ආයතන එකොළහක් පහළ වේ. කාමාවචර දෙවියන්ට ප්‍රථම කල්පික මිනිසුන්ට ඕපපාතික ප්‍රේතයන්ට ඕපපාතික අසුරයන්ට ඕපපාතික තිරිසන්ගතයන්ට ඕපපාතික නෙරයිකයන්ට පරිපූර්ණ ආයතන වේ. රූප ධාතුවෙහි උපන් කෙනෙහි චක්ඛායතන රූප සෝත මනායතන ධම්මායාතන යන පංචායතන පහළ වේ.

අඝානකානන‍්ති බ්‍රහ‍්මපාරිසජ‍්ජාදයො සන්‍ධාය වුත‍්තං. තෙ හි සචක‍්ඛුකා අඝානකා හුත්‍වා උපපජ‍්ජන‍්ති. කාමධාතුයං පන අඝානකො ඔපපාතිකො නත්‍ථි. යදි භවෙය්‍ය “කස‍්සචි අට‍්ඨායතනානි පාතුභවන‍්තී”ති වෙදය්‍ය. යො ගබ‍්භසෙය්‍යකො පන අඝානකො සියා, සො “සචක‍්ඛුකාන”න‍්ති වචනතො ඉධ අනධිප‍්පෙතො. සචක‍්ඛුකානං සඝානකානන‍්ති ජච‍්චබධිරම‍්පි පරිපුණ‍්ණායතනම‍්පි ඔපපාතිකං සන්‍ධාය වුත‍්තං. සඝානකානං අචක‍්ඛුකානන‍්ති ජච‍්චන්‍ධම‍්පි ජච‍්චබධිරම‍්පි ඔපපාතිකං සන්‍ධාය වුත‍්තමෙව. සඝානකානං සචක‍්ඛුකානන‍්ති පරිපුණ‍්ණායතනමෙව ඔපපාතිකං සන්‍ධාය වුත‍්තං.

අඝාතකානං බ්‍රහ්ම පාරිසද්‍යාදීහු සඳහා කියන ලදි. ඔව්හු චක්ඛු සහිතව ඝාන රහිතව උපදිති. කාමධාතුවෙහි වනාහි අඝානක ඕපපාතිකයෝ නැත්තාහ. ඉදින් වන්නේ නම් කිසිවකුට ආයතන අටක් පහළවේ යයි කියන්නේය. යම් ගබ්භ සෙය්‍යකයෙක් වනාහි අඝාතක වන්නේය. හේ සචක්ඛුකානං වචනයෙන් මෙහි අභිප්‍රේත නොවේ. සචක්ඛුකානං අඝාතකානං ජාති බධිරයන් ද පරිපූර්ණ ආයතන ඕපපාතිකයන් ද සඳහා කියන ලදි. සඝාතකානං අචක්ඛුකානං ජාති අන්‍ධයා ද ජාති බධිරයා ද ඕපපාතිකයාද සඳහා කියන ලදි. සඝානකානං සචක්ඛුකානං සම්පූර්ණ ආයතන ඇති ඕපපාතිකයන් සඳහා කියන ලදි.

සරූපකානං අචක‍්ඛුකානන‍්ති එත්‍ථ ජච‍්චන්‍ධජච‍්චබධිරඔපපාතිකෙසු අඤ‍්ඤතරොපි ගබ‍්භසෙය්‍යකොපි ලබ‍්භතියෙව. සචිත‍්තකානං අචක‍්ඛුකානන‍්ති එත්‍ථ හෙට‍්ඨා වුත‍්තෙහි ජච‍්චන්‍ධාදීහි තීහි සද‍්ධිං අරූපිනොපි ලබ‍්භන‍්ති. අචක‍්ඛුකානන‍්ති එත්‍ථ පුරිමපදෙ වුත‍්තෙහි චතූහි සද‍්ධිං අසඤ‍්ඤසත‍්තාපි ලබ‍්භන‍්ති. සරූපකානං අඝානකානන‍්ති එත්‍ථ ගබ‍්භසෙය්‍යකා ච අසඤ‍්ඤසත‍්තා ච සෙසරූපීබ්‍රහ‍්මානො ච ලබ‍්භන‍්ති. සචිත‍්තකානං අඝානකානන‍්ති එත්‍ථ ගබ‍්භසෙය්‍යකා ච රූපාරූපබ්‍රහ‍්මානො ච ලබ‍්භන‍්ති. අචිත‍්තකානං අරූපකානන‍්තිපදෙසු පන එකවොකාරචතුවොකාරසත‍්තාව ලබ‍්භන‍්තීති ඉමිනා නයෙන සබ‍්බෙසු පුග‍්ගලවාරෙසු පුග‍්ගලවිභාගො වෙදිතබ‍්බො.

සරූපකානං අචක්ඛුකානං මෙහි ජාති අන්ධ ජාති බධිර ඕපපාතිකයන් අතරෙහි ගබ්භසෙය්‍යකයා ද ලැබේ. සචිත්තකානං අචක්ඛුකානං මෙහි යට කියන ලද ජාති අන්ධ ආදි තුන්දෙනා සමග අරූපීහු ද ලබති. අචක්ඛුකානං මෙහි පෙර පදයෙහි කියන ලද සතර දෙනා සමග අසඤ්ඤසත්ත්වයෝ ද ලබති. සරූපකානං අඝානකානං මෙහි ගබ්භ සෙය්‍යො ද අසඤ්ඤ සත්ත්වයෝ ද සෙසු රූපී බ්‍රහ්මයෝ ද ලබති. සචිත්තකානං අඝානකානං මෙහි ගබ්භසෙය්‍යොද රූපාරූපී බ්‍රහ්මයෝ ද ලබති. අචිත්තකානං අරූපකානං පදවල වනාහි ඒකවෝකාර චතුවෝකාර සත්ත්වයෝම ලබති. මෙම නයින් සියළු පුග්ගලවාරවල පුග්ගල විභාගය දතයුතුය.

ඔකාසවාරෙ යත්‍ථ චක‍්ඛායතනන‍්ති රූපීබ්‍රහ‍්මලොකං පුච‍්ඡති. තෙනෙව ආමන‍්තාති වුත‍්තං . තස‍්මිඤ‍්හි තලෙ නියමතො තානි ආයතනානි පටිසන්‍ධියං උප‍්පජ‍්ජන‍්ති. ඉදමෙත්‍ථ නයමුඛං. ඉමිනා නයමුඛෙන සකලෙපි පවත‍්තිවාරෙ අත්‍ථො වෙදිතබ‍්බො. පරිඤ‍්ඤාවාරො ඛන්‍ධයමකෙ වුත‍්තනයොයෙවාති.

ඕකාස වාරයෙහි යත්‍ථ චක්ඛායතනං රූපී බ්‍රහ්මලෝකය විචාරයි. එයින්ම ආමන්තා යයි කියන ලදි. ඒ තලයෙහි නියමයෙන් ඒ ආයතනවල පිළිසිඳීමෙහි උපදිති. මෙහි නය මුඛය මෙසේය. මෙම නය මුඛයෙන් සියළුම පවත්තිවාරවල අර්ථය දතයුතුය. පරිඤ්ඤා වාරය ඛන්‍ධ යමකයෙහි කියන ලද නයින්ම වේ.

පවත‍්තිවාරවණ‍්ණනා.

ආයතනයමකවණ‍්ණනා නිට‍්ඨිතා.

ආයතන යමක වර්ණනාව නිමි.