යෙදුමෙන් කියවන්න

ජීවකවත්‍ථුකථා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

ජීවකවත්‍ථුකථා

ජීවකවත්ථුකථා

චීවරක‍්ඛන්‍ධකෙ – පදක‍්ඛිණාති ඡෙකා කුසලා. අභිසටාති අභිගතා. කෙහි අභිගතාති? අත්‍ථිකෙහි අත්‍ථිකෙහි මනුස‍්සෙහි; කරණත්‍ථෙ පන සාමිවචනං කත්‍වා “අත්‍ථිකානං අත්‍ථිකානං මනුස‍්සාන”න‍්ති වුත‍්තං. පඤ‍්ඤාසාය ච රත‍්තිං ගච‍්ඡතීති පඤ‍්ඤාස කහාපණෙ ගහෙත්‍වා රත‍්තිං ගච‍්ඡති. නෙගමොති කුටුම‍්බියගණො.

චීවරක්‍ඛන්‍ධකයෙහි - “පදක්‍ඛිණා” දක්‍ෂවූවාය. සමත්වූවාය. “අභිසටා” වෙත යන ලද්දීය. කවුරුන් විසින් වෙත යන ලද්දීද, යත්: ප්‍රයොජන ඇති ඇති මිනිසුන් විසිනි. කරණාර්‍ත්‍ථයෙහි ෂෂ්ඨිවචන යොදා, “අත්‍ථිකානං අත්‍ථකානං මනුස්සානං”යි වදාරණලදී. “පඤ්ඤාසාය ච රත්තිං ගච්ඡති” රැයකට කහවණු පණසක් ගෙනයයි. “නෙගමො” කෙළෙඹි සමූහය

සාලවතිං කුමාරිං ගණිකං වුට‍්ඨාපෙසීති නාගරා ද‍්වෙ සතසහස‍්සානි, රාජා සතසහස‍්සන‍්ති තීණි සතසහස‍්සානි, අඤ‍්ඤඤ‍්ච ආරාමුය්‍යානවාහනාදිපරිච‍්ඡෙදං දත්‍වා වුට‍්ඨාපෙසුං; ගණිකට‍්ඨානෙ ඨපෙසුන‍්ති අත්‍ථො. පටිසතෙන ච රත‍්තිං ගච‍්ඡතීති රත‍්තිං පටිසතෙන ගච‍්ඡති. ගිලානං පටිවෙදෙය්‍යන‍්ති ගිලානභාවං ජානාපෙය්‍යං. කත‍්තරසුප‍්පෙති ජිණ‍්ණසුප‍්පෙ.

“සාලවතිං කුමාරිං ගණිකං වුට්ඨාපෙසි” නුවර වැසියෝ දෙලක්‍ෂයක, රජතෙමේ ලක්‍ෂයකැයි තුන්ලක්‍ෂයක්ද අනිකුදු අරම් උයන් වාහන ආදිය පිරිසිඳීම කොටදී තැබූහ. වෙශ්‍යා තනතුරෙහි තැබූහ යන අර්‍ත්‍ථයි. “පටිසතෙන ච රත්තිං ගච්ඡති” රැයකට රැයකට කහවණු සියය බැගින් ගෙනයයි. “ගිලානං පටිවදෙය්‍යං” ගිලන්බව දන්වන්නෙම් නම්, “කත්තරසුප්‍යෙ” දිරූ කුල්ලෙක.

කා මෙ දෙව මාතා, කො පිතාති කස‍්මා පුච‍්ඡි? තං කිර අඤ‍්ඤෙ රාජදාරකා කීළන‍්තා කලහෙ උට‍්ඨිතෙ “නිම‍්මාතිකො නිප‍්පිතිකො”ති වදන‍්ති. යථා ච අඤ‍්ඤෙසං දාරකානං ඡණාදීසු චුළමාතාමහාමාතාදයො කිඤ‍්චි පණ‍්ණාකාරං පෙසෙන‍්ති, තථා තස‍්ස න කොචි කිඤ‍්චි පෙසෙති. ඉති සො තං සබ‍්බං චින‍්තෙත්‍වා “නිම‍්මාතිකොයෙව නු ඛො අහ”න‍්ති ජානනත්‍ථං “කා මෙ දෙව මාතා, කො පිතා”ති පුච‍්ඡි.

“කා මෙ ද්වෙ මාතා”යි කුමක් හෙයින් විචාළේද, යත්: අනික් රජදරුවෝ ක්‍රීඩා කරන්නාහු කලහ උපන්කල්හි ඒ කොමාරභච්චජීවකයාහට ‘තාගේ පියා කවරෙක්ද, මවුනැත්තෙක, පියා නැත්තෙකැ’යි කියත්, අනෙක් දරුවන්ට සැණකෙළි ආදියෙහිදී සුලුමවු මහමවු ආදීහු යම්සේ කිසි පඬුරක් එවත්ද, එසේ ඔහුට කිසිවෙක් කිසිවක් නොඑවයි. මෙසේ ඇතිකල්හි ඒ සියල්ල සලකා ‘මම මවු නැත්තෙක් වෙම්දැයි’ දැනගනු පිණිස ‘දෙවයන් වහන්ස’ මාගේ මවු කවරීද, පියා කවරෙක්දැ’යි විචාළේය.

යන‍්නූනාහං සිප‍්පං සික‍්ඛෙය්‍යන‍්ති යංනූන අහං වෙජ‍්ජසිප‍්පං සික‍්ඛෙය්‍යන‍්ති චින‍්තෙසි. තස‍්ස කිර එතදහොසි – “ඉමානි ඛො හත්‍ථිඅස‍්සසිප‍්පාදීනි පරූපඝාතපටිසංයුත‍්තානි, වෙජ‍්ජසිප‍්පං මෙත‍්තාපුබ‍්බභාගං සත‍්තානං හිතපටිසංයුත‍්ත”න‍්ති. තස‍්මා වෙජ‍්ජසිප‍්පමෙව සන්‍ධාය “යංනූනාහං සිප‍්පං සික‍්ඛෙය්‍ය”න‍්ති චින‍්තෙසි. අපිචායං ඉතො කප‍්පසතසහස‍්සස‍්ස උපරි පදුමුත‍්තරස‍්ස භගවතො උපට‍්ඨාකං “බුද‍්ධුපට‍්ඨාකො අය”න‍්ති චතුපරිසන‍්තරෙ පත්‍ථතගුණං වෙජ‍්ජං දිස‍්වා “අහො වතාහම‍්පි එවරූපං ඨානන‍්තරං පාපුණෙය්‍ය”න‍්ති චින‍්තෙත්‍වා සත‍්තාහං බුද‍්ධප‍්පමුඛස‍්ස සඞ‍්ඝස‍්ස දානං දත්‍වා භගවන‍්තං වන්‍දිත්‍වා “අහම‍්පි භගවා තුම‍්හාකං උපට‍්ඨාකො අසුකවෙජ‍්ජො විය අනාගතෙ බුද‍්ධුපට‍්ඨාකො භවෙය්‍ය”න‍්ති පත්‍ථනමකාසි. තාය පුරිමපත්‍ථනාය චොදියමානොපෙස වෙජ‍්ජසිප‍්පමෙව සන්‍ධාය “යංනූනාහං සිප‍්පං සික‍්ඛෙය්‍ය”න‍්ති චින‍්තෙසි.

“යන්නූනාහං සිප්පං සික්‍ඛෙය්‍යං” මම වෛද්‍ය ශිල්පය උගන්නෙම් නම් මැනවැ’යි සිතුයේය. ඒ ජීවකයාහට ‘මේ ඇත් අස් ශිල්පාදිය පරහු නැසීමෙන් යුක්තය. වෛද්‍ය ශිල්පය මෛත්‍රිය පූර්‍වභාගකොට ඇත්තේය. සත්ත්‍වයන්ට හිතබවෙන් යුක්තය, මෙබඳු සිතක් විය. එහෙයින් වෛද්‍ය ශිල්පය සඳහාම ‘මම ශිල්ප උගන්නෙම් නම් මැනවැ’යි සිතුයේය. තවද මෙතෙමේ මෙයින් කල්පලක්‍ෂයකට මත්තෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකවූ, ‘මේ තෙමේ බුද්ධොපස්ථායකැ’යි සිවු පිරිස අතර පතළ ගුණ ඇති වෙදකු දැක, ‘මමද මෙබඳු තනතුරකට පැමිණියෙම් නම් ඉතා මැනැවැ’යි සිතා සත්දවසක් මුළුල්ලෙහි බුද්ධප්‍රමුඛ සඞ්ඝයාහට දන්දී භාග්‍යවතුන් වහන්සේ වැඳ ‘භාග්‍යවතුන් වහන්ස’ මමද ඔබවහනසේගේ අසුවල් වෙදාමෙන් අනාගතයෙහි බුද්ධොපස්ථායකයෙක් වෙම්ව’යි ප්‍රාර්‍ත්‍ථනා කෙළේය. ඒ පූර්‍වප්‍රාර්‍ත්‍ථනා විසින් මෙහෙයනු ලබන්නාවූද මෙතෙමේ වෛද්‍යශිල්පයම සඳහා “මම ශිල්ප උගන්නෙම්නම්, මැනවැ’යි සිතුවේය.

දිසාපාමොක‍්ඛොති සබ‍්බදිසාසු විදිතො පාකටො පධානො වාති අත්‍ථො. තස‍්මිඤ‍්ච සමයෙ තක‍්කසීලතො වාණිජා අභයරාජකුමාරං දස‍්සනාය අගමංසු. තෙ ජීවකො “කුතො තුම‍්හෙ ආගතා”ති පුච‍්ඡි. “තක‍්කසීලතො”ති වුත‍්තෙ “අත්‍ථි තත්‍ථ වෙජ‍්ජසිප‍්පාචරියො”ති පුච‍්ඡි. “ආම කුමාර, තක‍්කසීලායං දිසාපාමොක‍්ඛො වෙජ‍්ජො පටිවසතී”ති සුත්‍වා “තෙන හි යදා ගච‍්ඡථ, මය‍්හං ආරොචෙය්‍යාථා”ති ආහ. තෙ තථා අකංසු. සො පිතරං අනාපුච‍්ඡා තෙහි සද‍්ධිං තක‍්කසීලං අගමාසි. තෙන වුත‍්තං – “අභයං රාජකුමාරං අනාපුච‍්ඡා”තිආදි.

ඒ කාලයෙහිද තක්සලා නුවරින් එනුවර වෙළෙන්දෝ අහයරාජකුමරු දැකීම පිණිස ගියහ. ජීවක තෙමේ තෙපි කොතැනින් ආවාහුදැ’යි ඔවුන් විචාළේය. තක්සලා නුවරිනැ’යි කියූ කල්හි, එහි වෙදසිත් ඇදුරෙක් ඇත්තේදැ’යි විචාළේය. ‘කුමාරය, එය තක්සලා නුවර දිසාපාමොක් වෙදෙක් වසන්නේය’යි ඔවුන් කියූබස් අසා ‘එසේනම් යම්කලෙක තෙපි යන්නහුද, මට එය දන්වාලවු’යි කීයේය. ඔවුහු එසේ කළහ. හෙතෙමේ පියා නොවිචාරා ඔවුන් සමග තක්සලා නුවරට ගියේය. එහෙයින් “අභයං රාජකුමාරං අනාපුච්ඡා” යනාදිය කියනලදී.

ඉච‍්ඡාමහං ආචරිය සිප‍්පං සික‍්ඛිතුන‍්ති තං කිර උපසඞ‍්කමන‍්තං දිස‍්වා සො වෙජ‍්ජො “කොසි ත්‍වං තාතා”ති පුච‍්ඡි. සො “බිම‍්බිසාරමහාරාජස‍්ස නත‍්තා අභයකුමාරස‍්ස පුත‍්තොම‍්හී”ති ආහ. “කස‍්මා පන ත්‍වමසි තාත ඉධාගතො”ති, තතො සො “තුම‍්හාකං සන‍්තිකෙ සිප‍්පං සික‍්ඛිතු”න‍්ති වත්‍වා ඉච‍්ඡාමහං ආචරිය සිප‍්පං සික‍්ඛිතුන‍්ති ආහ. බහුඤ‍්ච ගණ‍්හාතීති යථා අඤ‍්ඤෙ ඛත‍්තියකුමාරාදයො ආචරියස‍්ස ධනං දත්‍වා කිඤ‍්චි කම‍්මං අකත්‍වා සික‍්ඛන‍්තියෙව, න සො එවං. සො පන කිඤ‍්චි ධනං අදත්‍වා ධම‍්මන‍්තෙවාසිකොව හුත්‍වා එකං කාලං උපජ‍්ඣායස‍්ස කම‍්මං කරොති, එකං කාලං සික‍්ඛති. එවං සන‍්තෙපි අභිනීහාරසම‍්පන‍්නො කුලපුත‍්තො අත‍්තනො මෙධාවිතාය බහුඤ‍්ච ගණ‍්හාති, ලහුඤ‍්ච ගණ‍්හාති, සුට‍්ඨු ච උපධාරෙති, ගහිතඤ‍්චස‍්ස න සම‍්මුස‍්සති.

“ඉච්ඡාමහං ආචරිය සිප්පං සික්‍ඛිතුං” ඒ වෙදතෙමේ තමා වෙත එන ඔහු දැක ‘පින්වත’ තෝ කවරෙක් වෙහිදැ’යි ඇසීය. හෙතෙමේ ‘මම බිම්සර මහරජුගේ මුනුබුරුවූ අභය කුමාරයාගේ පුත්වෙමි’යි කීය. ‘පින්වත’ කුමක්නිසා මෙහි ආයෙහිදැ’යි ඇසීය. ඉක්බිති හෙතෙමේ ඔබවහන්සේ වෙත ශිල්ප උගන්නටැ’යි කියා ආචාර්‍ය්‍යන් වහන්ස’ මම ශිල්ප උගන්නට කැමැතියෙමි’යි කීයේය. “බහුඤ්ච ගණ්හාති” අන්‍යවූ ක්‍ෂත්‍රිය කුමාරාදීහු ආචාර්‍ය්‍යයා හට ධනයදී කිසිවැඩක් නොකොට උගණිත්මය. හෙතෙමේ එසේ නොවේ. හෙතෙමේ වනාහි කිසිද ධනයක් නොදී ධර්‍මාන්තෙවාසිකයෙක්වම එක් වේලෙක උපාද්ධ්‍යායයන්ගේ වැඩ කරයි. එක් වේලෙක ඉගෙණීම කරයි. මෙසේ ඇති කල්හිදු අභිනිහාර සම්පන්න කුලපුත්‍රතෙමේ තමා ප්‍රඥාවත් බැවින් බොහෝදෑ උගණියි. වහාද උගනියි. මනාකොටද විමසා බලයි. මොහු විසින් උගන්නා ලද්ද අමතකද නොවේ.

සත‍්ත ච මෙ වස‍්සානි අධීයන‍්තස‍්ස නයිමස‍්ස සිප‍්පස‍්ස අන‍්තො පඤ‍්ඤායතීති එත්‍ථ අයං කිර ජීවකො යත‍්තකං ආචරියො ජානාති, යං අඤ‍්ඤෙ සොළසහි වස‍්සෙහි උග‍්ගණ‍්හන‍්ති, තං සබ‍්බං සත‍්තහි වස‍්සෙහි උග‍්ගහෙසි . සක‍්කස‍්ස පන දෙවරඤ‍්ඤො එතදහොසි – “අයං බුද‍්ධානං උපට‍්ඨාකො අග‍්ගවිස‍්සාසකො භවිස‍්සති, හන්‍ද නං භෙසජ‍්ජයොජනං සික‍්ඛාපෙමී”ති ආචරියස‍්ස සරීරෙ අජ‍්ඣාවසිත්‍වා යථා ඨපෙත්‍වා කම‍්මවිපාකං අවසෙසරොගං එකෙනෙව භෙසජ‍්ජයොගෙන තිකිච‍්ඡිතුං සක‍්කොති, තථා නං භෙසජ‍්ජයොජනං සික‍්ඛාපෙසි. සො පන “ආචරියස‍්ස සන‍්තිකෙ සික‍්ඛාමී”ති මඤ‍්ඤති, තස‍්මා “සමත්‍ථො ඉදානි ජීවකො තිකිච‍්ඡිතු”න‍්ති සක‍්කෙන විස‍්සට‍්ඨමත‍්තෙ එවං චින‍්තෙත්‍වා ආචරියං පුච‍්ඡි. ආචරියො පන “න ඉමිනා මමානුභාවෙන උග‍්ගහිතං, දෙවතානුභාවෙන උග‍්ගහිත”න‍්ති ඤත්‍වාව තෙන හි භණෙතිආදිමාහ. සමන‍්තා යොජනං ආහිණ‍්ඩන‍්තොති දිවසෙ දිවසෙ එකෙකෙන ද‍්වාරෙන නික‍්ඛමිත්‍වා චත‍්තාරො දිවසෙ ආහිණ‍්ඩන‍්තො. පරිත‍්තං පාථෙය්‍යං පාදාසීති අප‍්පමත‍්තකං අදාසි. කස‍්මා? තස‍්ස කිර එතදහොසි – “අයං මහාකුලස‍්ස පුත‍්තො ගතමත‍්තොයෙව පිතිපිතාමහානං සන‍්තිකා මහාසක‍්කාරං ලභිස‍්සති, තතො මය‍්හං වා සිප‍්පස‍්ස වා ගුණං න ජානිස‍්සති, අන‍්තරාමග‍්ගෙ පන ඛීණපාථෙය්‍යො සිප‍්පං පයොජෙත්‍වා අවස‍්සං මය‍්හඤ‍්ච සිප‍්පස‍්ස ච ගුණං ජානිස‍්සතී”ති පරිත‍්තං දාපෙසි.

“සත්ත ච මෙ වස්සානි අධීයන්තස්ස නයිමස්ස සිප්පස්ස අන්තො පඤ්ඤායති” යන මෙහි මේ ජීවකතෙමේ වනාහි ආචාර්‍ය්‍යතෙමේ යම්පමණ දනීද, අන්‍යයෝ සොළොස්වසකින් යමක් උගණිත්ද, ඒ සියල්ල සත්වසකින් උගත්තේය. සක්දෙව් රජහට, ‘මෙතෙමේ බුදුරජුට උපස්ථායක වූ අග්‍රවිශ්වාසිකයෙක් වන්නේය, එබැවින් ඔහු බෙහෙත් යෙදීමෙහි හික්මවන්නෙමි’යි මෙබඳු සිතක් වූයේය. එහෙයින් ආචාර්‍ය්‍යයාගේ සිරුරෙහි ආවිෂ්ටව, කර්‍ම විපාක විසින් හටගත් රොගහැර සෙසුරොග එක්ම බෙහෙත් යෙදීමකින් පිළියම් කරන්නට හැක්කේද, එසේ ඒ බෙහෙත් යෙදීම උගන්වාලූයේය. ඒ ජීවක තෙමේ ආචාර්‍ය්‍යයා වෙත උගන්නෙමියි සිතාද, එහෙයින් ‘දැන් ජීවක තෙමේ පිළියම් කරන්නට සමර්‍ත්‍ථය’යි ශක්‍රයා විසින් හළ ඇසිල්ලෙහි මෙසේ සිතා ඇදුරහු විචාළේය. ආචාර්‍ය්‍යතෙමේ ‘මොහු විසින් මාගේ ආනුභාවයෙන් උගන්නා ලද්දේ නොවේ, දෙවතානුභාවයෙන් උගන්නා ලද්දේය’යි දැනම “තෙන හි භණෙ” යනාදිය කීයේය. “සමන්නා යොජනං ආහිණ්ඩන්තො” දවසක් දවසක් පාසා එක් එක් දොරින් නික්ම සතර දවසක් ඇවිදින්නේ. “පරිත්තං පාථෙය්‍යං පාදාසි” මගවියදම් මදක් දුන්නේය. ඒ ආචාර්‍ය්‍යයාහට ‘මෙතෙමේ මහාකුලපුත්‍රයෙක, ගිය ඇසිල්ලෙහිම මුතුන් මීමුතුන්ගේ සමීපයෙන් මහත් සත්කාර ලබන්නේය. එයින් මාගේද ශිල්පයාගේද ගුණය නොදන්නේය. අතරමගදී අවසන්වූ මග වියදම් ඇත්තේ ශිල්පය යොදා අවශ්‍යයෙන් මාගේද ශිල්පයාගේද ගුණය දැන ගන්නේය’යි මෙබඳු සිතක් වූයේය. එහෙයින් ස්වල්පයක් දෙවූයේය.

සෙට‍්ඨිභරියාදිවත්‍ථුකථා

සෙට්ඨිභරියාදිවත්ථුකථා

පසතෙනාති එකහත්‍ථපුටෙන. පිචුනාති කප‍්පාසපටලෙන. යත්‍රහි නාමාති යා නාම. කිම‍්පිමායන‍්ති කිම‍්පි මෙ අයං. උපජානාමෙතස‍්ස සංයමස‍්සාති කතස‍්ස ච රොගූපසමස‍්ස ච උපකාරං ජානාමාති අධිප‍්පායො.

“පිසතෙන” එක් අතළොස්සක් පමණ. “පිචුනා” පුලුන් රොදකින්. “යත්‍ර හි නාම” යම් තැනැත්තියක් නම් “කිම්පි මායං” මා තොමෝ මට කුමක් දෙන්නීද,

සබ‍්බාලඞ‍්කාරං තුය‍්හං හොතූති රාජා කිර “සචෙ ඉමං ගණ‍්හිස‍්සති, පමාණයුත‍්තෙ ඨානෙ නං ඨපෙස‍්සාමි. සචෙ න ගණ‍්හිස‍්සති, අබ‍්භන‍්තරිකං නං විස‍්සාසකං කරිස‍්සාමී”ති චින‍්තෙත්‍වා එවමාහ. අභයකුමාරස‍්සාපි නාටකානම‍්පි චිත‍්තං උප‍්පජ‍්ජි “අහො වත න ගණ‍්හෙය්‍යා”ති. සොපි තෙසං චිත‍්තං ඤත්‍වා විය “ඉදං මෙ දෙව අය්‍යිකානං ආභරණං, නයිදං මය‍්හං ගණ‍්හිතුං පතිරූප”න‍්ති වත්‍වා අලං දෙවාතිආදිමාහ. අධිකාරං මෙ දෙවො සරතූති කතස‍්ස උපකාරං මෙ දෙවො සරතූති අත්‍ථො. රාජා පසන‍්නො සබ‍්බාකාරසම‍්පන‍්නං ගෙහඤ‍්ච අම‍්බවනුය්‍යානඤ‍්ච අනුසංවච‍්ඡරං සතසහස‍්සඋට‍්ඨානකං ගාමඤ‍්ච මහාසක‍්කාරඤ‍්ච දත්‍වා තෙන හි භණෙතිආදිමාහ.

“සබ්බාලඞ්කාරං තුය්හං හොතු” බිම්සර රජතෙමේ ඉදින් මේ ආභරණ ගන්නේනම්, පමණින් යුත් තනතුරක තබන්නෙමි, ඉදින් නොගන්නේනම් ඔහු අභ්‍යන්තරික විශ්වාසවන්තයකු කරන්නෙමි’යි සිතා මෙසේ කීයේය. අභය කුමාරයාහටද නළඟනන්හටද ‘ජීවකතෙමේ මේ ආභරණ රාශිය නොගන්නේ නම්, යෙහෙකැ’යි සිතක් උපන්නේය. ජීවකතෙමේද ඔවුන්ගේ සිත දැන මෙන් ‘දෙවයන් වහන්ස’ මිත්තනියන්ලාගේ මේ පලදනාය, මේ ආභරණ මා ගැනීම නොසුදුසුය’යි කියා “අලං දෙව” යනාදිය කීය. රජතෙමේ පහවූයේ සියලු අයුරින් සම්පූර්‍ණ වූ ගෙයක්ද, අඹඋයනක්ද, අවුරුදු පතා ලක්‍ෂයක් ලක්‍ෂයක් උපදින ගමක්ද මහත් සත්කාරද දී “තෙන හි භණෙ” යනාදිය කීය.

රාජගහසෙට‍්ඨිවත්‍ථුකථා

රාජගහසෙට්ඨිවත්ථුකථා

සක‍්ඛිස‍්සසි පන ත්‍වං ගහපතීති කස‍්මා ආහ? ඉරියාපථසම‍්පරිවත‍්තනෙන කිර මත්‍ථලුඞ‍්ගං න සණ‍්ඨාති, අස‍්ස ච තීහි සත‍්තාහෙහි නිච‍්චලස‍්ස නිපන‍්නස‍්ස මත්‍ථලුඞ‍්ගං සණ‍්ඨහිස‍්සතීති ඤත්‍වා අප‍්පෙව නාම සත‍්තසත‍්තමාසෙ පටිජානිත්‍වා සත‍්තසත‍්තදිවසෙපි නිපජ‍්ජෙය්‍යාති නං එවමාහ. තෙනෙව පරතො වුත‍්තං “අපි ච පටිකච‍්චෙව මයා ඤාතො”ති. සීසච‍්ඡවිං උප‍්පාටෙත්‍වාති සීසචම‍්මං අපනෙත්‍වා. සිබ‍්බිනිං විනාමෙත්‍වාති සිබ‍්බිනිං විවරිත්‍වා. නාහං ආචරිය සක‍්කොමීති තස‍්ස කිර සරීරෙ මහාඩාහො උප‍්පජ‍්ජි, තස‍්මා එවමාහ. තීහි සත‍්තාහෙහීති තීහි පස‍්සෙහි එකෙකෙන සත‍්තාහෙන.

“සිබ්බනිං විනාමෙත්‍වා” මැස්ම විවෘතකොට “සක්‍ඛිස්සසි පන ත්‍වං” ගහපති යනු කුමක් හෙයින් කීද, යත් ඉරියවු පෙරළීමෙහිදී හිස්මොළ නොපිහිටයි. නිසලව හොත්තාවූ මොහුගේ හිස්මොළ තෙසතියකින් පිහිටන්නේය’යි දැන සත් සත් මසක් පිළිදන්වා, සත් සත් දවසක් හොවින්නේනම් ඉතා මැනවැයි ඔහුට මෙසේ කීයේය. එහෙයින්ම පසුභාගයෙහි “අපි ච පටිගච්චෙව මයා ඤතො”යි කියනලදී. “නාහං ආචරිය සක්කොමි” ඔහුගේ සිරුරෙහි මහත් දාහයෙක් උපන්නේය. එහෙයින් මෙසේ කීයේය. “තීහි සත්තාහෙති” තුන්පසින් එක් එක් සතියෙන්

ජනං උස‍්සාරෙත්‍වාති ජනං නීහරාපෙත්‍වා.

“ජනං උස්සාරෙත්‍වො” ජනයා බැහැර කරවා,

පජ‍්ජොතරාජවත්‍ථුකථා

පජ්ජොතරාජවත්ථුකථා

ජෙගුච‍්ඡං මෙ සප‍්පීති අයං කිර රාජා විච‍්ඡිකස‍්ස ජාතො, විච‍්ඡිකවිසපටිඝාතාය ච සප‍්පි භෙසජ‍්ජං හොති විච‍්ඡිකානං පටිකූලං, තස‍්මා එවමාහ. උද‍්දෙකං දස‍්සතීති උග‍්ගාරං දස‍්සති. පඤ‍්ඤාස යොජනිකා හොතීති පඤ‍්ඤාස යොජනානි ගන‍්තුං සමත්‍ථා හොති. න කෙවලඤ‍්චස‍්ස රඤ‍්ඤො හත්‍ථිනීයෙව, නාළාගිරි නාම හත්‍ථී යොජනසතං ගච‍්ඡති, චෙලකණ‍්ණො ච මුඤ‍්චකෙසො චාති ද‍්වෙ අස‍්සා වීසයොජනසතං ගච‍්ඡන‍්ති, කාකො දාසො සට‍්ඨියොජනානි ගච‍්ඡති.

“ජෙගුච්ඡං මෙ සප්පිං” මේ චණ්ඩපජ්ජොත රජතෙමේ ගෝනුස්සෙක්හට දාවූයේය. ගෝනුසු විෂ නැසීම පිණිස ගිතෙල්, බෙහෙත වේ. ගෝනුස්සන්ට ගිතෙල් පිළිකුල්ය. එහෙයින් මට ගින්නෙන් පිළිකුල්යයි මෙසේ කීයේය. “උදෙකං දස්සති” ඔක්කාරය දක්වන්නේය. “පඤ්ඤාසයොජනිකා හොති” පණස් යොදුනක් යන්නට සමර්‍ත්‍ථ වේ. මේ රජහට හුදෙක් සිටියා ඇතින්න පමණක්ම නොවේ. නාලාගිරි නම් ඇත්තෙමේ යොදුන් සියයක් යන්නේය. චෙලකණ්ණ - මුඤ්ජකෙස යන අශ්වයෝ දෙදෙන විසියොදුනක් යන්නාහු. කාකදාසතෙමේ සැට යොදුනක් යන්නේය.

එකස‍්ස කිර කුලපුත‍්තස‍්ස අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ එකදිවසං භුඤ‍්ජිතුං නිසින‍්නස‍්ස පච‍්චෙකබුද‍්ධො ද‍්වාරෙ ඨත්‍වා අගමාසි, තස‍්සෙකො පුරිසො “පච‍්චෙකබුද‍්ධො ආගන‍්ත්‍වා ගතො”ති ආරොචෙසි. සො සුත්‍වා “ගච‍්ඡ, වෙගෙන පත‍්තං ආහරා”ති ආහරාපෙත්‍වා අත‍්තනො සජ‍්ජිතං භත‍්තං සබ‍්බං දත්‍වා පෙසෙසි. ඉතරො තං ආහරිත්‍වා පච‍්චෙකබුද‍්ධස‍්ස හත්‍ථෙ ඨපෙත්‍වා “අහං භන‍්තෙ තුම‍්හාකං කතෙන ඉමිනා කායවෙය්‍යාවතිකෙන යත්‍ථ යත්‍ථ නිබ‍්බත‍්තොපි වාහනසම‍්පන‍්නො හොමී”ති පත්‍ථනං අකාසි. සො අයං එතරහි පජ‍්ජොතො නාම රාජා ජාතො, තාය පත්‍ථනාය අයං වාහනසම‍්පත‍්ති.

බුදුරජුන් නොඋපන්කල්හි බුදින්නට හුන් එක් කුලපුත්‍රයක්හුගේ ගෙයි දොරකඩ සිට එක් දවසක් පසේබුදුවරයෙක් නික්ම ගියේය. ඔහුට එක් පුරුෂයෙක්, පසේ බුදුවරයෙක් මෙහි ඇවිත් ගියේය’යි කියේය. හෙතෙමේ එය අසා, ‘වහා යව, පාත්‍රය ගෙන එව’යි ගෙන්වාගෙන තමන්ට පිළියෙල කරන ලද සියලු බත්දී යැවූයේය. අනික එය ගෙනගොස් පසේබුදුන්ගේ අතෙහි තබා, ‘ස්වාමීනි’ මම ඔබවහන්සේ කරන ලද මේ කායික වතාවතින් යම්යම් තැනක උපදිම්ද, ඒ හැම තැන වාහනයෙන් යුක්තවෙමි’යි ප්‍රාර්‍ත්‍ථනා කෙළේය. තෙමේ දැන් චණ්ඩපජ්ජොත නම් රජවූයේය. ඒ පැතීමෙන් මේ වාහනසම්පත්තිය වූය.

සප‍්පිං පායෙත්‍වාති සප‍්පිඤ‍්ච පායෙත්‍වා; පරිචාරිකානඤ‍්ච ආහාරාචාරෙ විධිං ආචික‍්ඛිත්‍වා. නඛෙන භෙසජ‍්ජං ඔලුම‍්පෙත්‍වාති නඛෙන භෙසජ‍්ජං ඔදහිත්‍වා; පක‍්ඛිපිත්‍වාති අත්‍ථො. නිච‍්ඡාරෙසීති විරෙචෙසි.

“සප්පිං පායෙත්‍වා” ගිතෙල්ද පොවා, පරිචාරක ස්ත්‍රීන්ටද ආහාර විහරණවිධිය කියා, [missing trans] “නිච්ඡාරෙසි” විරෙක කෙළේය.

සිවෙය්‍යකදුස‍්සයුගකථා

සිවෙය්යකදුස්සයුගකථා

සිවෙය්‍යකං නාම උත‍්තරකුරූසු සිවථිකං අවමඞ‍්ගලවත්‍ථං. තත්‍ථ කිර මනුස‍්සා මතං තෙන වත්‍ථෙන වෙඨෙත්‍වා නික‍්ඛිපන‍්ති, තං “මංසපෙසී”ති සල‍්ලක‍්ඛෙත්‍වා හත්‍ථිසොණ‍්ඩකසකුණා උක‍්ඛිපිත්‍වා හිමවන‍්තකූටෙ ඨපෙත්‍වා වත්‍ථං අපනෙත්‍වා ඛාදන‍්ති. අථ වනචරකා වත්‍ථං දිස‍්වා රඤ‍්ඤො ආහරන‍්ති. එවමිදං පජ‍්ජොතෙන ලද‍්ධං. සිවිරට‍්ඨෙ කුසලා ඉත්‍ථියො තීහි අංසූහි සුත‍්තං කන‍්තන‍්ති, තෙන සුත‍්තෙන වායිතවත්‍ථං එතන‍්තිපි වදන‍්ති.

“සීවෙය්‍යකං” සීවෙය්‍යක නම් උතුරුකුරු දිවයිනෙහි සොහොනෙහි ලන ලද අවමඞ්ගල වස්ත්‍රයයි. ඒ උතුරුකුරු දිවයිනෙහි මනුෂ්‍යයෝ මළමිනිය ඒ සිවෙය්‍යක නම් වස්ත්‍රයෙන් වෙළා දමත්. ඒ වස්ත්‍රය මස් වැදැල්ලකැයි සලකා ඇත්ගිජු ලිහිනියෝ ඔසොවාගෙන ගොස් හිමවත් පව්වෙහි තබා වස්ත්‍රය බැහැරකොට කන්නෝය. නැවත වනචරකයෝ වස්ත්‍රය දැක රජහට ගෙනදෙත්, මෙසේ මේ වස්ත්‍රය චණ්ඩපජ්ජොත රජු විසින් ලද්දේය. සිව්රටෙහි දක්‍ෂ ස්ත්‍රීහු අංස තුනකින් නූල්කටිත්, ඒ නූලෙන් වියූ වස්ත්‍රය මේයයිද කියත්.

සමත‍්තිංසවිරෙචනකථා

සමත්තිංසවිරෙචනකථා

සිනෙහෙථාති කිං පන භගවතො කායො ලූඛොති න ලූඛො? භගවතො හි ආහාරෙ සදා දෙවතා දිබ‍්බොජං පක‍්ඛිපන‍්ති, සිනෙහපානං පන සබ‍්බත්‍ථ දොසෙ තෙමෙති, සිරා මුදුකා කරොති, තෙනායං එවමාහ. තීණි උප‍්පලහත්‍ථානීති එකං ඔළාරිකදොසහරණත්‍ථං, එකං මජ‍්ඣිමදොසහරණත්‍ථං, එකං සුඛුමදොසහරණත්‍ථං. නචිරස‍්සෙව පකතත‍්තො අහොසීති එවං පකතත‍්තෙ පන කායෙ නාගරා දානං සම‍්පාදෙසුං. ජීවකො ආගන‍්ත්‍වා භගවන‍්තං එතදවොච – “භගවා අජ‍්ජ නාගරා තුම‍්හාකං දානං දාතුකාමා, මා අන‍්තොගාමං පිණ‍්ඩාය පවිසථා”ති. මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරො චින‍්තෙසි – “කුතො නු ඛො අජ‍්ජ භගවතො පඨමං පිණ‍්ඩපාතො ලද‍්ධුං වට‍්ටතී”ති. තතො චින‍්තෙසි – “සොණො සෙට‍්ඨිපුත‍්තො ඛෙත‍්තපරිකම‍්මතො පට‍්ඨාය අඤ‍්ඤෙහි අසාධාරණානං ඛීරොදකසෙචනසංවද‍්ධානං ගන්‍ධසාලීනං ඔදනං භුඤ‍්ජති, තතො භගවතො පිණ‍්ඩපාතං ආහරිස‍්සාමී”ති ඉද‍්ධියා ගන‍්ත්‍වා තස‍්ස පාසාදතලෙ අත‍්තානං දස‍්සෙසි. සො ථෙරස‍්ස පත‍්තං ගහෙත්‍වා පණීතං පිණ‍්ඩපාතං අදාසි. ථෙරස‍්ස ච ගමනාකාරං දිස‍්වා “භුඤ‍්ජථ භන‍්තෙ”ති ආහ. ථෙරො තමත්‍ථං ආරොචෙසි “භුඤ‍්ජථ භන‍්තෙ, අහං අඤ‍්ඤං භගවතො දස‍්සාමී”ති ථෙරං භොජෙත්‍වා ගන්‍ධෙහි පත‍්තං උබ‍්බට‍්ටෙත්‍වා පිණ‍්ඩපාතස‍්ස පූරෙත්‍වා අදාසි, තං ථෙරො ආහරිත්‍වා භගවතො අදාසි.

“සිනෙහෙථ” කිම, භාග්‍යවතුන් වහන්සේගේ කය රළුවේද, රළුනොවේද, යත්: භාග්‍යවතුන් වහන්සේගේ ආහාරයෙහි හැමකල්හි දෙවතාවෝ දිව්‍යඔජස් බහාලත්. තෙල්බීම හැමතන්හි දොස් සංසිඳුවයි. නහර මොළොක් කරයි. එහෙයින් මෙතෙමේ මෙසේ කීය. “තීණ උප්පලහත්‍ථානි” එකක් මහත්දොස් හරිනු පිණිසය. එකක් මද්ධ්‍යම දොස් හරිනු පිණිසයි. එකක් සියුම්දොස් හරිනු පිණිසය. “න චිරස්සෙව පකතත්තො අහොසි” සිරුර දොස සංසිඳී පියවි බවට පැමිණි කල්හි නුවරවැස්සෝ දන් සැපයූහ. ජීවකතෙමේ අවුත් භාග්‍යවතුන් වහන්සේට ‘භාග්‍යවතුන් වහන්ස’ අද නුවර වැස්සෝ ඔබ වහන්සේට දන්දෙනු කැමැත්තාහ. ගම තුළට පිඬුපිණිස නොවඩිනු මැනවැ’යි මෙය කීයේය. මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ, ‘අද කොතැනින් භාග්‍යවතුන් වහන්සේට පළමුකොට පිණ්ඩපාතය ලැබීම වටීදැ’යි සිතූහ. අනතුරුව සොණ සිටුපුත්තෙමේ කෙත පිරියම් කිරීමෙහි පටන් අන්‍යයන් හා අසාධාරණවූ කිරිපැන් ඉසීමෙන් වැඩුනු සුවඳ හැල් සාලේ බත් අනුභව කරන්නේය. එයින් භාග්‍යවතුන් වහන්සේට පිණ්ඩපාතය ගෙන එන්නෙමි’යි සිතූහ. එසේ සිතා සෘද්ධියෙන් ගොස් ඔහුගේ ප්‍රාසාදතලයෙහි තමන් දැක්වූහ. හෙතෙමේ තෙරුන්ගේ පාත්‍රය ගෙන ප්‍රණීත පිණ්ඩපාතය දුන්නේය. තෙරුන් යන අයුරු දැක ‘ස්වාමිනි’ වලඳනු මැනව’යි කීයේය. ස්ථවිරයන් වහන්සේ ඒ කරුණ සැළකළහ. ‘ස්වාමීනි’ වලඳනු මැනව, මම අනික් බතක් භාග්‍යවතුන් වහන්සේට දෙන්නෙමි’යි තෙරුන් වලඳවා, සුවඳ පැනින් පාත්‍රය උළා, සෝදා පිණ්ඩපාතයෙන් පුරවා දුන්නේය. ස්ථවිරයන් වහන්සේ එය ගෙනගොස් භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්නූහ.

රාජාපි ඛො බිම‍්බිසාරො “අජ‍්ජ භගවා කිං භුඤ‍්ජිස‍්සතී”ති විහාරං ආගන‍්ත්‍වා පවිසමානොව පිණ‍්ඩපාතගන්‍ධං ඝායිත්‍වා භුඤ‍්ජිතුකාමො අහොසි . භගවතො ද‍්වීසුයෙව පිණ‍්ඩපාතෙසු භාජනගතෙසු දෙවතා ඔජං පක‍්ඛිපිංසු – යඤ‍්ච සුජාතා අදාසි; යඤ‍්ච පරිනිබ‍්බානකාලෙ චුන්‍දො කම‍්මාරපුත‍්තො; අඤ‍්ඤෙසු කබළෙ කබළෙ පක‍්ඛිපිංසු, තස‍්මා භගවා රඤ‍්ඤො ඉච‍්ඡං ජානිත්‍වා අපක‍්ඛිත‍්තොජමෙව ථොකං පිණ‍්ඩපාතං රඤ‍්ඤො දාපෙසි. සො පරිභුඤ‍්ජිත්‍වා පුච‍්ඡි – “කිං භන‍්තෙ, උත‍්තරකුරුතො ආභතං භොජන”න‍්ති? “න මහාරාජ, උත‍්තරකුරුතො; අපිච ඛො තවෙව රට‍්ඨවාසිනො ගහපතිපුත‍්තස‍්ස භොජනං එත”න‍්ති වත්‍වා සොණස‍්ස සම‍්පත‍්තිං ආචික‍්ඛි. තං සුත්‍වා රාජා සොණං දට‍්ඨුකාමො හුත්‍වා චම‍්මක‍්ඛන්‍ධකෙ වුත‍්තනයෙන අසීතියා කුලපුත‍්තසහස‍්සෙහි සද‍්ධිං සොණස‍්ස ආගමනං අකාසි. තෙ භගවතො ධම‍්මදෙසනං සුත්‍වා සොතාපන‍්නා ජාතා. සොණො පන පබ‍්බජිත්‍වා අරහත‍්තෙ පතිට‍්ඨිතො. භගවාපි එතදත්‍ථමෙව රඤ‍්ඤො පිණ‍්ඩපාතං දාපෙසි.

බිම්සර රජතෙමේද, ‘අද භාග්‍යවතුන් වහන්සේ කුමක් වලඳන සේක්දැ’යි විහාරයට අවුත් වෙහෙරට ඇතුල්වනුයේම පිණ්ඩපාතයෙහි සුගන්‍ධය ආඝ්‍රාණයකොට අනුභව කරනු කැමැති වූයේය. භාග්‍යවතුන් වහන්සේට සුජාතා තොමෝ යම් පිණ්ඩපාතයක් දුන්නීද, පිරිනිවන්පාන කාලයෙහි චුන්‍දකර්‍මාරපුත්‍ර තෙමේ යම් පිණ්ඩපාතයක් දුන්නේද, බඳුන් ගතවූ ඒ පිණ්ඩපාත දෙක්හිම දෙවතාවෝ දිව්‍ය ඕජස් බහාලූහ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ආශාව දැන නොබැනූ දිව්‍යඕජස් ඇත්තාවූම පිණ්ඩපාතය ටිකක් රජුට දෙවූ සේක. රජතෙමේ එය අනුභවකොට ‘කිම, ‘ස්වාමීනි’ උතුරුකුරු දිවයිනෙන් ගෙන එන ලද බොජුනෙක්දැ’යි විචාළේය. ‘මහරජ’ උතුරුකුරු දිවයිනෙන් ගෙන එන ලද්දෙක් නොවේ. තවද මේ භොජනය තොපගේම රටවැසි ගෘහපති පුත්‍රයකුගේය’යි වදාරා සොණගේ සම්පත්තිය වදාළ සේක. ඒ අසා රජතෙමේ සොණ දකිනු කැමැත්තේ චම්මක්‍ඛන්‍ධකයෙහි කියූ ලෙසින් අසූදහසක් කුලපුත්‍රයන් සමග සොණගේ පැමිණීම කෙළේය. ඔවුහු භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මදේශනාව අසා සෝවාන් වූහ. සොණ තෙමේ පැවිදිව රහත්බවෙහි පිහිටියේය. භාග්‍යවතුන් වහන්සේද මේ අර්‍ත්‍ථය සඳහාම රජහට පිණ්ඩපාතය දෙවූ සේක.

වරයාචනකථා

වරයාචනකථා

එවං කතභත‍්තකිච‍්චෙ භගවති අථ ඛො ජීවකො කොමාරභච‍්චො තං සිවෙය්‍යකං දුස‍්සයුගං ආදාය…පෙ… එතදවොච. අතික‍්කන‍්තවරාති එත්‍ථ විනිච‍්ඡයො මහාඛන්‍ධකෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. භගවා භන‍්තෙ පංසුකූලිකො භික‍්ඛුසඞ‍්ඝො චාති භගවතො හි බුද‍්ධත‍්තං පත‍්තතො පට‍්ඨාය යාව ඉදං වත්‍ථං, එත්‍ථන‍්තරෙ වීසති වස‍්සානි න කොචි ගහපතිචීවරං සාදියි, සබ‍්බෙ පංසුකූලිකාව අහෙසුං. තෙනායං එවමාහ. ගහපතිචීවරන‍්ති ගහපතීහි දින‍්නචීවරං. ධම‍්මියා කථායාති වත්‍ථදානානිසංසපටිසංයුත‍්තාය කථාය. ඉතරීතරෙනාපීති අප‍්පග‍්ඝෙනපි මහග‍්ඝෙනපි; යෙන කෙනචීති අත්‍ථො. පාවාරොති සලොමකො කප‍්පාසාදිභෙදො. අනුජානාමි භික‍්ඛවෙ කොජවන‍්ති එත්‍ථ පකතිකොජවමෙව වට‍්ටති, මහාපිට‍්ඨියකොජවං න වට‍්ටති. මහාපිට‍්ඨියකොජවන‍්ති උණ‍්ණාමයො පාවාරසදිසො කොජවො.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ කළ බත්කිස ඇති කල්හි අනතුරුව කුමරහු විසින් පෝෂණය කළ ජීවකතෙමේ ඒ සීවෙය්‍යක වස්ත්‍රයුග්මය ගෙන -පෙ- මේ වචනය කීයේය. “අතික්කන්තවරා” මෙහි විනිශ්චය මහාක්‍ඛන්‍ධයෙහි කියූනයින්ම දතයුතුය. “භගවා භන්තෙ පංසුකූලිකො භික්‍ඛුසඞ්ඝොච” භාග්‍යවතුන් වහන්සේගේ බුදුබවට පැමිණි තැන් පටන් මේ වස්ත්‍රය දක්වා මේ අතර විසි අවුරුද්දක් මුළුල්ලෙහි කිසි මහණෙක්තෙමේ ගෘහපති චීවරයක් නොඉවසූයේය. සියල්ලෝ පංසුකූලිකයෝම වූහ. එහෙයින් මේ ජීවකතෙමේ භික්‍ෂු සඞ්ඝයාහට ගෘහපති චීවරය අනුදනු මැනවැ’යි මෙසේ කීයේය. “ගහපතිචීවරං” ගැහැවියන් විසින් දෙන ලද සිවුර. “ධම්මියා කථාය” වස්ත්‍රදානානිසංස ප්‍රතිසංයුක්ත කථාවෙන්. “ඉතිරීතරෙණාපි” මදක් අගනාවූද, වැඩියක් අගනාවූද යම්කිසි සිවුරකින්, යන අර්‍ත්‍ථයි. “අනුජානාමි භික්‍ඛවෙ කොජවං” මෙහි පියවි කොඳුපලසම වටියි. ඇතුපිට අතුළ කොඳුපලස නොවටියි. මහාපිට්ඨියකොජවය නම් එළුලොමින් කළ උතුරුසළුව සමාන වූ කොඳුපලසය.

කම‍්බලානුජානනාදිකථා

කම්බලානුජානනාදිකථා

කාසිරාජාති කාසීනං රාජා; පසෙනදිස‍්ස එකපිතිකභාතා එස. අඩ‍්ඪකාසියන‍්ති එත්‍ථ කාසීති සහස‍්සං වුච‍්චති තං අග‍්ඝනකො කාසියො . අයං පන පඤ‍්චසතානි අග‍්ඝති, තස‍්මා “අඩ‍්ඪකාසියො”ති වුත‍්තො. තෙනෙවාහ – “උපඩ‍්ඪකාසීනං ඛමමාන”න‍්ති.

“කාසීරාජා” කසීරට වාසීන්ගේ රජතෙමේ. මෙතෙමේ පසේනදි කොසොල් රජුගේ පියෙකුගේ සහෝදරයෙකි. “අඩ්ඪකාසියං” මෙහි දහස කාසීයි කියනු ලැබේ. එතරම් අගනේ කාසිය නම. මේ පලස වනාහි පන්සියයක් අගියි. එහෙයින් අඩ්ඪකාසියයි කියන ලද්දේය. එහෙයින් “උපඩ්ඪකාසීනං ඛමමානං”යි කීයේය.

උච‍්චාවචානීති සුන්‍දරානි ච අසුන්‍දරානි ච. භඞ‍්ගං නාම ඛොමාදීහි පඤ‍්චහි සුත‍්තෙහි මිස‍්සෙත්‍වා කතං; වාකමයමෙවාතිපි වදන‍්ති.

[missing trans] භඞ්ග නම් පස් වැදෑරුම් මුසුකොට කරණ ලද්දේය. වැහැරීම යයිද කියත්.

එකංයෙව භගවතා චීවරං අනුඤ‍්ඤාතං න ද‍්වෙති තෙ කිර ඉතරීතරෙන චීවරෙනාති එතස‍්ස “ගහපතිකෙන වා පංසුකූලෙන වා”ති එවං අත්‍ථං සල‍්ලක‍්ඛිංසු. නාගමෙසුන‍්ති යාව තෙ සුසානතො ආගච‍්ඡන‍්ති, තාව තෙ න අච‍්ඡිංසු; පක‍්කමිංසුයෙව. නාකාමා භාගං දාතුන‍්ති න අනිච‍්ඡාය දාතුං; යදි පන ඉච‍්ඡන‍්ති, දාතබ‍්බො. ආගමෙසුන‍්ති උපචාරෙ අච‍්ඡිංසු. තෙනාහ භගවා ආහ – “අනුජානාමි භික‍්ඛවෙ ආගමෙන‍්තානං අකාමා භාගං දාතු”න‍්ති. යදි පන මනුස‍්සා “ඉධාගතා එව ගණ‍්හන‍්තූ”ති දෙන‍්ති, සඤ‍්ඤාණං වා කත්‍වා ගච‍්ඡන‍්ති “සම‍්පත‍්තා ගණ‍්හන‍්තූ”ති සම‍්පත‍්තානං සබ‍්බෙසම‍්පි පාපුණන‍්ති. සචෙ ඡඩ‍්ඩෙත්‍වා ගතා, යෙන ගහිතං, සො එව සාමී. සදිසා සුසානං ඔක‍්කමිංසූති සබ‍්බෙ සමං ඔක‍්කමිංසු; එකදිසාය වා ඔක‍්කමිංසූතිපි අත්‍ථො. තෙ කතිකං කත්‍වාති ලද‍්ධං පංසුකූලං සබ‍්බෙ භාජෙත්‍වා ගණ‍්හිස‍්සාමාති බහිමෙව කතිකං කත්‍වා.

“එකඤ්චෙව භගවතා චීවරං අනුඤ්ඤාතං න ද්වෙ” ඒ භික්‍ෂූහු වනාහි “ඉතරීතරෙන” යන මෙහි ගෘහපති චීවරයෙන් හෝ පංසුකූල චීවරයෙන් හෝයි මෙසේ අර්‍ත්‍ථ සැලකුහ. “නාගමෙසුං” ඔවුහු යම්තාක් නොපැමිණෙත්ද, ඒතාක් නොසිටියහ. ගියාහුමය. “න අකාමා භාගං දාතුං” නොකැමත්තෙන් නොදෙන්නට ඉදින් කැමතිවෙත්නම්, දියයුතුය. “ආගමෙසුං” උපචාරයෙහි සිටියාහුය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ “අනුජානාමි භික්‍ඛවෙ ආගමෙන්තානං අකාමා භාගං දාතුං”යි වදාළ සේක. ඉදින් මනුෂ්‍යයෝ මෙහි ආවාහුම ගණිත්වායි දෙත්ද, ‘පැමිණියාහු ගනිත්වා’යි සලකුණක් හෝ කොට යෙත්ද, පැමිණි සියල්ලන්ටම ඒ පැමිණේ. ඉදින් හැරදමා ගියාහු නම් යමෙකු විසින් ගන්නා ලද්දේ ද හෙතෙමේම ස්වාමි වේ. “සදිසා ඔක්කමිංසු” සියල්ලෝ සමව සොහොනට බැස්සාහුය. එක් දිසාවකින් හෝ බැස්සාහුය යන අර්‍ත්‍ථයි. “තෙන කතිකං කත්‍වා” ලද පාංසුකූලය සියල්ලෝ බෙදා ගන්නෙමු’යි පිටතදීම කතිකාකොට

චීවරපටිග‍්ගාහකන‍්ති යො ගහපතිකෙහි සඞ‍්ඝස‍්ස දීයමානං චීවරං ගණ‍්හාති. යො න ඡන්‍දාගතිං ගච‍්ඡෙය්‍යාතිආදීසු චීවරපටිග‍්ගාහකෙසු පච‍්ඡා ආගතානම‍්පි අත‍්තනො ඤාතකාදීනං පඨමතරං පටිග‍්ගණ‍්හන‍්තො වා එකච‍්චස‍්මිං පෙමං දස‍්සෙත්‍වා ගණ‍්හන‍්තො වා ලොභපකතිකතාය අත‍්තනො පරිණාමෙන‍්තො වා ඡන්‍දාගතිං ගච‍්ඡති නාම. පඨමතරං ආගතස‍්සාපි කොධවසෙන පච‍්ඡා ගණ‍්හන‍්තො වා දුග‍්ගතමනුස‍්සෙසු අවමඤ‍්ඤං කත්‍වා ගණ‍්හන‍්තො වා “කිං වො ඝරෙ ඨපනොකාසො නත්‍ථි, තුම‍්හාකං සන‍්තකං ගහෙත්‍වා ගච‍්ඡථා”ති එවං සඞ‍්ඝස‍්ස ලාභන‍්තරායං කරොන‍්තො වා දොසාගතිං ගච‍්ඡති නාම. යො පන මුට‍්ඨස‍්සති අසම‍්පජානො, අයං මොහාගතිං ගච‍්ඡති නාම. පච‍්ඡා ආගතානම‍්පි ඉස‍්සරානම‍්පි භයෙන පඨමතරං පටිග‍්ගණ‍්හන‍්තො වා “චීවරපටිග‍්ගාහකට‍්ඨානං නාමෙතං භාරිය”න‍්ති සන‍්තසන‍්තො වා භයාගතිං ගච‍්ඡති නාම. “මයා ඉදඤ‍්චිදඤ‍්ච ගහිතං, ඉදඤ‍්චිංදඤ‍්ච න ගහිත”න‍්ති එවං ජානන‍්තො ගහිතාගහිතං ජානාති නාම. තස‍්මා යො න ඡන්‍දාගතිආදිවසෙන ගච‍්ඡති, ඤාතකඅඤ‍්ඤාතකඅඩ‍්ඪදුග‍්ගතෙසු විසෙසං අකත්‍වා ආගතපඅපාටියා ගණ‍්හාති, සීලාචාරපටිපත‍්තියුත‍්තො හොති, සතිමා මෙධාවී බහුස‍්සුතො, සක‍්කොති දායකානං විස‍්සට‍්ඨවාචාය පරිමණ‍්ඩලෙහි පදබ්‍යඤ‍්ජනෙහි අනුමොදනං කරොන‍්තො පසාදං ජනෙතුං, එවරූපො සම‍්මන‍්නිතබ‍්බො.

“යො න ඡන්‍දාගතිං” යනාදිතන්හි එවර ප්‍රතිග්‍රාහකයන් අතුරෙහි පසුව ආවාවූද තමන්ගේ නෑ ආදීන්ට පළමුකොට පිළිගන්නේ හෝ එකකු කෙරෙහි ප්‍රේමය දක්වා ගන්නේ හෝ ලොහප්‍රකෘතිකභාවයෙන් තමන්ට පිරිනමා ගන්නේ හෝ ඡන්‍දයෙන් අගතියට ගියේ නම. පළමුකොට ආවහුටද ක්‍රෝධ වශයෙන් පසුව ගන්නේ හෝ වේද, දිළිඳු මිනිසුන් කෙරෙහි අවමන්කොට ගන්නේ හෝ වේද, ‘කිම, තොපගේ ගෙයි තැබීමට අවකාශයක් නැත්තේද, තොප සන්තකය ගෙන යවු’යි මෙසේ සඞ්ඝයාගේ ලාභයට අනතුරු කරන්නේ හෝ ද්වෙෂයෙන් අගතියට යේ නම. යමෙක් වනාහි මුළා සිහි ඇත්තේ නුවණ නැත්තේ වේද, මෙතෙමේ මොහයෙන් මුළාවට යේ නම. පසුව ආවාවූද ඉසුරන්ට බියෙන් පළමුකොට පිළිගන්නේ මේ චීවර ප්‍රතිග්‍රාහක ස්ථානය නම් බැරෑරුම්යයි තදින් තැතිගන්නේ හෝ භයෙන් අගතියට යේනම. ‘මා විසින් මේ මේ ගන්නා ලදැයි මේ නොගන්නා ලදය’යි මෙසේ දන්නේ ගන්නා ලද්ද හා නොගන්නා ලද්ද දනී නම. එහෙයින් යමෙක් තෙමේ ඡන්‍දාගති ආදි වසයෙන් නොයේද, නෑ, නොනෑ, ධනවත්, දිලිඳු යන මොවුන් කෙරෙහි වෙනසක් නොකොට ආපිළිවෙළින් ගනීද, ශීලාචාර ප්‍රතිපත්තියෙන් යුක්තවේද, සිහි ඇත්තේ වේද, නුවණැත්තේ වේද, බහුශ්‍රැත වේද, ශ්ලෙෂමාදියෙන් අවහිර නොවූ වචනයෙන් පරිමණ්ඩල වූ පදබ්‍යඤ්ජනයන්ගෙන් අනුමෝදනා කරන්නේ දායකයන්ගේ ප්‍රසාදය උපදවන්නට හැක්කේ වේද, මෙබඳු මහණෙක් සම්මත කටයුතුය.

එවඤ‍්ච පන භික‍්ඛවෙ සම‍්මන‍්නිතබ‍්බොති එත්‍ථ පන එතාය යථාවුත‍්තාය කම‍්මවාචායපි අපලොකනෙනාපි අන‍්තොවිහාරෙ සබ‍්බසඞ‍්ඝමජ‍්ඣෙපි ඛණ‍්ඩසීමායපි සම‍්මන‍්නිතුං වට‍්ටතියෙව. එවං සම‍්මතෙන ච විහාරපච‍්චන‍්තෙ වා පධානඝරෙ වා න අච‍්ඡිතබ‍්බං. යත්‍ථ පන ආගතාගතා මනුස‍්සා සුඛං පස‍්සන‍්ති, තාදිසෙ ධුරවිහාරට‍්ඨානෙ බීජනිං පස‍්සෙ ඨපෙත්‍වා සුනිවත්‍ථෙන සුපාරුතෙන නිසීදිතබ‍්බන‍්ති.

“එවං ච පන භික්‍ඛවෙ සම්මන්නිතබ්බො” මෙහි මේ කියූපරිදි කර්‍මවාක්‍යයෙන්ද අපලොකනයෙන්ද වෙහෙර තුළ සියලු සඟමැද ඛණ්ඩ සීමාවෙහිද සම්මත කිරීම වටීමය. මෙසේ සම්මත කරන ලද්දහු විසින්ද විහාර ප්‍රත්‍යන්තයෙහි හෝ ප්‍රදහනගෘහයෙහි හෝ නොහිඳිය යුතුය. යම්තැනෙක්හි හුන්නහු ආ ආ මනුෂ්‍යයෝ සුවසේ දකිත්ද එබඳුවූ සමීප විහාරස්ථානයෙක විජනිය පසෙක තබා මනාකොට ඇන්දහු විසින් මනාකොට පෙරවූවහු විසින් හිඳිය යුතුය.

තත්‍ථෙව උජ‍්ඣිත්‍වාති “පටිග‍්ගහණමෙව අම‍්හාකං භාරො”ති වත්‍වා ගහිතට‍්ඨානෙයෙව ඡඩ‍්ඩෙත්‍වා ගච‍්ඡන‍්ති. චීවරනිදහකන‍්ති චීවරපටිසාමකං. යො න ඡන්‍දාගතිං ගච‍්ඡෙය්‍යාතිආදීසු චෙත්‍ථ ඉතො පරඤ‍්ච සබ‍්බත්‍ථ වුත‍්තනයෙනෙව විනිච‍්ඡයො වෙදිතබ‍්බො. සම‍්මුතිවිනිච‍්ඡයොපි කථිතානුසාරෙනෙව ජානිතබ‍්බො.

“තත්‍ථෙව උජ්ඣිත්‍වා” පිළිගැණීම පමණක්ම අපට භාරයයි කියා සම්මතය ලද්දාහු, ඒ සිවුරුගත් තැනම දමායෙත්. “චීවරනිදහකං” සිවුරු තැන්පත්කොට තබන්නෙකු. “යො න ඡන්‍දාගතිං” යනාදිතන්හි මෙහි මෙයින් පසු සියලු තන්හි කියූනයින්ම විනිශ්චය දතයුතුය. සම්මුති විනිශ්චයද කියූ අනුසරෙන්ම දතයුතුය.