7. සම්බොධිවග්ගො
7. සම්බෝධි වර්ගය
4. 7. 1.
4. 7. 1.
සංයොජනසුත්තං
සංයෝජන සූත්රය
1745. සාවත්ථියං:
1745. සැවැත්නුවර:
පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි භාවිතානි බහුලීකතානි සංයොජනප්පහානාය සංවත්තන්ති. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි භාවිතානි බහුලීකතානි සංයොජනප්පහානාය සංවත්තන්තීති.
මහණෙනි, මේ පසිඳුරු කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සංයෝජනප්රහාණය පිණිස පවතිත්. කවර පසිඳුරු කෙනෙක් ද යත්: සද්ධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු සංයෝජනප්රහාණය පිණිස පවතිත් යි.
4. 7. 2.
4. 7. 2.
අනුසයසුත්තං
අනුසය සූත්රය
1746. පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි භාවිතානි බහුලීකතානි අනුසයසමුග්ඝාතාය සංවත්තන්ති. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි භාවිතානි බහුලීකතානි අනුසයසමුග්ඝාතාය සංවත්තන්තීති.
1746. මහණෙනි, මේ පසිඳුරු කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු අනුසය නැසීම පිණිස පවතිත්. කවර පසිඳුරු කෙනෙක් ද යත්: සද්ධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු අනුසය නැසීම පිණිස පවතිත් යි.
4. 7. 3.
4. 7. 3.
අද්ධානසුත්තං
අද්ධාන සූත්රය
1747. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි භාවිතානි බහුලීකතානි අද්ධානපරිඤ්ඤාය සංවත්තන්ති. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි භාවිතානි බහුලීකතානි අද්ධානපරිඤ්ඤාය සංවත්තන්තීති.
1747. මහණෙනි, මේ පසිඳුරු කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු අදන්මග පිරිසිඳ දැනුම පිණිස පවතිත්. කවර පසිඳුරු කෙනෙක් ද යත්: සද්ධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු අදන්මග පිරිසිඳ දැනුම පිණිස පවතිත් යි.
4. 7. 4.
4. 7. 4.
ආසවක්ඛයසුත්තං
ආසවක්ඛය සූත්රය
1748. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි භාවිතානි බහුලීකතානි ආසවානං ඛයාය සංවත්තන්ති. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි භාවිතානි බහුලීකතානි ආසවානං ඛයාය සංවත්තන්තීති.
1748. මහණෙනි, මේ පසිඳුරු කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු ආස්රවක්ෂයය පිණිස පවතිත්. කවර පසිඳුරු කෙනෙක් ද යත්: සද්ධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු ආස්රවක්ෂය පිණිස පවතිත් යි.
4. 7. 5.
4. 7. 5.
ඵලසුත්තං
ඵල සූත්රය
1749. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං: දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’ති.
1749. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් එල දෙකින් එක්තරා ඵලයක් කැමති වියයුතු යි. දිටුදැමියෙහි රහත්බව හෝ උපාදානශේෂ ව ඇති කල්හි අනගැමි බව හෝ යි.
4. 7. 6.
4. 7. 6.
දුතියඵලසුත්තං
දුතියඵල සූත්රය
1750. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා සත්තඵලා සත්ත ආනිසංසා පාටිකඞ්ඛා. කතමෙ සත්තඵලා සත්ත ආනිසංසා: දිට්ඨෙව ධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති, නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති, අථ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති. නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති, නො චෙ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති, අථ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති, උපහච්චපරිනිබ්බායී හොති. අසඞ්ඛාරපරිනිබ්බායී හොති, සසඞ්ඛාරපරිනිබ්බායී හොති, උද්ධංසොතො අකනිට්ඨගාමී. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ඉමෙ සත්තඵලා සත්තානිසංසා පාටිකඞ්ඛාති.
1750. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් සත්පල කෙනෙක් සත් අනුසස් කෙනෙක් කැමති වියයුතු. කවර සත්පල කෙනෙක් සත් අනුසස් කෙනෙක් ද යත්: දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතුව රහත්බව නො ලබා නම් එකල මරණසමයෙහි රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව නො ලබා නම් ඉදින් මරණ සමයෙහි රහත් බව නො ලබා නම් එකල පස් ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් අන්තරාපරිනිබ්බායී වේ. උපභච්ච පරිනිබ්බායී වේ. අසඞ්ඛාරපරිනිබ්බායී වේ. සසඞ්ඛාරපරිනිබ්බායී වේ. අකනිටා යනසුලු උද්ධංසෝතයෙක් වෙයි. මහණෙනි, මේ පසිඳුරන්වැඩූ බැවින් බහුල කළ බැවින් මේ සත් පල සත් අනුසස් කැමති වියයුතු යි.
4. 7. 7.
4. 7. 7.
රුක්ඛසුත්තං
රුක්ඛ සූත්රය
1751. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි ජම්බුදීපකා රුක්ඛා, ජම්බූ තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛිකා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති: යදිදං බොධාය. කතමෙ ච භික්ඛවෙ, බොධිපක්ඛිකා ධම්මා: සද්ධින්ද්රියං භික්ඛවෙ, බොධිපක්ඛිකො ධම්මො, තං බොධාය සංවත්තති. විරියින්ද්රියං -පෙ- සතින්ද්රියං -පෙ- සමාධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං බොධිපක්ඛිකො ධම්මො. තං බොධාය සංවත්තති. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි ජම්බුදීපකා රුක්ඛා, ජම්බූ තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛිකා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති, යදිදං බොධායාති.
1751. මහණෙනි, යම්සේ දඹදිව හටගත් යම් කිසි රුක්හු වෙද්ද, දඹරුක ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම අවබෝධය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙද්ද, පඤ්ඤින්ද්රිය ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්ද්රිය, බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. විරියින්ද්රිය ... සතින්ද්රිය ... සමාධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. මහණෙනි, යම්සේ දඹදිව හටගත් යම්කිසි රුක්හු වෙත් නම් දඹරුක ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම්කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්ද්රිය ඔවුන්ට අග්ර ය යි කියනු ලැබේ යි.
4. 7. 8.
4. 7. 8.
දුතිය රුක්ඛසුත්තං
දුතියරුක්ඛ සූත්රය
1752. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි දෙවානං තාවතිංසානං රුක්ඛා, පාරිච්ඡත්තකො තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛිකා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති: යදිදං බොධාය. කතමෙ ච භික්ඛවෙ, බොධිපක්ඛිකා ධම්මා: සද්ධින්ද්රියං භික්ඛවෙ, බොධිපක්ඛිකොධම්මො. තං බොධාය සංවත්තති -පෙ- පඤ්ඤින්ද්රියං බොධිපක්ඛිකො ධම්මො, තං බොධාය සංවත්තති. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි දෙවානං තාවතිංසානං රුක්ඛා, පාරිච්ඡත්තකො තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛිකා ධම්මා. පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති, යදිදං බොධායාති.
1752. මහණෙනි, යම්සේ තව්තිසාවැසි දෙවියන්ගේ යම් කිසි රුක්හු වෙද්ද, පරසතුරුක ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්ද්රිය ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්ද්රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී ... පඤ්ඤින්ද්රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. මහණෙනි, යම්සේ තව්තිසා වැසියන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් පරසතු රුක ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්ද්රිය අග්ර යයි කියනු ලැබේ යි.
4. 7. 9.
4. 7. 9.
තතිය රුක්ඛසුත්තං
තතියරුක්ඛ සූත්රය
1753. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි අසුරානං රුක්ඛා, චිත්තපාටලි තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛිකා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති යදිදං බොධාය. කතමෙ ච භික්ඛවෙ, බොධිපක්ඛිකා ධම්මා: සද්ධින්ද්රියං භික්ඛවෙ, බොධිපක්ඛිකො ධම්මො. තං බොධාය සංවත්තති -පෙ- පඤ්ඤින්ද්රියං බොධිපක්ඛිකො ධම්මො. තං බොධාය සංවත්තති. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි අසුරානං රුක්ඛා, චිත්තපාටලී තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛිකා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති, යදිදං බොධායාති.
1753. මහණෙනි, යම්සේ අසුරයන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් සිත්පළොල්රුක ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්ද්රිය ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්ද්රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී ... පඤ්ඤින්ද්රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. මහණෙනි, යම්සේ අසුරයන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් සිත්පළොල් රුක ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්ද්රිය ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ යි.
4. 7. 10.
4. 7. 10.
චතුත්ථ රුක්ඛසුත්තං
චතුත්ථරුක්ඛ සූත්රය
1754. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි සුපණ්ණානං රුක්ඛා, කොටසිම්බලී තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛිකා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති, යදිදං බොධාය. කතමෙ ච භික්ඛවෙ, බොධිපක්ඛිකා ධම්මා: සද්ධින්ද්රියං භික්ඛවෙ, බොධිපක්ඛිකො ධම්මො, තං බොධාය සංවත්තති -පෙ- පඤ්ඤින්ද්රියං බොධිපක්ඛිකො ධම්මො, තං බොධාය සංවත්තති. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි සුපණ්ණානං රුක්ඛා, කූටසිම්බලී තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛිකා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති යදිදං බොධායාති.
1754. මහණෙනි, යම්සේ ගුරුළුන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් කොටහිඹුල්රුක ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්ද්රිය ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්ද්රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී ... පඤ්ඤින්ද්රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. මහණෙනි, යම්සේ ගුරුළුන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් කොටහිඹුල් රුක ඔවුනට අග්ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්ද්රිය ඔවුන්ට අග්ර ය යි කියනු ලැබේ යි.
සම්බොධිවග්ගො සත්තමො.
සත්වැනි සම්බෝධි වර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්රනාමාවලිය:
සංයොජනං අනුසයං අද්ධානං ආසවක්ඛයං, ද්වෙ ඵලා චතුරො රුක්ඛා වග්ගො තෙන පවුච්චතීති.
සංයෝජන අනුසය අද්ධාන ආසවක්ඛය යි සූත්ර සතරෙකි. ඵල සූත්ර දෙකෙකි. රුක්ඛසූත්ර සතරෙකි. එයින් වර්ග යි කියනු ලැබේ යි.