5-22. සඞ්කිලිට්ඨත්තිකාදිවණ්ණනා අට්ඨකථා
5-22. සඞ්කිලිට්ඨත්තිකාදිවණ්ණනා
5-22. සඞ්කිලිට්ඨත්තිකාදිවණ්ණනා
සඞ්කිලිට්ඨසඞ්කිලෙසිකත්තිකෙ සබ්බං කුසලත්තිකෙ වුත්තනයානුසාරෙනෙව වෙදිතබ්බං.
සංකිලිට්ඨ සංකිලෙසි තිකයෙහි සියල්ල කුසලත්තිකයෙහි කියන ලද අනුසාරයෙන්ම දතයුතුය.
විතක්කත්තිකෙ යථාකම්මූපගඤාණස්ස පරිකම්මන්ති දිබ්බචක්ඛුපරිකම්මමෙව තස්ස උප්පාදනත්ථාය පරිකම්මං. උප්පන්නස්ස පන වළඤ්ජනකාලෙ පරිකම්මං සන්ධායෙතං වුත්තං. සෙසමෙත්ථ යථාපාළිමෙව නිය්යාති.
විතක්ක තිකයෙහි යථා කම්මූපග ඤාණයට පරිකර්ම යයි දිබ්බචක්ඛු පරිකර්මයම එය ඉපදීම සඳහා පරිකර්ම වේ. ඉපදීමෙන් පසු ජීවත්වන කාලයෙහි පරිකර්ම සඳහා මෙය කියන ලදි. මෙහි සෙස්ස පෙළෙහි මෙන් පැමිණේ.
[missing pali]. ති තදාරම්මණභවඞ්ගමූලභවඞ්ගානං වසෙන වුත්තං. සෙසමෙත්ථ සබ්බං පාළිවසෙනෙව වෙදිතබ්බං.
පීති තිකයෙහි සුඛ සහගත භවංගං උපෙක්ඛා සහගතස්ස භවංගස්ස අනන්තර පච්චයෙන තදාරම්මණ භවංග මූල භවංගයන්ගේ වශයෙන් කියන ලදි. මෙහි සෙසු සියල්ල පෙළ වශයෙන්ම දතයුතුය.
දස්සනත්තිකෙ දස්සනෙන පහාතබ්බො රාගො උප්පජ්ජතීතිආදීසු දස්සනෙන පහාතබ්බො පුථුජ්ජනස්ස උප්පජ්ජති. භාවනාය පහාතබ්බො සොතාපන්නස්සාපීති එවං උපරිමස්ස උපරිමස්ස හෙට්ඨිමා හෙට්ඨිමා නුප්පජ්ජන්තීති වෙදිතබ්බා. දස්සනෙන පහාතබ්බො ධම්මො භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස එකෙනපි පච්චයෙන පච්චයො න හොති. සෙසමෙත්ථ පාළිං අනුගන්ත්වා කුසලත්තිකෙ වුත්තලක්ඛණවසෙනෙව වෙදිතබ්බං.
දස්සන තිකයෙහි දස්සනෙන පහාතබ්බො රාගො උප්පජ්ජති යනාදියෙහි පෘථග්ජනයාගේ ඉපදීම දර්ශනයෙන් (දැකීමෙන්) පහකළ යුතුය. භාවනාවෙන් ප්රහාණය කළයුතුය. සෝවාන් වූ පුද්ගලයාගේ ද මෙසේ ඉහළට ඉහළට මිස පහළට පහළට නූපදින්නේ යයි දතයුතුය. දර්ශනයෙන් පහකළයුතු ධර්මය භාවනාවෙන් පළකලයුත්තට එකම පච්චයකින්වත් පච්චය නොවේ. මෙහි සෙස්ස පෙළ අනුගමනය කර කුසලත්තිකයෙහි කියන ලද ලක්ෂණ වශයෙන්ම දතයුතුය.
දස්සනෙනපහාතබ්බහෙතුකත්තිකෙ දස්සනෙනපහාතබ්බහෙතුකාදීනං විභාගො අට්ඨකථාකණ්ඩෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො. විචිකිච්ඡුද්ධච්චසහගතො මොහො අහෙතුකත්තා තතියපදෙ පවිට්ඨො. එවමෙත්ථ යෙසං දස්සනභාවනාහි පහාතබ්බො හෙතු අත්ථි, තෙ පහාතබ්බහෙතුකා. යෙසං සො නත්ථි තෙ නෙවදස්සනෙන නභාවනායපහාතබ්බහෙතුකාති ඉමං පහාතබ්බහෙතුකවිභාගං ඤත්වා සෙසං දස්සනෙනපහාතබ්බත්තිකෙ චෙව කුසලත්තිකෙ ච දස්සිතලක්ඛණානුසාරෙනෙව වෙදිතබ්බං.
දස්සනයෙන් පහළ කළයුතු හෙතුත්තිකයෙහි දර්ශනයෙන් පහකළයුතු හේතුකාදියේ විභාගය අටුවා කාණ්ඩයෙහි කියන ලද නයින්ම දතයුතුය. විචිකිච්ඡා උද්ධච්ච සහගත මෝහය අහේතුක බැවින් තුන්වන පදයෙහි පිවිසියේය. මෙසේ මෙහි යමක් දර්ශන භාවනාවෙන් ප්රහාණය කිරීමට හේතු ඇත. ඒවා ප්රහාණය කළයුතු හේතුය. යමකට එය නැත. ඒවා දර්ශනයෙන් භාවනාවෙන් ප්රහාණය කළයුතු හේතුක නොවේයයි මේ ප්රහාණය කළයුතු හේතුක විභාගය දැන සෙස්ස දර්ශනයෙන් ප්රහාණය කළ බවෙහිද කුසලත්තිකයෙහි ද දක්වන ලද ලක්ෂණ අනුසාරයෙන් දතයුතුය.
ආචයගාමිත්තිකෙ ච පටිච්චවාරසංසට්ඨවාරෙසු අනුලොමං කුසලත්තිකසදිසමෙව. සෙසං විස්සජ්ජනතො ගණනතො ච යථාපාළිමෙව නිය්යාති.
ආචයගාමී තිකයෙහි ද ධර්මය සේක ධර්මයට කිසි පච්චයකින් පච්චය නොවේ. අසේකයට අනන්තර ප්‍රකෘති උපනිස්සය වේ. මෙහි සෙස්ස විසඳීම් වශයෙන් ද ගණන් වශයෙන් ද පෙළ අනුව පමුණුවයි.
සෙක්ඛත්තිකෙ අසෙක්ඛො ධම්මො සෙක්ඛස්ස ධම්මස්ස න කෙනචි පච්චයෙන පච්චයො. සෙක්ඛො අසෙක්ඛස්ස අනන්තරපකතූපනිස්සයො පන හොති. සෙසමෙත්ථ යථාපාළිමෙව නිය්යාති, තථා පරිත්තත්තිකෙ.
සෙක්ඛ තිකයෙහි අසේක ධර්මය සේක ධර්මයට කිසි පච්චයකින් පච්චය නොවේ. සේක අසේකයට අනන්තර ප්‍රකෘති උපනිස්සය වේ. මෙහි සෙස්ස පෙළ අනුව පමුණුවයි. පරිත්ත තිකයෙහි ද එසේය.
පරිත්තාරම්මණත්තිකෙ අප්පමාණාරම්මණාචෙතනාති සෙක්ඛානං ගොත්රභුචෙතනා, පච්චවෙක්ඛණචෙතනාතිපි වත්තුං වට්ටති. විපාකානං පරිත්තාරම්මණානන්ති පටිසන්ධියං කම්මං ආරම්මණං කත්වා, පවත්තෙ චක්ඛුවිඤ්ඤාණාදිවසෙනරූපාදිආරම්මණං, තදාරම්මණවසෙන ජවනෙන ගහිතපරිත්තාරම්මණඤ්ච ආරම්මණං කත්වා උප්පන්නානං. යෙ පන “ගොත්රභුචිත්තෙන නත්ථි පටිසන්ධී”ති වදන්ති, තෙ ඉමිනා සුත්තෙන පටිසෙධෙතබ්බා. සෙසමෙත්ථ පාළිනයෙනෙව වෙදිතබ්බං. හීනත්තිකො සඞ්කිලිට්ඨත්තිකසදිසො.
පරිත්තාරම්මණ තිකයෙහි අප්පමාණා රම්මණා චෙතනා සේකයන්ගේ (හික්මෙන්නන්ගේ) ගෝත්‍රභූ (භවය අවසන් කරන) චේතනාව. ප්රතිසන්ධි කර්මය අරමුණුකොට පවතින චක්ඛු විඤ්ඤාණයද වශයෙන් රූපාදි අරමුණු තදාරම්මණ වශයෙන් ජවනයෙන් ගත් කුඩා අරමුණද අරමුණු කොට ඉපදුනවුන්ට ගෝත්‍රභූ සිතින් යම් ප්‍රතිසන්ධියක් නැතැයි කියති. ඒවා මේ සූත්‍රයෙන් ප්රතිසේධ කළයුතුය. මෙහි සෙස්ස පෙළින්ම දතයුතුය. හීනත්තිකය සංකිලිට්ඨත්තිකයට සමානය.
මිච්ඡත්තත්තිකෙ මිච්ඡත්තනියතො සම්මත්තනියතස්ස, සම්මත්තනියතො වා මිච්ඡත්තනියතස්ස කෙනචි පච්චයෙන පච්චයො න හොති. මිච්ඡත්තනියතො වා සම්මත්තනියතො වා සහජාතාධිපතිරහිතො නාම නත්ථි. සම්මත්තනියතෙ එකන්තතො ආරම්මණපුරෙජාතං නත්ථි, මිච්ඡත්තනියතෙ සියා ආරම්මණපුරෙජාතං. අනියතං චිත්තං ආරබ්භ නියතා මිච්ඡාදිට්ඨි උප්පජ්ජෙය්ය. සෙසා නියතං ආරබ්භ නියතං නුප්පජ්ජති, මිච්ඡත්තනියතං ගරුං කත්වා න කොචි ධම්මො උප්පජ්ජති. කුසලො මිච්ඡත්තස්ස උපනිස්සයපච්චයො න හොති. සෙසමෙත්ථ පාළියං වුත්තනයෙනෙව වෙදිතබ්බං.
මිච්ඡත්තිකයෙහි නියත මිථ්‍යාව සම්මත නියතට, සම්මත නියමයෙන් හෝ නියත මිථ්‍යාවට කිසියම් පච්චයකින් පච්චය නොවේ. නියත මිථ්‍යාව හෝ නියත සම්මතයට හෝ සහජාතාධිපති රහිතව නම් නැත. නියත සම්මතයෙහි ඒකාන්තයෙන් ආරම්මණ පුරෙජාතය නැත. නියත මිථ්‍යාවෙහි ආරම්මණ පුරේජාත ඇත. අනියත සිත අරබයා නියත මිච්ඡාදිට්ඨි උපදින්නේ ය. සෙසු නියත අරබයා නියත නූපදී. නියත මිථ්‍යාව ගරුකොට කිසි ධර්මයක් නූපදී. කුසලය මිථ්‍යාවට උපනිස්සය පච්චය නොවේ. මෙහි සෙස් පෙළෙහි කී නයින් දතයුතුය.
මග්ගාරම්මණත්තිකෙ පටිච්චවාරස්ස අනුලොමෙ විපාකපච්චයො නත්ථි. කම්මපච්චයෙපි ඉමස්මිං තිකෙ නානාක්ඛණිකං න ලබ්භති, තථා උප්පන්නත්තිකඅතීතත්තිකෙසු. පච්චනීයෙ අහෙතුකං මග්ගාරම්මණන්ති අහෙතුකං මග්ගාරම්මණං, ආවජ්ජනං සන්ධායෙතං වුත්තං. සෙසමෙත්ථ පාළිඅනුසාරෙනෙව වෙදිතබ්බං.
මග්ගාරම්මණ තිකයෙහි පච්චය වාරයේ අනුලෝමයෙහි විපාක පච්චය නැත. කම්ම පච්චයෙහි ද මේ තිකයෙහි නා නා ක්ෂණික නො ලබයි. උප්පන්නතික අතීත තිකවල ද එසේය. පච්චනීයෙහි අහෙතුකං මග්ගාරම්මණං අහේතුක මාර්ග අරමුණ ආවර්ජනය සඳහා මෙය කියන ලදි. මෙහි සෙස්ස පෙළ අනුසාරයෙන් දතයුතුය.
උප්පන්නත්තිකෙ ච අතීතත්තිකෙ ච පටිච්චවාරාදයො නත්ථි, පඤ්හාවාරමත්තමෙව ලබ්භති. කස්මා? පටිච්චවාරාදයො හි සහජාතපුරෙජාතානඤ්ඤෙව හොන්ති. ඉමෙ ච තිකා අතීතානාගතමිස්සකා. උප්පන්නත්තිකෙ චෙත්ථ අනන්තරභාගියාපි පච්චයා න ලබ්භන්ති. කස්මා? උප්පන්නත්තිකෙ අතීතස්ස අභාවතො. උප්පන්නො ච අනුප්පන්නො චාති ඉමෙ චෙත්ථ ද්වෙ ධම්මා උප්පන්නස්ස ච අනුප්පන්නස්ස චාති ඉමෙසං ද්වින්නං න කෙනචි පච්චයෙන පච්චයො. අනුප්පන්නො ච උප්පාදී චාති ඉමෙ පන ද්වෙ උප්පන්නස්ස ආරම්මණූපනිස්සයවසෙන ද්වීහි පච්චයෙහි පච්චයො. සෙසමෙත්ථ පාළියං ආගතනයෙනෙව වෙදිතබ්බං.
උප්පන්න තිකයෙහි ද අතීත තිකයෙහි ද පටිච්චවාර ආදිය නැත. ප්‍රශ්න වාරය පමණක් ලබයි. කවර හෙයින්ද? පටිච්චවාර ආදිය සහජාත පුරෙජාතයෙහි ම වේ. මේ තික ද අතීත අනාගත මිශ්රය. මෙහි උප්පන්න තිකයෙහි අනන්තර භාගිය පච්චය නොලැබේ. ඇයි? උප්පන්න තිකයෙහි අතීතය අභාවයෙන්, උප්පන්න ද අනුප්පන්න ද යන මේ ධර්ම දෙක උප්පන්නයට ද අනුප්පන්යට ද යන මේ දෙකට කිසියම් පච්චයකින් පච්චය නොවේ. අනුප්පන්නයද උපදී යන මේ උප්පන්න දෙකට ආරම්මණ උපනිස්සය වශයෙන් පච්චය දෙකකින් පච්චය වේ. මෙහි සෙස් පෙළෙහි ආ නයින්ම දතයුතුය.
අතීතත්තිකෙ පච්චුප්පන්නං අතීතානාගතස්ස, අතීතානාගතඤ්ච අතීතානාගතස්ස න කෙනචි පච්චයෙන පච්චයො. නිබ්බානං පන ද්වීසුපි ඉමෙසු තිකෙසු නෙව පච්චයතො න පච්චයුප්පන්නතො ලබ්භති. සෙසමිධාපි පාළියං ආගතනයෙනෙව වෙදිතබ්බං.
අතීත තිකයෙහි වර්තමානය අතීත අනාගත දෙකට අතීත අනාගත ද අතීත අනාගතයට කිසියම් පච්චයකින් පච්චය නොවේ. නිවන වනාහි මේ තික දෙකෙහිම පච්චය වශයෙන් නොවේ පච්චය උප්පන්න වශයෙන් නොලබයි. මෙහි සෙස්සද පෙළෙහි ආ නයින් දතයුතුය.
අජ්ඣත්තත්තිකෙ අජ්ඣත්තබහිද්ධාපදං න ගහිතං. අජ්ඣත්තබහිද්ධාසඞ්ඛාතා හි උභො රාසයො නෙව එකතො පච්චයා හොන්ති, න පච්චයුප්පන්නා; තස්මා හත්ථතලෙ ඨපිතස්ස සාසපස්ස වණ්ණොපි හත්ථතලවණ්ණෙන සද්ධිං එකතො ආරම්මණං න හොතීති වෙදිතබ්බො. යථා ච අජ්ඣත්තබහිද්ධාපදං, එවමෙත්ථ අජ්ඣත්තාරම්මණත්තිකෙපි අජ්ඣත්තබහිද්ධාරම්මණපදං න ලබ්භති. සෙසං යථාපාළිමෙව නිය්යාති.
අජ්ඣත්ත තිකයෙහි අජ්ඣත්ත බාහිර පදය නො ගන්නා ලදි. අජ්ඣත්ත බහිද්ධා සංඛ්‍යාත දෙක එකක් වශයෙන් (එකට) පච්චය නොවේ. පච්චයුප්පන්න ද නොවේ. සාසප (අබ) වර්ණය ද අත්තල වර්ණයද සමග එකට අරමුණු නොවේ යයි දතයුතුය. අජ්ඣත්ත බහිද්ධා පද මෙනි. මෙසේ මෙහි අජ්ඣත්ත ආරම්මණ තිකයෙහි ද අජ්ඣත්ත බහිද්ධාරම්මණ පද නොලබයි. සෙස්ස පෙළ අනුව පමුණුවන්න.
සනිදස්සනත්තිකෙපි පාළිවසෙනෙව අත්ථො ගහෙතබ්බො. ගණනාපෙත්ථ පාළියං ආගතවාරෙ සඞ්ඛිපිත්වා හෙට්ඨා වුත්තනයෙනෙව සංසන්දනෙසු සංසන්දිත්වා වෙදිතබ්බාති.
සනිදස්සන තිකයෙහි පෙළ වශයෙන්ම අර්ථය ගතයුතුය. මෙහි ගණන ද පෙලෙහි ආ වාර හකුළුවා යට කියන ලද නයින්ම සැසඳීමෙන් සසඳා දතයුතුය.
ධම්මානුලොමෙ තිකපට්ඨානවණ්ණනා.
ධම්මානුලෝමයෙහි තිකපට්ඨාන වර්ණනාව නිමි.